Behind The Heart

Behind The Heart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Behind The Heart, Digital creator, Gampaha.

කවදාවත් ජීවිතේ වැටෙන්න එපා, ඒ වගේම ජීවිතය අතහරින්නත් එපා! පරාජය පෙනි පෙනීම උනත්, ජයග්‍රහණය වෙනුවෙන්ම සටන් කරන්න පුරුදුව...
26/01/2026

කවදාවත් ජීවිතේ වැටෙන්න එපා, ඒ වගේම ජීවිතය අතහරින්නත් එපා!

පරාජය පෙනි පෙනීම උනත්, ජයග්‍රහණය වෙනුවෙන්ම සටන් කරන්න පුරුදුවෙන්න.
මොකද හිත ශක්තිමත් මිනිස්සු කවදාවත් ජීවිතේ පරදින්නේ නැහැ ..

හිතන්න..
බොක්සිං ක්‍රීඩාවෙදි පරාජය වෙන්නෙ වැටුනම නෙවෙයි.එහෙම වැටිල නැගිටින්නෙ නැත්නම් තමයි පරාජය වෙන්නෙ.

අන්න එහෙමයි ජීවිතේ ..
වැ⁣ටුනත් කොහොමහරි නැගි⁣ටින්න.

ඔයාට ජයග්‍රාහී දවසක්..සුභ දවසක් වේවා...
❤️🌿💛☘️💚🍂💙🍁

22/11/2025

සිතුවිලි පෙලින් පෙල එක්කර දුකින්බර
සාවෙකු හඬයි සඳසාවී මතක්කර
කවිරස මව මවා මේ රැය පහන්කර
නොලියූ කවිය ලියනෙමි මා වරින්වර
❤️☘️💛🌿💚🍂💙☘️

21/10/2025

ගෙවුන දිනයේ යම් දුකක් වී නම්..
උදාවන දිනයේ සියල්ල විසඳේවා...

ආදරෙයි....
💛🌿❤️☘️💙🍂💚

21/10/2025

ඔබටත් මටත් එකම දිශාවක් තිබුනා.
ඒ දිශානතිය එක්ක එකම ගමනක් යන්න..
ඒත් කියන්න මට
අපි ඒ මාවතෙන් දුරස් වුනේ කොහොමද..
අරමුණක් නැති ඔරුවක
යායුතු දිශාවක් තිබේද මට..
කියන්න..
සුරත් ගිලිහෙන නමුදු
හදවතින්
බැඳෙන ආදරය..
❤️🌿💛🍁💙☘️💚🍂

20/10/2025

හිරු ගිලිහෙන හැන්දෑවේ..
ආදරයද ඔබ කීවේ...

හිරු නික්මෙන රතු රේඛාව අහසේ නැවතී හිඳින ඒ සැන්දෑවේ, මගේ සොඳුරු මතක පොතේ එක් පිටුවක එක් පරිඡ්චේදයක් දිග හරිමි. නිශ්චල සමුදුර සේ ගැඹුරු ඔබ හදවත මට තිළිණ කල මතකයක් අවදි කරමි.
ඔබේ නමින්, ඔබේ මතකයෙන්, ඔබේ වචන වලින් රිදවන මොහොතේ..
ඔබ මට ප්‍රේමය ගැන කතා කළ අයුරු කඳුලක්මය මට..
නිහතමානී නමුත් හද වැනෙන සත්‍යයකින් ඔබේ වචන මට ආරාධනා කළේ කෙනෙකුගේ හැඟීමක් නොව හදවතින් හදවතටම ගමන් කරන සුවඳක් සමගිනි.

අදත් එම හිරුබැසීම මට දැනේ. අහසේ එළිය සමග ඔබගෙන් ආ ආදරයේ මතකය ..
ඔබේ වදන් මට ඇසෙන්නේ සීතල සුළඟේ වටා ගලා යන රහසක් සේය.

එදා ඔබ මට “ආදරය” ගැන කිව්වේ නම් අද මම ජීවත්වෙන්නෙ ඒ වචනට ඇලී ගැලීය.
හිරු ආපසු යම් දවසක මිලින ව නැවත බසී ..
එනමුත් මගේ ආලෝකය ඔබම පමණි.
❤️☘️💙🍁💚🍂💛🌿

19/10/2025

මන්දාරම් අඳුරේ, හිරිපොද වැසි වැටෙන රැයක
ලොව සියල්ල නිහතමානීව, නිහඬව හිඳිනා මොහොතක
මගේ හදවත නොඹිදේය යන සිතුවිල්ලෙන් නුඔ සිටියාවත්ද..

පෙනෙන දේ අඳුරු වුණත්,
ඔබේ සුරත නැති බව මට දිගු වේදනාවක් පමණක්ම නොවේද...
ඔබ සිටියා නම්,
මේ මොහොත ලස්සන නොවේද..

එහෙත් දැන් එය බිඳ වැටුණු සිහිනයක් පමණි.

මම බොහෝ විට, වැසි අතරින් ඔබේ පියවරේ සුවඳක පසුකරන මග හරහා
මම ඔබව සොයා එමි.

හදවතේ ඇති දුකත්, ඇස්වල රැඳි තෙත් බවත් මේ මොහොතේ සෙමින් මාරු වෙයි.
සියල්ල කාලය විසින් වෙනස්කර ඇත.

මේ වැහි බිඳු අතර මම යලි යලිත් ඔබේ රුව සොයමි..
💚❤️💛💙

19/10/2025

ඔයා දන්නවද..අළුයම කියන්නේ හිරු එළිය නොවෙයි නව ආරම්භයක සුවද...

උදාවන විවේකී දිනයේ
හිතේ මැද සිරව සිටින බර උණුසුම්ව ගිලිහී යන විදිහ
බොහෝ වෙලාවට අපට පේන්නේ නෑ.
ඒත් ඒක ඇත්තටම සිද්ධවෙලා තියෙනවා.

අළුයමෙන් ලෝකයම බැබලෙනවා ම නෙවෙයි.
අළුයමෙන් අපිවම අපි සන්සුන් කරගන්නවා.

ඉතිං මේ අළුත් දිනය ඔයාට වාසනාව ගේන දිනයක්ම වේවි..

💛☘️❤️🌿💙🍂💚🍁
゚viralfbreelsfypシ゚viral

අපි හැමදාමත් ගෙවුන කාලය ගැන පසුතැවෙනවා.සියළු දෙනාම නැතත් බොහොමයක් එහෙමයි.සමහර විට අතීතය ගැන දුක් වෙලා නැවත බලාගෙන ඉඳින්...
18/10/2025

අපි හැමදාමත් ගෙවුන කාලය ගැන පසුතැවෙනවා.
සියළු දෙනාම නැතත් බොහොමයක් එහෙමයි.

සමහර විට අතීතය ගැන දුක් වෙලා නැවත බලාගෙන ඉඳින්නේ අපිට එය වෙනස් කරගන්න බැරි නිසා නොවෙයි..
එය අදත් අපිට බලපාන නිසා.

පසුතැවෙන්නෙ නරක අතීතයක් තිබුණ නිසා නොවෙයි...
අපි අද යම් දේකට හදවතෙන් පරිපූර්ණව සතුටින් නැති නිසා....

තව කෙනෙකුට, තව අවස්ථාවකට, තව තීරණයකට ඉඩ තිබ්බා කියන ඔබේ හදවතේ ඇතුළත නගන මැසිවිලි නිසා..
හැබැයි....

පසුතැවීම කියන්නේ අතීතයේ සන්ධියක් .. අතීතය එක්කම ජීවත් වෙලා අනාගතය සිහිනයක් කරගන්න කියන දේ නම් නෙවෙයි...
මේ මොහොතේ අවධානය නැවත සකස් කරගන්නට හදවතෙන් එන මෘදු තරවටුවක්.

💛💚💙❤️

දුහුල් මීදුම හිරුට පෙම් කරන දිනක උදෑසන පේරාදෙණි සරසවිය තුල නිහඬවූ මේ මාවතේ නිසොල්මනේ ඇවිද ගියෙමි.සැබැවින්ම සුන්දර නේක දස...
18/10/2025

දුහුල් මීදුම හිරුට පෙම් කරන දිනක උදෑසන පේරාදෙණි සරසවිය තුල නිහඬවූ මේ මාවතේ නිසොල්මනේ ඇවිද ගියෙමි.
සැබැවින්ම සුන්දර නේක දසුන් කොතෙක් වුව පාළුව තුල රැඳි සුන්දරත්වයට සමකල හැකි කිසිවක් නැත.පාරට නැමි මේ මල් කිනිති මට තිළිණ කරන්නාක් මෙනි.
සුන්දරත්වය සිත්සේ විඳින්නට නම් තනිවිය යුතුය.එවිට සොබාදම අපට බෙහෙවින්ම ලංවනු ඇත.හන්තාන කඳු සිරස මත වැදී මහවැලි නදියේ සිසිලසත් සමගින් අවුත් තුරුලතා මත හිඳ මේ සුළං ධාරාවෝ ගීයක් මුමුණනු වැන්න.මේ නිහඬ මාවත තුල මා මටත් නොදැනීම මගේ ආත්මය හා මුසුවුනෙමි.
💛☘️❤️🌿💚🍁💙🍂

18/10/2025

මට උඹත් එක්ක මගේ ගමට
පියාඹන්න ආසයි..
මං දන්න කියන ගහ කොල මල්
පෙන්නන්නට ආසයි..
💛☘️❤️🌱💙🌿🍂

17/10/2025

නිහඬබව තුල බොහෝ දේ
සැඟව ඇත.
ඔබ ඔබ සමග සංවාදයේ
යෙදෙන්න හොඳම මෙහොත එයයි..
සිත් සනසන දිනයක්ම වේවා..
❤️🌿💙🍁💚🍂💛☘


Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Behind The Heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share