Unseen Bloom

Unseen Bloom �සිතෙහි නිසල වුණු, නොදුටු හැඟුම් පිරි ඉතිරී යන තැන.�

💔දරාගත නොහැකි ආදරයේ නිහඬ ශක්තිය 💔          ​සමහර කතා තිරයේ පමණක් නොව, ජීවිතයේ සැබෑ පිටුවල ද ලියැවී තිබේ.​අද දවසේ පුවත්පත...
04/12/2025

💔දරාගත නොහැකි ආදරයේ නිහඬ ශක්තිය 💔

​සමහර කතා තිරයේ පමණක් නොව, ජීවිතයේ සැබෑ පිටුවල ද ලියැවී තිබේ.

​අද දවසේ පුවත්පත් දුටු විට මගේ සිතට නැඟුණේ 'අමරන්' (Amaran) චිත්‍රපටයේ දසුන් ය. රට වෙනුවෙන් දිවි පිදූ මේජර්වරයාගේ බිරිඳ ඉන්දුගේ දෙනෙතේ තිබූ ඒ නිහඬ වේදනාව, ඒ අසීමිත ආදරය.

⭐​අද අපි සැබෑ ජීවිතයේ වීරයන් දෙදෙනෙකුට අවසන් ගෞරව දැක්වූවා

🔴​දෙරටක් වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ මේජර් මුකුන්දන්.

🔴​ජීවිතයම කැප කළ කැප්ටන් නිර්මාණ සියඹලාපිටිය.

​ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය වචනයෙන් කියා නිම කළ නොහැකියි. එහෙත්, මගේ හිත වඩාත් තදින්ම ස්පර්ශ කළේ ඔවුන්ගේ ආදරණීය බිරින්දෑවරුන්ගේ නිහඬ ශක්තියයි.

​සිනමාවේ ඉන්දුගේ දෑසේ තිබූ ඒ දරාගත නොහැකි වේදනාව, අද සැබෑ ජීවිතයේ දී ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ දෑස්වලින් දකිද්දී, ඒ "නිහඬ හැඟීම්වල" ගැඹුර කොතරම්දැයි කියා සිතාගත නොහැකියි. 💔

​ඔවුන් තම සැමියන්ගේ "නොදුටු පිපීම" (Unseen Bloom) සදහටම හදවතේ තැන්පත් කර ගනීවි. ඒ වේදනාව දරාගැනීමට ඔවුන්ට ඇති මේ දැවැන්ත ශක්තිය, සැබෑ ආදරයේ සහ කැපවීමේ උත්තරීතරම නිදසුනයි.

​මේ මහා වීරයන්ට අපේ ප්‍රණාමය පුද කරමු. 🙏

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Unseen Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share