06/09/2026
🚌 මීගමුව පෙරියමුල්ලේ බස් හෝල්ට් එක ඉවත් කිරීමට එරෙහිව ජනතා විරෝධයක්
මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ වසර 15කට ආසන්න කාලයක් මගීන්ට සෙවණ සහ පහසුව සැලසූ බස් නැවතුම් ස්ථානයක් (04) වෙනි දින උදෑසන මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ඉවත් කිරීමත් සමඟ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ඒ අනුව ප්‍රදේශවාසීන් ඩිපෝ හන්දියට එක්ව විරෝධතාවක නිරත වූ අතර, ඔවුන් පවසන්නේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව බස් හෝල්ට් එක ඉවත් කර ඇති බවයි.
මෙම ස්ථානය දුර ගමන් සේවා ඇතුළු බස් රථ පැමිණෙන තුරු රැඳී සිටින විශාල පිරිසකට මෙන්ම පාසල් දරුවන්ටද වැසි සහ දැඩි අව් රශ්මියෙන් ආරක්ෂාවීමට වැදගත් පහසුකමක් වූ බව ප්‍රදේශවාසීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ **MELWA ආයතනය විසින් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව මීට පෙර මෙම බස් නැවතුම නවීකරණය කර තිබූ බවත්**, එය වෙනුවෙන් RDA වෙත ගෙවීම් සිදුකර තිබූ බවත්ය.
කෙසේ වෙතත්, බස් නැවතුම ඉවත් කිරීමේ නිශ්චිත හේතුවක් තමන්ට දැනුම් දී නොමැති බව විරෝධතාකරුවෝ පවසති. මේ අතර, මීගමුව RDA විධායක ඉංජිනේරුවරයා පවසා ඇත්තේ බස් නැවතුම ඉවත් කිරීම පිළිබඳව තමන් මෙතෙක් කිසිවක් නොදන්නා බවයි.
🚌 පෙරියමුල්ල ජනතාවගේ ඉල්ලීම එකයි — ඉවත් කළ බස් නැවතුම් ස්ථානය නැවත එම ස්ථානයේම ස්ථාපිත කර දෙන ලෙසයි.
#මීගමුව #පෙරියමුල්ල #බස්හෝල්ට් #බස්නැවතුම්පළ #ජනතාව