Roarion

Roarion Get ready to laugh, think, and hit that share button! Join the ROARION pride! 🦁

ROARION: Unleashing daily viral content! 🚀 We're digital creators dedicated to bringing you the most shareable, entertaining, and mind-blowing videos, memes, and stories.

Traffic light එකේ නවත්තපු ගමන් RPM එක උඩ පල්ලෙහා යනවද? සමහර වෙලාවට car එක එකපාරටම off යනවා නේද? ගොඩක් අය මෙහෙම වුණාම මුල...
08/09/2026

Traffic light එකේ නවත්තපු ගමන් RPM එක උඩ පල්ලෙහා යනවද? සමහර වෙලාවට car එක එකපාරටම off යනවා නේද? ගොඩක් අය මෙහෙම වුණාම මුලින්ම හිතන්නේ spark plugs, battery, නැත්නම් injectors වල අවුලක් කියලා.

හැබැයි ඇත්තටම ගොඩක් වෙලාවට මේකට වගකියන්න ඕනේ throttle body එකේ එල්ලිලා තියෙන පොඩි valve එකක්!

මොකක්ද මේ IAC valve එක?
ඔයා accelerator pedal එකෙන් කකුල ගත්ත ගමන් throttle plate එක සම්පූර්ණයෙන්ම වැහෙනවා. හැබැයි engine එක නිවෙන්නේ නැතුව idle එකේ run වෙන්න අනිවාර්යයෙන්ම පොඩි air ප්‍රමාණයක් ඕන වෙනවා.

අන්න ඒ air ටික එන්නේ throttle plate එක bypass කරලා හදලා තියෙන පොඩි passage එකකින්. ඒ passage එක හරහා යන air ප්‍රමාණය open කරලා close කරන පොඩි electric valve එකට තමයි Idle Air Control (IAC) valve එක කියන්නේ.

Toyota අය මේකට ISC valve කියනවා, Nissan අය IACV-AAC valve කියනවා. නම් වෙනස් වුණාට වැඩේ එකමයි.

ඇයි මෙහෙම එකක් තියෙන්නේ? Idle එකේදී engine එක උඩ තියෙන load එක හැමතිස්සෙම එකම විදිහට තියෙන්නේ නෑ. Engine එකට load එකක් වැටෙන හැම වෙලාවකම ECU එකෙන් IAC valve එක ටිකක් වැඩිපුර open කරලා air ටික වැඩි කරනවා. ඒ RPM එක drop නොවී ගානට තියාගන්නයි.

❄️ AC compressor එක on වුණාම: Load එක එකපාරටම වැඩි වෙනවා.

🔄 Park කරද්දී steering හරවනකොට: Power steering pump එකෙන් ලොකු load එකක් එනවා.

🔋 Headlights, audio setup, defogger දැම්මම: Alternator එකෙන් load එකක් එනවා.

⚙️ Auto car එකක P එකේ ඉඳන් D එකට දැම්මම: Torque converter එකෙන් load එකක් එනවා.

🧊 Cold start එකේදී: Engine එක රත් වෙනකම් ටිකක් වැඩි RPM එකක් තියාගන්න ඕනේ.

AC දැම්මම RPM එක පොඩ්ඩක් උඩට ගිහින් ආයෙත් stable වෙනවා ඔයාට දැනෙන්නේ මෙන්න මේ valve එක හරියට වැඩ කරන නිසයි.

මුලින්ම බලන්න ඕනේ ඔයාගේ car එකේ ඇත්තටම වෙනම IAC valve එකක් තියෙනවද කියලා:

Cable throttle තියෙන car එකක් නම්:

Vitz SCP10, March K11 වගේ 90s සහ 2000 මුල් කාලේ ආපු වාහන අයිති වෙන්නේ මේ ගණයට.

Electronic throttle body (Drive-by-wire) නම්:

Aqua, Prius, Vezel, Fit GP5 වගේ අලුත් cars අයිති වෙන්නේ මේ දෙවෙනි වර්ගයට. හැබැයි මේ cars වලට idle ප්‍රශ්න එන්නේ නෑ කියන එක නෙවෙයි. Throttle body එකේ carbon එකතු වුණාම එන්නෙත් මේ symptoms ටිකමයි.

වෙනස තියෙන්නේ, එතනදී clean කරන්න වෙන්නේ වෙනම valve එකක් නෙවෙයි, throttle body එකමයි.

මේ symptoms තියෙනවා නම් idle system එක ගැන සැක කරන්න:

1️⃣ Idle hunting: වාහනේ නවත්තලා තියෙද්දී RPM එක නිකන්ම උඩ පල්ලෙහා යනවා.

2️⃣ Traffic lights වලදී: නවත්තපු ගමන් engine එක එකපාරටම නිවෙනවා.

3️⃣ AC දැම්ම ගමන්: RPM එක වැටිලා engine එක off වෙනවා.

4️⃣ Cold start අවුල්: Start කරලා තත්පර කීපයකින් නිවෙනවා, නැත්නම් accelerator එක පොඩ්ඩක් පාගාගෙනම ඉන්න වෙනවා.

5️⃣ High idle: Engine එක රත් වුණාට පස්සෙත් idle RPM එක ගොඩක් උඩ හිර වෙලා තියෙනවා.

Crankshaft sensor එකක් ගියාමත් car එක නිවෙන්න පුළුවන්. හැබැයි ඒක drive කර කර යද්දීත් වෙනවා, ආයෙත් start කරගන්නත් ගොඩක් අමාරුයි.

IAC ප්‍රශ්නයක් නම් නිවෙන්නේ accelerator එකෙන් කකුල අරන් idle එකේ ඉන්නකොට විතරයි. නිවුණට පස්සේ ආයෙත් ලේසියෙන්ම start වෙනවා, drive කරද්දී කිසිම අවුලක් දැනෙන්නේ නෑ.

බස්, School Vans සහ Office Vans වලට මාස 3කට වරක් අනිවාර්ය පරීක්ෂාවක්!පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු Road Worthiness නීතියය...
08/09/2026

බස්, School Vans සහ Office Vans වලට මාස 3කට වරක් අනිවාර්ය පරීක්ෂාවක්!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු Road Worthiness නීතියයි, සැප්තැම්බර් 19 හයිවේ එකෙන් හරවන සීට් බෙල්ට් නීතියයි මෙන්න.

ලංකාවේ බස් එකක brake hose එක වෙනුවට දාලා තිබුණේ වත්තට වතුර දාන බටයක්! තව බස් එකක්, අවුරුද්දකට කිට්ටු කාලයක් එක පැත්තක brakes කොහෙත්ම වැඩ කරන්නේ නැතුව පාරේ දුවවලා. මොනරාගල අනතුර වෙච්ච වෙලාවේ ට්‍රැක්ටරේ trailer එකේ එක ලයිට් එකක්වත් තිබිලා නෑ.

හිතලා බලන්න, මේ වාහනවල ගමන් ගිහින් තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, අපේම දරුවෝ, අපේම ගෙවල්වල මිනිස්සු.

අන්න ඒ නිසයි අද (සැප්තැම්බර් 08) පාර්ලිමේන්තුවේදී මගී ප්‍රවාහන වාහන වලට මාස 3කට සැරයක් අනිවාර්ය Road Worthiness Test එකක් ගේන්න යෝජනා කළේ.

මුලින්ම මේ දේ පැහැදිලි කරගමු. මේක තාම සම්මත වුණු නීතියක් නෙමෙයි.
2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග ගැසට් කරලා ඉවරයි (අංක 2489/22, 2026 මැයි 19). කැබිනට් එකෙනුත් පාස්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු අනුමැතිය විතරයි.

ගිය අවුරුද්දේ විතරක් ලංකාවේ රෝඩ් ඇක්සිඩන්ට් වලින් 2,700 කට වඩා ජීවිත නැති වෙලා තියෙනවා. 2025 මැයි කොත්මලේ බස් අනතුර, ඇල්ල අනතුර, මොනරාගල අනතුර... මේ ඔක්කොම වුණාට පස්සේ තමයි මේ තීරණයට ඇවිත් තියෙන්නේ.

මේ ගැන ඔයා දැනගන්නම ඕන කරුණු 3ක් තියෙනවා:

1️⃣ කාටද මේක අදාළ වෙන්නේ?
ප්‍රයිවෙට් කාර්, බයික් වලට මේක අදාළ නෑ. සල්ලි අය කරලා මගීන් ගෙනියන බස්, School Vans, Office Vans සහ හයර් යන විශේෂ චාරිකා වාහන වලට විතරයි.

2️⃣ කොයි කාලෙට සැරයක්ද? ගාණ කීයද? දැන් තියෙන Fitness එකට මොකද වෙන්නේ?
කිලෝමීටර් 5,000ක් නැත්නම් මාස 3ක්. මේ දෙකෙන් කලින් සම්පූර්ණ වෙන එකට මේ චෙක් එක කරන්න ඕන. වියදම රු. 1,500 ත් 2,000 ත් අතර ගාණක්.
මේක තමයි වැදගත්ම දේ: මේක දැන් තියෙන වාර්ෂික Fitness Certificate එක වෙනුවට එන එකක් නෙමෙයි. ඇමතිතුමාම පැහැදිලි කළේ මේක Revenue Licence එක ගන්න කරන වාර්ෂික චෙක් එකට වඩා සරල, ලාභ, මූලික චෙක් එකක් කියලා. වාර්ෂික fitness එක එහෙමම තියෙනවා, මේක ඒකට අමතරව එන එකක්.
මේක කරන්නේ කවුද? NVQ Level 4 සුදුසුකම් තියෙන අයට ගරාජ් විදිහට රෙජිස්ටර් වෙලා මේ චෙක් එක කරන්න ක්‍රමයක් හදනවා කියලයි කිව්වේ. ඒ නෙට්වර්ක් එක තාම හැදිලා නෑ. ඒ නිසා හෙට උදේම ගිහින් ගන්න පුළුවන් සහතිකයක් නෙමෙයි මේක.

3️⃣ සැප්තැම්බර් 19: ලබන සතියේ ඉඳන් පාරේ ක්‍රියාත්මක වෙන නීතිය!
හයිවේ එකේ පිටිපස්සේ සීට් වල යන අයත් ඇතුළුව හැම මගියෙක්ම seat belt දාන එක නීතියක් වෙලා දැනටමත් අවුරුද්දක් වෙනවා.
ෆැක්ටරියෙන්ම පිටිපස්සේ බෙල්ට් නැතුව ආපු පරණ School Vans සහ Office Vans වලට බෙල්ට් හයි කරගන්න සහන කාලයක් දීලා තිබුණා. ඒ සහන කාලය සැප්තැම්බර් 19න් ඉවරයි.
ඊට පස්සේ හැමෝටම seat belt නැති වාහන වලට පොලිසියෙන්ද ඩයක් ගහනවා.

🌏 පිටරටවල මේක වෙන්නේ කොහොමද?
ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ ඉන්න අපේ අයට මේ සිස්ටම් එක හොඳට පුරුදුයි. හැබැයි ඒ රටවලත් මේක එක රැයකින් ආපු දෙයක් නෙමෙයි, අවුරුදු ගාණක් තිස්සේ හැදුණු පුරුද්දක්.

නවසීලන්තය: 2000න් පස්සේ register කරපු හැම කාර් එකකටම අවුරුද්දකට සැරයක් WOF එකක් ඕන. ඊට පරණ ඒවට මාස 6කට සැරයක්. මගීන් ගෙනියන බස්, වෑන්, ටැක්සි වලට මාස 6කට සැරයක් Certificate of Fitness (COF) එකක් ඕන.

NSW (Sydney): අවුරුදු 5ට වඩා පරණ හැම light vehicle එකකටම අවුරුද්දකට සැරයක් eSafety check එකක් (Pink Slip) ඕන. නැත්නම් Rego එක renew කරන්න බෑ (2026 ගාස්තුව AUD 51ක්).
ලංකාවේ අලුත් යෝජනාව මාස 3කට සැරයක්. Frequency එක අතින් අපි ඒ රටවලටත් වඩා දැඩියි. හැබැයි අපි මේකෙන් ප්‍රයිවෙට් වාහන ඔක්කොම අයින් කරලා තියෙන්නේ.

නවසීලන්තය 2026 නොවැම්බර් 1 ඉඳන් WOF ක්‍රමය තවත් ලිහිල් කරන්න යනවා. අවුරුදු 4ත් 14ත් අතර කාර් වලට අවුරුදු 2කට සැරයක් විතරක් චෙක් කරන මට්ටමට. මොකද ඒ රටේ මිනිස්සු අතරේ ඒ වාහන නඩත්තු කිරීමේ පුරුද්ද හැදිලා ඉවරයි.

අපි තාම ඉන්නේ ඒ ආරක්‍ෂිත පුරුද්ද හදන මුල්ම තැන🙏🏼.

ඉතින් ඔයා හිතන්නේ මොකක්ද? මගී ප්‍රවාහන වාහන වලට විතරක් මේක කළාම ඇතිද? නැත්නම් අනතුරු වලට ලක්වෙන්නේ බස් විතරක් නෙවෙයි නිසා, හැම වාහනයකටම මේක අනිවාර්ය කරන්න ඕන කියලද හිතන්නේ?

ඔයාගේ අදහසයි අත්දැකීමයි Comment එකකින් කියන්න!

🚗Steering එක හැරෙව්වට Car එක හැරෙන්නේ නැද්ද? නැත්නම් පිටිපස්ස ලිස්සලා යනවද?Understeer සහ Oversteer කියන්නේ මොකක්ද කියලා ...
08/09/2026

🚗Steering එක හැරෙව්වට Car එක හැරෙන්නේ නැද්ද? නැත්නම් පිටිපස්ස ලිස්සලා යනවද?

Understeer සහ Oversteer කියන්නේ මොකක්ද කියලා සරලවම බලමු.

Car එකක් corner එකකට දාන වෙලාවක tyres වල grip එක අඩුවුණොත් වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා.

👉 Understeer
👉 Oversteer

දෙකම ලිස්සීමක් වුණත්, වෙන්නේ දෙවිදිහකට.

🔵 Understeer කියන්නේ මොකක්ද?

හිතන්න ඔයා වංගුවකදී steering එක වමට හරවනවා කියලා. ඔයාට ඕනේ car එක වමට හැරෙන්න.

හැබැයි front tyres වල grip එක ඇති තරම් නැත්නම්, car එක ඔයා බලාපොරොත්තු වෙන තරම් හැරෙන්නේ නැතුව වංගුවේ පිට පැත්තට වඩා කෙළින් යන්න පටන් ගන්නවා.

සරලව 👇
Steering එකෙන් ඉල්ලන තරම් Car එක හැරෙන්නේ නෑ = Understeer

🔴 Oversteer කියන්නේ මොකක්ද?

මේ පාර grip එක අඩුවෙන්නේ ගොඩක්ම rear tyres වල.

එතකොට car එකේ පිටිපස්ස පැත්ත වංගුවේ පිට පැත්තට slide වෙලා, car එක ඔයා බලාපොරොත්තු වෙනවාට වඩා වැඩියෙන් rotate වෙනවා.

සරලව 👇
Car එක ඉල්ලපු ප්‍රමාණයට වඩා වැඩියෙන් හැරෙනවා = Oversteer

දැන් වැදගත්ම කොටස. වුණොත් මොකද කරන්නේ?

🔵 Understeer වුණොත්: accelerator එකෙන් සෙමින් පොඩ්ඩක් අඩු කරන්න. Steering lock එක තව වැඩි කරන්න යන්න එපා. Steering තව හරවන එකෙන් front tyres තව grip නැති වෙනවා විතරයි. Lock එක පොඩ්ඩක් අඩු කරාම front tyres ආපහු grip අල්ලනවා.

🔴 Oversteer වුණොත්: ඔයාට යන්න ඕනේ තැන දිහා බලන්න, පිටිපස්ස ලිස්සන පැත්තටම steering එක සෙමින් හරවන්න. හදිස්සියේ brake මිරිකන එක හෝ accelerator එකෙන් හදිසියේ පය අයින් කරන එක තත්ත්වය තව නරක් weන්න පුළුවන්.

හැබැයි ඇත්ත මේකයි. මේ recovery techniques කියන්නේ theory. පාරේදී මේවා practice කරන්න යන්න එපා.

⚠️ මේක "FWD ද RWD ද" කියලා විතරක් තීරණය කරන්න බෑ.

FWD car එකකටත් corner එකක් මැද accelerator එකෙන් හදිසියේ පය අයින් කරාම පිටිපස්ස ලිස්සන්න පුළුවන්. ඒකට කියන්නේ lift-off oversteer කියලා.

RWD car එකකටත් වේගෙන් corner එකකට දැම්මම දරුණු understeer එකක් එන්න පුළුවන්.

Speed එක, tyre condition සහ pressure, road surface, braking, weight transfer, suspension setup, weather සහ driver inputs වගේ දේවල් අනුව vehicle එකේ behaviour එක වෙනස් වෙනවා.

🛡️ ESC/ESP එකෙන් මොකද වෙන්නේ?

ESC කියන system එක understeer හෝ oversteer තත්ත්වයක් detect කරාම තනි තනි wheels වලට brake apply කරලා, engine torque එකත් අඩු කරලා car එක stabilize කරන්න උදව් කරනවා.

Brand එකෙන් එකට නම වෙනස්. Toyota වල VSC, Honda වල VSA, Nissan වල VDC, Suzuki වල ESP.

හැබැයි ESC කියන්නේ මැජික් නෙවෙයි. නැති grip එකක් ESC එකට හදන්න බෑ. Tyre එකේ grip එක ඉවර වුණාට පස්සේ ESC එකෙන් කරන්න දෙයක් නෑ.

ජපානයේ 2012 October ඉඳන් standard passenger cars වලටත්, 2014 October ඉඳන් kei (660cc) cars වලටත් ESC අනිවාර්ය කරලා තියෙනවා. ඒ නිසා ඊට පස්සේ ජපානයේ register වුණු ගොඩක් used imports වල මේක තියෙනවා. ඊට කලින් වාහන වලත් සමහර grades වල තිබුණා.

ඔයාගේ එකේ තියෙනවද කියලා දැනගන්න ලේසිම විදිහ 👇
Ignition එක ON කරාම dashboard එකේ car එකක් ලිස්සන symbol එක එනවද කියලා බලන්න. Owner's manual එකෙනුත් confirm කරගන්න පුළුවන්.

Tyre එකේ groove ඇතුළේ තියෙන tread wear indicator (TWI) බාර් වලට tread එක බැහැලද කියලා බලන්න. බැහැලා නම් tyre එක ඉවරයි.

Tyre pressure එක driver door pillar එකේ sticker එකේ තියෙන value එකට check කරන්න. සති දෙකකට සැරයක් නම් හොඳටම ඇති.

💧 තව එකක්. වැස්සට තෙත් පාරක වේගෙන් ගියාම aquaplaning වෙන්නත් පුළුවන්. ඒක understeer හෝ oversteer නෙවෙයි. ඒකේදී tyres හතරම වතුරෙන් උස්සලා grip එකම නැති වෙනවා.

ඔයාට කවදාහරි මේ වගේ Understeer හෝ Oversteer අත්දැකීමක් වෙලා තියෙනවද කියලා පහළින් comment කරමු!

⚡ පාරේ කොළ පාට number plate එකක් දැක්කොත් ඒක හොරෙන් හදපු එකක් නෙවෙයි.වැලිවේරිය පැත්තේදී අලුත් electric car එකක් රථවාහන ප...
08/09/2026

⚡ පාරේ කොළ පාට number plate එකක් දැක්කොත් ඒක හොරෙන් හදපු එකක් නෙවෙයි.

වැලිවේරිය පැත්තේදී අලුත් electric car එකක් රථවාහන පොලිසිය නවත්තලා, “මේ plate එක මොකක්ද?” කියලා අහලා තියෙනවා. අයිතිකරුට DMT එකෙන් ආපු registration confirmation message එකයි අනිත් ලියකියවිලියි පෙන්නලා තමයි ඒක ඇත්ත plate එකක් කියලා ඔප්පු කරන්න වුණේ. ඒ video එක පැතිරුණාට පස්සේ තමයි නිල පැහැදිලි කිරීම ආවේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් Air Vice Marshal (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු කියන විදියට, මේ කොළ පාට plates සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. ප්‍රවාහන අමාත්‍යවරයා විශේෂඥ කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීරණයක් මේක.

🔋 මෙතන ලොකුම කරුණ මේකයි. කොළ පාට plate එක යන්නේ fully electric වාහන වලට විතරයි. Prius, Aqua, Vezel වගේ hybrid වාහන වලට තාම සුදු සහ කහ plates ම තමයි. ඒ නිසා hybrid එකක් තියෙන කෙනෙක් මේ ගැන කලබල වෙන්න දෙයක් නෑ.

Cars වලට විතරක් නෙවෙයි. Electric motorcycles, three-wheelers, cars සහ SUV ඔක්කොටම, ඉස්සරහ සහ පිටිපස්සේ දෙකටම මේ plate එක යනවා.

📌 දැනට කොළ පාට plates 8,000ක් පමණ මුද්‍රණය කරලා තියෙනවා. මේ අවුරුද්දේ register වුණු fully electric වාහන වලට තමයි මුලින්ම දෙන්නේ. ඊට කලින් register වුණු EV වලටත් කොළ plate ලැබෙනවා, හැබැයි ඒක තියෙන්නේ number plate backlog එක ඉවර වුණාට පස්සේ.

Gazette එක තාම publish වෙලා නෑ. ඒ process එක යනවා, ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස්පතිවරයාටත් හැම station එකක්ම දැනුවත් කරන්න දැනුම් දීලා තියෙනවා. රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතාත් කියලා තියෙන්නේ නිලධාරීන් දැනුවත් කරන්න පියවර ගන්නවා කියලා.

ඒ නිසා දැනට කරන්න පුළුවන් හොඳම දේ මේකයි. EV එකක් පදවනවා නම් CR එකයි DMT registration confirmation message එකයි ළඟ තියාගන්න. නවත්තුවොත් තර්ක කරන්නේ නැතුව ඒක පෙන්නන්න.

Number plate හිඟය ගැනත් අලුත් තොරතුරු තියෙනවා. මුද්‍රණය කරන්න තිබුණු plates ලක්ෂ 4කට වඩා තිබිලා, ජූනි 10 වෙනිදා නැවත මුද්‍රණය පටන් ගත්තට පස්සේ ලක්ෂයක් පමණ ඇවිත් තියෙනවා. ඉතුරු ඔක්කොම මාස 6ක් ඇතුළත බෙදලා ඉවර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැනටමත් වාහන 88,740කට plates ලෑස්තියි, ඒවා නාරාහේන්පිට DMT කාර්යාලයෙන් ගන්න පුළුවන්.

ඔයාගේ අදහස මොකක්ද? සමහරු කියනවා accident එකකදී high voltage battery එකක් තියෙන වාහනයක්ද කියලා ගිනි නිවන සේවයට එක බැල්මට දැනගන්න පුළුවන් නිසා මේක ජීවිත බේරන දෙයක් කියලා. තව සමහරු කියනවා මේකෙන් වෙන්නේ EV එකක් තියෙන කෙනා පාරේදී වෙනම කැපිලා පේන එක විතරයි, ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා. ඔයා මොන පැත්තේද?

🔥 Hybrid එකක් ලීටරේට වැඩිපුර දුවන්නේ බැටරිය නිසාමයි කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒත් ඇත්තම ලොකුම රහස තියෙන්නේ බැටරියේ නෙ...
07/09/2026

🔥 Hybrid එකක් ලීටරේට වැඩිපුර දුවන්නේ බැටරිය නිසාමයි කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒත් ඇත්තම ලොකුම රහස තියෙන්නේ බැටරියේ නෙවෙයි, engine එක ඇතුළේ!

Aqua, Prius, Axio, Fielder, C-HR, Vezel, Fit Hybrid මේ හැම එකකම ඇතුළේ තියෙන්නේ අපි දන්න සාමාන්‍ය petrol engine එකක් නෙමෙයි. ඒක Atkinson cycle engine එකක්.

1️⃣ සාමාන්‍ය Otto Engine එකක වෙන ලොකුම අපතේ යාම

සාමාන්‍ය petrol engine එකක compression stroke එකයි power stroke එකයි දෙකේම දිග සමානයි.

ඒ නිසා exhaust valve එක ඇරෙන වෙලාවටත් cylinder එක ඇතුළේ හොඳටම press වෙච්ච, රත් වෙච්ච gas තියෙනවා. ඒ තියෙන pressure එකෙන් piston එක තව ටිකක් පහළට තල්ලු කරලා වැඩිපුර power එකක් ගන්න තිබුණත්, ඒ ඔක්කොම exhaust pipe එකෙන් එළියට විසිවෙලා යනවා.

මෙන්න මේක තමයි සාමාන්‍ය petrol engine එකක වෙන ලොකුම energy loss එක.

2️⃣ Atkinson Cycle එකෙන් වෙන්නේ මොකක්ද?

මෙතනදී intake valve එක වහන්නේ piston එක ආපහු උඩට එද්දී, ටිකක් පරක්කු කරලා.

ඒකෙන් වෙන්නේ ඇතුළට ආපු හුළං වලින් කොටසක් ආපහු intake manifold එකටම තල්ලු වෙන එක. එතකොට compress වෙන කොටස කෙටි වුණාට, expansion (power) stroke එකේ දිග එහෙමම තියෙනවා.

උදාහරණයකට, 1st Gen Aqua එකේ (2011 සිට 2021) 1NZ-FXE engine එකේ physical compression ratio එක 13:1 වුණාට, මේ valve timing එක නිසා ඇත්තටම compress වෙන්නේ 9.5:1 වගේ අනුපාතයකට.

💡 සරලවම කිව්වොත්: compress කරන්නේ අඩුවෙන්, හැබැයි expand කරන්නේ උපරිමයෙන්. Exhaust valve එක ඇරෙන්න කලින් ඇතුළේ තියෙන gas එක atmospheric pressure එකට ළං වෙනකම්ම piston එක පහළට තල්ලු කරනවා. ඒ නිසා අපතේ යන තාපය ගොඩක් අඩුයි.

3️⃣ හැබැයි මේකට පොඩි පාඩුවකුත් තියෙනවා!

Cylinder එක ඇතුළට ගන්න හුළං ප්‍රමාණය අඩු වෙන නිසා engine එකේ torque එකයි power එකයි දෙකම සෑහෙන්න බහිනවා.

🚗 Corolla Axio 1.5 Petrol (1NZ-FE): 109PS / 138Nm, compression ratio 10.5:1

🚙 Aqua 1.5 Hybrid (1NZ-FXE): 74PS / 111Nm විතරයි

එකම 1.5L block එක වුණාට, Atkinson version එකේ torque එක 27Nm කින්ම අඩුයි!

4️⃣ අන්න ඒ නිසයි Electric Motor එක අනිවාර්යයෙන්ම ඕන වෙන්නේ!

මෙන්න මෙතන thamaයි ගොඩක් අය confuse වෙන්නේ. Aqua එකේ brochure එකේ system output එක 100PS කියලා තියෙන්නේ, 74PS නෙමෙයි. ඒක ඇත්ත.

⚡ Engine එක: 74PS සහ 111Nm

⚡ Electric Motor එක: 61PS සහ 169Nm

👉 Combined Output: 100PS

Electric motor එකේ torque එක engine එකටත් වඩා වැඩියි. ඒ මදිවට ඒ torque එක ලැබෙන්නේ 0 rpm ඉඳන්මයි. ඒ කියන්නේ හරියටම Atkinson engine එක දුර්වලම තැනට මෝටර් එකෙන් උපරිම boost එක දෙනවා.

ඒ නිසා hybrid එකක electric motor එකක් තියෙන්නේ තෙල් ඉතුරු කරන්න විතරක් නෙමෙයි, Atkinson engine එකක් පාරේ දුවන්න පුළුවන් මට්ටමකට ගේන්නයි.

Thermal Efficiency එක කොහොමද?

🔸 පරණ සාමාන්‍ය petrol engine එකක thermal efficiency එක 30% ක් වගේ

🔸 4th Gen Prius (2ZR-FXE) එකේ ඒක 40% ක්

🔸 Toyota Dynamic Force hybrid engine එක සහ Honda 2.0L e:HEV engine එක 41% දක්වාම යනවා. ලංකාවේ ගොඩක් තියෙන 1.5L e:HEV එකත් 40% ට වැඩියි

🔍 හැබැයි අවංකවම කිව්වොත්: අද එන හොඳම non-hybrid petrol engines පවා 40% ට ළං වෙනවා. Toyota Dynamic Force petrol engine එක පවා light load එකේදී Atkinson mode එකට shift වෙනවා. ඒ නිසා මේක දැන් hybrid වලටම විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි.

කන්දක් නගිනකොට hybrid battery එක දුර්වල වෙච්ච Aqua එකක් හරි Prius එකක් හරි අදින්නේ නැතුව හුස්ම හිරවෙනවා වගේ දැනෙන්නේ අන්න ඒ නිසයි! මොකද motor එකෙන් එන 169Nm support එක නැති වුණාම ඉතුරු වෙන්නේ අර 111Nm තියෙන දුර්වල Atkinson engine එක විතරයි.

⚠️ මතක තියාගන්න: Toyota (Aqua, Prius, Axio, Fielder) සහ Honda (Fit Hybrid, Grace, පරණ Vezel RU3) දෙකේම තියෙන්නේ Atkinson engines වුණාට, Honda ගේ i-DCD system එක dual clutch gearbox එකකින් වැඩ කරන්නේ. Toyota power split e-CVT system එකයි ඒකයි දෙකක්. අලුත් Vezel e:HEV එකත් ඊට වඩා වෙනස් system එකක්.

Nissan Note / Kicks e-Power කියන්නේ ඊටත් වඩා වෙනස් කතාවක්. එතන engine එකෙන් රෝද කැරකෙන්නේ නෑ, ඒක generator එකක් විතරයි. Nissan ඒකේ efficiency එක ගන්නේ valve timing වලින් නෙමෙයි, engine එක efficient rpm band එකක් ඇතුළේ තියාගෙන lean burn සහ waste heat recovery කරලා.

Engine එකේ පිටිපස්සේ ගහලා තියෙන badge එකට වඩා ඇතුළේ වැඩ කරන cycle එක තේරුම් ගත්තම, ඔයාට වාහනයක් තෝරගන්න එක අනිත් අයට වඩා ගොඩක් ලේසි වේවි! 💪

🚘 Car එක Brake කළා… ඒත් වාහනේ ඇත්තටම Cyclist ව දැක්කද?“කොහොමහරි වාහනේ නතර වුණානේ!” කියලා සමහරු කියයි… ඒත් ඇත්ත ප්‍රශ්නය ...
05/09/2026

🚘 Car එක Brake කළා… ඒත් වාහනේ ඇත්තටම Cyclist ව දැක්කද?

“කොහොමහරි වාහනේ නතර වුණානේ!” කියලා සමහරු කියයි… ඒත් ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ එතනමයි.

ලංකාවේ drive කළත්, UK, Australia, Canada, Europe වගේ වෙන රටක drive කළත් මේ කතාව අපිට හිතනවට වඩා වැදගත්.

අද එන ගොඩක් modern cars වල ADAS (Advanced Driver Assistance Systems) features තියෙනවනේ.

• Emergency Braking
• Lane Keep Assist
• Adaptive Cruise Control
• Blind Spot Warning
• Parking Assist

මේවා fully self-driving නොවුණත්, driving එකේ සමහර decisions වලට වාහනේ systems මේ වෙනකොටත් මැදිහත් වෙනවා.

හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

Car එක මොකක් හරි action එකක් ගත්තම, ඒක ඇත්තටම ගත්තේ ඇයි කියලා අපි දන්නවද?

MIT සහ Motional researchersලාගේ research එකකින් මේ ගැන මාර interesting දෙයක් පෙන්නලා දුන්නා.

එයාලා CW-Net (Concept-Wrapper Network) කියන method එක develop කරලා බැලුවේ autonomous vehicle එකක ML planner එක ගන්න decisions, මිනිස්සුන්ට තේරෙන concepts වලින් explain කරන්න පුළුවන් කොහොමද කියලා.

මේ research එකේ test එකක් නම් හරිම eye-opening.

🚴 ඉස්සරහ cyclist කෙනෙක් ඉන්නකොට autonomous vehicle එක නැවත නැවතත් safely නතර වුණා.

Safety driverට මුලින් හිතුණේ,

“හරි… Car එක cyclistව අඳුරගෙන, ඒ නිසා brake කළා.”

හැබැයි පස්සේ හෙළිවුණේ වෙනම කතාවක්.

වාහනේ perception system එක cyclistව detect කරලා තිබුණා.

හැබැයි test කරපු experimental ML planner එක cyclist inputs use කරන්න configure කරලා තිබුණේ නැහැ.

සරලවම කිව්වොත්, car එක යන්න තීරණය කරපු විදිහට ගියා නම් අනිවාර්යයෙන්ම අර මනුස්සයාගේ ඇඟේ හැප්පෙනවා.

😳 එහෙනම් වාහනේ නතර වුණේ කොහොමද?

Collision එකක් වෙන්න ආසන්න වෙද්දී, වාහනේ තිබුණු built-in backup safety system එක brake command එක දුන්නා.

ඒකයි car එක safely නතර වුණේ.

මෙන්න මෙතන තමයි කතාවේ වැදගත්ම point එක.

👉 “Main driving system එක cyclistව consider කරලා safely stop කළා.”

සහ

👉 “Main planner එක cyclistව decision එකට consider කළේ නැහැ; backup safety system එක intervene වෙලා car එක නතර කළා.”

මේ දෙක එකම දෙයක් නෙවෙයි.

හැබැයි…

Driver seat එකේ ඉන්න කෙනාට මේ දෙකම පේන්නේ එකම විදිහට වුණාට, safety එක පැත්තෙන් බැලුවම මේක මාර risk එකක්. මේ ඇත්ත හේතුව දැනගත්තට පස්සේ safety driver, cyclist ලා ඉන්න තැන්වලදී ගොඩක් පරිස්සම් වෙන්න පටන් ගත්තා කියලා research එකෙන් කියනwa

ඒ කියන්නේ system එක වැඩ කරන විදිහ ගැන මිනිස්සුන්ගේ අවබෝධය වැඩි වෙද්දී, අනතුරු අඩු වෙනවා.

අපේ පාරවල් කියන්නේ පොතේ තියෙනවා වගේ ලස්සනට rule එකටම දුවන ඒවා නෙවෙයිනෙ

බස් එකක්…

ත්‍රීවීල් එකක්…

බයික් එකක්…

Cyclist කෙනෙක්…

පාර පනින කෙනෙක්…

එකපාරට පාරට එන බල්ලෙක්…

මේ ඔක්කොම එක්කයි අපි road එක share කරන්නේ.

ඉස්සරහට ADAS සහ automated-driving features ලංකාවේ වාහනවලත් වැඩි වැඩියෙන් common වෙද්දී,

“වාහනේ හැමදේම බලාගනියි” කියලා හිතලා driverගේ අවධානය අඩු කරන එක risk එකක් වෙන්න පුළුවන්.

Car එක brake කළා කියලා, “වාහනේ situation එක හරියටම තේරුම් ගත්තා” කියලා automatically assume කරන්න බැහැ.

⚠️ හැබැයි මෙතන තවත් දෙයක් මතක තියාගන්න ඕනේ.

මේ research එකේ තිබුණේ experimental autonomous-driving setup එකක්.

ඒ නිසා මේ particular failure එක අද පාරේ තියෙන හැම ADAS-equipped car එකකම වෙනවා කියලා කියන්න බැහැ.

Manufacturer, model, sensors, software සහ road conditions අනුව systems වල capabilities සහ limitations වෙනස් වෙන්න පුළුවන්.

රටින් පිට drive කරන අයට මේක තවත් relevant

ඔයාලා සමහරවිට මේ වගේ දේවල් experience කරලා ඇති.

• Lane Assist එකෙන් steering wheel එක pull කරනවා වගේ දැනෙන එක…

• Adaptive Cruise එකෙන් හිතපු නැති වෙලාවක vehicle එක slow කරන එක…

• Automatic Emergency Braking එක unexpected විදිහට activate වෙන එක…

• Sensor warning එකක් එකපාරට එන එක…

ඒ වගේ වෙලාවක, “Car එක මට වඩා හොඳට situation එක තේරුම් ගත්තා” කියලා ඉක්මන් conclusion එකකට එන්න හොඳ නැහැ. Technology එක road safety improve කරන්න උදව් වෙන්න පුළුවන්.

හැබැයි system එකේ actual capability එකට වඩා වැඩි capability එකක් තියෙනවා කියලා driver හිතාගත්තොත්, ඒ over-trust එකම අලුත් risk එකක් වෙන්න පුළුවන්.

ඒ නිසා ඉස්සරහට අපි අහන්න ඕනේ,

“Car එක මොකක්ද කළේ?”

කියන එක විතරක් නෙවෙයි.

“Car එක ඒක කළේ ඇයි?”

කියන එකත්.

🤔 ඔයාලට මොකද හිතෙන්නේ?

Cars වැඩි වැඩියෙන් driving decisions වලට මැදිහත් වෙන අනාගතයකදී, Manufacturers ලා ඒ decisions ගන්න හේතුව driver ට පැහැදිලි කරන එක අනිවාර්ය කරන්න ඕනෙද?

ඔයාලටත් වාහනේ drive කරද්දි මේ වගේ හිතපු නැති වෙලාවක automatic brakes / steering වැඩ කරපු අවස්ථා තියෙනවද? පහළින් comment කරන්න 👇

🚨 AI ලෝකේ තවත් ලොකු පිම්මක් - OpenAI එකෙන් GPT-6 Astra! 🤯ChatGPT එකෙන් ප්‍රශ්නයක් අහලා answer එකක් ගන්න එක විතරක් AI කිය...
04/09/2026

🚨 AI ලෝකේ තවත් ලොකු පිම්මක් - OpenAI එකෙන් GPT-6 Astra! 🤯

ChatGPT එකෙන් ප්‍රශ්නයක් අහලා answer එකක් ගන්න එක විතරක් AI කියලා හිතපු කාලේ ඉවර වෙමින් තියෙනවා වගේ.

OpenAI සමාගම අලුතින් GPT-6 Astra හඳුන්වා දීලා තියෙනවා.

මේකේ වැදගත්ම කතාව “තවත් ටිකක් හොඳ chatbot එකක්” කියන එක නෙවෙයි.

👉 Computer එකක් භාවිතා කරලා multi-step වැඩ කරගෙන යන්න පුළුවන් AI agent එකක් පැත්තට ලොකු ඉදිරි පියවරක් කියන එකයි.

OpenAI කියන විදිහට Astra එකට online forms පුරවන්න, CRM records update කරන්න, calendar organize කරන්න, online research කරන්න, documents සහ spreadsheets හදන්න, software install/test කරන්න වගේ computer-based වැඩ කරන්න පුළුවන්.

ඒ කියන්නේ අනාගතයේ,

“මේ report එක හදලා දෙන්න”

කියන එක වෙනුවට,

“මේ data ටික බලලා, research කරලා, spreadsheet එක update කරලා, presentation එකත් හදලා දෙන්න”

කියන level එකේ වැඩ AI එකකට delegate කරන එක තවත් practical වෙන්න පුළුවන්.

🔥 Benchmarks වලත් numbers ටික සැලකිය යුතුයි.

OpenAI publish කරපු results අනුව:

• ARC-AGI-3 — 99.9%
• FrontierMath Tier 4 (v2) — 97.6%
• Terminal-Bench 4.0 — 57.9%
• OSWorld 2.0 — 72.6%

හැබැයි මෙතන වැදගත් දෙයක් තියෙනවා.

Benchmark score එකක් කියන්නේ real-world හැම වැඩකම ඒ performance එක guarantee කරනවා කියන එක නෙවෙයි. Production ChatGPT එකේ tools, system instructions සහ environment එක අනුව results වෙනස් වෙන්න පුළුවන් කියලා OpenAI එකත් සඳහන් කරනවා.

👨‍💻 Developersලාටත් ලොකු update එකක්.

GPT-6 Astra API එකටත් එනවා.

OpenAI නිල pricing අනුව Standard API usage එකේ:

Input tokens මිලියනයකට — $10
Output tokens මිලියනයකට — $50

Fast mode එක Standard processing එකට වඩා 2x දක්වා වේගවත් වෙන්න පුළුවන් කියලා OpenAI කියන අතර, ඒකට Standard price එකේ 2x rate එකක් තියෙනවා.

"AI එක මිනිස්සු replace කරනවාද?" කියන ප්‍රශ්නයට වඩා, "AI එක්ක වැඩ කරන මිනිස්සු, AI නොයොදා වැඩ කරන මිනිස්සු replace කරනවාද?" කියන ප්‍රශ්නය තමයි ඉදිරි කාලයේ වැදගත් වෙන්නෙ.

🚗 ඔයාගේ වාහනය ඇතුළේත් පොඩි "Internet" එකක් වගේ network එකක් තියෙනවා කියලා දැනගෙන හිටියද? ඒක තමයි CAN BUS.අද modern vehic...
04/09/2026

🚗 ඔයාගේ වාහනය ඇතුළේත් පොඩි "Internet" එකක් වගේ network එකක් තියෙනවා කියලා දැනගෙන හිටියද? ඒක තමයි CAN BUS.

අද modern vehicle එකක් කියන්නේ engine එකක්, gearbox එකක් සහ wheels ටිකක් විතරක් නෙවෙයි.

ඒක ඇතුළේ Engine ECU, ABS module, Airbag module, Transmission control unit, Dashboard cluster, Electric power steering වගේ electronic modules ගොඩක් එකිනෙකා එක්ක data share කරනවා.

ඒ communication එකට පාවිච්චි වෙන ප්‍රධානම technology එක තමයි CAN BUS, එහෙම නැත්නම් Controller Area Network.

මේක Bosch සමාගම 1983 දී develop කරන්න පටන් අරන්, 1986 දී Detroit වල SAE congress එකේදී එළිදක්වපු protocol එකක්. පස්සේ ISO 11898 කියලා international standard එකක් වුණා.

ඒක හදන්න හේතුවත් සරලයි. 1980s වල high end car එකක wiring harness එකේ දිග kilometres ගාණකට ගිහින්, බරත් හොඳටම වැඩි වුණා.

උදාහරණයක් බලමු 👇

ABS module එකට wheel speed sensors වලින් කෙලින්ම speed data එනවා.

ඊට පස්සේ ඒ module එක ඒ data එක CAN network එකට broadcast කරනවා, ඕන module එකකට කියවගන්න පුළුවන් විදිහට.

ඒ නිසා එකම information එක Dashboard එකට, Engine ECU එකට, Transmission controller එකට වෙන වෙනම wires වලින් ගෙනියන්න වෙන්නේ නෑ.

High speed CAN network එකක තියෙන්නේ twisted pair wires දෙකයි 👇

CAN-H (CAN High)
CAN-L (CAN Low)

Data යන්නේ මේ දෙක අතර voltage වෙනසෙන් (differential signal). ඒ නිසා alternator, ignition වගේ දේවලින් එන electrical noise එකට මේ signal එක ගොඩක් resistant.

ඒත් වැදගත්ම දේ මෙන්න 👇

CAN network එකේ fault එකක් ආවොත්, එක system එකක් විතරක් fail වුණා වගේ නෙවෙයි පේන්නේ.

Dashboard එකේ warning lights කිහිපයක් එකපාරම එන්නත්, scanner එකට modules කිහිපයක් හම්බ නොවෙන්නත් පුළුවන්.

ඒ නිසා "ABS light එකත් ආවා, engine light එකත් ආවා, steering warning එකත් ආවා" කියලා දැක්කම හැම module එකම කැඩිලා කියලා හිතන්න කලින්, communication fault එකක්ද කියලා බලන එක තමයි හරි පිළිවෙළ.

මෙන්න මුලින්ම බලන දේවල් දෙක 👇

පළමුවෙනි එක battery සහ ground. Battery weak නම්, terminals corroded නම්, ground strap එකක් loose නම්, modules ගොඩක් එකපාරම U codes (communication codes) දාන්න පුළුවන්. ඒ නිසා ලක්ෂ ගාණක් යන module එකක් replace කරන්න කලින් battery සහ charging system එක බලන එක ගොඩක් වැදගත්.

දෙවෙනි එක 60 ohm test එක. Ignition off කරලා, OBD-II port එකේ pin 6 (CAN-H) සහ pin 14 (CAN-L) අතර multimeter එකෙන් resistance බැලුවම, හොඳ high speed CAN network එකක් 60 ohms විතර පෙන්නනවා.

ඒකට හේතුව, network එකේ කෙළවර දෙකේ 120 ohm terminating resistors දෙකක් parallel විදිහට තියෙන එක.

120 ohms විතර ආවොත් එක terminator එකක් හෝ branch එකක් open වෙලා තියෙන්න පුළුවන්. 0 ට ළං නම් CAN-H සහ CAN-L අතර short එකක් වෙන්න පුළුවන්.

ඒත් මතක තියාගන්න: මේ test එකෙන් තහවුරු වෙන්නේ wiring සහ termination විතරයි. හැම module එකක්ම හරියට communicate කරනවද කියන එක නෙවෙයි.

තව එකක් වැදගත්. CAN BUS සහ OBD-II කියන්නේ එකම දෙයක් නෙවෙයි.

OBD-II කියන්නේ standardised diagnostic interface එකක්. CAN කියන්නේ modules කතා කරන protocol එක.

America වල 2008 ඉඳන් OBD-II වලට CAN (ISO 15765-4) අනිවාර්ය කරපු නිසා, අද ගොඩක් වාහන වල scanner එක port එකට ගහද්දී යන්නේ CAN හරහා. ඒ නිසා තමයි ගොඩක් අය මේ දෙක එකක් කියලා හිතන්නේ.

තව දෙයක්. Modern වාහනයක තියෙන්නේ එකම CAN bus එකක් නෙවෙයි.

Powertrain වලට high speed bus එකක්, body සහ comfort systems වලට වෙනම slower bus එකක් තියෙන්න පුළුවන්. ඒවා එකට connect කරන්නේ gateway module එකකින්.

ඒකයි alarm එකක්, reverse camera එකක් හෝ android player එකක් fit කරද්දී wiring එක ගැන අහගන්න එක වටින්නේ.

ඒ නිසා CAN වයර් ගැන හරි අවබෝධයක් නැතුව ඒවාට අත තිබ්බොත්, හිතාගන්නවත් බැරි වෙලාවට dashboard එකේ warning lights පත්තු වෙන්න පටන් ගන්නවා. අන්තිමට ඒ ලෙඩේ මුල හොයාගන්න එකත් ලොකු හිසරදයක් වෙන එක නම් අනිවාර්යයි

🚗 වංගුවක් ගත්තට පස්සේ Steering Wheel එක අතින් ලිස්සලා ආපහු හැරෙන්න දෙනවද?වංගුවක් අරගෙන ඉවර වුණාම Steering Wheel එක තදින්...
03/09/2026

🚗 වංගුවක් ගත්තට පස්සේ Steering Wheel එක අතින් ලිස්සලා ආපහු හැරෙන්න දෙනවද?

වංගුවක් අරගෙන ඉවර වුණාම Steering Wheel එක තදින් අල්ලලා හරවන්නේ නැතුව, අත් දෙක බුරුල් කරලා ඒක නිකන්ම ලිස්සලා මැදට එන්න දෙන එක…

ඩ්‍රයිවර්ස්ලා ගොඩක් දෙනෙක්ට තියෙන පුරුද්දක්. හැබැයි මේක ඇත්තටම safe driving technique එකක්ද?

🔧 මුලින්ම බලමු, මේක තනියම ආපහු හැරෙන්නේ ඇයි කියලා?

මේක වාහනේ තියෙන කිසිම smart electronic feature එකක් හින්දා වෙන දෙයක් නෙවෙයි. නිකන්ම suspension geometry එකේ වැඩක්!

ඉස්සරහ රෝද කැරකෙන axis එක පැත්තකින් බැලුවොත්, ඒක පොඩ්ඩක් පස්සට tilt වෙලා (හේත්තු වෙලා) තියෙන්නේ. Automotive භාෂාවෙන් කිව්වොත් positive caster. ඒ නිසා ටයර් එක පොළොවෙ ගෑවෙන තැන (contact patch) තියෙන්නේ steering axis එක බිමට වැටෙන තැනට පිටිපස්සෙන්.

Supermarket trolley එකක් ඉස්සරහට තල්ලු කරනකොට රෝද තනියම කෙළින් වෙන්නේ, අන්න ඒ වගේම සීන් එකක්!

ඒ මදිවට steering axis එක ඉස්සරහින් බලද්දි ඇතුළට ඇලයි (SAI - Steering Axis Inclination). ඉතින් steering එක කපද්දි වාහනේ ඉස්සරහ බර පොඩ්ඩක් උඩට ඉස්සෙනවා. වංගුවෙන් පස්සේ අත බුරුල් කරපු ගමන් ඒ බර ආපහු පල්ලෙහාට බහිද්දි රෝද ඔටෝම කෙළින් වෙනවා.

⚠️ එහෙනම් මෙතන තියෙන අවුල මොකක්ද?
ප්‍රශ්නෙ තියෙන්නේ steering එක auto return වෙන එකේ නෙවෙයි. ඒක ආපහු එන වේගයයි, ප්‍රමාණයයි සම්පූර්ණයෙන්ම වාහනේටම බාර දීලා අත් අහකට ගන්න එකේ!
හිතන්නකෝ, වංගුවෙන් එළියට දාද්දිම:

එකපාරටම ලොකු pothole එකක් (වලක්) සෙට් වුණොත්?

එක ටයර් එකක grip එක නැතිවෙලා ලිස්සුවොත්?

එකපාරටම ඉස්සරහට මොකක් හරි ඇවිත් steer කරන්න වුණොත්?

Advanced driving guidance වල මේ ගැන කියන්නේ එකම දෙයයි. Steering wheel එක අතින් නිකන්ම ලිස්සන්න ඇරියොත්, ඒ මොහොතේ රෝද තියෙන්නේ කොයි දිශාවටද කියලා අතට කිසිම feedback එකක් දැනෙන්නේ නෑ.

එකපාරටම මොකක් හරි වුණොත්, ඉස්සෙල්ලාම wheel එක අල්ලගන්න වෙනවා, ඊට පස්සේ තමයි හරවන්න වෙන්නේ.
නැතිවෙන්නේ තත්පරෙන් පංගුවක් වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවක වෙනස තියෙන්නේ අන්න ඒ පංගුවේ.

🅿️ හැබැයි හැම වෙලාවෙම මේක භයානක නෑ!
Car park එකකදී, slow U-turn එකක් ගනිද්දි වගේ අඩු ස්පීඩ් එකකින් යන වෙලාවට wheel එක ලිස්සලා යන්න දෙන එකේ ලොකු අවදානමක් නෑ. Driving guidelines වලත් ඒක පිළිගන්නවා.

හැබැයි ප්‍රශ්නෙ එන්නේ පාරේ වේගයෙන් යනකොටයි. ස්පීඩ් එක වැඩි වෙන්න වෙන්න, අර තත්පර පංගුවේ වටිනාකම ගොඩක් වැඩියි.

💡 නොදැනීම මඟහැරෙන ලොකු දේ:
Steering එක හැමවෙලේම නිකන්ම යන්න ඇරියොත්, වාහනේ return එක දුර්වල වෙද්දි ඔයාට ඒක දැනෙන්නේ නෑ.
Return එක අඩු වෙනවා කියන්නේ:

🔩 Caster angle එක වෙනස් වෙලා,
⚙️ Strut mount bearing එකක් හිරවෙලා,
🔧 Tie rod end එකක් හරි ball joint එකක් හරි ගෙවිලා/හිරවෙලා,
🛞 එහෙමත් නැත්නම් ටයර් pressure අඩු වෙලා,
කියන එක ගැන වාහනෙන් දෙන ලොකු early signal එකක්!

වාහනේට උදව් කරන්න දෙන එකයි, වාහනේට සම්පූර්ණ පාලනය භාර දෙන එකයි දෙකක්!

🔥 Claude Fable 5.1 ආවා, performance එක විතරක් නෙවෙයි, මේ පාර API bill එකත් වෙනස් වෙන්න පුළුවන්ජූනි 12 වෙනිදා Claude Fabl...
01/09/2026

🔥 Claude Fable 5.1 ආවා, performance එක විතරක් නෙවෙයි, මේ පාර API bill එකත් වෙනස් වෙන්න පුළුවන්

ජූනි 12 වෙනිදා Claude Fable 5 access එක එකපාරටම නැතිවුණු දවස මතකද?

ඒක ලංකාවට විතරක් වුණු දෙයක් නෙවෙයි. US export-control directive එකක් නිසා Anthropic සමාගම Fable 5 සහ Mythos 5 access එක හැම user කෙනෙකුටම තාවකාලිකව suspend කළා. පස්සේ ජූලි 1 ඉඳන් Fable 5 global access ආපහු දුන්නා.

දැන්, සැප්තැම්බර් 1, Anthropic අලුත් Claude Fable 5.1 සහ Claude Mythos 5.1 release කරලා තියෙනවා.

වැදගත්ම දේ? මේ දෙකේ underlying model එක එකමයි.

Fable 5.1 පොදුවේ available. Mythos 5.1 කියන්නේ cybersecurity සහ life-sciences වගේ sensitive වැඩ සඳහා vetted trusted-access programs හරහා සීමිතව දෙන version එක. ප්‍රධාන වෙනස safeguards වල.

Performance jump එකත් පොඩි එකක් නෙවෙයි. Anthropic ගේම evaluation setup එකේ Terminal-Bench-Science 0.1 benchmark එකේ Fable 5 ගත්තේ 24.7%ක්, Fable 5.1 ගන්නවා 52.6%ක්.

ඒ කියන්නේ දෙගුණයකටත් වඩා ඉහළ. Benchmark එකක් කියන්නේ real-world හැම task එකකම guarantee එකක් නෙවෙයි, හැබැයි improvement එකේ scale එක තේරුම් ගන්න හොඳ signal එකක්.

තවත් interesting example එකක් තියෙනවා. Millennium කියන investment firm එකේ Senior Portfolio Manager කෙනෙක් කියන විදිහට, එයාලගේ system එකක run මිලියනයකට එකපාරක් විතර වෙච්ච crash එකක් අවුරුදු 4 සිට 5ක් තිස්සේ කාටවත් explain කරගන්න බැරිව තිබුණා.

Fable 5 ඇතුළු try කරපු හැම model එකක්ම ඒක miss කළා. Fable 5.1 external vendor library එක disassemble කරලා, core dump එකට match කරලා, bug එක trace කළා.

මේක independent benchmark එකක් නෙවෙයි, customer-reported example එකක්. ඒත් long-horizon debugging වල model එක කොහොම පාවිච්චි වෙන්න පුළුවන්ද කියලා හොඳ case එකක්.

⚙️ Specs පැත්තෙන්

Context window 1M tokens. Max output 128K tokens. Input tokens මිලියනයකට LKR 3,277ක් (USD 10), output tokens මිලියනයකට LKR 16,387ක් (USD 50).

ඒ base prices Fable 5 එකෙන් අඩු කරලා නෑ.

💰 ඇත්තටම bill එක අඩු වෙන්නේ වෙන තැනකින්

Fable 5 එකේ cache read එක මිලියනයකට LKR 3,277ක් (USD 1). Fable 5.1 එකේ ඒක LKR 82ක් (USD 0.25). ඒ කියන්නේ cache reads 75%කින් අඩුයි.

Anthropic estimate කරන විදිහට typical token-billed workloads වල total cost එක Fable 5ට වඩා roughly 25%කින් අඩු වෙන්න පුළුවන්. Context-heavy, tool-heavy agentic workloads වල ඒක ~45% දක්වා යන්නත් පුළුවන්.

(අද rate එක ~LKR 327.73/USD. ඔයාගේ card එකේ හෝ cloud invoice එකේ ගාණ billing-day rate එක, provider fees සහ taxes මත වෙනස් වෙනවා.)

⚠️ හැබැයි මෙතන catch එකක් තියෙනවා

ඒ 25% එක automatic නෑ. Cache write එකට යන්නේ මිලියනයකට LKR 4,096ක් (USD 12.50), ඒ කියන්නේ fresh input එකට වඩා වැඩියි.

එකම context එක එක පාරක් විතරක් යවනවා නම් caching එකෙන් ඔයාට පාඩුයි. ලාබය පටන් ගන්නේ දෙවෙනි call එකේ ඉඳන්.

ඒ නිසා prompt caching හරියට setup කරලා නැත්නම් මේ price cut එක ඔයාගේ bill එකට එන්නේම නෑ.

📱 Claude app එකේ ඔයාට මේක ලැබෙන්නේ කොහොමද?

Fable access එක හැම plan එකකටම එකවගේ නෑ. Max plans සහ Team Premium seats වලට weekly usage limit එකෙන් 50%ක් Fable වලට ඇතුළත්.

Pro plans සහ Team Standard seats වලට ඕන usage credits, ඒ ගාණ API rate එකමයි. ඔයාගේ usage settings එකේ බලලා confirm කරගන්න.

💬 හොඳම move එක මොකක්ද: මේ වගේ frontier models වලට ගෙවලා speed එක ගන්නවද, නැත්නම් open-weight models වලට මාරු වෙලා cost එකයි control එකයි අතේ තියාගන්නවද?

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Roarion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share