Tharanga Publisher.

Tharanga Publisher. Book publishing company

We are proud to be one of the pioneering publishing houses in Sri Lanka dedicated to bringing modern children's classics—especially translations—directly from their original languages to local readers. Our goal is to maintain the highest publishing standards by ensuring each book is not only visually captivating but also linguistically and creatively refined. We work exclusively with a talented an

d committed team of writers who take great care in preparing each manuscript before it reaches the press.

Enid Blyton විසින් රචිත සුන්දර කතා මාලාවන් රසවිදි ඔබ වෙනුවෙන් මුද්‍රණය වූ විලෝ ගොවිපලේ දරුවෝ කතා මාලාවට අලුතින්ම එකතුවෙන...
08/07/2026

Enid Blyton විසින් රචිත සුන්දර කතා මාලාවන් රසවිදි ඔබ වෙනුවෙන් මුද්‍රණය වූ විලෝ ගොවිපලේ දරුවෝ කතා මාලාවට අලුතින්ම එකතුවෙන ,

විල්ලෝ ගොවිපලේ තවත් වික්‍රම

චෙරි ගොවිපලේ දරුවෝ

කතා දිවිත්වය ඔබට දැන් කුරිය ගාස්තුවත් සමගම රු . 1200ට.
-----------------------------------------------------------------------

පොත් 3ම ගන්නවනම් කුරිය ගාස්තුවත් එක්කම පොත් 3ම රු 2000
COD පහසුකම සහිතයි...

මිලදී ගැනීම සදහා අපට
වට්සැප් පණිවිඩයක් යොමු කරන්න -0766039914

විලෝ ගොවිපළේ  තවත් වික්‍රම Enid Blyton විසින් රචිත සුන්දර කතා මාලාවන් රසවිදින ඔබට අලුතින්ම මුද්‍රණය වූ , ගොවිපලක දිවි ගෙ...
08/07/2026

විලෝ ගොවිපළේ තවත් වික්‍රම

Enid Blyton විසින් රචිත සුන්දර කතා මාලාවන් රසවිදින ඔබට අලුතින්ම මුද්‍රණය වූ , ගොවිපලක දිවි ගෙවන ළමුන්ගේ ජීවිතය හා බැදුණු සුන්දර නවකතාව.

---------------------------------------------------------------------
කැලෑවක පඳුරු අස්සෙන් හමන හුළගේ සද්දේ... කන්දක් උඩින් ලස්සනට පාවෙලා යන වලාකුළු... ගස් අස්සෙන් එබිලා බලන සත්තුන්ගේ දිලිසෙන . ඇස්... රෑට දිය බල්ලෝ කෑගහන සද්දේ... හිම වැට්ලි සුදුම සුදු පාටින් තියෙන පොත් වෙච්චි වහල වගේම හුස්ම ගනිද්දි නහයට දැනෙන අලුත පිච්චෙන පාවල සුවඳ... විලෝ ගොවිපළ හරියට සුරංගනා ලෝකයක් වගේ කියල මාක්ට හිතුණා.

---------------------------------------------------------------------
පරිවර්තනය- ලක්මාල් සංජීව
පිටු -172

මෙම පොත මිලදී ගැනීමට අවශ්‍ය ඔබට පුළුවන් අපිට Whatsapp පණිවිඩයක් එවන්න... 076 603 9914

කුරිය ගාස්තුවත් සමගම පොත -රු 750

COD available.

මහනුවර පොත් දැක්ම 2026 නුවර KCC එන ඔයාට කුටි අංක 33 ට ආවොත් අලුත්ම තරංග ප්‍රකාශන සියල්ලම මිලදී ගන්න පුළුවන් .  නිකන් නෙව...
30/06/2026

මහනුවර පොත් දැක්ම 2026

නුවර KCC එන ඔයාට කුටි අංක 33 ට ආවොත් අලුත්ම තරංග ප්‍රකාශන සියල්ලම මිලදී ගන්න පුළුවන් . නිකන් නෙවේ වට්ටම් එක්කම. ඒ විතරක් නෙවේ ගිය අවුරුද්දේ ඔයාට ගන්න බැරි වුණා කියලා දුක් වුන පොත් ඔක්කොමත් මේ පාර ගන්න පුළුවන්.
තව පොඩිත්තන්ට අලුතින්ම ගෙනාව ලස්සන පොත් ගොන්නක් අපි ලග තියනවා .
කොහිවත් යන්න කලින් ඉස්සෙල්ලම එන්න කුටි අංක 33 අපේ කුටියට. ජුලි 05 ඉරිදා වෙනකල් අපි ඉන්නවා KCC එකේ ඔයා එනකල්...

26/06/2026
මහනුවර පොත් දැක්ම 2026අසමසම මහත්මා සොරාගේ ආගමනය නුවරට...ෂර්ලොක් හෝම්ස් අබිරහස් විසදන්නට දක්ෂ තරම්ම , අබිරහස් මවමින් සොරක...
16/06/2026

මහනුවර පොත් දැක්ම 2026

අසමසම මහත්මා සොරාගේ ආගමනය නුවරට...

ෂර්ලොක් හෝම්ස් අබිරහස් විසදන්නට දක්ෂ තරම්ම , අබිරහස් මවමින් සොරකමට දක්ෂ හොරෙක් තමයි ලුපින්.... අර්සෙන් ලුපින්.

එන්න ඇවිත් හමුවන්න අසමසම මහත්මා සොරාව

ජුනි 26 සිට ජුලි 05 දක්වා

කුටි අංක 33 KCC හිදී

මහනුවර පොත් දැක්ම  2026ලක්මාල් සංජීව විසින් රචිත බිම්මල් ලෝකයට කතා මාලාවේ පළමු සහ දෙවන පොත මෙවර නුවර පොත් දැක්මෙන් ඔබට ම...
12/06/2026

මහනුවර පොත් දැක්ම 2026

ලක්මාල් සංජීව විසින් රචිත බිම්මල් ලෝකයට කතා මාලාවේ පළමු සහ දෙවන පොත මෙවර නුවර පොත් දැක්මෙන් ඔබට මිලදී අගත හැක.. ඔබත් එන්න තරංග කුටියට කුටි අංක 33

ජුනි 26 සිට ජුලි 5 දක්වා KCC පරිශ්‍රයේදී

අසමසම මහත්මා සොරාගේ ආගමනය -  අර්සෙන් ලුපින් ජනෙල් ඇරලත් නෑ.අඩි සලකුණුත් නෑ.එත් ආභරණ අතුරුදහන්!ෂර්ලොක් හෝම්ස්ටත් අබියෝගයක...
11/06/2026

අසමසම මහත්මා සොරාගේ ආගමනය - අර්සෙන් ලුපින්

ජනෙල් ඇරලත් නෑ.
අඩි සලකුණුත් නෑ.
එත් ආභරණ අතුරුදහන්!

ෂර්ලොක් හෝම්ස්ටත් අබියෝගයක් වූ මුහුණු දහසක් ඇති මහත්මා සොරා ලුපින් මුණගැසෙන්නට ඔබ සූදානම්ද?

මහත්මයාණෙනි,

ඔබේ බලකොටුවේ ඇති කලාගාරය තුළ මගේ රුචිකත්වයට ගැලපෙන සිතුවම් බොහොමයක් ඇත. සාලයේ තිබෙන ලුවී රජ සමයට අයත් මේසයද, “බෝවයිස්” ගෙත්තම් තිර ද, පුනරද සමයට අයත් පෙට්ටගම්ද, මා නිරීක්ෂණය කළෙමි.

දැනට මම පහසුවෙන් රැගෙන යා හැකි වස්තූන්ගෙන් පමණක් තෘප්තිමත් වෙමි. එබැවින් කරුණාකර ඒවා සුපරික්ෂාකාරීව ඇසුරුම් කර, ප්‍රවාහන ගාස්තු ගෙවා, දින අටක් ඇතුලත “බටිග්නොල්ස්” දුම්රිය ස්ථානය වෙත එවන්න. නැතිනම්, සැප්තැම්බර් 27 දින මධ්‍යම රාත්‍රියේදී, ඒවා මා විසින් රැගෙන යාමට සිදු වෙනු ඇත. එවිට, ඉහත සඳහන් වස්තූන්ගෙන් පමණක් මම සෑහීමට පත් නොවන්නෙමි.

ඔබට සිදුවන අපහසුතාවයට මගේ කනගාටුව පල කරමි.

මෙයට ඔබේ හිතවත්
අර්සෙන් ලුපින්

සර් ආතර් කොනන්ඩොයිල් ෂර්ලොක් හෝම්ස් රචනා කරන විට, ඉංග්‍රීසි ඕඩයෙන් එහා ප්‍රංශයේ පැරිස් නුවර පාදක කර මොරිස් ලෙබ්ලාන් විසින් ලියන ලද Arsene Lupin කතා මාලාවේ පළමුවැනි පොත දැන් ඔබට මිලදී ගත හැක.

-------------------------------------------------------------------
Arsene Lupin

පිටු 335
මිල - රු . 980

කුරිය ගාස්තුවත් සමගම පොතේහි මිල - රු .1100
COD පහසුකම සහිතයි .

ඇනවුම් කිරීමට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංක 2ක් අපට එවන්න . WhatsApp -0766039914

අර්සෙන් ලුපින් " සෑම වීරයෙකුම උපදින්නේ ප්‍රබල දුෂ්ටයන්ගේ කරමතිනි."මෙම ප්‍රකාශය ශිෂ්ට සම්පන්න සමාජයක ගැරහුමට ලක්වනු නොඅනු...
11/06/2026

අර්සෙන් ලුපින්

" සෑම වීරයෙකුම උපදින්නේ ප්‍රබල දුෂ්ටයන්ගේ කරමතිනි."

මෙම ප්‍රකාශය ශිෂ්ට සම්පන්න සමාජයක ගැරහුමට ලක්වනු නොඅනුමානය. නමුදු මෙහි ගැඹුරු අර්ථය තවත් අපූරු ආකාරයකට 1687 ජුලි මස 5 වැනිදා ප්‍රකාශිත "ස්වභාවික දර්ශනවාදයේ ගණිතමය මූලධර්ම ' නැමැති ශාස්ත්‍රීය ග්‍රන්ථයෙහි දැක්වේ.

සර් අයිසැක් නිව්ටන් විසින් ලොවට හඳුන්වා දුන් චලිතය පිළිබඳ නියමයන් අතර තෙවැනි නියමය වන්නේ. "සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත්, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වුත් ප්‍රතික්‍රියාවක් පවතී " යන්නයි. නිව්ටන් මෙය භෞතික විද්‍යාත්මකව තේරුම් ගත්තද, එහි අර්ථය විශ්වීය යුක්තියට ද පොදුය. මෙලොව පවතින සෑම දෙයකම අපූරු සමබරතාවක් පවතී. ස්වර්ගයට එදිරිව සෑම විටම නිරයක් පවතින්නේ එබැවිනි. වඩදිය ඇති විමේදි පෘථිවියේ දෙපසම ජල කඳ ඉහළ යන්නේද එම සමබරතාව පාලනය කිරීමටය. එසේම මිනිසෙකුගේ සිතෙහි ඇතිවන සෑම දුෂ්ට අදහසකටම සමාන වුත් ප්‍රතිවිරුද්ධ වූත් යහපත් අදහසක් තවත් මිනිසෙකුගේ මනසේ ජනිත වෙයි. එය අනෙක් අතටද එසේමයි.

ලෝක රහස් පරීක්ෂක සාහිත්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී, නීතියේ සහ යුක්තියේ පටු සීමා මායිම් අතික්‍රමණය කරමින් පාඨක හදවත් දිනාගත් එක්තරා අපූරු චරිතයක් හමු වේ. ඔහු නීතිය නමැති දැඩි ක්‍රියාවට එරෙහිව පැන නැගුණු අසමසම ප්‍රතික්‍රියාවයි. ඒ අන් කවරෙකුත් නොව, දහසක් මුහුණු ඇති මිනිසා ලෙස විරුදාවලිය ලත්, අසමසම බුද්ධිමතෙකු වූ අර්සෙන් ලුපින්ය.

විසිවන සියවසේ මුල් භාගයේ ප්‍රංශයේ පැරිස් නුවර පසුබිම් කර ගනිමින්, මොරිස් ලෙබ්ලාන් නමැති ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ පන්හිඳෙන් උපත ලැබූ ලුපින්, සාමාන්‍ය අපරාධකරුවෙකුට වඩා බෙහෙවින් වෙනස් අයෙකි. ඔහු "මහත්මා සොරා" ලෙස හැඳින්වෙන්නේ ඔහු සතු වූ අති විශිෂ්ට ශිෂ්ට සම්පන්න බවත්, කාන්තාවන්ට සහ අසරණයන්ට දක්වන අපිරිමිත කරුණාවත් නිසාය. ඔහු සොරකම් කරන්නේ මුදල් වෙනුවෙන්ම නොවේ. ඔහුට එය එක්තරා කලාවකි. නැති නම් තමන්ගේම බුද්ධිය සමඟ කරන මහා ක්‍රීඩාවකි.

එංගලන්තයේ ෂර්ලොක් හෝම්ස්, තර්කය සහ විද්‍යාව පාවිච්චි කරමින් අපරාධකරුවන් කොටු කරද්දී, ප්‍රංශයේ අර්සෙන් ලුපින් වෙස්වලා ගැනීමේ කලාව සහ සමාජීය මනෝ විද්‍යාත්මක ප්‍රයෝග පාවිච්චි කරමින් නීතියේ රැහැනින් මිදී පලා යයි. ලෝක ප්‍රසිද්ධ රහස් පරික්ෂක ගනිමාට සහ ලුපින් අතර පවතින ඒ නොනවතින බුද්ධිමය සටන, ලෝක සාහිත්‍යයේ හමුවන වඩාත්ම උද්වේගකර ගැටුම ලෙස හැඳින්විය හැකිය.

මෑතකදී Netflix නාලිකාව ඔස්සේ විකාශය වූ "Lupin" කතා මාලාව හරහා ලොව පුරා අතිශය ජනප්‍රිය වූ මෙම චරිතයේ සැබෑ උපත සහ ඔහුගේ ප්‍රථම වික්‍රම අඩංගු වන්නේ ඔබ අත රැඳි මෙම කෘතිය තුළය. සිරගෙදර යකඩ කුඩු අතර සිටිමින් පවා මුළු ලෝකයම මවිතකළ හැකි ලුපින්ගේ ඒ අපූරු සූක්ෂ්ම බුද්ධියත්, ඔහුගේ චමත්කාර ජනක පෞරුෂයත් ඔබව අමුතුම ලෝකයකට රැගෙන යනු ඇත.

නීතියටත් වඩා බුද්ධිය ප්‍රබල වන, උපක්‍රමයටත් වඩා නිර්භීතකම ඉදිරියෙන් සිටින, මේ අසමසම වික්‍රමය කියවන්නට මම ඔබට ආරාධනය කරමි.

අර්සෙන් ලුපින්... ඔහු ඔබ අසලම සිටිය හැකිය. නමුත් ඔබට කිසිදා ඔහුව හඳුනාගත නොහැකි වනු ඇත.

- ලක්මාල් සංජීව-

මහනුවර පොත් දැක්ම 2026 මෙවර මහනුවර පොත් දැක්මට පැමිණෙන ඔබට වින්ද්‍යා එදිරිසිංහ විසින් රචිත අත්භූත කතා පොත් සියල්ලම විශේෂ...
10/06/2026

මහනුවර පොත් දැක්ම 2026

මෙවර මහනුවර පොත් දැක්මට පැමිණෙන ඔබට වින්ද්‍යා එදිරිසිංහ විසින් රචිත අත්භූත කතා පොත් සියල්ලම විශේෂ වට්ටම් සහිතව මිලදී ගත හැක.

නවතම පොත් දෙකවන ,
රක්සිගේ අව්ව
111
යන පොත් තරංග කුටියෙන් මිලදී ගත හැක. කුටි අංක 33

ජුනි 26 සිට ජුලි 05 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වෙන මහනුවර පොත් දැක්මට ඔබත් එන්න...

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Tharanga Publisher. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharanga Publisher.:

Shortcuts

Share

Category