Prime News

Prime News Your Trusted Source for Reliable and Timely News Coverage.

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුම...
12/08/2026

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (11) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කාලසීමාව තුළ නිම කරමින් ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් උරුම කර දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 04 වන අදියර යටතේ යෝජිත කුරුණෑගල - ගලේවෙල මාර්ගයේ සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම දක්වා කොටස සහ වරාය පිවිසුම් මාර්‌ගයේ ඉදිකිරීම්, මධ්‍යම අධිවේගී මාර්‌ගයේ 03 වන අදියර යටතේ ක්‍රියාත්මක පොතුහැර - ගලගෙදර දක්වා කොටස ඇතුළු අධිවේගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.


a

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පි...
12/08/2026

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලෝකයේ දියුණු රටවල් දැනටමත් කායික ශ්‍රමයෙන් මිදී මානසික ශ්‍රමය මත පදනම් වූ තාක්ෂණයන් භාවිතා කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි නවීන යන්ත්‍රසූත්‍ර මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් චීන රජය සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව ද අනාවරණය කළේය.

ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලබා දීම මෙන්ම පාරිභෝගිකයාට සහනදායී මිලකට සහල් ලබා දීම යන කරුණු දෙකම සමබරව පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බවයි.

"වී කිලෝවක මිල ඉහළ දැමීමට පමණක් ඉල්ලීම් කළත්, සහල් මිල ඉහළ ගියහොත් පාරිභෝගිකයාට සිදුවන අසාධාරණය පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා දෙපාර්ශවයටම සාධාරණය ඉටු වන ස්ථිරසාර විසඳුමක් කරා අප ගමන් කරනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය පාලන සමයන්හිදී ගොවීන්ගේ ගැටලුවලට නිසි අවධානයක් යොමු නොවූ බවත්, වත්මන් රජය ගොවීන්ගේ වේදනාව හඳුනාගෙන ඔවුන්ට සවන් දෙන පාලනයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම, පස සරු කිරීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක දැනුම ගමට ගෙන යාම සහ නවීන නිෂ්පාදන උපකරණ ලබා දීම මගින් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.


a

2021 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයේ ද්ත්වීක අධ්‍යාපනය හදාරන දැරියන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවකට තලෙයිබාන් සංවිධානය වි...
12/08/2026

2021 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයේ ද්ත්වීක අධ්‍යාපනය හදාරන දැරියන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවකට තලෙයිබාන් සංවිධානය විසින් අධ්‍යාපන අයිතිය අහිමි කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ලොව පුරා යම් යම් රාජ්‍යයන් අන්තර්ජාතික සබඳතා තාලිබාන් පාලනය සමග පුළුල් කරගැනීමට උත්සාහ කරමින් සිටියද, ගෝලීය වශයෙන් කාන්තාවන්ට සහ දැරියන්ට ද්විතීයික හා උසස් අධ්‍යාපනය ලබාගැනීම නිල වශයෙන් තහනම් කර ඇති ලොව එකම රට ඇෆ්ගනිස්ථානය බව යූනෙස්කෝ සංවිධානය පෙන්වා දෙයි.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය නැවත බලයට පැමිණ වසර පහක් සපිරීමට ආසන්නව පවතී.


a

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කිසිදු අයුරකින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ...
12/08/2026

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කිසිදු අයුරකින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ඉන්ධන දීමනාව පදනම් කරගනිමින් ඇතැම් පාර්ශවයන් විසින් මන්ත්‍රී වැටුප් වැඩි කර ඇති බවට අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහෙත් එවැනි කිසිදු වැටුප් වැඩිකිරීමක් රජය විසින් සිදු කර නොමැති බවත්, පවතින තත්ත්වය පිළිබඳව ජනතාව නොමඟ නොයන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"50,000න්, 60,000න්, 100,000න් හරි කීයකින් වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරලා නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයක් පවතිනවා. ඒ ඉන්ධන ලීටර් ප්‍රමාණයට සාපේක්ෂව ඒක දීමනාවක් හැටියට එකතු වෙනවා. මේක සාමාන්‍යයෙන් ඒ මොහොතේ පවතින තෙල් මිලත් එක්ක තමයි ගණනය කිරීම් කරන්නේ.

හැබැයි 2026 මාර්තු මාසේ ඉඳලා ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක මේ ප්‍රමාණය ගණනය කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රජයේ නිලධාරීන්ට සිදුවුණානම් ඒක විශාල වැඩිවීමක් වෙනවා. ඒ නිසා 2026 මාර්තු මාසේ 1 වැනිදා තිබුණු තෙල් මිල පදනම් කරගෙන තමයි ගණනය කිරීම් කළේ. මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි දක්වා ඒ කාලේ තෙල්මිලට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ඒ ගණන් හැදුවානම් මීට වඩා ඉහළ ප්‍රමාණයක් ඔවුන්ට හිමිවෙනවා. නමුත් අපි මාර්තු 1 වැනිදා පැවැති මිල අනුව ගණන් හැදුවා ඒ චක්‍රලේඛය අපි ජූලි මාසේ 1 වැනිදා අවසන් කළා.

ජූලි මාසේ 1 වැනිදා ඉඳලා ගණන් හැදෙන්නේ. 1 වැනිදාට වෙළෙඳපොලේ පවතින මිල අනුව. අඩු වුණොත් අඩු වෙනවා වැඩි වුණොත් වැඩි වෙනවා. ඒ අනුව තමයි තෙල් මිල වැඩි වුණ නිසා අර අමතරව එකතු වෙච්ච ගණනක් ගණන් හදලා පෙන්වලා තියෙන්නේ."


a

වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ මහා පරිමාණ සහල් ම...
12/08/2026

වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වී තොග මේ වන විටත් මිලදී ගෙන ඇති බවට මහා පරිමාණ මෝල් හිමියන් පවසන බවයි.

මේ හේතුවෙන් වෙළෙඳපොළ තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රජය පිළිගන්නා බව ද ඔහු පැවසීය.

මෙහිදී පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නන් වෙත අනතුරු ඇඟවීමක් කළ අමාත්‍යවරයා, රජය සමඟ එකඟ වූ පරිදි නියමිත ප්‍රමිතියෙන් යුත් වී සඳහා නියමිත මිල ගොවීන්ට ලබා දිය යුතු බව අවධාරණය කළේය.

ගොවීන්ගෙන් අඩු මිලට වී මිලදී ගැනීමට උත්සාහ කරන පිරිස් වෙත ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගැනීමට රජය පසුබට නොවන බව ද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


a

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්...
12/08/2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ පිළිබඳව සඳහන් කළේය.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් විසින් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ තීරණය පිළිබඳව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.

"ලබන සතියේ අපි උසාවි යනවා. අපි කිසිඳු සැකයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගන්වනවා මේ කරන්න හදන වැඩෙන් ගොඩ ගැහිලා තියෙන නඩු නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිඳු විසඳුමක් මේ තුළින් ලැබෙන්නේ නැහැ කියලා. සියයට 1යි නඩු තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ."

"අපි මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවුණා. ශ්‍රී ලංකා අධිකරණය සහ මහා බ්‍රිතාන්‍ය, පොදුරාජ්‍ය මණ්ඩලය අතර ඉතාමත් දීර්ඝ සහ ගැඹුරු සම්බන්ධතාවයක් තිබුණා. අපි එතුමාට කිව්වා අපේ රටේ අද වෙන දේ අදහාගන්න බැහැ කියලා."

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපති අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ජී.එල්. පීරිස් සඳහන් කළේ, "නීතිඥ සංගමය ජනාධිපති හමුවෙලා වැඩක් නෑ..සේරම කරාට පස්සේ හමුවක් දීලා තියෙන්නේ." යනුවෙනි.


a

අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඇතිවීමේ බලාපොරොත්තු සුන්වීම සහ මැදපෙරදිග නැව්වලට ප්‍රහාර එල්ල වීම නිසා ලෝක වෙළඳපොළේ ...
12/08/2026

අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඇතිවීමේ බලාපොරොත්තු සුන්වීම සහ මැදපෙරදිග නැව්වලට ප්‍රහාර එල්ල වීම නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.63 දක්වාත්, ඇමෙරිකානු WTI බොරතෙල් මිල ඩොලර් 83.91 දක්වාත් ඉහළ ගියේය.

අමෙරිකාව තමන්ගේ කොන්දේසි පිළිගන්නා තෙක් හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා තබන බව ඉරානය පවසයි.

යුද්ධයට පෙර දිනකට නැව් 125-140 අතර ප්‍රමාණයක් ගමන් කළ මෙම මාර්ගයේ දැන් ගමන් කරන්නේ නැව් 6ක් වැනි ඉතා අඩු සංඛ්‍යාවකි.

අමෙරිකානු පෙට්‍රෝලියම් ආයතනයේ (API) දත්තවලට අනුව අමෙරිකාවේ බොරතෙල් තොග බැරල් මිලියන 9.1කින් ඉහළ ගොස් ඇත.

මැදපෙරදිග තෙල් සැපයුමට එල්ල වී ඇති මෙම බාධාවන් 2027 වසර අග දක්වාම පැවතිය හැකි බවට අම‍ෙරිකානු බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) අනතුරු අඟවයි.


a

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් මේ ව...
12/08/2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම සංගමයට ලබාදුන් සාකච්ඡාව සඳහාය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය , විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක , සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින් ද එල්ල වූ විරෝධය මධ්‍යයේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරනු ලැබීය.

ඒ අනුව, ඊට අදාළ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කෙරුණි.

එවන් පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබදව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකෙරුණි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමග පැවති හමුවක දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදුකළේය.

ඒ අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදී තිබේ.


a

ඉතිහාසයේ වැඩිම ජනවරමක් ලබා දෙමින් ජනතාව වත්මන් රජය පත් කළේ රට සංවර්ධනය කර ආර්ථිකය ගොඩනැගීමට බවත්, ඉදිරි වසර 20ක කාලය තුළ...
12/08/2026

ඉතිහාසයේ වැඩිම ජනවරමක් ලබා දෙමින් ජනතාව වත්මන් රජය පත් කළේ රට සංවර්ධනය කර ආර්ථිකය ගොඩනැගීමට බවත්, ඉදිරි වසර 20ක කාලය තුළ මෙම පාලනය අඛණ්ඩව පවතිනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ ආසන 159ක අතිවිශාල බහුතරයක් ජනතාව ලබා දුන්නේ දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීමට බවයි.

ඒ අනුව අපරාධකරුවන්ට, දූෂිතයන්ට සහ වංචාකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, අධිකරණ පද්ධතිය මේ වන විට ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජයේ මෙම වැඩපිළිවෙළ හමුවේ විපක්ෂය දැඩි භීතියට පත්ව සිටින බවත්, එම බිය නිසාම ආණ්ඩුව පෙරළීමට ඔවුන් උත්සාහ කළ ද ඉදිරි වසර 20ක කාලය තුළ මෙම ආණ්ඩුව හැර වෙනත් පාලනයකට ඉඩක් නොමැති බවත් රණසිංහ මහතා අවධාරණය කළේය.

මෙරට පැවති දූෂිත සහ බංකොලොත් දේශපාලන සංස්කෘතිය සදහටම නිමාවට පත්ව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


a

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ...
12/08/2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.


a

Address

Gangodawila

Website

Alerts

Be the first to know and let us send you an email when Prime News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share