රවි ජෝතිෂ මැදුර Ravi Astrology

රවි ජෝතිෂ මැදුර  Ravi Astrology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රවි ජෝතිෂ මැදුර Ravi Astrology, Digital creator, Gampaha.

🌞ස්වස්ති සිද්ධම් 🌞
🌞රවි ජ්‍යෙතිෂ සේවාව මගින් ඔබට ලබාගත හැකි සේවාවන්.
🌞ජන්ම පත්‍ර සාදනය.ජන්ම පත්‍ර පරික්ෂාව. සුභ මුහුර්ත සාධනය
🌞 ඔබගේ අවශ්‍යතාව whatsapp අංකය වෙත සඳුදා සිකුරාදා දිනවල උදෑසන 7.00 ත් 11ත් අතර අපවෙත යොමු කරන්න

 කටක ලග්නයෙන් උපන් ඔබේ සදු ග්රහයා එකොළොස් වැනි භාවයේ සිටි නම්කටක ලග්නයෙන් උපන් ඔබේ සදු ග්රහයා එකොළොස් වැනි භාවයේ සිටි න...
12/09/2025

 කටක ලග්නයෙන් උපන් ඔබේ සදු ග්රහයා එකොළොස් වැනි භාවයේ සිටි නම්
කටක ලග්නයෙන් උපන් ඔබේ සදු ග්රහයා එකොළොස් වැනි භාවයේ සිටි නම් සදු ග්රහයා උච්ච බලයෙන් සිටිනු ඇත. මේ නිසා ඔබ ධනවත් අයෙකු මෙන්ම සංවර ලෙස හැසිරෙන අයෙකුද වනු ඇත. තවද මෙහි සිටින සදු ග්රහයා රවිට අයත් කැති නැකතෙන් සිටි නම් හෝ රවි ග්රහයා සමඟ සංයෝගව සිටි නම් ඔබ සාර්ථක පුද්ගලයෙකු බවට පත් වනු ඇත. තවද මේ නිසා ඔබ පවුලේ වැඩිමලා වීමට හෝ වැඩිමහල් සහෝදරයා ඔබ සමඟ ඉතා සමීපව කටයුතු කරනු ඇත. තවද මෙම රාශියේ සඳු ග්රහයා අංශක 6.4 ත් අංශක 10 අතර පරාසයේ තැන්පත්ව සිටි නම් ඔබට යහපත් සෞභාග්යයක් ජීවිතය තුල උදා වනු ඇත. තවද ඔබගේ වැඩිමහල් සහෝදරයා හොඳින් හැසිරෙන යහපත් පුද්ගලයෙක් වනු ඇත. තවද ඔබ සාධාරණ මාර්ගවලින් ධනය උපයනු ඇත. තවද මෙහි සිටින සදු ග්රහයා අංශක 26.4 ත් අංශක 30 ත් අතර පරාසයේ සිටිමින් මුවසිරස නැකතේ සිටි නම් ඔබ සහ ඔබගේ බාල සහෝදර සහෝදරියන් අතර සමීප සහයෝගීතාවයක් වර්ධනය වනු ඇති අතර ඔබගේ ව්යාපාරවල සාර්ථකත්වයද ඇති වනු ඇත. තවද සදු ග්රහයා පස්වැන්නේ සිටිමින් වීසා නැකත ඇති පස්වැන්නේ කොටසට දෘෂ්ඨි එල්ල කරන නිසා සඳුගේ කාලය තුළ ඔබට දරුවන් ලැබෙනු ඇත. කෙසේ වෙතත් සදු ග්රහයා 11 වැන්නේ සිටිමින් සිය නීච භවන වන වෘශ්චික රාශියට දෘෂ්ඨි එල්ල කරන නිසා ඔබ ස්ත්රියක් නම් ඔබට දරුවන් ලැබීමේදී දරුවන්ගේ උපතේ යම් ප්රමාදයක් හෝ දුෂ්කරතා ඇති විය හැකිය.

මේ කියන්න යන්නේ ග්‍රහඵල ගැන ඇහෙන අලුත්ම කතාව..මේ චන්ද්‍රග්‍රහණයේ සමාරම්භය රාත්‍රී 20.58.13ට ද, ග්‍රහණ දර්ශනය ආරම්භය 21.5...
09/09/2025

මේ කියන්න යන්නේ ග්‍රහඵල ගැන ඇහෙන අලුත්ම කතාව..

මේ චන්ද්‍රග්‍රහණයේ සමාරම්භය රාත්‍රී 20.58.13ට ද, ග්‍රහණ දර්ශනය ආරම්භය 21.56.54ට ද, ග්‍රහණ මධ්‍ය ලක්ෂ්‍යයට පාත්‍රවීම 23.00.34ට ද, ග්‍රහණ මධ්‍යය 23.41.39ට ද, ග්‍රහණ මධ්‍ය ලක්ෂයෙන් පිටවීම 00.23.43ට ද, ග්‍රහණ දිස්වීමෙහි අවසානය 01.26.24ට ද, ග්‍රහණ අවසානය 02.24.58ට ද යෙදෙමින් මේ පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලාංකේය ජනතාවට දර්ශනය කෙරෙයි.

දක්ෂිණායන ශරත් සෘතුවෙහි සිංහ රවි 22 භාග බිනර මහේ පුර පසළොස්වක තිථිය ලත් බ්‍රහස්පති හිමි පුවපුටුප 01 පාදයේ සිදුවන ග්‍රහණ මධ්‍යය මෙදින රාත්‍රී 11.42ට සිදු වන අතර 2025 වසරට හිමි චන්ද්‍ර හා සූර්යග්‍රහණ හතරෙන් තුන්වැනි පූර්ණ චන්ද්‍රග්‍රහණය කුම්භ රාශියෙහි දැකගත හැකි වන්නේ ය.

අමාවක සහ පුර පසළොස්වක දිනයන්හිදී පෘථිවියෙහි විද්‍යුත් ක්‍රියාකාරී වේගය ඉතා ප්‍රබලව පවතිනු ඇත. මෙකී කාල පරිච්ඡේදවලදී ස්වාභාවික තත්ත්වයෙහි පවතින ගස්වැල්වල මල්ඵල හට ගැන්වීමෙහි අසීමිත බලය වර්ධනය වී යාම ලෝකායත ඡ්‍යොතිෂයට අනුකූල වෙයි.

රවි හිමි සිංහ රාශි ජනරජ ග්‍රහ සටහන විමර්ශනයේදී ශෝකාකූල බවක් ද මෙයින් විද්‍යමාන වන්නේ ය. ලොව පුරා ධාන්‍ය වර්ගයන්හි මෙන්ම ආහාර ද්‍රව්‍යයන්හිද විනාශය, කෘෂිකාර්මික, කාර්මික අංශවල මහා පරිමාණ අවහිර, බාධක, දුෂ්කරතා, දාමරිකබව, යුදබිය, ගිනිබිය, රහස් පහරදීම්, කුමන්ත්‍රණ, න්‍යෂ්ටික පිපිරීම් ඇති වීමට මේ ග්‍රහණය තුඩුදෙයි.

දුර්භික්ෂය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ද්වේෂය, අධික වීමෙහි ප්‍රවණතාවයක් මෙන්ම, අපහාස, අපවාද, අවලාද කිරීම් බහුලවීම, ඇඳුම් පැලඳුම් අලෙවිය පහත වැටීම ශීඝ්‍රග්‍රාමී බවක් උසුලනු පෙනීයයි.

ගර්භිණී මාතාවන්ගේ විලිරුදා අධිකවීම, ප්‍රසූතියෙහි වේගකාරීබව, ඇතුන්ගේ මදකිපීම, උමතුරෝග උත්සන්නවීමද ප්‍රබල වෙයි. ආසියාතික රාජ්‍යයන්හි දේශපාලනික දෝලනයන් ව්‍යාප්තව යයි. සංවර්ධනය, දියුණුව අඩාළ වීමට පූර්ණ චන්ද්‍රග්‍රහණයේ බලපෑම් මතු කෙරේ.

කාලගුණික දේශගුණික සහ පාරිසරික රටාව ආශ්‍රිත විපර්යාසද භූකම්පන, පතල් ආකර ආශ්‍රිත මාරක විපත්, කැරලි කෝලාහල, කාමශක්තිය වැඩි වීම දැකිය හැකි වනු ඇත.

මේෂ රාශිය
අඟහරු හිමි මේෂ රාශියෙන් ජන්මලාභය ලැබූ ඔබගේ ජම්මපත්‍රය පුරා බුධ ආධිත්‍ය යෝග බලය මහත් වූ ජවබල සම්පන්නබවක් උද්දීපනය කෙරෙයි. රවි, බුධ, කේතු සංයෝගය ද ඔබටත් පවුලේ සැමටත් ප්‍රබලව උදාවෙයි. එහෙත් අඟහරු රෝග සතුරු ස්ථානගතවීම සොරසතුරු බලවේගවලින් අවාසි අලාභ ගෙනදිය හැකිය.

වෘෂභ රාශිය
ලග්නාධිපති සිකුරු පංචකාම සම්පත් වර්ධනය කරමින් ලෞකික වූ ජීවිතය සාර්ථක කරන්නෙකි. එහෙත් සැනසුම සතුට සමාදානය සැඟවී යන ජීවිතය කෙරෙහි කලකිරෙන බවක් ද විද්‍යමාන කෙරෙයි. කෙසේ වුවුද පදිංචි ස්ථානගතව මෙන්ම රැකියා ආදායම් මාර්ගවල සතුටුදායක බවක්ද විද්‍යමාන කෙරෙයි. 01, 06 අධිපති සිකුරු සතුරුව වික්‍රමස්ථානයේ තැන්පත්වීම හිතකර නොවෙනු පෙනී යයි.

මිථුන රාශිය
ලග්නාධිපති මෙන්ම 04 අධිපති බුධ ග්‍රහයා රවි, කේතු සමඟ 03 වැන් වූ වික්‍රමස්ථානගතව ඇත. එසේම ග්‍රහමණ්ඩලයෙහි ග්‍රහබලය බොහෝ දුරට පාප කර්තරී වී ඇත. බුධ ආධිත්‍ය යෝග බලයෙන් යම්තාක් දුරට සුබවාදී බවක් දෘශ්‍යමාන වෙයි. සමාජය සමඟ ඉදිරිකාලීන ක්‍රියාකාරකම් ශුභවාදී වන අවස්ථා යෙදෙනු පෙනී යයි. බොහෝ දුරට සංසාරගත පින්දහම්බලය හොඳින්ම ගෙනදීමකි. උසස්තම ජීවිතයක භාග්‍යය උදා වෙයි.

කටක රාශිය
ධනස්ථානගත බුධ ආධිත්‍යය යෝගබලය 02, 06, 10 අර්ථ කෝණය ජවබල කෙරෙයි. ලැබීම් අංශය සමඟ උත්සාහය උනන්දුව අනුව ආදායම් මාර්ග වර්ධනය කෙරෙනු ඇත. අර්ධ කාලසර්ප යෝගය රාහු, චන්ද්‍ර සංයෝගය 08වැන්නෙහි යෙදීම සමඟ පාපකර්තරී වූ ග්‍රහ තත්ත්වය අතිශය ශෝකාකූල වෙයි. අනවශ්‍ය නොගැළපෙන ක්‍රියාකාරකම්වලින් වැළකීමට අවධානය යොමු කළ යුතු කාල පරාසයකි.

සිංහ රාශිය
ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ රවි ග්‍රහයා ලග්නාධිපති වී ධනස්ථානාධිපති මෙන්ම අයස්ථානාධිපති සමඟ සංයෝගයෙන් තනන බුධ ආධිත්‍යය යෝගයට කේතු ග්‍රහයාද සංයෝගව සැලකිය යුතු බලයක් ලැබෙයි. මේ අනුව අනාගත අරමුණු රැසක් සාර්ථක කර ගැනීමෙහි භාග්‍යය උදා වනු ඇත. එහෙත් සෙනසුරු 08 වැන්න වූ මෘත්‍ය ස්ථානගත වීම පවුල් ජීවිතය, රැකියා ආදායම් මාර්ගවල ප්‍රශ්න මතුවීමෙහිලා හේතු වෙයි.

කන්‍යා රාශිය
කර්මස්ථානාධිපති මෙන්ම ලග්නාධිපති රවි බුධ සංයෝගයට කේතු ග්‍රහයාද සම්බන්ධවෙයි. බුධ ආධිත්‍යයෝග බලය ඇතුව 12 වැන්නේ ය. 02, 06, 10 අර්ථ කෝණය ද 04, 08, 12 මෝක්ෂ කෝණයද සුවිශේෂයෙන් ෂඩ්කෝණ දෘෂ්ටිය ජවබල සම්පන්න වෙයි. එහෙත් රෝග සතුරුකම් ආශ්‍රිතව කල්පනාකාරී විය යුතු බවද දෘශ්‍යමානවෙයි. සංසාරගත පුණ්‍යය බලය මෙන්ම වර්තමාන දැහැමි සිතුවිලිද මතු වෙයි.

තුලා රාශිය
ලග්නාධිපති මෙන්ම 08 වැන්නාධිපති සිකුරු සතුරුව 10 වැන්න වූ කර්මස්ථානගතව යෙදී ඇත. එසේම රවි, බුධ, කේතු සංයෝගයද රවි, බුධ ආධිත්‍යය යෝගය 11 වැන්න වූ අයස්ථානගතව ද සිටීම සියලුම ආකාර ලැබීම්, සබඳතා විවාහ මංගල කටයුතු ද දෙස් විදෙස් ව්‍යාපාර සාර්ථකත්වය ආදී කුදු මහත් අරමුණු සඵල කර ගැනීමේ භාග්‍යය උදා වනු පෙනෙයි.

වෘශ්චික රාශිය
කර්මස්ථානගතවත්, 02, 06, 10 අර්ථකෝණය ශක්තියටත් බුධ ආධිත්‍යය යෝග බලය යෙදීම වෘශ්චික රාශි හිමි ජන්මියාට උසස්වීම් දෙස් විදෙස් ගතවීම් ආදිය, ආශ්‍රිත වූ විජයග්‍රහණ පොකුරක් උදාකරනු පෙනීයයි. භාග්‍යය, දියුණුව, සිතැඟියාවන් සාර්ථක වන බවක් පෙනී යන්නේ ය. උසස් දියුණුව ඔස්සේ අධ්‍යාපනය, සෞඛ්‍යය, විභාග තරඟ තුරග ජයග්‍රහණ ව්‍යාපාරික ක්ෂේත්‍රය සබඳතා අවාහ විවාහ කටයුතු සියල්ල සාර්ථකත්වයට පත්වෙයි.

ධනු රාශිය
09 වැන්නවූ භාග්‍යස්ථානගත රවි, බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය ධර්ම කර්මාධිපති යෝගය මූලික කොටගත් ජවබල සම්පන්න බවක් දෘශ්‍යමාන වන්නේ ය. ලෝකෝත්තර සිතැඟියාවන් ඉටුවන උසස් මානුෂික අරමුණු රැසක්ම ළඟා වන පුණ්‍ය කර්මයන් ඒක රාශිවන කාල පරාසයකි. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව අවබෝධ කරගැනීම අ තිශය වැදගත් වෙයි.

මකර රාශිය
බුධ ආධිත්‍ය යෝගය 8 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව යෙදී ඇත. 04, 08, 12 මෝක්ෂ කෝණය ප්‍රබලව යෙදී ඇත. නිර්මාණශීලී ජන්මලාභී ඔබ ආධ්‍යාත්මය ආශ්‍රිත මනා දැනුමක් ලබනු ඇත. මේ අනුව දාර්ශනික විමර්ශනශීලී චින්තනය ඇගයීමෙහි ශක්තිය වර්ධනය වීම, නිර්මාණශීලී ක්‍රියාකාරකම් සාර්ථක වන භාග්‍යය වාසනාව ගලා එන කාල පරාසයකි. උත්සාහය, උනන්දුව ඇතොත් උසස් දිවිමඟක සාර්ථකත්වය කරා නැඹුරු වන්නේ ය.

කුම්භ රාශිය
බුධ ආධිත්‍ය යෝග බලය 7වැන්නෙහි යෙදී ඇත. එසේම සබඳතා විවාහ කටයුතු සාර්ථකත්වය දක්වන වාසනාවන්ත කාල පරාසයකි. තිරසාර කටයුතු ගණනාවක්ම සතුටුදායකව විසඳෙන උසස් අධ්‍යාපනයකට භාග්‍යය වාසනාව ළඟාවන කාල පරාසයකි. සොර සතුර බලවේග සමඟ රෝගාබාධ යෙදිය හැකිය. හදිසි තීරණ ඉක්මන් කෝප නොගෙන ආශීර්වාදයෙන් සෙත් ශාන්ති තුළින් භාග්‍යමත් වන්න.

මීන රාශිය
ආවේගශීලීබවක් දැනෙන සෑම අවස්ථාවන්හිදීම කරුණාව, මෛත්‍රීය සානුකම්පිත බව වර්ධනය වන කාල සීමාවෙකි. බුධ ආධිත්‍ය යෝගය 06 වැන්නේ ය. රෝග සතුරු උපද්‍රව ඇති වන්නේ ය. 6 වැන්න ජවබල සම්පන්නව පවතිනු ලබයි. උදාර හැඟීම්, සමුදායක් සාර්ථකත්වයට තුඩුදෙයි. කළමනාකරණය අතිශය වැදගත් වන කාලසීමාවකි. දැනුම අවබෝධ මතුකරන, ගතානුගතික පවුල් අවුල් නොකරගන්නා වූ දැහැමි උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත් වෙයි.
රවි ජෝතිෂ්‍ය මැදුර

16/08/2025
සෙනසුරු ග්රහයා අභියෝග, ප්රමාදයන් සහ විනය ගෙන එන ග්රහයා ලෙස ජෝතිෂ්යයේදී සැලකේ. සෙනසුරුට වඩාත්ම අහිතකර භාවය කුමක්ද යන්න තී...
14/08/2025

සෙනසුරු ග්රහයා අභියෝග, ප්රමාදයන් සහ විනය ගෙන එන ග්රහයා ලෙස ජෝතිෂ්යයේදී සැලකේ. සෙනසුරුට වඩාත්ම අහිතකර භාවය කුමක්ද යන්න තීරණය වන්නේ ග්රහයාගේ පිහිටීම අනුවයි. කෙසේ වෙතත් සාමාන්යයෙන් සෙනසුරුට අහිතකර ලෙස බලපාන භාවයන් කිහිපයක් තිබේ. මින් පළමු වැන්න වන්නේ 1 වැනි භාවය එනම් ලග්නයයි, 1 වැන්න පුද්ගලයාගේ පෞරුෂය, ශරීරය සහ පොදු ස්වභාවය නියෝජනය කරයි. සෙනසුරු ලග්නයේ සිටීමෙන් ජන්මියාට බරපතල, සංයමයෙන් යුත් පෞරුෂයක් මෙන්ම අඩු ආත්ම විශ්වාසයක් සහ ජීවිතයේ මුල් අවධියේදී අභියෝග ඇති වීමට ඉඩ තිබේ. තවද 4 වැනි භාවයද සෙනසුරුට යහපත් නැත. 4 වන භාවය මඟිීන් නිවස, මව, මානසිීක යහපැවැත්ම සහ දේපළ නියෝජනය කරන අතර සෙනසුරු 4 වැනි භාවයේ සිටින විට පවුල් ජීවිතයේ ගැටලූ, මව සමඟ සබඳතාවල දුෂ්කරතා හෝ දේපළ සම්බන්ධ ප්රමාදයන් ඇති වීමට ඉඩ තිබේ. තවද 5 වැනි භාවය සෙනසුරුට එතරම් යහපත් නැත. 5 වන භාවය දරුවන්, ආදරය, නිර්මාණශීලීත්වය සහ අධ්යාපනය නිරූපණය කරයි. සෙනසුරු 5 වැනි භාවයේ සිටින විට දරුවන් ලැබීමට ප්රමාදයන්, ආදර සබඳතාවල ගැටලූ හෝ නිර්මාණශීලීත්වයට බාධා ඇතිකලහැක. තවද 6 වැනි භාවයද සෙනසුරුට යහපත් නැත. 6 වන භාවය රෝග, ණය, සතුරන් සහ දෛනික චර්යාවන් නිරූපණය කරයි. සෙනසුරු 6 වැනි භාවයේ සිටින විට සෞඛ්ය ගැටලූ, ණය හෝ සතුරන්ගෙන් කරදර ඇති විය හැකි මුත් මෙම භාවයේ සෙනසුරු සිටීමෙන් අභියෝග ජය ගැනීමට සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට හැකියාව ලැබෙන බව පෙනී ගොස් ඇත. තවද 8 වැනි භාවයද සෙනසුරුට අහිතකර වන අතර 8 වැන්න මරණය, ජීවිත පරිවර්තනයන්, උරුමයන් සහ රහසිගත කරුණු නිරූපණය කරයි. සෙනසුරු 8 වැනි භාවයේ සිටින විට ජීවිතයේ හදිසි වෙනස්කම්, මූල්ය දුෂ්කරතා හෝ මානසික අභියෝග ඇති විය හැකියි. තවද 12 වැනි භාවයද සෙනසුරුට අහිතකර යැයි සැලකේ. 12 වැන්න මඟින් පාඩු, රහසිගත සතුරන්, වියදම් සහ අධ්යාත්මිකත්වය නිරූපණය කරන අතර සෙනසුරු 12 වැනි භාවයේ සිටින විට හුදකලාව, සැඟවුණු බිය හෝ නිදන්ගත සෞඛ්ය ගැටලූ ඇති විය හැකියි. තවද, මේෂ රාශියේදී සෙනසුරු නීච වන අතර එහි සිටින සෙනසුරුගේ ස්වාභාවික ගුණාංග දුර්වල වන අතර එහිදි විනය, අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ වගකීම දැරීම සම්බන්ධයෙන් අභියෝග ඇති විය හැක.

සෑම ග්රහයෙකුටම තමන්ට මිත්ර, සතුරු, සම රාශි තිබේ. ග්රහයෙකුට සතුරු රාශියක සිටීම යනු එම ග්රහයාට එහිදී සිය ස්වාභාවික බලය හා ...
12/08/2025

සෑම ග්රහයෙකුටම තමන්ට මිත්ර, සතුරු, සම රාශි තිබේ. ග්රහයෙකුට සතුරු රාශියක සිටීම යනු එම ග්රහයාට එහිදී සිය ස්වාභාවික බලය හා ශක්තිය නිසි ලෙස ප්රදර්ශනය කිරීමට අපහසු වීමයි. සතුරු රාශියක සිටින ග්රහයෙකු යම් දුරකට දුර්වල හෝ අපහසුතාවයට පත් වූ තත්ත්වයක සිටිනවා යැයි අර්ථ දැක්විය හැකියි. මේ නිසා එම ග්රහයා නියෝජනය කරන කාරණා සම්බන්ධයෙන් යම් බාධා, අභියෝග හෝ අපහසුතා ඇතිවීමට මෙය හේතු විය හැකියි.
මෙහිදි කේන්ද්රස්ථාන වල බලපෑම සැලකීමද වැදගත්ය. කේන්ද්ර සටහනේ කේන්ද්රස්ථාන යනු ජන්ම පත්රයේ 1, 4, 7, 10 යන භාවයන් වන අතර එම භාවයන් ජන්ම පත්රයේ කුළුණු ලෙස සැලකෙන අතර ඒවා ඉතාමත්ම වැදගත් භාවයන් වේ. කේන්ද්රස්ථාන මගින් පුද්ගලයෙකුගේ පෞරුෂය, මව සහ නිවස, විවාහය සහ හවුල්කාරිත්වය, වෘත්තිය සහ සමාජ තත්ත්වය වැනි ජීවිතයේ මූලික සහ අත්යවශ්ය අංශ නිරූපණය කරනු ලැබේ. ජන්ම පත්රයේ 1 වැනි භාවය මඟින් පෞරුෂය, ශරීරය, පෙනුම, සෞඛ්යය නිරූපණය වන අතර 4 වැනි භාවය මඟින් මව, නිවස, දේපළ, සුවපහසුව, අධ්යාපනය නිරූපණය වන අතර 7 වැනි භාවය මඟින් විවාහය, හවුල්කාරිත්වය, ව්යාපාරික සබඳතා, පොදු සබඳතා නිරූපණය වන අතර 10 වැනි භාවය මඟින් වෘත්තිය, කීර්තිය, සමාජ තත්ත්වය, පියා නිරූපණය වේ. කේන්ද්රස්ථානවල සිටින ග්රහයන් සාමාණේයන් බලවත් ප්රතිඵල ලබා දෙන බවට සැලකෙන අතර එම ග්රහයින් එම භාවය නිරූපණය කරන කාරණා කෙරෙහි සෘජුවම හා ප්රබලව බලපානු ලැබේ. ශුභ ග්රහයෙකු කේන්ද්රයක සිටීම ඉතා ශුභ වන අතර අශුභ ග්රහයෙකු කේන්ද්රයක සිටීම යම් අභියෝගාත්මක තත්වයන් නිර්මාණය කල හැකියි. ග්රහයෙකු සතුරු රාශියක සිටියත් එම ග්රහයා කේන්ද්රස්ථානයක පිහිටා තිබීමෙන් තත්ත්වය යම් සංකීර්ණත්වයකට ලක් වන අතර එහිදි ප්රධාන කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතුයි. සතුරු රාශියක සිටීම නිසා එම ග්රහයාට සිය ස්වාභාවික ගුණාංග නිසි ලෙස ප්රකාශ කිරීමට අපහසු වන අතර එවිට එම ග්රහයා එම කේන්ද්රස්ථානය නියෝජනය කරන ක්ෂේත්රයෙහි යම් අභියෝග හෝ බාධා ඇති කළ හැකියි. උදාහරණයක් ලෙස 7 වැන්නේ සතුරු රාශියක සිටින ග්රහයෙකු විවාහ ජීවිතයේදී යම් යම් ගැටලූ ඇති කළ හැකියි.
කෙසේ වෙතත්, කේන්ද්රස්ථානයක සිටින නිසා එම ග්රහයාට යම් ප්රබලත්වයක් ලැබෙන අතර එය දුර්වල වුවත් තැන ප්රබලයි වැනි තත්ත්වයක් නිරූපණය කරන පිහිටිමකි. සතුරු රාශියේ සිටියත් එම ග්රහයාට එම කේන්ද්රස්ථානයේ බලපෑම අවම කිරීමට හෝ එයට මුහුණ දීමට යම් ශක්තියක් මේ නිසා ලැබෙනවා. තවද සමහර අවස්ථාවලදී සතුරු රාශියක, විශේෂයෙන් ත්රික් ස්ථාන එනම් 6, 8, 12 අධිපතියෙකු කේන්ද්රයක සිටීමෙන් විපරීත රාජ යෝග වැනි යෝග සෑදීමට අවකාශය තිබේ. මෙවැනි යෝග නිසා ආරම්භයේදී යම් අපහසුතා හෝ බාධා පැවතුනද, අවසානයේදී ශුභ ඵල, ජයග්රහණ සහ සාර්ථකත්වයන් උදා විය හැකියි.
ග්රහයෙකු සතුරු රාශියක කේන්ද්රස්ථානයක සිටීමෙන් පමණක් අවසාන ප්රතිඵල තීරණය නොවේ. එම සතුරු ග්රහයාට ශුභ ග්රහයන්ගේ එනම් ගුරු, සිකුරු, පුර සඳු වැනි ග්රහයින්ගේ දෘෂ්ටි ලැබෙනවාද? එසේත් නැතිනම් අශුභ ග්රහයන්ගේ එනම් ශනි, කුජ, රවි, කේතු, අව සඳු, රාහුගේ දෘෂ්ටි ලැබෙනවාද? යන්නත් සොයා බැලිය යුතුයි. ශුභ දෘෂ්ටි ලැබීමෙන් අසුබ ඵල බොහෝ සෙයින් අවම වන අතර අශුභ දෘෂ්ටි ලැබීමෙන් තත්ත්වය තවත් ගැටළුකාරී විය හැකියි. එමෙන්ම සතුරුව සිටින ග්රහයා වෙනත් ග්රහයන් සමඟ යෝගව සිටිනවාද යන්නත් පරීක්ෂා කල යුතුයි. ශුභ ග්රහයන් සමඟ යෝගව සිටි නම් යම් ආරක්ෂාවක් හෝ ශුභ ඵල ලැබිය හැකියි. තවද ජන්ම පත්රය මෙන්ම නවාංශක සටහනද ඉතා වැදගත් වන බව සඳහන් කල යුතුයි. ග්රහයෙකු ජන්ම පත්රයේ සතුරු රාශියක සිටියත් නවාංශකයේ ශුභ රාශියක හෝ උච්චව සිටී නම් එයින් එහි දුර්වලතාවය බොහෝ දුරට අවම වීම සිදු වේ. තවද ගුරු, සිකුරු වැනි ස්වාභාවික ශුභ ග්රහයෙකු සතුරු රාශියක සිටීමත්, ශනි, කුජ වැනි අශුභ ග්රහයෙකු සතුරු රාශියක සිටීමත් අතර වෙනසක් තිබේ. ශුභ ග්රහයෙකුගේ අසුබ ඵල සාමාන්යයෙන් අඩු වන අතර අශුභ ග්රහයෙකුගේ අසුබ ඵල වඩා ප්රබල වීම සිදු විය හැක. තවද ඇතැම් ග්රහයන්ට ජන්ම පත්රයේ හිමිවන විශේෂ භූමිකාවන් එනම් උදාහරණයක් ලෙස ආත්මකාරක, දාරකකාරක යනාදීය අනුව එම ග්රහයින් සතුරු වු විට ලැබෙන ප්රතිඵල වෙනස් විය හැකියි. තවද සතුරු ග්රහයාගේ දශා අතුරු දශා කාලවලදී එහි ප්රතිඵල වඩාත් ප්රබලව අත්විඳීමට සිදු විය හැකි අතර සතුරු රාශියක සිටින ග්රහයෙකුගේ දශාවකදී අභියෝග වැඩි විය හැකි නමුත් යහපත් දෘෂ්ටි හෝ යෝග තිබේ නම් එම අභියෝග ජය ගැනීමටද ජන්මියාට අවස්ථා සැලසේ.
එබැවින් ග්රහයෙකු සතුරු රාශියක සිටියදී කේන්ද්රස්ථානයක සිටින විට එයින් අසුබ ඵල පමණක් ලැබෙනවා යැයි සරලව කිව නොහැකි අතර එම පිහිටිම නිසා යම්කිසි අභියෝගාත්මක තත්වයන් මතු වුවද එම ග්රහයාට ලැබෙන දෘෂ්ටි, යෝග, නවාංශකයේ පිහිටීම, ග්රහයාගේ ස්වාභාවික ගුණය සහ දශා කාලයන් වැනි සියලූ සාධක සමස්තයක් ලෙස විශ්ලේෂණය කිරීමෙන් පමණක් සතුරු ග්රහයාගේ සැබෑ ඵල ස්වභාවය තීරණය කළ හැකියි.

කේන්ද්ර සටහනේ 9 වන භාවය මඟින් ධර්මය, පියා, ගුරුවරුන් සහ භාග්යය නිරූපණය කරයි. 9 වන භාවය කේන්ද්රයේ වැදගත්ම භාවයන්ගෙන් එකකි...
12/08/2025

කේන්ද්ර සටහනේ 9 වන භාවය මඟින් ධර්මය, පියා, ගුරුවරුන් සහ භාග්යය නිරූපණය කරයි. 9 වන භාවය කේන්ද්රයේ වැදගත්ම භාවයන්ගෙන් එකකි. මෙය ත්රිකෝණ භාවයක් වන අතර, ධර්ම ත්රිකෝණයට එනම් 1, 5, 9 කොටු වලට අයත් වේ. 9 වැන්නෙන් ප්රධාන වශයෙන් නිරූපණය වන්නේ පියා සමඟ ඇති සබඳතා, පියාගේ ආශිර්වාදය සහ පියාගෙන් ලැබෙන දායාද, අධ්යාපනය, ආධ්යාත්මික දැනුම සහ ජීවිතයට මග පෙන්වන ගුරුවරුන්, විශ්වවිද්යාල අධ්යාපනය, පශ්චාත් උපාධි සහ පර්යේෂණ, ජන්මියාගේ ආගමික විශ්වාසයන්, සදාචාරාත්මක වටිනාකම් සහ ජීවිතය පිළිබඳ දාර්ශනික දැක්ම, විදේශගත වීමට ඇති අවස්ථා, විදේශ රටවල් සමඟ ඇති සබඳතා, ජීවිතයේ වාසනාවන්ත අවස්ථා සහ දෛවයේ පිහිටීම, නීතිය සහ අධිකරණ පද්ධතිය සමඟ ඇති සබඳතා යනාදියයි.
තවද කේන්ද්ර සටහනේ 3 වන භාවය මඟින් සහෝදරත්වය, ධෛර්යය සහ සන්නිවේදන කටයුතු නිරූපණය වේ. 3 වන භාවය උපචය භාවයක් වන අතර, එමඟින් ජන්මියාගේ වර්ධනය හා දියුණුව පෙන්නුම් කරයි. 3 වැන්නෙන් ප්රධාන වශයෙන් නිරූපණය බාල සහෝදර සහෝදරියන් සමඟ ඇති සබඳතා, ජන්මියාගේ ධෛර්යය, ධෛර්ය සම්පන්න ක්රියා සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව, දේශීය ගමන් බිමන්, සංචාර, කතා කිරීමේ හැකියාව, ලිවීම, මාධ්ය කටයුතු සහ සන්නිවේදන මාධ්ය භාවිතය, දෑත් වලින් සිදුකරන වැඩ, ශිල්පීය හැකියාවන් සහ දක්ෂතා, , අසල්වැසියන් සමඟ ඇති සබඳතා යනාදියයි.
රාහු සහ කේතු ඡුායා ග්රහයන් වන අතර එම ග්රහයින්ට භෞතික ග්රහයින් නොවේ. රාහු ග්රහයා ආසාවන්, ව්යාකූලත්වයන්, මායාවන්, තෘෂ්ණාව, විදේශීය දේ, විප්ලවීය වෙනස්කම්, හදිසි සිදුවීම්, මායාව සහ අසාමාන්ය දේ නිරූපණය කරන ග්රහයා වන අතර රාහු කේන්ද්රයේ පිහිටි ස්ථානයෙන් කියවෙන දේ සම්බන්ධයෙන් ජන්මියාට දැඩි ආශාවන් සහ අත්දැකීම් රාශියක් ලබා දීමට රාහු කටයුතු කරයි. තවද කේතු ග්රහයා මඟින් වෙන්වීම, අධ්යාත්මිකත්වය, නිදහස, අත්හැරීම, අතීත කර්ම, විමුක්තිය, තීකෂ්ණ බුද්ධිය, සැඟවුණු දැනුම සහ අනපේක්ෂිත සිදුවීම් නිරූපණය කරයි. කේතු පිහිටි ස්ථානයෙන් කියවෙන දේවල් සම්බන්ධයෙන් ජන්මියාට අතීත අත්දැකීම් සහ එම ක්ෂේත්රය පිළිබඳව අතෘප්තියක් ලබා දීමට කේතු කටයුතු කරයි.
රාහු 9 වැන්නේ පිහිටීමෙන් ඇතිවන බලපෑම් සැලකීමේදී රාහු 9 වැන්නේ පිහිටීමෙන් ජන්මියාට 9 වන භාවයට අදාළ කරුණුවලදී සාම්ප්රදායික නොවන, සංකීර්ණ හෝ අසාමාන්ය අත්දැකීම් ලබා දීම සිදු වේ. මේ නිසා ජන්මියා තමන්ගේ පියා සමඟ පවත්වන සබඳතා සාමාන්ය නොවිය හැකිය. පියාගෙන් ඈත්ව ජීවත්වීම, පියාගේ සෞඛ්ය ගැටලූ හෝ පියා පිළිබඳව ව්යාකූල තත්ත්වයන් ඇතිවිය හැකි අතර ඇතැම්විට පියා අසාමාන්ය චරිතයක් වීමටද ඉඩ තිබේ. එමෙන්ම ජන්මියා සාම්ප්රදායික ආගමික විශ්වාසයන් කෙරෙහි නොසන්සුන් බවක් හෝ විකල්ප අධ්යාත්මික මාර්ග කෙරෙහි ආකර්ෂණයක් ඇතිවිය හැකි අතර ආගමික නායකයන් පිළිබඳව සැකයක් හෝ ඔවුන්ගෙන් වංචාවන්ට ලක්වීමටද ඉඩ තිබේ, තවද විදේශීය ආගම් හෝ දර්ශනයන් කෙරෙහි නැඹුරු වීමටද ඉඩ තිබේ. තවද ජන්මියා උසස් අධ්යාපනය සඳහා විදේශගත වීමට වැඩි ඉඩක් ඇති අතර අධ්යාපනයට බාධා ඇති වීමට හෝ ඒසේත් නැතිනම් සාම්ප්රදායික නොවන විෂය ක්ෂේත්රයන් හැදෑරීමටද ජන්මියා පෙළඹිය හැකිය. ඇතැම්විට අධ්යාපනය සම්පූර්ණ කිරීමට ප්රමාද වීමටද ඉඩ තිබ්. තවද ජන්මියා විදේශ ගමන් වල බහුලව නිරත වීමට ඉඩ ඇති අතර විදේශ රටවල පදිංචි වීමට හෝ විදේශයන්හි රැකියාවක් කිරීමටද අවස්ථා උදා විය හැක. තවද වාසනාව ලැබීමට ප්රමාදයන් හෝ බාධා ඇතිවිය හැකි නමුත් අනපේක්ෂිත ලෙස අහම්බෙන් වාසනාවන්ත අවස්ථා උදා විය හැකිය. එමෙන්ම නීතිමය ගැටලූ හෝ උසාවි කටයුතු වලට මුහුණ දීමට සිදුවිය හැකි අතර විදේශීය නීති හෝ ජාත්යන්තර නීතිය සම්බන්ධ කටයුතු වලටද ජන්මියා යම් ආකාරයකින් සම්බන්ධ වීමට ඉඩ තිබේ. තවද ජීවිතය, මරණය, ආගම වැනි ගැඹුරු දාර්ශනික කරුණු පිළිබඳව ජන්මියා දැඩි උනන්දුවක් දැක්වීමටද ඉඩ තිබේ.
තවද කේතු 3 වැන්නේ පිහිටීමෙන් ඇතිවන බලපෑම් ගැන සැලකීමේදී ජන්මියා 3 වන භාවයට අදාළ කරුණු සම්බන්ධයෙන් යම් අතෘප්තියක්, අතීත කර්මයකට සම්බන්ධ වීමක් හෝ නොසැලකිලිමත්කමක් පෙන්නුම් කිරිමට ඉඩ තිබේ. තවද සහෝදර සහෝදරියන් සමඟ සබඳතා දුරස් වීමට හෝ එසේත් නැතිනම් ඔවුන්ගෙන් ඈත් වී ජීවත් වීමටද සිදුවිය හැකි අතර ඇතැම්විට සහෝදරයන්ගෙන් ප්රශ්න හෝ කරදර ඇති වීමටද ඉඩ තිබේ. තවද ධෛර්යය සම්බන්ධයෙන් මිශ්ර ප්රතිඵල ලබා දීමට ඉඩ ඇති අතර ඇතැම්විට තීරණ ගැනීමට අපහසු වීමට හෝ එසේත් නැතිනම් හදිසියේම ධෛර්ය සම්පන්න තීරණ ගැනීමට ජන්මියා පෙළඹෙන තත්වයක්ද නිර්මාණය විය හැක. එමෙන්ම සන්නිවේදන කටයුතු වලදී ජන්මියා ප්රවේශම් විය යුතු අතර වචන වැරදියට තේරුම් ගැනීම්, රහස් එළිවීම් හෝ අසත්ය තොරතුරු පැතිරිම් ජන්මියා හරහා සිදුවිය හැකිය. තවද ජන්මියා ලිවීමේදී හෝ කතා කිරීමේදී ඇතැම්විට අපැහැදිලි බවක් තිබිය හැකිය. තවද ජන්මියා කෙටි ගමන් බිමන් වල නිතර නිරත විය හැකි නමුත් ඒවායින් අපේක්ෂිත ප්රතිඵල නොලැබීමට හෝ කරදර ඇතිවීමටද ඉඩ ඇත. තවද ජන්මියාට අත්වලින් සිදුකරන වැඩ හෝ ශිල්පීය හැකියාවන් සම්බන්ධයෙන් අතීත අත්දැකීම් තිබිය හැකි නමුත් වර්තමානයේ ඒ කෙරෙහි ජන්මියා තරම් උනන්දුවක් නොදැක්වීමටද ඉඩ තිබේ. තවද අසල්වැසියන් සමඟ ගැටලූ හෝ විරසක වීම් ඇති වීමටද ඉඩ තිබේ.
රාහු 9 සහ කේතු 3 යන පිහිටීම්වල සමස්ත බලපෑම සැලකීමේදී රාහු සහ කේතු සැමවිටම එකිනෙකට ප්රතිවිරුද්ධ භාවයන්හි පිහිටයි. රාහු 9 වැන්නේත් කේතු 3 වැන්නේත් පිහිටීමෙන් ජන්මියාට තම පියා, ගුරුවරුන්, උසස් අධ්යාපනය සහ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් අසාමාන්ය හෝ සාම්ප්රදායික නොවන අත්දැකීම් ලබා දිය හැකි අතර ඒ සමඟම සහෝදර සබඳතා, සන්නිවේදනය සහ ධෛර්යය සම්බන්ධයෙන් අතෘප්තිකර බවක් හෝ අඩු තෘප්තියක් ඇති කිරිමට ඉඩ තිබේ. එමෙන්ම ආගමික සහ දාර්ශනික කටයුතු පිළිබඳව ගැඹුරින් අධ්යයනය කිරීමට හෝ ඒවායේ අඩුපාඩු සොයා බැලීමට ජන්මියා පෙළඹිය හැකි අතර සාම්ප්රදායික මතවාදවලට අභියෝග කිරීමටද ජන්මියා පෙළඹිය හැක. එමෙන්ම ජන්මියා තමන්ගේ උසස් විශ්වාසයන් සහ දැනුම අන් අය සමඟ සන්නිවේදනය කිරීමේදී ගැටලූ හෝ වැරදි වැටහීම් ඇතිවිය හැකි අතර ඇතැම්විට ජන්මියා දරන අදහස් අන් අය පිළිගැනීමට මැලිකමක් දැක්වීමටද ඉඩ තිබේ. එමෙන්ම දිගු දුර විදේශ ගමන් බහුලව ජන්මියාට සිදු විය හැකි අතර කෙටි ගමන් බිමන්වලින් අපේක්ෂිත ප්රතිඵල නොලැබීමට හෝ කරදර ඇතිවීමටද ඉඩ ඇත. තවද පියාගෙන් ඈත්වීම හෝ පියා සම්බන්ධයෙන් ගැටලූ ඇතිවිය හැකි අතර සහෝදරයන්ගෙන්ද දුරස්වීමක් හෝ එම සබඳතාවල අපැහැදිලි තත්වයන් ඇතිවිය හැකිය. තවද 9 වැන්න අතීත කර්මවලට සම්බන්ධ වන අතර රාහු එහි පිහිටීමෙන් අතීත කර්මවල බලපෑම් මේ ජීවිතයේදී අත්විඳීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. කේතු 3 වැන්නේ පිහිටීමෙන් සහෝදර සබඳතා සහ සන්නිවේදනය සම්බන්ධයෙන් අතීත කර්ම වල බලපෑම මෙහිදි පෙන්වයි.
මෙලෙස රාහු කේතු තැන්පත්ව සිටියදී රාහු සහ කේතුගේ අහිතකර බලපෑම් අවම කර ගැනීමට සහ සුබවාදී බලපෑම් වර්ධනය කර ගැනීම සඳහා සාම්ප්රදායික ආගමික ක්රියාකාරකම්වලට වඩා, ජන්මියාට ගැලපෙන අධ්යාත්මික මාර්ගයක් සොයාගෙන එහි නිරත වීම යහපත්ය. ධාර්මික කටයුතුවලට සහභාගී වීම සහ යහපත් ගුරුවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමද වැදගත් වේ. තවද ජන්මියා සන්නිවේදනයේදී ප්රවේශම් විය යුතුය. පැහැදිලිව හා සත්යවාදීව සන්නිවේදනය කිරීමට උත්සාහ කල යුතුය. තවද ලිඛිත සන්නිවේදනයේදී වැඩි අවධානයක් යොමු කලයුතුය. එමෙන්ම සහෝදරයන් සමඟ ඇති සබඳතා වැඩිදියුණු කර ගැනීමට උත්සාහ කලයුතු අතර ඔවුන්ට උදව් උපකාර කිරීමෙන් කේතුගේ අහිතකර බලපෑම් අවම කරගත හැකිය. තවද ධෛර්යය වර්ධනය කර ගැනීමට අභියෝගාත්මක කාර්යයන්වල නිරත වීම යෝග්ය වන අතර පියාට ගරු කිරීම සහ පියාට උදව් උපකාර කිරීම තුලින් රාහුගේ අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකියාව ඇත. තවද රාහු කේතු 9 සහ 3 සිටියද එමඟින් ඇතිවන බලපෑම් එක් එක් ජන්මියාගෙන් ජන්මියාට වෙනස් විය හැකි අතර එය ජන්මියාගේ කේන්ද්රයේ අනෙකුත් ග්රහ පිහිටීම්, දශා සහ ගෝචර අනුව තවදුරටත් වෙනස් විය හැකිය.

06/08/2025

තමා ලද අධ්යාපන සුදුසුකම් මත ඔබ අපේක්ෂා කරන රැකියාවක් ඔබට කවදා ලැබේද? එම රැකියාව කිනම් ක්ෂේත්රයකට අයිති රැකියාවක්ද? එම ඔබ අපේක්ෂිත රැකියා කිනම් වර්ෂයක කිනම් මොහොතක ඔබට ලැබේද යන්න හා මෙම ලිපිය තුළින් තර්කානුකූල ජ්යොතිෂ න්යාය අනුව එය ලැබෙන දිනය ඔබට පෙන්වා දීමට මම අදහස් කරමි. ජ්යොතිෂ විද්යාවට අනුව මෙය දැනගැනීමට ඇති ක්රමවේද තුනක් මුල්වෙයි.
එයින් පළමුවැන්න ඔබේ ජන්ම පතේ 10 අධිපති දෙර්කාණ අධිපති 22 දෙවැනි දෙර්කාණ අධිපති 64 වැනි නවාංශක අධිපතිගේ බලය මෙයට මූලික වන පළවැනි සිද්ධාන්තය වේ.

මෙම අධිපතියන්ගේ බලය ද තම ලග්නාධිපතිගේ බලය ද ඔබේ කේන්දරයේ රැකියාව ගැන කියන 10 අධිපතිගේ බලය ද රැකියා තුළින් ලැබෙන ධනය ලැබීම එය ඉතුරුවීම ගැන කියන 2-11 අධිපතියන්ගේ බලය ද රැකියාව තුළින් ලබන ජනප්රිය ප්රසිද්ධිය ද ඒ තුළින් සල්ලි සොයා ඔබ ලබන ගේ දොර ඉඩකඩම් ගැන 4 වැනි භාවයෙන් ද මෙම සුවිශේෂ වූ සිද්ධීන් රැසක් ජ්යොතීර් විද්යාවට අනුව පසුබිම් කර එකට ගොනු කරන ප්රධාන ස්ථානය වන්නේ රැකියා බල පෙන්වන ඔබේ කේන්දරයේ කර්මකාරක බලය එනම් මෙලොව පින ක්රියාවට නංවන ස්ථානය වන 10 වැන්න වේ.

10 වැන්නේ යමෙකුගේ ග්රහබල ශක්තිය ශුභ බල ශක්තීන් මතින් බලවත් වී නම් ඔහුට 10 අධිපති ග්රහයාගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් තුළ උසස් රැකියාවක් ලැබීම ඔබේ ජන්මපත තුළින් 10 අධිපතියාගේ බලය උඩ ඔබට උරුම වේ.

තවද කේන්දරයේ භාව 12 තුළින් රැකියාවක් කවදා ලැබේද යන ප්රශ්නයට උත්තර සැපයීමට ලග්නය 3 වැන්නද 2 වැන්නද 5 වැන්න 9-10-11-12 යන භාව සන්ධිස්ථාන මෙයට උපයෝගි වන බව ජ්යොතීර් විද්යාවේ පෙන්නා දී ඇත.

මෙම ස්ථාන අධිපති ග්රහයන් පාපයන් නොවී ශුභයන් වුණි නම් රජයේ උසස් නිලතල ද උදාවීමේදී ලග්නාධිපති ග්රහයා බලවත්ව ඔබේ කේන්දරයේ යෙදී භාව බලයෙන් රාශි බලයෙන් බලවත් වුණිද 5 වැන්න අධිපති 3, අධිපති 9, අධිපති බලවත් නම් ඔබ ළාබාල කාලයේ සිටම ඉගෙනීමට දක්ෂයෙක් වී කලා අංශ හෝ වාණිජ්ය හෝ විද්යා අංශ තුළින් ඉගෙනීම ලබා එහි සුවිශේෂී බලය කැන්දන විශ්වවිද්යාල උපාධි ලබා තම නිසි වයස එළැඹි අවස්ථාවේ තමාට දෛවයෙන් උරුම කරුම වූ රජයේ උසස් නිලතල දරන ප්රධානත්වයදා මූලිකත්වය දරන පරිපාලන අංශවලට අදාළ රැකියා ලැබීමට වාසනාව උරුම වීම ගෙන දේ. එම තත්ත්වයට ඔබව ගෙන ඒමට මූලික වන ග්රහ බල රැසක් භාව 12 ක් තුළ එම භාව අධිපති ග්රහයන්ගේ බල දුබලතා ද උඩ උදාවෙන අයුරු මෙසේය. ලග්නාධිපතිගෙන් ඔබේ උත්සාහයේ උනන්දුවේ බලය ගොඩනඟා දීම 5 අධිපති, 3 අධිපතිගෙන් අධ්යාපනය නොමඳව ලබමින් එහි උසස් වූ මට්ටම උදාකර දීම ද ගෙන දේ. මෙහිදී 10 අධිපති තම ජන්මපතේ දෙර්කාණය අධිපතිගේ බලය ද 22 දෙවැනි දෙර්කාණ අධිපතිගේ බලය ද උඩ ද 64 වැනි නවාංශක අධිපතියාගේ බලය තුළ ද ඔබට රැකියා ලබාගැනීමේ වාසනා ගුණ නියත වශයෙන් උදා වේ. මෙම ස්ථාන අධිපති ග්රහයන් ශුභයින් වී උපතේ බලවත් නම් ඔබට හිමි රැකියාව ශාස්ත්රීය අංශවලට අදාළ තම ඉගෙනීමෙන් ලැබූ දැනුමෙන් කරන එකකි. ඔබ සමාජයට ආදර්ශයක් දෙන ගුරුවරයෙක් සේ වැඩකරන සමාජයේ උසස් මට්ටමේ රැකියාවක් කරන අයෙක්වීම ස්ථිර වේ. තවද එම ස්ථාන අධිපති ග්රහයන්ගේ මහ දශා අන්තර් දශා තුළ එම ඉහත මා සඳහන් කළ උසස් වූ රැකියා ලැබී ඔබ සමාජයට යුග මෙහෙවරක් කරන අයෙක් වීම ස්ථිර වේ. යමෙක් ළාබාල කාලයේ රාහු මහ දශාව, සෙනසුරු මහ දශාව, කේතු මහ දශාව, ගුරු මහ දශාව, සිකුරු මහ දශාව, බුද මහ දශාව ගෙවන්නේ නම් එම ග්රහයන් උපතේ බලවත් නම් විශේෂයෙන් ගුරු බුද සිකුරු සඳු වැනි ශුභ ග්රහයින් උපතේ බලවත් වුණී නම් එම අය ඉගෙනීම තුළින් තමා නිසි වයසට රජයේ උසස් රැකියා ලබා එම අයගේ ජන්ම පත්වල 7 අධිපති ග්රහයා ද බලවත් වුණි නම් රූමත් බිරිඳක් හෝ රූමත් පුරුෂයකු හෝ ලබා උසස් රජයේ හෝ පුද්ගලික අංශවල උසස් රැකියා කරන අයෙක් වීම ගෙන දේ. ග්රහ බල රශ්මි කදම්භයේ බලය විද්යාත්මකව තාක්ෂණය කිරීමේදී ග්රහයන්ගේ නිසගකාරකත්ව ගුණය, යෝග කාරකත්ව ගුණය, නෛසර්ගික කාරකත්ව ගුණය ද මැනවින් පරීක්ෂණයකට ලක්කර බැලීමේදී ඔබට දෛවයෙන් උරුම රැකියාව ගැන ජ්යොතීර් විද්යාවට අනුව කරුණු රැසක් අපට දැක බලාගත හැක. මෙම ලිපිය තුළින් යමකුගේ ජීවිතේ බාලවිය තුළ තමා ලබන ඉගෙනීමේ මට්ටම තුළින් සමාජයේ තමාට හිමි තැන රැකියා ලැබීම චිර ජීවන රටාව ලැබීම උදා කරවයි. ඉගෙනීම ලබන කුඩා අවධියක රාහු කුජ ශනි යන පාපයන්ගේ පාප වූ දශා යමෙක් ගෙවුවේ නම් ඔහුගේ අධ්යාපන කටයුතු අඩාල වී යෑම නියත සිද්ධියකි. එයින් ඉගෙනීම තුළින් ලබන රැකියා උසස් වූ මට්ටම පසෙකලා ඔහුගේ දෛවයෙන් ඔහුට උරුම වූ කාර්මික අංශ සිවිල් ඉංජිනේරු ව්යාපාර වස්තු රැකියා වෘත්තිය ලාභ වශයෙන් ඔහුට උරුම වේ. මෙහි ප්රති සාධක ගොඩක් ඇත. යමෙකුගේ කේන්දරයක ශනි, කේතු, රාහු, කුජ, ගුරු බලවත්ව 10 වැන්නේ සිටීද ඔහු ලෝකපූජිත කාර්මික අංශයෙන් රැකියා කරන දක්ෂයෙක් වේ. බුධ රවි සිකුරු බලවත්ව උපත ලැබූ අයෙක් වී නම් කලා අංශයේ රටේ නම ගිය දක්ෂ කලාකරුවකු වේ. එක්කෝ රටේ සුපතළ ජනප්රිය ගායකයෙක් හෝ සංගීත අධ්යක්ෂ කෙනෙක් වීම ගෙන දේ. රවි කුජ සංයෝගය රැකියාව කරන 10 වැනි ස්ථානයේ යෙදෙමින් 11 වැනි භාවයේ 12 වැනි භාවයේ රාහු යෙදී ඇතිව ගුරු ලග්න ගත වූවේ නම් රට පාලනය කරන දේශපාලන නායකත්වය ලබන රටේ දේශපාලන නායකයකු වීම ගෙන දේ. ශනි, රාහු, ගුරුදු කේතු, කුජ යන ග්රහ සංයෝග 10 වැන්නේ යෙදී යමෙක් ඉපදුනොත් ඔහු හෝ ඇය උපතින්ම පළපුරුදු හුරුබුහුටිකම් ඇති ප්රවීණ වෛද්යවරයෙක් වීම ගෙන දේ. සියුම් ගුප්ත දේවල් වන ගෘහ නිර්මාණ ශිල්පීන් බිහිකරන ග්රහයෝග සංයෝග රැසක් ද ඇත. කේතු, බුධ, ශනි, ගුරු සංයෝගයට සිකුරුගේ බලය ද වූ විට දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් මෙලොවට බිහිකරන ග්රහ සංයෝගය වේ. ඔවුන් වෘත්තීය කර ගන්නේ ගෘහ නිර්මාණ ශිල්පය වේ. තවද කුජ, රවි, ශනි, බුධ සංයෝගයට සඳු සිකුරුගේ බලය ද යොමුවූයේ නම් නැව්වල රැකියා හිමි නැව්වල නාවිකයන් හමුදා පොලිසියේ උසස් නිලතල දරන නිලධාරීන් මෙලොවට බිහිකරන ග්රහ බලය වේ නම් යමෙක් ක්ෂිතිජය උදා වේ. මොනයම් ලග්නයකින් උපත ලැබුවත් ඔහු හෝ ඇයගේ උපත් ජන්මපතේ 10 අධිපති ග්රහයාගේත් ලග්නාධිපති ග්රහයාගේත් 5-9 අධිපතියන්ගේ 22 වැනි දෙර්කාණ අධිපතියන්ගේත් 64 වැනි නවාංශක අධිපතිගේත් බලය අනුව ඔබට හිමි රැකියාව ගැන විස්තර බලාගන්නා සේම ඔබට හිමි රැකියාව නියත වශයෙන්ම දැනගත හැකි බව මේ ලිපියෙන් ඔබට පෙන්නා දෙමි. දැන් ඔබට ඉගෙනීම නියම නිසි වයසේ නොලබා කිසිම ශාස්ත්රීය දැනුමක් නොමැති රැකියාවක් ස්ථිරවම කිරීමට බැරි අය මෙලොවට බිහිකරන ග්රහ බල ගැන දැන් ඇති අධීක්ෂණයක් කර බලමු. එහිදී අප දකින දෙය නම් එම අයගේ ජන්මපත්වල ලග්නාධිපති 2 අධිපති 5 අධිපති 1-59 අධිපති ග්රහයන් ද 2-11-12 අධිපති ග්රහයන් ද 22 වැනි දෙර්කාණ අධිපති ග්රහයා ද 64 වැනි නවාංශක අධිපති ග්රහයන් ද දුබල වුණි නම් ඔහුට යම්කිසි අයෙක් ළඟ හෝ රජයේ උසස් හෝ පහත් රැකියා කිරීමට පෙර පින් අනුව වාසනා ගුණ නැත. එයට හේතු සාධක වන ප්රතිසාධක ද රැස්කර ඇත. ඊට හේතුව එම අයගේ කේන්දරවල මම ඉහත සඳහන් කළ ස්ථාන අධිපතියන් දුබලතාවට පත්වීම වේ. මෙය කර්මානුරූපව බැලූ විට යමෙකුගෙන් යැපෙනවා විනා තම උත්සාහය තුළින් ස්වයං මගේ ස්වතන්ත්ර රැකියාවක් කරමින් වැටුපක් ලබා තම උත්සාහයෙන් දියුණුව ලැබීමට වාසනාව නැති අය මොවුන් වෙති. එම අයට එම අයගේ දෛවයෙන් උරුම කරුම වන්නේ එම දේ පමණි. ආත්ම අභිලාෂය ආත්ම ශක්තිය නොමැති වීම ද ඉන් සමහරකි. මෙය යමෙකුට පෙන්නා දීමේදී වටහා දීමේදී ජ්යොතිර් විද්යාවේ සැඟවුණු සාරගර්භ මට එකින් එක විග්රහ කර පෙන්වීමට පුළුවන. නමුත් ආත්ම අභිලාෂය තම ලග්නාධිපති ග්රහයාගෙන් ගොඩනැඟේ නම් රැකියාව ගැන 1-5-9-1-0 අධිපතිගේ බල ද එයින් ධනය ලැබීම බලය 2-11-12 අධිපතියන්ගේ බලය උඩ සිදුවේ නම් 22 වැනි දෙර්කාණ අධිපතිගේ බලය ද 64 වැනි නවාංශක අධිපතිගේ බලය උඩ මෙම කරුණු ඔබට ජීවිතයට උදා කරයි. යමෙක් එනම් ඔබ ජ්යොතීර් විද්යාව ගරු කරන පිළිගන්න කෙනෙක් නම් මෙම භාව අධිපතියන්ගේ බලය ද තම දිවිගමනට දෛවයෙන් උරුම වූ ග්රහ බල ගැන ද මැනවින් පරීක්ෂණයකට ලක්කිරීමට දක්ෂ ජ්යොතිෂවේදියකුට තම ජන්මපත දී ඔහුගෙන් උපදෙස් ලබා තමාට හිමි රැකියා කවදා ලැබේද එයින් දියුණුව උදා වේද යන්න ගැන සොයා බැලීම හරි වටී.

22 වන දෙර්කානාධිතිඔිනෑම අයෙකුට තමන් උපන් ග්රහචාරයට අනුව 22වන දෙර්කාණාධිපතියෙකුගෙ හිමිකමක් පවතියි.මෙම ග්රහයා භාව 12 කොතැ...
13/07/2025

22 වන දෙර්කානාධිති
ඔිනෑම අයෙකුට තමන් උපන් ග්රහචාරයට අනුව 22වන දෙර්කාණාධිපතියෙකුගෙ හිමිකමක් පවතියි.මෙම ග්රහයා භාව 12 කොතැකක සිටියද..කුමන රාශියක සිටියද සුබ ප්රතිපල ලබාදීමක් සිදුවන්නේ ඉතාම සුලු වශයෙනි.මොහුගේ අයහපත් බලපෑම ඉතාම සුලු වශයෙන් හෝ අඩු වන්නේ නම් එ් ජන්මියාගෙ උත්පත්ති කේන්දරයේ ප්රබල ග්රහ බලයක් අැති විටය.එනම් සුබ රාශියක සිට සුබ ග්රහයින්හා සංයෝග වීම සහ සුබ ගරහ දෘෂ්ටි වැටීම..එසේම 22දෙර්කානාධිපතියා සුබ ග්රහ නැකතක ගමන් කිරීම..රාජ යෝග පංචමහ පුරුෂ යෝග සහිත ග්රහයකු වීම වැනි අවස්ථා වලදි මෙම 22 දෙර්කානාධිපතිගේ අසුබය 100% නොවුනත් යම් තරමකට පාලනයක්වේ.
රවි ග්රහයා 22 දෙර්කානාධිපති වීම.
රවි-රජය රාජ්‍ය කාරකත්වය..රජයේ රැකියා..රාාජ්‍ය සේවය /සේවකයින් සහ රජයෙන් ලැබීම් නියෝජනය කරන අතර..පියා..පිය පාර්ශවය .. පිය උරුමය.. අාදියද නියෝනයවේ.එසේම අාත්ම කාරක රවි යනු ජන්මියෙකුට අාත්ම විශ්වාසය..ශක්තිය..බලය..නොසැලෙන ගුණය..නායකත්වය..සත්‍ය..නිවැරදි දැක්ම..අාදිය අැති කරන ග්රහයා ද වෙයි.මෙම රවි 22 දෙර්කානාධිපති වු විට..ජන්මියෙකුට රජය සමඟ කරන ඔිනෑම කටයුත්තකට බාධා එල්ල කරයි..රජයේ රැකියාවකට ගියද එය බොහෝ කටුක අපහසු..අමිහිරි අත්දැකීම් අැති කරන බාධා කාරී ස්වභාවයකට පත්විය හැකියි.අාත්ම විශ්වාසය අඩුකම..හිතට එකඟ නොවන කටයුතු වලට ජන්මියා යොමු කිරීම..බොරුව..වංචාව..චපල බව අැති කිරීම.. විශ්වාස කල නොහැකි පුද්ගලයකු කිරීම..අාකර්ෂණය අඩුකම..පිළිගැනීම අඩුබව..අන්‍යයෝ තමන්ට අවනත නොවීම..සුදුසුකම තිබියදිත් නිසි තැන නොලැබීම..එ් ගැන පසුතැව්ලි වන්නට සිදුවීම...පියාට අසුබ ගෙන එ්ම ..පියාගෙන් ලැබීම් අහිමි වීම හෝ ලැබුනද එ්වාට ගැටලු අැතිවීම...මෙවැනි කරුණු රවි 22 දෙර්කානාධිපති වීමෙන් ජන්මින්ට අත් විඳින්නට ලැබේ.එසේම ජන්ම පත්රයේ රවි සිටින භාවයේ කාරකත්වයටද බලපෑම් අැති කරයි...
සාමාන්‍යය අයෙකුට රවි උච්ඡ වීම යහපත් නැත...සාමාන්‍ය පුද්ගලයකුගේ රවි නීච වීම තුළින් ජන්මියා නිහතමානීව ඔිනෑම අයෙකු හා යහපත්ව අැසුරු කරයි.රවි උච්ඡ වීම යහපත් වන්නේ රාජ්‍ය පලනයට අාගමික නායකත්වයට වැනි කරුණු සඳහාය..ඉහළ මට්ටමේ ජන්මීන්ට රවිගෙ උච්ඡ වීම යහපත්වේ. රවි 22 දෙර්කාණාධිපති වූ ජන්මීන්ට රවිට අයත් දශා කාල හා සූක්ෂම..හෝරා..හා ඉරිදා දින සුබ කටයුතු සඳහා අසුබ බව සඳහන්වේ.
✍️සඳු.
සඳු ග්රහයා ජලයට හා සිතට අධිපතිවේ.එසේම මව නියෝජනය වන්නේ ද සඳුගෙනි.පුර පක්ෂයේ සඳු බලවත් වන අතර අව පක්ෂයේදි සඳුගේ බලය හීනවේ.රැයේ උපන් අයට සඳු මව්ය.සඳු ලග්නයේ බලවත්වු ජන්මීන් සෝබාමත්ය..යහපත් සිත් හා ගති අැත්තෝය..
මෙම සඳු යමෙකුගේ 22 වන දෙර්කාණාධිපති වු විට සිත දුබල කරයි..දරා ගැනීම ඔරොත්තු දීමේ හැකියාව හීනවේ.හිතේ සැකය අතෘප්තිකර සිතුවිලි..උදාසීන ගති..අැති කරයි..හිත හිතා අඬන පසුතැවිලි වෙන පස්චත්තාපවන ගති දෙයි.මානසික අසහන උමතුව..දැඩි කම්පනය..සිද්ධ නොවුනු දේ හිතෙන් මවාගෙන කඳුලු හලන තත්ත්ව ගෙනදෙයි..ජලයට අධිපති සඳු 22දෙර්කාණාධිපති වු විට දරුණු සෙම් රෝග..පෙනහලු රෝග එසේම ප්රතිශක්ති කරණය හීන වීම හේතුවෙන් ඉක්මනින් රෝග සෑදීමේ ප්රවනතාවය ඉහළයි.අැපන්ඩිසයිට්ස් වැනි රෝගද ජන්මීන්ට 22 දෙර්කාණාධිපති සඳුගෙන් අැතිවේ.තවද මව් නියෝජිත ග්රහයා බැවින් මවට අගුණ ගෙන දෙන්නටත්..එසේත් නැතිනම් මව්ගෙන් ලැබෙන අාදරය සෙනෙහස අඩු කිරීම සැළකිල්ල අඩු බව ජන්මීන්ට අත්වඳින්නට සිදුවේ.මව්ගෙන් ලැබෙන දායාද උදව් අඩුවේ.මව නිතර ඔබට විරුද්ධව අදහස් දරයි.
මෙවන් ජනමීන් සඳුදා හා සඳුට හිමි දශා කාලවලද හෝරා තුළද සුබ කටයතු නොකළ යුතුය...
✍️කුජ හෙවත් අඟහරු.
කුජ යනු උෂ්ණ කාරකයෙකි.පාප, කෘෘර කුජ ග්රහ ලොවේ සෙන්පතියාදවේ.ඔහු වික්ක්රමවත්ය,තේජාන්විත..බලවත් එඩිතර.ක්රියාශීලි,දක්ෂයෙකි.අාරක්ෂක අංශ ප්රධානීන් හා එ් හා සම්බන්ධ එඩිතර රැකියා
වල නියුක්ත වූවන් කුජ බලවත්ව උපන්නවුන්ය.අාත්ම විශ්වාසය අාත්ම ශක්තිය අැති කුජ උෂ්ණාධික ග්රහයෙකි.
මෙම ගති ලක්ෂන අැති කුජ ජන්මියෙකුගේ 22දෙර්කාණාධිපති වූ විට ඉහත කී ගති විකෘතියකට ලක්වේ.හිතේ අැති ශක්තිය ගතේ නොමැත.හිත කම්මැලි උකටලී ගති අැතිවේ..නිතරම සෘණාත්මක සිතුවිලි අැති කරයි.නිතර දහඩිය පිටවෙයි..සුලු කටයුත්තකදි වුවද මහ වෙහෙසක් දහඩියක් අැතිවේ.සිරුර වෙහෙසකර බව ඉක්මන් කෝපය..තමන්ට අයිති නැති ගැටලු පවා තම හිස මතට ගෙන රන්ඩු ප්රශ්න අැති කර ගැනීම..එසේම උෂ්ණ රෝග මූත්රා රෝග වකුගඩු,අම්ල පිත්ත රෝග..බඩවැල් අාස්රිත රෝග, මූල රෝග, ලිංගාස්රිත රෝග ,සමාජ රෝග අාදිය පහසුවෙන් අැතිවියහැකි බැවින් ප්රවේශම් විය යුතුය.විදුලිය ගින්දර හා සතුන්ගෙන් නොහිතු අනතුරු අැතිවීමටද ඉඩ අැති බැවින් කල්පනාකාරිව කටයුතු කල යුතුයි.මනස විකෘති කිරීම දුරාචාර මත්පැන් දුමි එ් සම්බන්ධ වෙනත් දේ හා අයතු සබඳතා සිතුවිලි වලටද ජන්මියා ගෙනයන කුජ 22 දෙර්කාණාධිපති වූ විට..විදේශයන්හිදි කරදර බාධක වලට මුහුණ පාන්නට සිදුවේ.බාල සහෝදරයන්ට දැඩි අපල ගෙනදීමටත්..බොහෝ විට තමා පවුලේ බාලයා වීමටත්.එසේ නොමැති නම් පවුලේ බාලයා සහෝදරියක් වීමටත් ඉඩ අැති බව ජෝතිශයේ සඳහන්වේ..මෙවන් ජනිමීන් අඟහරුවාදා දින හා කුජට හිමි දශා කාලයන් හෝරා සූක්ෂමයන් අතහැර සුබ වැඩෙහි යෙදිය යුතුයි.
✍️බුධ.
බුධ යනු ග්රහලොවේ සුරතලාය..බුද්ධිකාරකය,ඥානකාරකය, මතකය ධාරණය, තීක්ෂණ නුවණ ,ඥානය, දීර්ඝ කාලීන මතකය, විනිවිද පෙනෙන භාවය..බුධගෙන් ලැබෙන කාරකත්වයයි.එසේම වචනයට අධිපතිය..වචන පැටලීම අදහස් ගැලපීමේ නොහැකියාව..දිව සම්බන්ධ රෝග අාදිය ..බුධ පීඩාවීමේ ප්රතිපලයවේ..
ස්නායු පද්ධතිය ද බුධගේ නියෝජනයකි..එසේම
මාමලා නැන්දලා බුධගෙන් නියෝජනය වන්නෝය.
බුධ යම් කිසිග්රහයකු හා සංයෝග වු විට එම ග්රහයාට අවනතවීමක් හා එම ග්රහයාගේ ක්රියාකාරීත්වයට ඉඩදීමක් සිදුකරයි.බුධට දිවා රෑ බේදයක් නොමැත.නපුංසක ග්රහයෙකි.22 දෙර්කාණාධිපති වු විට වා/පිත්/සෙම් තුන් දොසටම බුධ කාරකවේ.එසේම බුධ 22 දෙර්කාණාධිපති වූ විට දුර දිග නොබලා බුද්ධියෙන් තොරව ක්රියා කිරීම..එසේ කොට පසුවට පසු තැවිලිවෙයි.කවුරු කීවත් පිළි නොගැනීම..තමන්ම හරි කියන මතය..බුද්ධිය නැති ක්රියාශීලි පුද්ගලයකු බවට පත්වෙයි.කරන වැඩ අගක් මුලක් නැති පිළිවෙලක් නැති අද එකක් හෙට තව එකක් කරන පුද්ගලයෝය.රැකියාවද එලෙසය..විභාග පාස් කලද ඔවුන් අදක්ෂයෝ බවට පත් කරයි.ක්රියාශීලි බව අඩුවෙයි.ප්රායෝගිකව සිතා බලා කටයුතු නොකරයි.තමන් වැරදි බවදැන දැනත් නැවත කරයි....
මාමලා නැන්දලාට අසුබයි.එසේත් නොමැති නම් ඔවුන් තමන්ට විරුද්ධවෙයි.ප්රශ්න ගැටලු අැති කරයි.ඔවුන්ගෙන් දුරස් වීමට සිදුවේ.
ස්නායු දුර්වලවීමේ රෝග..නිතර ..සිහි මඳ බව..කල්පනාව අඩු බව..හිසරදය..ඔලුව කැක්කුම..වචන පැටලීම..ගොතගැසීම...පෙනහලුසම්බන්ධ රෝග.. සෙම් රෝග..සෙම් ගෙඩි..මේවා බුධ 22 දෙර්කාණාධිපතිවු විට ජන්මියාට සිදුවන අයහපතයි.මොවුන් බදාදා දින හා බුධ දශා කාල..හෝරා හා සූක්ෂමඅැතුලු බුධට අයත්
සියලු අවස්ථාවල සුබ කටයුතු නොකළ යුතුය.
✍️ගුරු.
ගුරු ඉතා සාධාරණ නීති ගරුක අයෙකි.යම් අයෙකුගේ ගුරු 22 දෙර්කාණාධිපති වු විට තම අභිමතය පරිදි වැඩ කරයි.නීතියට පිටින් යයි.තීක්ෂණ බුද්ධිය අනුකම්පාව කරුණාව අඩුවේ.කලබලයි..නිහතමානී බව උපේක්ෂාව තැන්පත් බව අඩුවේ.බොහෝ විට පවුලේ වැඩිමලා බවට පත්වීමට ඉඩ තිබේ..වැඩිමහල් සහෝදර සහෝදරියන් වේනම් ඔවුන්ට තරමක ඵල රහිත බවක් අැතිවේ..පියාගේ වැඩිමල් සහෝදර සහෝදරියන්ගෙන් ඵල නොවේ..ඔවුන්ගෙන් අෑත්වීමක් සිදුවේ.ගුරුගේ කාරකත්වයට එනම් ධනය..විවාහය..දරුවන් සම්බන්ධ ගැටලු..දරුවන් වෙනුවෙන් හම්බකරන සියල්ල අධිකව වියදම් වීම අාදියවේ.විවාහයේ ගැටලු එහි සතුටට හානිවීම්..ඉහතකී කාරකත්වයන්ගේ ගුණයට හානි හා විකෘතිය අැතිවේ..උදා..බාහිරට පෙනෙන විවාහ සතුට අැතුළාන්තයේ නොවිය හැකියි.ඉදිමුම් රෝග අැති කරයි.ගුරුදින හෝරා හා ගුරුට හිමි දශා කාල තුළ සුබ වැඩට යහපත් නොවේ.නවාංශකයේ ගුරු බලවත්නම්..කේන්දරය තුළ ග්රහබල යහපත්නම් මේවා සුලු වශයෙන් අඩුවේ.
✍️සිකුරු.
සියලු ලෞකික සැප සම්පත් අාදරය හා විනෝදය සඳහා කාරකත්වය දෙන්නෙ සිකුරු විසිනි.සිකුරු 22 දෙර්කාණාධිපති වු විට ලෞකික සැප අඩු කරයි.එසේත් නොමැතිනම් එ්වා තිබුනත් විඳින්න පින නැතිකර දානව.මෙවැනි අය සමාජය තුළ දැකගත හැකිවේ.මෙවැනි අය සරලයැයි සමාජය විසින් අර්ථ කතනය කලත් සැබවින්ම මෙහි අර්ථය සරලත්වය නොවන බව ජෝතිශයෙන් පැහැදිලිවේ.සැබවින්ම මෙය විඳින්න පින නැතිකම..සැප තියනව විඳින්න බැහැ.
තවත් සමහරුන්ට සැප සම්පත් නැත්තටම නැති කරල දානව.බලාපොරොත්තුවන දේවල් අහිමි කරනව.කටුක දේවල් විඳින්න වෙනව..විවාහය අාදරය සතුට විනෝදය බිඳ දමනව.ලිංගික බෙල හීනතා..විවාහ මතභේද..අැතුළාන්තයෙන් දුක සිකුරු 22 වීමේ ප්රතිපලයි.පුද්ගලිකව විඳවීම අතෘප්තිය විවාහ ගැටලු.තමන් කොච්චර හොඳ කලත් අනිත් අයට පේන්නෙ නැහැ..තමන් කරන විහිලුවක් කවට බසක් වුවද සෙසු අයට නුරුස්සන ගතිය.තමන්ටත් අනුන්ගෙ කවට බස් නොතේරෙන බව..වයසට වඩා මේරු පෙනුම..පිරිපුන්බව අඩුවේ..වර්ණය දුර්වලවේ..අයතා ක්රම මඟින් ශාරිරික ශක්තිය අඩුවීම සම රැළිවීම..වියළීම වැරදි ලිංගික අාස්වාදය අාදිය සිකුරු බලයෙනුත් හීනව දුර්වලව පිහිටි විට ජන්මියාට අත්විඳින්නට සිදුකරයි.එසේම ශුක්ර ධාතුවහා ඉන්ද්රියන් සම්බන්ධ ගැටලු..දරුපල මූත්රා අාසාදන..වකුගඩු බෙල්ල උගුර සම්බන්ධ රෝග සිකුරු 22 දෙර්කාණාධිපති වීමෙන් අැතිවන ප්රතිපලයි..ජන්මියා ලෞකිකත්වයෙන් මුදවා ලෝකෝත්තර සුවය සෙවීම හා නැඹුරු වීම මෙහි තවත් ප්රත්පලයකි.නවාශකය හා උපන් ග්රහබල යහපත් නම් එ් අනුව මෙහි සුලු අඩුවක් දැකිය හැකිය..සිකුරාදා දින.. දශා..කාල හෝරා සුබ වැඩ සඳහා මෙවැනි ජන්මීන් භාවිතා නොකළ යුතුය.
✍️ශනි.
දුකට අධිපති ශනි වුවද මෙම ග්රහයා ජන්මීන්ට සුබ පල උදාකරමින් ඉහලට ගෙනයාම සුලබව දක්නට ලැබේ.මොහු නිතරම නරක නොකරන්නෙකි.වරදට දඬුවම් දුන් පමණින් ඔහු නරක නැත.නමුත් ශනි 22 දෙර්කාණාධිපති වු විට දුකටම පත් කරයි දුකින් තොර දිවියක් නැති කරයි.සෙනසුරු 64 නවාංශකාධිපති හෝ එ්රාශ්ඨක කාල උදාකරන විට බොහෝ ජන්මීන්ට ප්රධානය කරන්නේ දුකම පමණි.ලෝකෝත්තරයට ප්රිය ශනි දුකම දීල ජිවිතේ කළකිරවල එපා කරවල විඳවන්නයි දෙන්නෙ.වම්පාදයේ රෝග.. අාබාධ.. වාත රෝග..දත් හා සමේ රෝග..වණ.. දධ..කුෂ්ඨ..තුවාල වේදනා හිතට දුක..අතෘප්තිය..මනසේ අතෘප්තිය..පියාගේ බාල සහෝදර සහ්බන්ධකම් හා ගැටලු..ඔවඅන්ගෙන් අෑත්වීමක් හෝ සිදු කරයි...දුකම අත්පත් කර දෙමින් ජන්මියා ලෝකෝත්තරයට බර කරයි...නවාංශකයේ හා උපන් ග්රහ බල යහපත් නම් එ් අනුව මඳක් සහනයක්වේ..එවැනි ජන්මීන් සෙනසුරුදා දිනය..දශා..කාල හෝරා සුබ කටයුතු සඳහා යොදා නොගත යුතුය.

Address

Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when රවි ජෝතිෂ මැදුර Ravi Astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share