I Got It

I Got It hey🐵

එයාගෙ ක්‍රිකට්වලට ආසයි කියලා බූරුවෙක්ට නම් මගෙ මනාපෙ දෙන්නෑ😌 #ජනාධිපතිවරණය
16/08/2024

එයාගෙ ක්‍රිකට්වලට ආසයි කියලා බූරුවෙක්ට නම් මගෙ මනාපෙ දෙන්නෑ😌

#ජනාධිපතිවරණය

එක්කො ගවුම නිකන් යවපන් මෙහෙම කරන්නැතුව😒
19/07/2024

එක්කො ගවුම නිකන් යවපන් මෙහෙම කරන්නැතුව😒

Online Business කරන හැමෝට ම  වැඩි වැඩියෙන් orders ලැබෙන දවසක් වේවා ! 🌻
19/07/2024

Online Business කරන හැමෝට ම වැඩි වැඩියෙන් orders ලැබෙන දවසක් වේවා ! 🌻

තාමත් රැල්ලට සුදු වෙන්න දගලන අයට එයාලා මේ කරගන්න විනාසෙ තේරෙන්නෙ තව ඉස්සරහට. සමහර අය bleaching cream ගාලා side effects න...
16/07/2024

තාමත් රැල්ලට සුදු වෙන්න දගලන අයට එයාලා මේ කරගන්න විනාසෙ තේරෙන්නෙ තව ඉස්සරහට. සමහර අය bleaching cream ගාලා side effects නැතිවෙන්න කියලා Aloe gel ගානවා🐵.ඒවා නම් කියලා වැඩක් නැහැ. ඒත් තාම වයස 15, 16 අයත් නොදැනුවත්ව මේ tiktok එකේ දැකලා bleaching cream ගන්න නිසා පොඩ්ඩක් එයාලව දැනුවත් කරන්නයි මේක ලියන්නෙ. ඇත්තට ම ඇයි මේ bleaching cream ගාන්න එපා කියන්නෙ? කට්ටිය සුදුමැලි වෙනවට ඉරිසියාවට ද?😅

ඔයා bleaching ගාලා අවුරුදු 4 ක් විතර ගියාට පස්සෙ වගේ ඔයාගෙ ඇඟ කම්මැලි වෙනවා. දෙයක් හරියට මතක තියාගන්න බැහැ.උදේට ඇඟ කම්මැලි වෙනවා වෙනදට වඩා වගේ දේවල් ඔයාට දැනෙන්න ගන්නවා. මීට අමතරව, strech marks, pimples වගේ දේවල් ඇඟ පුරා ම ඇතිවෙනවා. කොන්ඩේ යන්න ගන්නවා, හම තුනී වෙලා හරි ම කැත skin එකක් තියෙන්නෙ ඊටපස්සෙ. අනිවාර්‍යෙන් bleaching use කරපු කෙනෙක් නම් උඩ කියපු දේවල් එකක් හරි වෙලා ඇති.

ඒත් හොඳ ම දේ ඔයාගෙ ශරීරයට ඇතුල් වෙන මේ විස ගොඩාක් කල් යනකන් තියෙනවා. ඒවා අයින් කරගන්න ගියාමත් සෑහෙන්න වියදම් කරන්නත් වෙනවා. ඒ නිසා අද වගේ කාලෙක ගොඩාක් අය ටික දවසක් treatment කරලා නතර කරනවා. එතකොට විස ටිකක් හරි ඇඟ ඇතුලේ තියෙනවා. ඉතින් හිතන්න මේකෙ තියෙන නරක ම දේ තමයි ඔයාට කවදහරි බබෙක් ලැබුණොත් ඒ ළමයට මේ දේවල් බලපාන එකයි. ඔයා හිතුවට අනේ මං බබා හම්බෙන්න ඉද්දි ඒවා ගෑවේ නෑනෙ කියලා ඒවා වැඩක් වෙන්නෑ ඔයාගෙ ඇඟ ඇතුළේ විස තිබ්බනේ🙃 . ඉතින් බොරුවට කිසිම standard එකක් නැති cream වර්ග පාවිච්චි නොකර skin එක healthy කරගන්න try කරන්න. මොකද ඔයා කොච්චර සුදු උනත් තුනී හමක් තියෙන damage skin එකක් ළඟට දැක්ක ම හරි ම කැතයි😶.

ඔයාට සාමාන්‍යයෙන් සල්ලි වියදම් කරන්න පුළුවන්නම් මොනවහරි branded products use කරන්න අපේ ආසියාතික හමට ගැලපෙන.එහෙම නැත්තන් doctor කෙනෙක් හරහා skincare treatments වලට යොමුවෙන්න. එතකොට ඔයාට ලස්සන skin එකක් maintain කරන්න පුලුවන්. බොරුවට සල්ලි වියදම් කරලා මහරගම අපේක්ෂා රෝහලට යන්න පාර හදාගන්න එපා. අන්‍තිමට ඉපදෙන පොඩි දරුවන්ටත් පොඩි කාලෙ ම පිළිකා නිසා දුක් විදින්න වෙනවා කිසි ම වරදක් නොකර.

අන්තිම වතාවටත් කියන්නම් සල්ලි දීලා ලෙඩ අරගන්න එපා පරම්පරා ගානකට හරියන්න.❤️

මොකක්ද මේ  Law of attraction පිස්සුව ?මං Face book ආව ම නිතර ම දකිනවා කට්ටිය කිසි ම අවබෝධයක් නැතුව හැම එකට ම විශ්ව මාතාව...
10/07/2024

මොකක්ද මේ Law of attraction පිස්සුව ?

මං Face book ආව ම නිතර ම දකිනවා කට්ටිය කිසි ම අවබෝධයක් නැතුව හැම එකට ම විශ්ව මාතාවට ස්තූතියි කිය කිය එක එක posts වලට comment කරලා තියෙනවා. ඇත්තට ම එහෙම කිව්වා කියලා නම් ලැබෙන දෙයක් නැහැ ඇත්ත කතාව ඒක. ගොඩාක් අය ඒ Law එකේ තියෙන algorithm එක තේරුම් අරන් නැහැ. තව මං දැකලා තියෙනවා සමහර අය Angel numbers කියන එකත් හරි ම useless විදියට හැම එකට ම භාවිතා කරනවා. එයාලා ඇත්‍තට ම දන්නෙ නැහැ ඇයි එයාලා එහෙම දාන්නෙ කියලවත්.ඉතින් ඕවා ඔහොම කලාට ඔයාලට ලැබෙන දේකුත් නැහැ. මේකේ නමේ ම තියෙනව attraction කියන වචනෙ ඒ කියන්නේ ආකර්ෂණය . හැබැයි ඔයාලා ගොඩාක් මේ ආකර්ෂණය නෙමෙයි කරන්නෙ නිකන් මුකුත් ම නැති මිනිස්සු වගේ අනේ මට මේක ලබාදෙන්න කිය කියා ඉල්ලනවා. ඔන්න ඔතනයි වැරැද්ද ඔයාල දවස පුරා ම ඔහොම ඉල්ල ඉල්ල ඉන්නවා මනෝ පාරවල් ගහන ගමන්. එතකොට එතන කොහෙද ආකර්ෂණය කර ගැනීමක්🙃.

1. මුලින් ම පුරුදු වෙන්න මේ ඔයා ඉන්න වර්තමාන කාලේ ජීවත් වෙන්න.
2. ඔයාට ස්තූතිකරන්න ඕන නම් සරලව ඔයා කෑම ගන්නකොට වගේ ඔයාගෙ ජීවිතේ තියෙන දේවල් වලට මුලින් ම ස්තුතිවන්ත වෙන්න.
3. එක එක ඒවා ඉල්ල ඉල්ල නිකන් ඉන්නැතුව නිතර ම මොනවහරි වැඩක යෙදෙන්න. මේක වැදගත් මොකව නිකන් ඉන්න අයට සොබාදහම මුකුත් දෙන්න උත්සාහ කරන්නෙවත් නැහැ.
4. ඔයාට නිතර ම හීන ලෝකවල අතරමං වෙන පුරුද්දක් තියෙනවා නම් භාවනා කරන්න. මේක ඔයාට කරන්න බැරි නම් මේ කියන දේවල් වලින ඔයා කැමති දෙයක් කරන්න. සිංදු කියන්න, dance කරන්න, sports, cooking, drawing වගේ දේවල්. සරලව ඔයා කැමති ගස් දිහා බලන් ඉන්න නම් ඒක කරන්න. මේ වගේ ඔයා කැමති දේක නිරත වෙනකොට ඔයාට හීන ලෝකවල අතරමං වෙන ලෙඩේ නම් හොඳ වෙනවා.
5. නිතර ම නෑ බෑ කියන එක නතර කරගන්න. මොකද ජීවිතේ නිතර ම ලේසි දේවල් ලැබෙන්නෑ.
6. ටිකක් තාත්‍ත්වික දේවල් manifest කරන්න. ඒකත් දවසට මිනිත්තු 5 ක් වගේ ඇති.
7. Goals තියාගන්න කෙටිකාලීන ඒවා වගේ ම දීර්ඝ කාලීන ඒවා.ඒ goals වලට වැඩ කරන්න.

මේ වගේ ඉන්න ගමන් ඔයාලට ආකර්ෂණ නීතියේ තියෙන ක්‍රමවේද අත්හදා බලන්න. ප්‍රගතියක් තියේවි අනිවාර්‍යෙන් ම. මේකෙ අමුතු magic එකක් නැහැ. තියෙන්නෙ Algorithm එකක්. ඒක අල්ලගන්න try කරන්න. ගොඩාක් අය දන්නේ මේ law එක විතරයි. හැබැයි Universal Laws 12 ක් තියෙනවා මං දන්න තරමින්.ආස අය නිකමට Universal Laws කියලා search කරලා බලන්න. ඒවා magic නෙමෙයි හරියට තේරුම් අරන් හරියට ජීවිතෙට apply කරන්න.🤍

Credits: I Got It

05/07/2024

හැන්ඩ්සම් Gurbaz❤️

I want itI got it😌
05/07/2024

I want it
I got it😌

Address

Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when I Got It posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share