07/03/2026
🐐 මොකක්ද මේ "GOAT"? 2026 වසරේ වැඩිම අවධානයක් දිනාගත් Animation එක! 🏀
ඔන්න Sony Pictures Animation වෙතින් ගෙනාපු අලුත්ම නිර්මාණය "GOAT" (2026) මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් තිරගත වෙනවා.
🔥 මොකක්ද මේ කතාව?
මේක Will කියලා පුංචි එළුවෙක් ගැන කතාවක්. "Roarball" කියන සතුන් අතර තියෙන වේගවත් ක්‍රීඩාවෙන් ලෝකයේම "GOAT" (Greatest of All Time) වෙන්න මේ පුංචි එකා දකින ලොකු හීනය සහ ඒ වෙනුවෙන් කරන උත්සාහය තමයි මෙහි තියෙන්නේ.
✨ විශේෂ කරුණු:
Stephen Curry ගේ දායකත්වය: ලෝක ප්‍රකට පැස්පන්දු තරුවක් වන Stephen Curry මෙහි නිෂ්පාදකවරයෙක් වගේම "Lenny" කියන ජිරාෆ්ගේ චරිතයට හඬ දායකත්වයත් ලබා දෙනවා.
Box Office සාර්ථකත්වය: දැනටමත් ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 130 කට වඩා උපයා ගනිමින් 2026 වසරේ සාර්ථකම ඇනිමේෂන් චිත්‍රපටයක් බවට පත්වෙලා.
Visuals: Spider-Man: Across the Spider-Verse නිර්මාණය කරපු කණ්ඩායමම තමයි මෙහි Visual effects කරලා තියෙන්නේ.
🎬 ඔයාලත් Underdog stories වලට ආස නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්!