පන්හිඳ - Panhinda

පන්හිඳ - Panhinda දැනෙන දේ
හැඟෙන දේ...

දුනිත් වෙල්ලාලගේ පියාගේ අවසන් කටයුතු වෙනුවෙන් නැවතත් දිවයිනට..💔
19/09/2025

දුනිත් වෙල්ලාලගේ පියාගේ අවසන් කටයුතු වෙනුවෙන් නැවතත් දිවයිනට..💔

18/09/2025
නේපාලයේ හිල්ටන් හෝටලය ගිනි ගන්නවා. අපි හැමෝම ජාත්‍යන්තර මාධ්‍ය වලින් දැක්ක දෙයක්.මොලේ වැඩි කමට නොතේරෙන නිසා ඔය කරපු එක ද...
14/09/2025

නේපාලයේ හිල්ටන් හෝටලය ගිනි ගන්නවා.
අපි හැමෝම ජාත්‍යන්තර මාධ්‍ය වලින් දැක්ක දෙයක්.

මොලේ වැඩි කමට නොතේරෙන නිසා ඔය කරපු එක දේ නේපාලයේ ආර්ථිකයට මොන තරම් බලපෑමක් කරාවිද කියලා ඔය දරුවො හීනෙන්වත් හිතන්න නැතුව ඇති.

ඔය හොටලයේ අද දළ වටින කම ඇමරිකන් ඩොලර් මිලියන 90ක්. රුපියල් නම් මිලියන 27,000. කෝටි 2700ක්.

ඔය හෝටලය තමයි එහේ තියෙන උසම හෝටලය, නේපලයේ අයිකන් එක විදියට සැලකෙන තැන. ඒ වගේම සියලුම ස්වාභාවික විපත් වලට ඔරොත්තු දෙන්න පුලුවන් විදියට හදපු එකක්.

නේපාලයේ සාමාන්‍ය ලක්ශ 15ක වගේ සංචාරකයින් එන රටක්. කොව්ඩ් වලට පස්සේ ඒක යතා තත්වයට ඒවි කියලා බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ.

හැබැයි මේ වෙද්දීම ඒ රටට දාලා තිබ්බ බුකිං වලින් 90%කට ආසන්න ගානක් කැන්සල් වෙලා තියෙනවා. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය ෆ්ලැට් නේ.

ඔය හෝටල් වල ඉහල කලමණාකාරිත්වයේ ඉදලා අතුගාන කෙනා වෙනකම් මේ වෙද්දී රස්සා නෑ. මේ වෙද්දී නෙවෙයි තව සෑහෙන්න කාලෙකට රස්සා නෑ.

ඒ වගේම ඔය ගිනි ගන්න හොටල් හිමියන් ආපහු නේපාලයේ ආයෝජනය කරන සම්භාවිතාවය බොහොම අඩුයි. ඉන්ශුරන්ස් ලැබුනත් ඒ මුදල වෙන රටකට දානවා මිසක ආපහු නේපාලයේ දාන්නේ නෑ.

ඒ වගේම තව කාලෙකට ආයෝජකයින් එන්නේ නෑ. මොකද ආයෝජකයින්ට ගණුදෙනු කරන්න ආණ්ඩුවක් නෑ. පත්වෙන නීත්‍යානුකූල නොවන ආණ්ඩුව කොයිවෙලේ මිනිස්සු එලවාවිද දන්නේ නෑ.

ඔන්න ඔය අස්ථාවරත්වය එක්ක නේපාලයේ හැම ඉන්ශුරන්ස් කම්පැනි එකකටම ප්‍රිමියම් වැඩි කරන්න වෙනවා. මොකද නැතුව ප්‍රතිරක්ෂන ගන්න බෑ.

ඒ වගේම ආණ්ඩුවට ලැබෙන සෑහෙන්න බදු ආදායමක් නැති වෙනවා වගේම ජනතා බදු මුදලින් වන්දි ගෙවන්න වෙනවා.

මොකද ඔය ගිනි තැබීම් වෙන්නේ රාජ්‍යය ඒවා ආරක්ෂා කරන්න අසමත් උන නිසා, මිනිස්සු ආයෝජන කරන්නේ ගෙවල් ඉඩම් වාහන ගන්නේ රාජ්‍යය විස්වාස කරලා.

රාජ්‍යය ඒ විස්වාසය ආරක්ෂා කරන්න අපොහොසත් නම් රාජ්‍යය විසින් ඒකට වන්දි ගෙවන්න ඕන....

අපි ඒ මගේ ආසන්නයට ගියත් මොකක්දෝ වාසනාවකට අවසාන මොහොතේදී නැවතුනා..

(ඉන්දික ජයලත් මුහුණ පොතෙන් උපුටා ගත් අතර එහි මුල් අයිතිකරුට සටහන පිළිබඳ ස්තුතියි...)

මහින්ද රාජපක්ෂට කොළඹ,ලක්ෂ 4000 ක,සුපිරි නිවසක්.තමන්ට නැවතීම සඳහා කොළඹ ප්‍රදේශයෙන් නිවසක් නැති බවට,හිටපු ජනාධිපති මහින්ද ...
12/09/2025

මහින්ද රාජපක්ෂට කොළඹ,
ලක්ෂ 4000 ක,සුපිරි නිවසක්.

තමන්ට නැවතීම සඳහා කොළඹ ප්‍රදේශයෙන් නිවසක් නැති බවට,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුන පුනා ප්‍රකාශ කළ ද,එය අමූලික පට්ට පල් බොරුවක් බව,මේ වනවිට සාක්ෂි හා සාධක ඇතිව පැහැදිලි වන කරුණකි.

එනම්,මහින්ද රාජපක්ෂට සහ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට,ඉතාමත් සුව පහසුවෙන් ජීවත්වීම සඳහා,රුපියල් ලක්ෂ 4000 ක් පමණ වටිනා සුපිරි නිවසක්,ඔවුන්ට කොළඹින් තිබෙන බවට කරුණු අනාවරණය වෙයි.

එම නිවස ඔවුහු ලබාගෙන ඇත්තේ,කොළඹ මියුසියස් විදුහල අසල පදිංචි වී සිටින ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකු වන,C.M.C. ආයතනයේ ප්‍රධානී,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර ගෙනි.

එය ඔවුන්ට ලබා ගැනීම සඳහා අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇත්තේ,එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

ඊට මූලික හේතුව වී ඇත්තේ,මෙම සුපිරි නිවසේ හිමිකරු වන ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර රනිල් වික්‍රමසිංහගේ හොඳම මිත්‍රයකු බැවිනි.

2001.12.05.පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන්,එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පරාජයට පත්වි,එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්,රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවිය.ජනාධිපති ධූරය තවදුරටත් චන්ද්‍රිකා බණ්ඩාරනායක දැරූ අතර,පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් වූයේ,මහින්ද රාජපක්ෂය.

එම අවස්ථාවේ තමන්ට,විපක්ෂ නායකවරයා වශයෙන්,නවාතැන් ගැනීම සඳහා කොළඹින් නිවසක් ලබා දෙන ලෙස,මහින්ද රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ,තමන්ගේ හිතවතා වන කෝටිපති ව්‍යාපාරික ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාරට,කතාකර,මහින්ද රාජපක්ෂට රජයෙන් නිල නිවසක් ලබා දෙනතුරු, තාවකාලික පදනම මත,ඔහු සතු නිවසක් ලබා දෙන ලෙස,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වා ඇති,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර තමන්ට අයත්,කොළඹ 5, ටොරින්ටන් මාවතේ,අංක 260/12,දරන ස්ථානයේ පිහිටි නිවස,මහින්ද රාජපක්ෂට තාවකාලික පදිංචියට ලබා දී ඇත.

කරුණු ඒක ආකාරයෙන් සිදු වුවද,වසර 2 ක් වැනි කෙටි කාලයක් ගත වූ තැන,රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව,2004 දී, බිඳවැටිණි.

ඉන්පසු,ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නායකත්වයෙන් යුතුව, ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව සන්ධාන ආණ්ඩුවක් 2004.04.02.බිහිවිය.

ඉන් අනතුරුව,2005.12.16.පැවති ජනාධිපතිවරණයෙන්,මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්විය.

ඒ අතරතුරු තාවකාලික පදනම මත ලබා ගත් තමන්ගේ නිවස ආපසු ලබාදෙන ලෙස, කෝටිපති ව්‍යාපාරික ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාර,මහින්ද රාජපක්ෂට නිරතුරුව දැනුම්දී ඇත.

එහෙත් මහින්ද රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කර තිබේ.ඊට හේතු වශයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ,තමන් විපක්ෂ නායක, අගමැති සහ ජනාධිපති ධූරය දක්වා පැමිණියේ,මෙම නිවසේ සිට බැවින්,එය ඉතාමත් වාසනාවන්ත නිවසක් නිසා දීමට නොහැකි බවය.

එපමණක් නොව,මහින්ද රාජපක්ෂ සිය ජනාධිපති ධූරයේ බලතල අයුතු ලෙස භාවිතා කරමින්,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාරට, බලපෑම් එල්ල කරමින්,මෙම නිවස, බලහත්කාරයෙන්,2013.04.05.වැනිදා ඔප්පුවකින් ලියාගෙන ඇත.

එම ඔප්පුව ලියාගෙන ඇත්තේ තම බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ නමටය.ඇයගේ ප්‍රසිද්ධ නාමය එය වුවත්,අප්‍රසිද්ධ නම මේරි ලූඩ්ස් වික්‍රමසිංහය.රුපියල් ලක්ෂ 4000 ක් පමණ වන මෙම නිවස ලියාගෙන තිබෙන්නේ එම නමිනි.

මෙම නිවස,සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350 ක් ,වැය කර මිලදී ගෙන ඇති බවට,ඉඩමට අදාල ලේඛනවල සඳහන්ව ඇතත්,සත පනහක මුදලක් නිවස හිමි,ප්‍රභාත් රවින්ද්‍ර නානායක්කාරයට ලබාදී නැත.

මෙය තනිකරම,මහින්ද රාජපක්ෂ දේශපාලන බලය යොදා බලහත්කාරයෙන් ලියා ගත් දේපළකි.තංගල්ලේ පිහිටි කාල්ටන් මන්දිරයද මේ ආකාරයටම බලහත්කාරයෙන් ලබාගත් එකක් බවට ප්‍රකට කරුණකි.

තමන්ට නවාතැන් ගැනීම සඳහා කොළඹ සුපිරි නිවසක් තිබියදී,කිසිදු නිවසක් හෝ දේපලක්, කොළඹ නැති බවට,මහින්ද රාජපක්ෂ සහ ඔහු වටා පෙළ ගැසී සිටින ගෝල බාලයින් කරන ලද ,ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ කරුණු වලින් සනාථ වන දෙයකි.

එපමණක් නොව,මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ, C.S.N . නෙට්වර්ක් යනුවෙන් මාධ්‍ය ජාලයක්,කාල්ටන් ස්පෝර්ස් නෙට්වර්කස් ප්‍රයිවට් ලිමිටඩ් හරහා ආරම්භ කළ අතර, එය ලියාපදිංචි කර ඇත්තේ ද මෙම නිවසේ ලිපිනය යොදා ගෙන 2011.05.04.වැනිදාය.

මෙම ආයතන වලට සම්බන්ධව ප්‍රධානීන් ලෙස කටයුතු කළ,මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ‍ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි,සචින් වාස් ගුණවර්ධන හා අර්ජුන රණතුංගගේ සහෝදරයා වන නිශාන්ත රණතුංග,කාල්ටන් ස්පෝර්ස් ආයතනයට,ඔරික්ස් ලීසින් පිනෑන්ස් සමාගමේන් රුපියල් කෝටි 5ක,ණය මුදලක් ලබාගෙන, ඇත්තේද,මෙම නිවසේ ලිපිනය යොදාගෙනය.

සමස්තයක් වශයෙන් ගත් කළ ,මේ සියලු කරුණු කාරණා අධ්‍යනය කිරීමේදී,පෙනී යන්නේ,මහින්ද රාජපක්ෂට,ශිරන්ති රාජපක්ෂට,හා පවුලේ අයට,කොළඹ නැවතීම සඳහා සුපිරි නිවසක් තිබෙන බවය.

එවැනි පසුබිමක් තුළ,තමන්ට කොළඹින් නිවසක් නැතැයි කියමින්,මහජනතාවත්,රටත්, මුලා කරමින්,මහින්ද රාජපක්ෂ කටයුතු කිරීම මොනතරම් අසෝභන තත්ත්වයක්ද යන්න මේ කරුණු තුළින් මනාව පැහැදිලි වනු ඇත.

මහින්ද රාජපක්ෂලාට තවදුරටත් ආවඩමින් ඔවුන් පසුපස යන මහජනතාව මේවා කවදා තේරුම් ගනීද යන්න බරපතල ප්‍රශ්නයකි.

සටහන :- ශ්‍රී ලාල් ප්‍රියන්ත.

නේපාලය ගිනි තැබු කවුද මේ රැප් ගායකයා...නේපාල දේශපාලන මඩගොහොරුවේ සුපිපි සුදු නෙළුම කියලා නේපාල වැසියෝ මේ වෙලාවේ විශ්වාස ක...
11/09/2025

නේපාලය ගිනි තැබු කවුද මේ රැප් ගායකයා...

නේපාල දේශපාලන මඩගොහොරුවේ සුපිපි සුදු නෙළුම කියලා නේපාල වැසියෝ මේ වෙලාවේ විශ්වාස කරන්නේ බාලෙන් ෂා (B***n Shah).

1990 වසරේ උපන් 35 හැවිරිදි බාලෙන් ෂා කත්මණ්ඩු නුවර නගරාධිපති.

ඔහු කලින් ඉංජිනේරුවරයෙක්-සංගීතඥයෙක්- රැපර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා.

2022දී සිදු වූ බාලෙන් ෂා ගේ දේශපාලන නැගීම නේපාල දේශපාලනය උඩු යටිකුරු කල සිදුවීමක්.

පරණ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කිරීම වෙනුවට බාලෙන් ෂා ස්වාධීනව තරඟ වැදීම තෝරගන්නවා.

බාලෙන් ෂා ගේ දූෂණයට විරුද්ධ ප්‍රතිපත්ති නේපාල තරුණ ප්‍රජාව අතරේ ජනප්‍රියත්වයට පත්වෙනවා.

බාලෙන් ෂා තමන්ගේ ඡන්ද ව්‍යාපාරය සමාජ මාධ්‍ය හරහා ලස්සනට කරනවා.

බාලෙන් ෂා මේ තරුණ නැගිටීමටත් සහය පලකලා.

බොහෝවිට බාලෙන් ෂා නේපාලයේ මීළඟ අගමැතිවරයා විය හැකියි.

ගාණ කියවගන්න අමාරු අයට මේ ගණන්,70,000ක මාසික වැටුපක් ගන්න අහිංසක මනුස්සයෙක් එක්ක සැසදුවොත්මහින්ද රාජපක්ශ ලක්ශ 546යි.සාමා...
10/09/2025

ගාණ කියවගන්න අමාරු අයට මේ ගණන්,
70,000ක මාසික වැටුපක් ගන්න අහිංසක මනුස්සයෙක් එක්ක සැසදුවොත්

මහින්ද රාජපක්ශ ලක්ශ 546යි.
සාමාන්‍ය මිනිසෙකුගේ අවුරුදු 65ක වැටුප.

මෛත්‍රීපාල සිරිසේන ලක්ශ 157යි
සාමාන්‍ය මිනිසෙකුගේ අවුරුදු 18ක වැටුප.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ලක්ශ 116යි.
සාමාන්‍ය මිනිසෙකුගේ අවුරුදු 14ක වැටුප.

ගෝඨාභය රාජපක්ශ ලක්ශ 102යි
සාමාන්‍ය මිනිසෙකුගේ අවුරුදු 12ක වැටුප.

රනිල් වික්‍රමසිංහ ලක්ශ 34යි.
සාමාන්‍ය මිනිසෙකුගේ අවුරුදු 4ක වැටුප.

පාතාලයට-කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගහලා-මධුෂ්ගේ දේපළවලට වුණු දෙයක් නෑ / අදට...
09/09/2025

පාතාලයට-කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගහලා
-මධුෂ්ගේ දේපළවලට වුණු දෙයක් නෑ / අදටත් ඝාතකයන් අත්අඩංගුවට අරන් නෑ

මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී අබි­ර­හස් ලෙස වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව ඔහු ඝාත­නය වීමත් සමඟ ඒ කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් සිදුව නැත. පැවැති ආණ්ඩු­වල සිටි මැති – ඇමැ­ති­වරු, පළාත් සභා මන්ත්‍රී­වරු මෙන්ම ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­වරු ගැන බොහෝ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් හෙළි­කර තිබිණි. ඒ බව පොලී­සිය නිල වශ­යෙන් ද විටින් විට පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක හරහා ද මාධ්‍යට ලබා­දු­න්නේය. මාක­ඳුරේ මධූෂ්ට ඩුබා­යිහි හෝටල් මෙන්ම මෙරට ද විශාල වශ­යෙන් දේපොල ඇති බව ද පොලී­සිය එකල නිල වශ­යෙන් මාධ්‍ය හමුවේ සඳ­හන් කළේය. එම දේපොළ අත්පත් කර­ගැ­නී­මක් හෝ සොයා ගැනී­මක් ගැන පොලී­සිය පසුව හෙළි නොක­ළේය. මධූෂ්ගේ ඝාත­න­යත් සමඟ එම දේපො­ළ­ව­ලට වූ දෙයක් සොයා ගන්න­ට­වත් නැත.

මත්කුඩු ජාවා­ර­මට මහා පරි­මා­ණ­යෙන් සම්බ­න්ධව සිටි බස්නා­හිර පළාතේ දේශ­පා­ල­න­ඥ­යෙක් ගැන පවා මාක­ඳුරේ මධුෂ් දීර්ඝ හෙළි­ද­ර­ව්වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට කර තිබිණි. එම දේශ­පා­ල­න­ඥයා නගර සභා­වෙන් පළාත් සභා­ව­ටත් එතැ­නින් පාර්ලි­මේ­න්තු­ව­ටත් පැමිණ පසුව රාජ්‍ය ඇමැති ධුර­යක් ද දැරූ­වෙකි. මෙම දේශ­පා­ල­න­ඥයා ඇතුළු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­ක­රනු ලැබූ දේශ­පා­ල­න­ඥ­යන් රැසක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටි­යත් එකල පැවැති යහ­පා­ලන ආණ්ඩුව පෙර­ළී­මත් සමඟ එම විම­ර්ශන ඇන­හි­ටිණි. ඊට ප්‍රධාන වශ­යෙන් මුල් වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නීන් ස්ථාන මාරු ලැබී­මය.

එකල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා ලෙස රාජ­කා­රියේ නිර­තව සිටියේ මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ වත්මන් ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහ­තාය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස එකල සේවයේ නිර­තව සිටියේ අද­ටත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ශානි අබේ­සේ­කර මහ­තාය.

මැති­ව­ර­ණ­ව­ලට ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ට මුදල් විය­දම් කළ ආකා­ර­යත්, ගොඩ­නැ­ඟිලි ලබා­දුන් ආකා­ර­යත්, ව්‍යාපාර ආරම්භ කිරී­මට සහ­යෝ­ගය දුන් අයු­රුත්, මත්කුඩු ජාලයේ කළු සල්ලි දේශ­පා­ල­න­ඥ­යන් මඟින් සුදු කළ අයු­රුත් මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබිණි.

මාක­ඳුරේ මධූෂ් ඩුබායි සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙ­ය­ව­න්නට වූයේ පාතා­ලයේ ගෝඩ්ෆා­දර් බවට පත්වෙ­මිනි. එහි දී ඔහුට දේශ­පා­ල­න­ඥ­යන් විශාල පිරි­ස­කගේ සහය පවා ඊට ලැබී තිබිණි. ඔහු විසින් මුදල් ආයෝ­ජ­නය කළ වාහන කුලී ආය­ත­න­යක් එකල විවෘත කෙරන්නේ ද අග­මැ­ති­ව­ර­යෙක්ගේ ප්‍රධා­න­ත්ව­යෙනි. ඒ පිටු­පස සිටියේ මාක­ඳුරේ මධූෂ්ගේ කළු සල්ලි­ව­ලින් යැපුණු දේශ­පා­ල­න­ඥ­යෙක් බව බුද්ධි අංශ හෙළි­කර තිබිණි. මේ දේවල් සිදු­වන්නේ මධුෂ් ඩුබා­යි­හිදී අත්අ­ඩං­ගු­වට ගන්නට පෙරය.

මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් අතර ඇතිවූ ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස මාක­ඳුරේ මධූෂ් ඩුබා­යි­හිදී අත්අ­ඩං­ගු­වට පත්වන්නේ 2019 වසරේ පෙබ­ර­වාරි 05 වැනි­දාය. ඒ, සිය දිය­ණි­යගේ උපන් දින සාදය පැවැති හෝට­ලය තුළ­දීය. ඩුබායි පොලී­සිය විසින් ඔහු සමඟ එදා ශ්‍රී ලංකි­ක­යන් 31 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගත්තේය. ඒ අතර කුප්‍ර­කට පාතාල අප­රා­ධ­ක­රු­වන් වූ කංජි­පානි ඉම්රාන්, රොටුඹ අමිල ඇතුළු පිරි­සක්ද ගායක පිය­පුතු දෙප­ලක්ද, රංගන ශිල්පි­යෙක්ද, බන්ධ­නා­ගාර නිල­ධා­රි­යෙක් ද ඇතුළු සමා­ජයේ විවිධ තරා­ති­ර­ම්වල අය විය. බොහෝ දෙනෙක් මෙරට සිට එම සාදය සඳ­හාම ඩුබායි ගිය අය බව හෙළි­විය.

මාක­ඳුරේ මධූෂ් ඇතුළු මෙම පිරිස මෙර­ටට පිටු­ව­හල් කිරී­මට හෝ භාර නොදී­මට ඩුබායි බල­ධා­රීන් මුලින් තීර­ණ­ය­කර තිබුණ ද පසුව එම අද­හස වෙනස් වන්නේ එව­කට ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් මේ සම්බ­න්ධ­යෙන් එක්සත් එමීර් රාජ්‍යයේ ප්‍රධා­නියා සමඟ පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රු­වය. එම සාක­ච්ඡාවේ දිගු­වක් ලෙස එව­කට විදේශ ඇමැ­ති­ව­ර­යාව සිටි තිලක් මාර­පන මහතා ඇතුළු නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් අබු­ඩාබි වෙත ගොස් එක්සත් එමීර් රාජ්‍යයේ බල­ධා­රීන්ද හමුවී තිබිණි. ඒ අනුව අත්අ­ඩං­ගුවේ සිටි ශ්‍රී ලාංකේය සැක­ක­රු­වන් එකි­නෙකා මෙර­ටට පිටු­ව­හල් කර­න්නට ඩුබායි බල­ධා­රීන් පිය­වර ගත්තේය. මාක­ඳුරේ මධූෂ්ව පිටු­ව­හල් කරන අව­ස්ථාවේ දී ඔහුව ඩුබායි වෙතම ගොස් රැගෙන ඒමට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කට­යුතු කළේය.

මාක­ඳුරේ මධූෂ් එසේ මෙර­ටට රැගෙන එන්නේ 2019 වසරේ මැයි 05 වැනි­දාය. ඒ රැගෙන පැමිණි ඔහුව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වීය. දේශ­පා­ල­න­ඥ­යන් ගැන මෙන්ම ඔහුට ඇති වත්කම් ගැන පවා තොර­තුරු හෙළි­වන්නේ එහි­දීය. දේශ­පා­ල­න­ඥ­යන්ට අම­ත­රව මධූෂ් පොලී­සියේ නිල­ධා­රීන් ද බන්ධ­නා­ගාර නිල­ධා­රීන් ද ඇතු­ළුව රජයේ නිල­ධා­රීන් රැසක් ද සමී­පව ඇසු­රු­කර ඇත. මේ හැම දෙයක්ම එදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් හෙළි­ක­ර­ගෙන තිබීණි.

මැති­ව­ර­ණ­යෙන් යහ­පා­ලන ආණ්ඩුව පෙර­ළී­මත් සමඟ මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කළ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්, ව්‍යාපා­රි­ක­යන්, රාජ්‍ය නිල­ධා­රීන් සහ දේපොළ සම්බ­න්ධ­යෙන් කෙරුණු විම­ර්ශ­න­ව­ලට වූ දෙයක් සොයා ගන්නට නැත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු භාරයේ සිටි මධූෂ්ව හිටි හැටි­යේම කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට 2020 වසරේ ඔක්තෝ­බර් 16 වැනිදා හෝ ආසන්න දින­යක දී භාර­දු­න්නේය. ඒ, ඉහළ නියෝ­ග­ය­කින් බව සඳ­හන් කර­මිනි.

කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යට ගෙන පැය 24ක් යන්නට මත්තේන් මධූෂ්ගේ තොර­තුරු මත යැයි සඳ­හන් කර­මින් කොටි­කා­ව­ත්තෙන් හෙරො­යින් කිලෝ 10ක් හෝ ඒ ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ගත්තේය. මෙසේ මත්කුඩු තොග­යක් මධුෂ්ගේ තොර­තුරු මත සොයා ගත්තේ යැයි පව­සන්නේ මාස 18ක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා සිටි­යත් හෙළි­නොවූ දෙයකි. අන­තු­රුව 19 වෙනිදා රාත්‍රී කාල­යේදී කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් මාක­ඳුරේ මධුෂ්ව මාලි­ගා­වත්තේ මහල් නිවාස සංකී­ර්ණ­යක් වෙත රැගෙන යන්නට සූදා­නම් වන්නේ එම නිවාස සංකී­ර්ණයේ 10 වැනි මහලේ සඟවා ඇතැයි මධූෂ් විසින් හෙළි­කළා යැයි කියනු ලබන තවත් මත්කුඩු කිලෝ 22ක් සොයා ගන්න­ටය. එම නිවාස සංකී­ර්ණය පැල්පත් හා මුඩුක්කු ඉව­ත්කර කොළඹ ඛෙත්තා­රාම නිවාස සංකී­ර්ණය ආස­න්නයේ නාග­රික සංව­ර්ධන අධි­කා­රිය විසින් ඉදි­කළ ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණ­යකි. මාක­ඳුරේ මධූෂ් ඩුබායි බලා යන විට මෙම නිවාස සංකී­ර්ණය ඇති භූමියේ තිබෙන්නේ පැල්පත් හා මුඩු­ක්කුය. මෙම නිවාස සංකී­ර්ණය ජන­තාව වෙනු­වෙන් විවෘත කරනු ලබ­න්නේද යහ­පා­ලන ආණ්ඩුව සම­යේ­දීය. මාක­ඳුරේ මධූෂ් මෙම නිවාස සංකී­ර්ණ­යට සිය ජීවි­තයේ කිසිදු අව­ස්ථා­වක පැමිණ තිබුණේ නැත. මත්කුඩු තොග­යක් 10 වැනි මහලේ නි‍ෙව­සක ඇති බව මධූ­ෂ්ගෙන් හෙළිවූ බව කියන්නේ මෙවන් තත්ත්ව­යක් හමු­වේය. පොලී­සිය පැත්තෙන් එදා පැව­සුවේ එම මත්කුඩු ඇති නි‍ෙවස මධූෂ්ගේ තොර­තුරු මත සොයා ගැනී­මට යමින් සිටි­යදී නිවාස සංකී­ර්ණය තුළ දී පොලිස් නිල­ධා­රීන්ගේ අත්අ­ඩං­ගුවේ මාංචු පිටින් සිටි මධූෂ්ට නාඳු­නන පුද්ග­ල­යෙක් ළඟ­ටම පැමිණ ඔළු­ව­ටම වෙඩි තබා පලා­ගිය බවය.

මාක­ඳුරේ මධූෂ්ව එදා මහ රෑ මෙම තට්ටු නිවාස සංකී­ර්ණ­යට රැගෙන එන බව දැන සිටියේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් දෙතුන් දෙනෙක් සහ පොලිස් ප්‍රධා­නීන් කිහි­ප­දෙ­නෙක් පමණි. එසේ තිබිය දී මධුෂ් ගොඩ­නැ­ඟි­ල්ලට රැගෙන යන අව­ස්ථාවේ දී අවි­ගත් පොලිස් නිල­ධා­රින් ඉදි­රි­පිට මාක­ඳුරේ මධුෂ්ට වෙඩි තැබී­මට හැකි­යා­වක් තිබේ­දැයි අද­ටත් ඇත්තේ සැක­යකි. ඒ අද­ටත් එම වෙඩි­ක්ක­රුව අල්ලා ගැනී­මට පොලි­සිය සමත්ව නොමැති බැවිනි.

මධූෂ්ගේ මෙම අබි­ර­හස් මර­ණ­යත් සමඟ මධුෂ්ගේ මත්කුඩු ජාලයේ සිටි දේශ­පා­ල­න­ඥ­යන් ඇතුළු පිරිස් සිටින්නේ නිද­හසේ හුස්ම ගනි­මිනි. කළු සල්ලි­ව­ලින් මධූෂ් අත්ප­ත්ක­ර­ගත් කෝටි ප්‍රකෝටි ගණ­නක් වූ දේපොළ ආගිය අතක් නොමැත. මේ දේවල් ගැන දැන් නැව­තත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මුල සිටම විම­ර්ශන ආරම්භ කිරී­මට හැකිය. ඒ, පොලී­සිය භාර අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස සිටි­න්නේත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරව සිටි­න්නේත් එකළ මාක­දුරේ මධූෂ් ගැන විම­ර්ශන පවත්වා ඒ ගැන හොඳ­ටෝම දන්නා නිල­ධා­රීන් දෙදෙ­නක් වන බැවිනි.

ගයාන් කුමාර වීර­සිංහ

රජයේ මුදල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ පසුගියදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසු රන...
04/09/2025

රජයේ මුදල් ලක්ෂ 166 ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ පසුගියදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසු රනිල් හිතවාදීන් කිව්ව

" රනිල්ට හොරකම් කරන්න ඕනි නෑ.

" රනිල් තමන්ගෙ නිවසත් රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කර තිබෙන්නෙ.

" රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කවදාවත් වැටුප් ගත්තෙ නෑ..

" රනිල් ජනාධිපති වැටුප ගත්තෙ නෑ.

" රනිල් ජනාධිපති පෙන්ෂන් එක ගන්නෙ නෑ..

" පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප ගත්තෙ නෑ.

" රනිල් , පෞද්ගලික මුදලින් ළමා නිවාස 20 ක් නඩත්තු කරනවා.

" වජිර කිව්වා වැලිකඩ බන්ධනාගාර මූලස්ථානය පිහිටි ඉඩම පරිත්‍යාග කරල තියෙන්නෙ රනිල්ගෙ මිත්තණිය කියල.

" මේතරම් මුදලක් රටට ඉතුරු කරපු මනුස්සයෙකුට හොරකම් කරන්න ඕනිද?

ඔන්න ඕවාගෙ කරුණු ඇතුලත් පෝස්ට් , වීඩියෝ , ප්‍රවෘත්ති , මාධ්‍ය සාකච්ඡා ඕන තරම් අපි දැක්කා. රනිල් හිතවාදීන් ඒවා ඉහ මුදුනින් පිළි අරගෙන ශෙයාර් කරලා අනිත් අයගෙන් ගේම ඉල්ලුවා..

ඔය හැම කතාවක්ම කිව්වෙ ඉතින් අර ලක්ෂ 166 මුදල අවභාවිතාව සාධාරණීකරණයට කියල බුද්ධියක් තියන ඕන කෙනෙකුට තේරෙනවා..

රනිල් පාර්ලිමේන්තු වැටුප් ගත්තෙ නැද්ද ? විශ්‍රාම වැටුප ගත්තෙ නැද්ද ? ජනාධිපති විශ්‍රාම වැටුප ගත්තෙ නැද්ද ? ජනාධිපති විශ්‍රාම වැටුප ගන්නෙ නැද්ද ? නිවස රෝයල් එකට දීලද ? කියල හොයල බලන්න ඕනි කියල හිතුණා..

මම තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව පාර්ලිමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් කළා. අද මට ඒ තොරතුරු ලැබුණා. පෝස්ට් එකේ තියෙන්නෙ පාර්ලිමේන්තුව ලබාදුන් තොරතුරු ඇතුළත් ලිපිය..

මම තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව යොමුකළ අයදුම්පතෙන් ප්‍රශ්න දෙකක් ඇහුවා..

01 පළමු ප්‍රශ්නය - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප හා දීමනා 05 , 06 , 07 , 08 සහ 09 වන පාර්ලිමේන්තුවලදී ලබාගෙන ඇද්ද ?

පාර්ලිමේන්තුව විසින් ලබාදුන් තොරතුරුවල රනිල් වික්‍රමසිංහ 05 , 06 , 07 , 08 සහ 09 පාර්ලිමේන්තුවේ සිටි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප හා දීමනා ලබාගෙන ඇති බව සනාථ කර තිබෙනවා..

මම 01 , 02 , 03 හා 04 පාර්ලිමේන්තු ගැන ඇහුවෙ නැත්තෙ ඒ පිළිබඳව වසර දෙකකට පෙර විමසීමක් කරා. ඒ පාර්ලිමේන්තුවලත් රනිල් අඛණ්ඩව වැටුප් හා දීමනා ලබාගෙන තිබෙනවා..

02 දෙවන ප්‍රශ්නය - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි විශ්‍රාම වැටුප ලබා ගන්නේද ?

පාර්ලිමේන්තුව ලබාදුන් තොරතුරුවල අදාළ ප්‍රශ්නයට පිළිතුර ලෙස ඔව් කියා තිබෙනවා. ඒ කියන්නෙ රනිල් ජනාධිපති වුනාට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ගන්නවා.

රනිල් ජනාධිපති ධූරය ධූරය දරණ කාල සීමාවේ ජනාධිපති වැටුප හා දීමනා සියල්ල ලබාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුපත් ලබාගෙන තිබෙනවා..

වර්තමානයේ රනිල් ජනාධිපති නෙවෙයි පාර්ලිමේන්තුවෙත් නෑ. නමුත් ඔහු විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුප , දීමනා ලබා ගන්නවා. නිල නිවස පමණක් ලබාගෙන නෑ. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුපත් ගන්නවා. විශ්‍රාම වැටුප දෙකයි..

මම මීට වසර තුනකට පෙර රාජකීය ව්ද්‍යලය වෙතින් තොරතුරු විමසීමක් කරා රනිල් වික්‍රමසිංහ තම නිවස පරිත්‍යාග කර ඇද්ද යන්න පිළිබඳව. ඔවුන් කීවේ රාජකීය විද්‍යාලයට පරිත්‍යාග බොහොමයක් ලැබී ඇති බවත් රනිල් වික්‍රමසිංහ ලබාදුන් කිසිම පරිත්‍යාගයක් පිළිබඳව තොරතුරු ඔවුන් සතුව නැති බවයි..

රාජකීය විද්‍යාලයට නිවස දෙනවනම් එය දෙන්න පුලුවන් ක්‍රම දෙකකටයි. එක තෑගි ඔප්පුවක්. තෑගි ඔප්පුවකින් දුන්න නම් ජීවිත භුක්ති බලයට යටත්ව දීමක් සිදු කරන්න පුලුවන්. නමුත් එවැනි තොරතුරක් නෑ කියන්නෙ දීලා නෑ.

අන්තිම කැමති පත්‍රයකින් දෙන්නත් පුලුවන්. හැබැයි අන්තිම කැමති පත්‍රය රහස්ගත ලේඛණයක්. එය ලියා සහතික කල නොතාරිස් හා අනෙක් පාර්ශ්වය හෝ ඔහු බලය දුන් අයෙක් පමණයි දන්නෙ. රහසිගත ලේඛණයක් පිළිබඳව රටම දැනගන්න විදිහක් නෑ. අණෙක් කාරණය අන්තිම කැමති පත්‍ර ඕනම අවස්ථාවක සංශෝධනය කරන්න අවළංගු කරන්න පුලුවන්..

වැලිකඩ බන්ධනාගාරය තිබෙන ඉඩම රනිල්ගෙ මිත්තනියගෙ කිව්වනෙ. ඒකත් පට්ටපල් බොරුවක්. ප්‍රවෘත්තිවල කිව්වා ඒ ඉඩමට අදාළ පත්ඉරු මාධ්‍ය වෙත නිකුත් කරා කියල. කවුරුහරි ඉන්නවද ඒ පත්ඉරු දැකපු අය. මොකක්හරි බොරුවක් කියල නිව්ස් එකක් ප්ලාන්ට් කරනවා. ඒක අන්ධ බැතිමත්තු ටික කරේ තියාගෙන ගිහින් අවශ්‍ය ප්‍රසිද්ධිය දෙනවා. මතයක් හදනවා..

ඇත්තටම රනිල් කියන්නෙ මෙච්චර කාලයක් ජනතා මුදලින් නඩත්තු වුන කැලණි හිඟන්නෙක්. ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප හා විශ්‍රාම වැටුප ගන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒක ගන්න ගමන් ගන්නෙ නෑ රටට ආදරේ ආදර්ශමත් දේශපාලකයකු කියල බොරු ප්‍රතිරූපයක් මවනවා..

රනිල් ඔය කියන තරම් ඔච්චර සල්ලි තියෙනවනම් මොකටද ජනාධිපති විශ්‍රාම වැටුප හා මන්ත්‍රී විශ්‍රාම වැටුප යන දෙකම ගන්නෙ ? මේක බංකොලොත් රටක්. ඇත්තටම දේශපාලන වහල්ලු කිසිම දෙයක් හොයල බලන්නෙ නැතුව හෑලි ලියන්නෙ ශෙයාර් කරන්නෙ කැලණි හිඟන්නෙක් ගැන..

වැටුප ගත්තෙ නෑ. විශ්‍රාම වැටුප ගන්නේ නෑ කියල බොරු ප්‍රතිරූප මවන්න එපා. ඇත්තටම රනිල් කියන්නෙ හැමදාමත් බොරු ප්‍රතිරූපයක් මවාගත්ත කැලණි හිඟන්නෙක්. ප්‍රභූන් කියල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න පුලුවන් සර් ජෝන් කොතලාවල වගෙ ගරු කටයුතු මහත්වරුන්ට. ඔහුගේ මරණෙන් පසු කඳවල වලව්ව රජයට දුන්නා. අද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තියෙන්නෙ ඒ බිමේ..

තව එකක් පැරණි ජවිපෙ හා දැන් මාලිමාවේ මන්ත්‍රීවරු හැමෝම වැටුප් ගත්තා. අද ගන්නවා. පළමු පාර්ලිමේන්තුවේ සිට දහවන පාර්ලිමේන්තුව දක්වා වැටුප් නොගත්ත එකම මන්‍ත්‍රීවරයෙක්වත් නෑ..

🖋️ Chathuranga Amarathunga

පැරණි පුරුද්ද අත්හරින්න ලෑස්ති නැත්තම්, ස්වේඡාවෙන් පොලීසියේ වෘත්තිය අත්හරින්න! - ජාතික පොලිස් දින සැමරුම අමතමින් ජනපති ක...
03/09/2025

පැරණි පුරුද්ද අත්හරින්න ලෑස්ති නැත්තම්,
ස්වේඡාවෙන් පොලීසියේ වෘත්තිය අත්හරින්න! - ජාතික පොලිස් දින සැමරුම අමතමින් ජනපති කියයි

ගොඩකවෙල, බිබිලේගම පුංචි දොළක හිම පිපුණු හැටි.-------------------------------------------මේ පින්තූරයේ අයිතිකාරයො වෙන්නෙ ග...
03/09/2025

ගොඩකවෙල, බිබිලේගම පුංචි දොළක හිම පිපුණු හැටි.
-------------------------------------------
මේ පින්තූරයේ අයිතිකාරයො වෙන්නෙ ගොඩකවෙල , බිබිලේගම පුංචි කෙල්ලො,කොල්ලො ටිකක් සහ ඔවුන් හොයාගත්ත ස්වාභාවික ක්‍රියාවලියක්.
දවසක් මේ දොළ අයිනෙ පිහිඹියා ගහක් කපලා තිබුණලු.ඒ කපපු පිහිඹියා ගහේ ලීකුඩු වැස්සට හෝදගෙන ගිහින් දොළේ තැන් තැන් වළ පෙණ පිපිලා තිබුණලු . ඊට පස්සෙ තමයි ගමේ කොල්ලො කෙල්ලො ටික මේ පරීක්ෂණය කරලා තියෙන්නෙ. පිහිඹියා ගහේ ලී ඉරපු ලීකුඩු පෝර උරයකට අරන් ගිහින් එයාලගෙ දොළට දාලා. මේ විශ්මිත ස්වාභාවික රාසායන ක්‍රියාවලිය සිදුවෙලා තියෙන්නෙ ඊට පස්සෙ.කිරිම කිරි පාට පෙණ පිපිලා මුළු දොළම හිම පිපුණු දොළක් වෙලා.තවමත් මට හිතාගන්න බෑ මේ ස්වාභාවික රසායනික ක්‍රියාවලිය මොකක්ද කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් පහදලා දෙන්න. ස්වභාදහමෙ සැඟවුණ විශ්මිත දේවල් තව කොතරම් ඇද්ද ?

| සංජක ප්‍රසාද් දොලේවත්ත

උපුටා ගැනිමකි

Address

Cross Road
Godakawela
70160

Alerts

Be the first to know and let us send you an email when පන්හිඳ - Panhinda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share