St.Mary's College Media Unit

St.Mary's College Media Unit Official fan page for Media unit of St.Mary's College, Hambantota

Past Pupils' Association St Mary's College Hambantota හම්බන්තොට  ශාන්ත මේරි විද්‍යාලයීය මාධ්‍ය ඒකකය-  තේමා ගීතය සාඩම්බරය...
20/09/2025

Past Pupils' Association St Mary's College Hambantota

හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයීය මාධ්‍ය ඒකකය- තේමා ගීතය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන්නෙමු.

https://youtu.be/VVKDEz46M-E?si=6ZlCSPZCibbeBDca

Lyrics :
ගුණ නුවණින් පිරිලා...
හෙට ලෝකය දැකලා...
මාගම්පත්තුවේ රුහුණු පුරවරෙහි මිණිමුතු ලෙස දිලෙනා - විශිෂ්ටයන් සිටිනා
වේ අප පාසල් ශාන්ත මේරි මාධ්‍ය ඒකක සොයුරු සොයුරියන්

වගකීමෙන් සහ වගවීමෙන් බැඳි දූ දරුවන් වෙසෙනා
අයුක්තියේදී අසත්‍යයේදී නොබියව පෙළ ගැසෙනා
සත්‍ය කරා දිවෙනා
වේ අප පාසල් මාධ්‍යවේදී සිව් දෙස හඬ නගනා
හෙට ලෝකය දිනනා

ගුණ නුවණින් පිරිලා... හෙට ලෝකය දැකලා... මාගම්පත්තුවේ රුහුණු පුරවරෙහි මිණිමුතු ලෙස දිලෙනා - විශිෂ්ටයන් සිටිනා

දෙසවන වෙත ඇසෙනා...
දෙනෙතින් ලොව දකිනා...
දෙතොළින් හඬගා මනසට කියනා නව ලෝකය දකිනා...
හෙට ලෝකය දිනනා...
වේ අප මාධ්‍ය ශාන්ත මේරි වැජඹෙයි ලොව සැමදා...
සුරකිමු අපි සැවොමා...

වේ අප පාසල් ශාන්ත මේරි
මාධ්‍ය ඒකක සොයුරු සොයුරියන් //

මෙම ගීතය එළිදැක්වීම සඳහා උපදෙස් ලබාදෙමින් අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කළ අප පාසලේ මාධ්‍ය ඒකකය භාර ආචාර්ය ඩබ්. ඒ.දිනේෂ් ප්‍රියංක ගුරු පියාණන්ටත් , ගීතය නිර්මාණ කරමින් දායකත්වය දැක් වූ මාධ්‍ය සමාජයේ ප්‍රධාන නිවේදක එල්. ඩ්. රවිෂ්ක සොයුරාටත්, එසේම, තනු නිර්මාණය කරමින් අපට සහය දැක් වූ අප මාධ්‍ය ඒකකයේ සභාපති ඩබ්. වී. පී. පවන් පබසර සොයුරා හා සංගීත අධ්‍යක්ෂණය කල ඩබ්. වී. පී. පවන් පබසර, ඩබ්. මලිදු බිම්සර සොයුරන් දෙපළ ඇතුළු නන්අයුරින් සහය දැක් වූ සියලු දෙනා වෙත හද පිරි ස්තුතිය පුදකර සිටිමු.

මාධ්‍ය ඒකකය
ශාන්ත මේරි ජාතික පාසල
හම්බන්තොට

Video Production by- Sheik Infas
Dulitha Yasiru


- 💙💛❤️🇹🇩

©️2025 SMC Media Unit | All Rights Reserved

🙏Hello Marians!!⭕මාධ්‍ය ඒකක ගීතය - ශාන්ත මේරි ජාතික පාසලහම්බන්තොට.ගුණ නුවණින් පිරිලා... හෙට ලෝකය දැකලා...මාගම්පත්තුවේ රුහුණ.....

Past Pupils' Association St Mary's College Hambantota Photographers of St. Mary's College Media Unit   - 💙💛❤️🇹🇩©️2025 SM...
19/09/2025

Past Pupils' Association St Mary's College Hambantota
Photographers of St. Mary's College Media Unit



- 💙💛❤️🇹🇩

©️2025 SMC Media Unit | All Rights Reserved

Past Pupils' Association St Mary's College Hambantota හම්බන්තොට ශාන්ත මේරියන්ගේ අභිමානය ලෝකයට කියාපාන තවත් එක් ජ්‍යෙෂ්ඨ ...
13/09/2025

Past Pupils' Association St Mary's College Hambantota
හම්බන්තොට ශාන්ත මේරියන්ගේ අභිමානය ලෝකයට කියාපාන තවත් එක් ජ්‍යෙෂ්ඨ ශාන්ත මේරි ආදි සිසුවෙකු වන ඔහු ඩී බී ධනපාල නම් විය

හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයෙන් සහ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ලාංකීය පුවත්පත් කලා කෙත අස්වැදීමට අති දැවැන්ත මෙහෙවරක් සිදු කරනු ලැබූ විශිෂ්ට චරිතයකි .

දවස’ පත්‍රයේ ආරම්භය දෙදෙනකු දෙතැනක දුටු සිහිනයක් සැබෑවීමකි¡ ඉන් එක් සිහිනයක් මැවුයේ හෙළදිව මහ පොත්හලේ නිර්මාතෘ ඇම් ඩී ගුණසේන මහතායි. ඒ රට ජාතිය වෙනුවෙන් ජාතික පුවත්පතක් ඇරඹීමයි. අනෙක් සිහිනය මැවූයේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ යුග පුරුෂයකු වූ ඩී. බී. ධනපාල මහතායි. ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන ජාතික පුවත්පතක් ඇරැඹීමයි. ඩී. බී. ධනපාල මහතා ඉන්දියාවේ ඉගෙන ගන්නා කාලයේදීම එරට පුවත්පත්වලට ඉංග්‍රීසියෙන් ලිපි ලියූ දක්ෂ ලේඛකයකු විය. ඔහු එහිදී ඉන්දියානුවන් සඳහා ඉංග්‍රීසි සඟරාවක්ද පළ කළේය. ඔහු ගැන විමසිල්ලෙන් සිටි එවකට ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතා ‘සිලෝන් ඩේලිනිවුස්’ පත්‍රයේ කර්තෘ එච්. ඒ. ජේ. හුළුගල්ලේ මහතා මගින් ධනපාල මහතා 1933 දී මෙරටට ගෙන්වා ගෙන සිලෝන් ඩේලිනිවුස් පත්‍රයේ විශේෂාංග කර්තෘ වශයෙන් සේවයට බඳවා ගත්තේය. සත් වසක් එහි සේවය කළ ඔහු ‘ජේනස්’ (Janus) නමින් ලියූ කලා විචාර නිසා මහත්සේ ප්‍රසිද්ධියට පත්ව සිටියේය. එහෙත් ඔහු එහි පරිපාලනය සමග ඇති කරගත් මත ගැටුමක් නිසා පුවත්පත් කලාව අතහැර ගුරු වෘත්තියට ඇතුළු විය. ඔහු කැලණියේ ධර්මාලෝක විදුහල්පති පදවියට පත් වූයේ ඒ අනුවය. එහෙත් රට ඔබින ජාතික පුවත්පතක් බිහි කිරීමට ඔහු මැවූ සිහිනය අත් නොහළේය.

1947 දී විදුහල්පති පදවියෙන් අස් වූ ඔහු ජාතික පුවත්පතක් දියත් කිරීමට යළිත් සාකච්ඡා පටන් ගත්තේය. එවර ඔහු හැරුණේ එවකට ඉංග්‍රීසි පුවත්පත් පළ කළ ටයිම්ස් ආයතනය වෙතටය. එවකට ලේක්හවුස් ආයතනයෙන් පළ කළ ‘දිනමිණ’ පත්‍රයට තරගකාරී පුවත්පතක් පළ කිරීමට ටයිම්ස් පාලනය එකඟ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩී. බී. ධනපාල මහතාගේ මෙහෙයවීමෙන් ජුලියස් ද ලැනරෝල් මහතාගේ කර්තෘත්වයෙන් 1947 ඔක්තෝබර් 29 වැනිදා ‘ලංකාදීප’ පත්‍රය ආරම්භ විය. එය ‘දිනමිණ’ට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේය. ප්‍රවෘත්ති හා විශේෂාංග පළ කිරීමේදී දේශීය හා ජාතික වැදගත්කමින් යුතු අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබීය. ඉංග්‍රීසි පුවත්පත්වල අනුකාරක නොවී ස්වාධීනව සිංහල පත්‍රයක් පවත්වා ගෙන යා හැකි බව ඒ මගින් ධනපාල මහතා පෙන්වා දුන්නේය. ආරම්භයේ දී සවස පත්‍රයක් ලෙස පළ වූ ‘ලංකාදීප’ පසුව උදෑසන පුවත්පතක් බවට පත් විය. ‘සඟ වෙද ගුරු ගොවි කම්කරු’ සැමදෙනාගේ පත්‍රයක් ලෙස ‘ලංකාදීප’ නැවුම් මුහුණුවරකින් පවත්වා ගෙන යාමට ධනපාල මහතා ප්‍රමුඛ පිරිසට හැකි විය.

රචනය :-එල්. ඩ්. රවිෂ්ක
ශාන්ත මේරි මාධ්‍ය ඒකකය

මග පෙන්විම:-ආදි සිසු එස්.ආර් .ලාල් අජිත් රත්නායක (91- O/L)



- 💙💛❤️🇹🇩

©️2025 SMC Media Unit | All Rights Reserved

12/09/2025

Past Pupils' Association St Mary's College Hambantota
ශාන්ත මේරි සත්සර රාවය
පවන් පබසර
සභාපති
ශාන්ත මේරි මාධ්‍ය ඒකකය 2025

📽 Videography :-
Dulitha Yasiru

🎞 Post Production :-
Dulitha Yasiru
Safraan Abdeen



- 💙💛❤️🇹🇩

©️2025 SMC Media Unit | All Rights Reserved

🔵 විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ නිල සමාජ මාධ්‍ය ජාලා සමඟ දැන්ම එක් වන්න පහත ලින්ක් ඔස්සේ...‼️🇹🇩🔸 Facebook :https://www.facebo...
04/09/2025

🔵 විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ නිල සමාජ මාධ්‍ය ජාලා සමඟ දැන්ම එක් වන්න පහත ලින්ක් ඔස්සේ...‼️🇹🇩

🔸 Facebook :

https://www.facebook.com/share/17rBJRb1TS/

🔸 Youtube :

https://youtube.com/?si=hA5HAX-9kIjpCtWw

🔸 Whatsapp Channel :

https://whatsapp.com/channel/0029VaaDKIwHrDZYd3m5zb2Z

Share..👍

💢 *The Official Media Network Of St.Mary's College*‼️

All Rights Reserved.
©️SMCMU2025
🎙️❤️

03/09/2025

ශාන්ත මේරි විද්‍යාලයීය පාසල් ගීතය
St. Mary's College Anthem

හ/ශාන්ත මේරී විද්‍යාලයීය නිල පාසල් ගීතය වර්ෂ 1979 ජනවාරි මස 16 වන දින , හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ හිටපු ජේෂ්ඨ කථිකාචාර්ය, එවකට අප පාසලේ සංගීත ආචාර්ය (ශාස්ත්‍රපති)
තරංග සමරවික්‍රම ගුරුපියාණන් ගේ පද රචනයෙන්,තනු නිර්මාණයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් අප පාසල් මෑණියන්ට දායාද වූවකි.



- 💙💛❤️🇹🇩

©️2025 SMC Media Unit | All Rights Reserved

Address

Old Hospital Road
Hambantota
82000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when St.Mary's College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share