FLFN Media

FLFN Media Media Unit of the Faculty of Livestock, Fisheries & Nutrition, Wayamba University of Sri Lanka

Media Unit of the Faculty of Livestock Fisheries & Nutrition, Wayamba University of Sri Lanka.

04/06/2026
Nutrition Health Camp | පෝෂණ සෞක්‍ය කඳවුර | Department of Nutrition and Dietetics The Nutrition Health Camp, organized b...
04/06/2026

Nutrition Health Camp | පෝෂණ සෞක්‍ය කඳවුර | Department of Nutrition and Dietetics

The Nutrition Health Camp, organized by the Department of Nutrition and Dietetics, was successfully held on 3 June 2026 at the Faculty of Livestock, Fisheries and Nutrition (FLFN) premises as part of the 3rd-year students’ Community Link (LinkCom) course module (LFN 2122). The event was conducted in celebration of Nutrition Month 2026 and served as a key outreach initiative of the Nutri Wellness Centre. The primary objective of the programme was to raise awareness of non-communicable diseases (NCDs) among the public while providing comprehensive nutritional assessments and personalized nutrition counselling. Through this initiative, participants were empowered with practical knowledge and guidance to improve their health and well-being. The Health Camp also provided invaluable real-world exposure for students specializing in Nutrition and Dietetics, allowing them to take leadership and to engage directly with community members and gain hands-on experience in addressing public health nutrition concerns. The event fostered meaningful, educational, and enjoyable interactions between students and the public, strengthening their professional competencies and community engagement skills. Furthermore, the programme reinforced the Department’s commitment to promoting health and wellness within the university and surrounding communities. It also highlighted the Nutri Wellness Centre as a growing beacon of health promotion and nutrition excellence in the Makandura area, further enhancing its visibility and impact within the wider community.

වයඹින් වයඹට ගී නිර්මාණ පරිශ්‍රමය අතර තුර තවත් නිර්මාණ සංක්‍යාවක් මා විසින් එලි දක්වන ලදී. නමුත් එම නිර්මාණ ඔබ වෙත  සන්නි...
01/06/2026

වයඹින් වයඹට ගී නිර්මාණ පරිශ්‍රමය අතර තුර තවත් නිර්මාණ සංක්‍යාවක් මා විසින් එලි දක්වන ලදී. නමුත් එම නිර්මාණ ඔබ වෙත සන්නිවේදනය නොකෙරුවේ ඒවා "වයඹින් වයඹට" තේමාවට අදාළ නොවන හෙයිනි. නමුත් අද මේ සමග ගීත පහක් අමුණා ඔබ වෙත ඉදිරිපත් කරමි. එයට විශේෂ හේතුවක් අද උදැසන සිදු විය. එනම්, අද උදෑසන මාකඳුර පරිශ්‍රයට නව පීඨාධිපතිවරයෙකු පත්විය. මහාචාර්ය බණ්ඩාර ගජනායක මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත පීඨයේ අභිනව පීඨාධිපතිවරයා ලෙස අද උදැසන වැඩ බාර ගන්නා ලදී.

මෙම ගී පද රචනා මා හට ලබා දෙනු ලැබුවේ මහාචාර්ය බණ්ඩාර ගජනායක මහතා විසිනි.

අතිශයින්ම නිමාණශීලී සහ අතිශයින්ම රසවත් මෙම ගීත පහ රචනා කරනු කරනු ලැබ ඇත්තේ මහාචාර්ය ගජනායක මහතාගේ වැඩි මහල් සොහොයුරිය වන ජයන්තිමාලා ගජනායක මහත්මිය විසිනි. මෙම ගීතවල තනු නිර්මාණය කරනු ලැබුවේ මහාචාර්ය ගමික ප්‍රතාපසිංහ මහතා විසිනි. ගායනයෙන් සහාය වන්නේ කෘතීම බුද්ධි රොබෝ පිරිසකි.

ප්‍රථම ගීත දෙක නිර්මාණය කරනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. තුන්වන ගීතය "දිත්වා" සුළි කුණාටුවෙන් පසු සිදු වූ ව්‍යසනය අලලා සකස් වුවකි.

මෙම ගීත මාලාවේ ප්‍රථම ගීතයවන "සඳ නන්ද" ගීතය මා විසින් මෙතෙක් කරන ලද හොඳම තනු නිර්මාණයයි.

සඳ නන්ද

දන ගා ගෙන ආ අපි

හැඬුවා මහී මව

නොසීතූ නිමේෂෙක

සදාකාලික ප්‍රේමයක් පැතුවෙමි



ස්තුතියි,

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.
Tel. Office +94-312299429| [email protected]

https://youtu.be/N9HHtgoityY

https://youtu.be/uA1RghTIr_E

https://www.youtube.com/shorts/TlK_bJS_2BI?feature=share

https://youtu.be/P0eoGSRZXGY

https://youtu.be/kx0VWkWJpxk

පද රචනය: ජයන්තිමාලා ගජනායකසංගීතය: මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහගායනය: කෘතීම බුද්ධිය ඇසුරින්සඳ නන්ඳහිරු චණ්ඩහිරු ච...

වයඹින් වයඹට තේමාව යටතේ ගැයුණු 30 වන හා 31 වන ගීත දෙක මේ සමග අමුණා ඇත. මෙම ගීත දෙකම ගායනා කරනු ලබන්නේ දැනට විශ්‍රාම සුවයෙ...
29/05/2026

වයඹින් වයඹට තේමාව යටතේ ගැයුණු 30 වන හා 31 වන ගීත දෙක මේ සමග අමුණා ඇත. මෙම ගීත දෙකම ගායනා කරනු ලබන්නේ දැනට විශ්‍රාම සුවයෙන් පසුවෙන්නා වූ මහාචාර්‍ය ගාමිණී ෆොන්සේකා මහතා විසිනි. ඔහු කෘෂිකර් ම මෙන්ම පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයන්හි තෝරාපත්වූ පළමු පීඨාධිපති ලෙසත් අප විශ්ව විද්‍යාලයේ දෙවන උප කුලපතිවරයා ලෙසත් සේවයේ යෙදින.

"On the shores of knowledge" මෙම ගීතය මීට පෙර (29 වන ගීතය ලෙස) මා විසින් එවනු ලැබූ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සේවය කරන මහාචාර්‍ය අනුර ජයසූරිය මහතා විසින් ගයනු ලැබූ "දැනුම් සත් සමුදුර" ගීතයෙහි ඉංග්‍රීසි අනුවාදනයයි. මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ මහතා විසින් එය මේ අකාරයෙන් සකසා සංගීතවත් කොට නිපදවන ලදී.

On the shores of knowledge

"මන්ද නුඹ තවමත් පමා" ගීතය රචනා කරනු ලැබුවේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ ආචාර්‍ය හේෂාන් කොඩිතුවක්කු මහතා විසිනි. වයඹ ආදර ගීත සඳහා ලැබුණු ඉල්ලීමට ලැබුණු තවත් ප්‍රතිචාරයක් ලෙස ඔහු විසින් මෙම මනරම් වදන් පෙළ නිර්මාණය කර ඇත. මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ මහතා විසින් සංගීතවත් කොට නිපදවන ලදී.

මන්ද නුඹ තවමත් පමා

ස්තුතියි

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.
Tel. Office +94-312299429| [email protected]

https://www.youtube.com/shorts/1PEkdhtYODE?feature=share

https://www.youtube.com/shorts/S9REdVwlXbM?feature=share

ගායනය: මහාචාර්‍ය ගාමිණී ෆොන්සේකාපද රචනය සහ සංගීතය: මහාචාර්‍ය ගමික ප්‍රතාපසිංහ On the shores of knowledge, wide as the seven seas,I walked a long road, chasin...

25/05/2026
අද ජ්‍යත්තන්තර මී මැසි  දිනයයි. මිනිස් ප්‍රජාව අනුභව කරන ආහාර බෝග වලින් 35% ක් පමණ පරාගණය කර පළ ගන්වන්නේ මී මැස්සා විසින...
20/05/2026

අද ජ්‍යත්තන්තර මී මැසි දිනයයි. මිනිස් ප්‍රජාව අනුභව කරන ආහාර බෝග වලින් 35% ක් පමණ පරාගණය කර පළ ගන්වන්නේ මී මැස්සා විසිනි. එහෙයින්, මිනිසා ඇතුළු සමස්ත සත්ත්ව ප්‍රජාවේ කුස පිරවීමට හා පැවැත්ම උදෙසා මී මැස්සා කරන කාර්ය භාර ඇති විශාලය.
එම කර්තව්‍ය අගයනු වස් වයඹින් වයඹට ගීත මාලාවේ තවත් ගීතයක් එවනු වෙනුවට මා විසින් අද තෝරා ගනු ලැබුයේ අප පීඨය විසින් පවත්වා ගෙනු යනු ලබන මී මැසි ගහණයක (WayamBee) අභ්‍යන්තර ක්‍රියා කාරිත්වය විදහා දැක්වෙන විඩියෝවකි.

මී පැණි නිෂ්පාදනය සඳහා දැවැන්ත උත්සාහයක් අවශ්‍ය වේ. වැඩකාර මී මැස්සියන් මල් කරා පියාසර කොටගොස් ඔවුන්ගේ දිගු දිව භාවිතා කරමින් මල් පැණි එකතු කරයි. එක් මී මැස්සෙකුට එක් ගමනකදී මල් 50–100ක් අතර ප්‍රමාණයක පැණි එකතු කල හැක. මී පැණි කිලෝ භාගයක් සෑදීමට මෙම මී මැස්සන් සාමූහිකව කිලෝමීටර් 88 500 පමණ පියාසර කර (පෘතුවිය වටා දෙවරක්), මල් මිලියන 2ක පමණ පැණි එකතු කරයි.

WayamBee

Bee Inspired!

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.

Bee keeping at Faculty Livestock, Fisheries & Nutrition, Wayamba Un...

Vacancies – Department of Nutrition and Dietetics - Posts of Demonstrators
14/05/2026

Vacancies – Department of Nutrition and Dietetics - Posts of Demonstrators

Vacancies: Post of Demonstrator- Department of Nutrition and Dietetics
11/05/2026

Vacancies: Post of Demonstrator- Department of Nutrition and Dietetics

වයඹින් වයඹට තේමාව යටතේ ගැයුණු 27 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ඉංග්‍රීසි භාෂාවෙන් ගීතය රචනා කරන ලද්දේ  කෘෂිකර්ම හා වැවිලි...
05/05/2026

වයඹින් වයඹට තේමාව යටතේ ගැයුණු 27 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ඉංග්‍රීසි භාෂාවෙන් ගීතය රචනා කරන ලද්දේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ සේවය කරන ආචාර්ය ගීති පමුණුව මහත්මිය විසිනි. සංගීතවත් කර නිෂ්පාදනය කරන ලද්දේ මහාචාර්ය ගමික ප්‍රතාපසිංහ මහතා විසිනි. ගයනා කරනුයේ කෘතීම බුද්ධි රොබෝ යුවලක් විසිනි.

Do you still remember…

ස්තුතියි,

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.

59 likes, 15 comments. "Do you still remember…"

05/05/2026

වයඹින් වයඹට තේමාව යටතේ ගැයුණු 26 වන ගීතය මේ සමග අමුණා ඇත. මෙම ගීතය රචනා කර ඇත්තේ පශු සම්පත් හා පෝෂණ පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක් වන භාග්‍යා ප්‍රමෝධි සුමතිපාල මෙනවිය විසිනි. සංගීතවත් කර නිෂ්පාදනය කරන ලද්දේ මහාචාර්ය ගමික ප්‍රතාපසිංහ මහතා විසිනි. මෙම රසවත් පද මාලාවෙන් අර්ථ ගැන්වෙන්නේ අවසන් වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම සරසවි මෑණියන් හැරදා යාමට සැරසෙන විට ඇති වන ප්‍රියයන්ගෙන් වෙන්වීමේ විස්සෝපයයි.

මෙසේ සමු ගන්නා අප පීඨ ශිෂ්‍ය මහත්ම මහත්මීන් සෑම වසරකම පෙබරවාරි 4 වන දින තම අඹු සැමියන් සහ දරු දැරියන් සමග අප විශ්ව විද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයට වන්දනා ගමනක් මෙන් පැමිණ දවස පුරා සතුටු සාමිචියේ යෙදීමේ සිරිතක් පවතී.

අද දිනද එවැනි උත්සවශ්‍රීයකින් අප පීඨ පරිශ්‍රය අලංකාර වී ඇත.
පීඨාධිපති කාර්යාලයේ සිට මා මෙම සටහන තබන මේ මොහොතේ ද එවැනි ආදී විද්‍යාර්ථයින් සිය පවුල් සමග එහෙ මෙහේ ඇවිදිනු පෙනේ. එවැනි පසුබිමක අද දින මෙම ගීතය ඔබ වෙත ඉදිරිපත් කිරීමට හැකිවීම මා ලද භාග්‍යක් සේ සලකමි.

මතක දිනපොතේ

ස්තුතියි

Prof. Gamika A. Prathapasinghe
Dean/ Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka.

https://www.youtube.com/shorts/uclpxPmgNS4

Address

Gonawila

Website

Alerts

Be the first to know and let us send you an email when FLFN Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FLFN Media:

Share