I.NEWA

I.NEWA hatton indika

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each and every one ...
15/09/2025

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

15/09/2025

Local Government Week 2025
පළාත් පාලන සතිය 2025 සමආරම්භක උත්සවය හැටන් නගර සභාව අද උදෑසන 10.00am හැටන් නගර සභා භූමියේ දී ආරම්භ වුණා මෙම උත්සවය සඳහා හැටන් නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න සහ හැටන් නගර සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහ ආරාරාධිත අමුත්තන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නුවරඑළිය දිස්ත්‍රික් කමිටු සම්බන්ධීකරණ ලේකම් මංජුල සුරවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලේ චෙල්වී මාත්මීය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වුණා

මෙම වැඩසටහනේදී අද හැටන් නගරයේ ජනතාවට නොමිලේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සහ ශ්‍රී ලංකා තරුණ නීතිවේදී සංගමයේ නීති සහාය ලබාදීමේ වැඩසටහනක් සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ හැටන් ශාඛාවේ විදුලි ජංගම සේවයක්ද පැවැත්වූවා.

14/09/2025

Reckless driving bus 😵‍💫😡😡
නල්ලතන්නි සිට හැටන් දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථය, බගවන්තලාව සිට හැටන් දක්වා ගමන් කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථය ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී, එය අපරීක්ෂාකාරී ලෙස පසුකර යාමට උත්සාහ කිරීමේදී අනතුරක් අනූ නමයෙන් බේරෙයි

මෙම සිදුවීම 2025.09.14 වන ඉරිදා උදෑසන සිදු විය. බොගවන්තලාව සිට හැටන් දක්වා ගමන් කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථයක් එහි මගීන්ගේ ආරක්ෂාව සඳහා. ආරක්ෂිත වේගයකින් ගමන් කරමින් සිටියදී, නල්ලතන්නි සිට හැටන් දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථයක් එය පසුකර යෑමට උත්සාහ කළේය. හැටන් බොගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දියසිරිගම ප්‍රදේශයේදී අනතුරක් සිදුවීමට යෑමක් පසුපසින් පැමිණි යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙක් තම ජංගම දුරකථනයේ පටිගත කර තිබුණි

රට තුළ දිනෙන් දින ඉහළ යන අනතුරු පිළිබඳව අවධානය යොමු කර අදාළ බස් රථවල රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනතාව රථවාහන පොලිසියෙන් ඉල්ලා සිටිති.
​ ​



​ ​ ​ ​ ​ ​ ​ ​





​ ​ ​ ​ ​ ​

12/09/2025

Hatton Police Traffic Operation and Drunk Bus Driver
පොලිස්පතිතුමාගේ රථ වාහන මෙහෙයුම් යටතේ 2025.09.12 අද හැටන් රථවාහන අංශය විසින් සිදුකරන ලද මෙහෙයුම්වලදී හැටන් සාංචිමල මාර්ගයේ මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක රියදුරෙක් බීමත්ව රිය ධාවනය කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන 8.30ට පමණ හැටන් රථවාහනඅන්සායේ නිලධාරීන් කරන ලද රථ වාහන පරීක්ෂාවකදීය මෙම බීමත්ව රියදුරා මගින් සමග බස් රථය ධාවනය කිරීමේදී හැටන් බස් නැවතුම්පොළ අසලදී හැටන් පොලිස් රථවාන අංශයේ නිලධාරීන්ට අසුවී ඇත .
රියදුරා සහ බස් රථය අත්අඩංගුවට ගෙන හැටන් පොලිසියට ගෙනයාමෙන් පසු කරන ලද පරීක්ෂණවලදී රියදුරු බීමත් බව තහවුරු වී ඇත. අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසා සිටියා .

12/09/2025

හැටන් නොර්වූඩ් ප්‍රධාන මාර්ගයේ අධික ලෙස පාසල් සිසුන් ප්‍රවාහනය කරන ලද ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක් වී පාසල් සිසුවෙක් සහ ත්‍රී රෝද රථයේ රියදුරු රෝහල්ගත කරයි

2025.09.12 මෙම අනතුර සිතුවී අතේ හැටන් නොර්වූඩ් ප්‍රධාන මාර්ගයේ නව්වැලිගම ප්‍රදේශයේදීය අද උදෑසන 7.45am පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කරන තීරෝද රථයක් දියසිරිගම ප්‍රදේශයේ සිට නොර්වූඩ් දෙමළ මහා විද්‍යාලයට පාසල් ළමුන් ප්‍රවාහන කොර්මින් new වැලිගම ප්‍රදේශයේදී නොර්වූඩ් ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන්ය අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය තුළ පාසල් ළමුන් හය දෙනෙක් සහ එක් ගුරුවරයෙක් සිටි අතර මෝටර් රථය තුළ රියදුරු පමණක් සිට ඇත මෝටර් රථය ධාවනය කර ඇත්තේ කාන්තාවක්ය

නොර්වූඩ් පොලිසිය පවසා සිටියේ ත්‍රී රෝද රථයේ පමණට ඉක්මවා මගින් ධාවනය කර ඇති බවයි සිද්ධිය පිළිබඳ වැඩිදුර නෝර්වුඩ් පොලිසිය විසින් සිදු කරනවා
​ ​



​ ​ ​ ​ ​ ​ ​ ​





​ ​ ​ ​ ​ ​

11/09/2025

Cwc press hatton

11/09/2025

A school girl was hospitalized after being hit by two SLTB buses on the Balangoda-Colombo main road. 2025.09.11

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ මාදොල ප්‍රදේශයේ දි ශ්‍රි ලංගම බස් රථ දෙකක් අද (11) දා උදැසන ගැටිමෙන් සිදු වු අනතුරකින් එම බස් රථයක ගමන් කල 17 හැවිරිදි පාසල් දැරියක තුවාල ලබා බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බණ්ඩාරවෙල සිට කොළඹ දක්වා ධාවන වු ශ්‍රි ලංගම බස් රථයක් සහ රත්නපුර සිට බලංගොඩ දක්වා ධාවනය වෙමින් තිබු ශ්‍රි ලංගම බස් රථයක් මෙලෙස ගැටි තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුර සමිබන්දයෙන් බණ්ඩාරවෙල සිට කොළඹ දක්වා ධාවන වු බස් රථයෙේ රියදුරු පැවැසුවේ බස් රථයෙේ මගිින් හැට පහකට පමණ ආසන්න පිරිසක් සිටි බවත් මාදොල ප්‍රදේශයේ දි බස් රථයෙේ තිරිංග දෝෂයක් ඇති වු බවත්ය. පහළිනි අඩි තුන්සියයකට ආසන්න බැවුමක් ඇති බවත් මගිි ජනතාව බෙිරා ගැනීම සදහා ක්ණිකව ක්‍රියාත්මක වි බස් රථය ඉවුර දෙසට හැර වු බවයි. එම අවස්ථාවේ දි ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටි අනතුර සිදු වු බවයි.

අනතුර සමිබන්දයක් ඔිපනායක පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු ​ ​



​ ​ ​ ​ ​ ​ ​ ​





​ ​ ​ ​ ​ ​

11/09/2025

A woman has died after her motorbike collided with a bus in the Ellepola area on the Balangoda-Ratnapura main road. 2025.09.11

බලංගොඩ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇල්ලේපොළ ප්‍රදේශයේ දි යතුරු පැදියක් බස් රථයකට යට විමෙන් සිදු වු අනතුරකින් යතුරු පැදියේ ගමන් කල කාන්තාවක ඊයේ (10) දා සවස එම ස්ථානයේ දිම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ බලංගොඩ තංජන්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි කමනි තනුෂා දමයන්ති නැමැති (34) හැවිරිදි විවාහක කාන්තාවක බව පොලිසිය පැවැසීය. මගිි ප්‍රවාහන පෞද්ගලික බස් රථය රත්නපුර ප්‍රදේශයේ සිට බලංගොඩ ප්‍රදේශය දක්වා ධාවන වෙමින් තිබි ඇති අතර එයට පසුපසින් පැමිණි මෙම යතුරු පැදිය බස් රථයට අනාරක්ෂිත ලෙස ඉස්සර කිරිමට ගොස් ඇති බවත් එම අවස්ථාවේ දි යතුරු පැදිය බස් රථයේ ගැටි මෙම කාන්තාවගේ හිස බස් රථයේ රෝදයට යට විම හේතුවෙන් මියගොස් ඇති බව පොලිසිය කිය.

අනතුර සමිබන්දයේ බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි

​ ​



​ ​ ​ ​ ​ ​ ​ ​





​ ​ ​ ​ ​ ​

11/09/2025

Norwood Regional Council in session 2025.09.11
නෝර්වුඩ් ප්‍රාදේශීය සභා සැසිවාරයේ නොසන්සුන්තාවයක්.
සභාවේ සිංහලෙන් හා දමිළ බසින් කතා කරන සියල්ල හා වාර්තා සියල්ල දමිළ බසින් හා සිංහල බසින් පරිවර්ත අවශ්‍ය බව පවසා ආ යෝජනාට අදහස් දැක්වීමේදී සභාවේ නොසන්සුතාවයක් ඇති විය ,
ඒ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ තුන්වන සැසිවාරය 2025.09.11 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 ට නෝර්වුඩ් ප්‍රාදේශීය සභා සභාපති ෆ්‍රැන්සිස් හෙලන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අඅවස්තාවේදීය ,
ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ වාහන අනතුරින් මියගිය නිලධාරීන් 15 දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට සහ අනතුරින් තුවාල ලැබූ 17 දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සභාව ආරම්භයේ සිදු කෙරිණ ,
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් අද රැස්වීම සඳහා ප්‍රමාද වී පැමිණි බව ද නිරීක්ෂණය විය.
මෙයින් පසු සභාවේ සභාපතිවරයා විසින් කියවන ලද පෙර රැස්වීමේ වාර්තාවේ අඩුපාඩු කිහිපයක් සභාවේ සාමාජිකයින් විසින් පෙන්වා දෙන ලදී ග්‍රාම සේවක අංශයේ ලේඛන සහ වැරදි ලෙස මුද්‍රණය කර ඇති යෝජනා ඇතුළුව.

සභාව තුළ කියවන සෑම ලිපියක්ම එය දෙමළ හෝ සිංහල භාෂාවෙන් කියවනු ලැබුවද, භාෂා දෙකටම පරිවර්තනය කළ යුතු බවට වාදයක් ඇති වූ විට ලංකා කම්කරු කොංග්‍රස් මන්ත්‍රී රවී කුලන්දයිවේක් සහ එක්සත් ජනතා සන්ධානයේ සාමාජිකයෙකු වන සභා උප සභාපති සිවකුමාර් අතර සභාව තුළ උණුසුම් තත්වයක් ඇති විය.
ජාතික ජන බලවේගයේ සාමාජික විජේසිංහ අරසයිකේ ජනන, බන්දුසේන සහ කාලිමුත්තු වසන්තන් අතර ද සිදුවූ ව්චන හුවමාරුවෙන් විනාඩි 15 ක් පමණ සභාව තුළ ඝෝෂාකාරී තත්වයක් ඇති විය.

සභාව නිසි ලෙස පැවැත්විය යුතු බව ඉල්ලා සිටිමින් සභා සභාපති හෙලන් ෆ්‍රැන්සිස් සභාවේ ආරක්ෂාව සඳහා පොලිසිය යොදවන ලෙස නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට නියෝග කළාය.
මෙම අවස්ථාවේදී මන්ත්‍රී රවී කුලන්දයිවේක් ප්‍රකාශ කළේ අපි සභාව තුළ එකට වැඩ කළ යුතු බවත් මෙහි පක්ෂ වෙනස්කම් කිසිවෙකු නොදැකිය යුතු බවත්ය.
මෙම තත්වය හමුවේ සභාව කල් තැබීමට යෝජනා විය .
​ ​



​ ​ ​ ​ ​ ​ ​ ​





​ ​ ​ ​ ​ ​

10/09/2025

CCTV footage shows phone theft at a store in Hatton
2025.09.09 ඊයේ සවස 2.30pm පමණ හැටන් බස් නැවතුම්පොළ අසල පිහිටා තිබූ වෙළඳ සැලක එම වෙළඳසැලේ වැඩ කරන සේවිකාවකගේ ආරෝපණය කිරීම සඳහා යොදා තිබූ ජංගම දුරකථනයක් යම්කිසි පුද්ගලයින් විසින් සොරාගෙන යන දර්ශන පෙළක් එම වෙළඳසැලේ සවිකර තිබූ cctv කැමරා පද්ධතිය සටහන් වී තිබුණි

​ ​



​ ​ ​ ​ ​ ​ ​ ​





​ ​ ​ ​ ​ ​

10/09/2025

බගවන්තලාව ප්‍රදේශයේ ජනතාවගේ සහ පාසල් ප්‍රජාවගේ ප්‍රයෝජනය සඳහා, බොගවන්තලාව පෙට්‍රොසා වතු කළමනාකරණය, බොගවන්තලාව පෙට්‍රොසා වතු කළමනාකරණය, බොගවන්තලාව වැවිලි මානව සම්පත් සංවර්ධන ආයතනය සහ නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා එක්ව 2025.09.09 වන අඟහරුවාදා දින බොගවන්තලාව පෙට්‍රොසා දෙමළ විද්‍යාලයේදී නොමිලේ වෛද්‍ය කඳවුරක් සංවිධානය කර ඇත.

මෙම නොමිලේ වෛද්‍ය කඳවුරට පෙට්‍රොසා දෙමළ විද්‍යාලයේ සිසුන්, මහජනතාව සහ රජයේ නිලධාරීන් ඇතුළු 600 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම නොමිලේ වෛද්‍ය කඳවුරේදී දන්ත පරීක්ෂණ, රුධිර පරීක්ෂණ සහ ශාරීරික පරීක්ෂණ පවත්වන ලදී. නුවරඑළිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, බොගවන්තලාව දිස්ත්‍රික් රෝහලේ නිලධාරීන් සහ බොගවන්තලාව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මෙම වෛද්‍ය කඳවුරට සහභාගී වූහ.
​ ​



​ ​ ​ ​ ​ ​ ​ ​





​ ​ ​ ​ ​ ​

❤️❤️❤️❤️
12/02/2024

❤️❤️❤️❤️

ඔන්න එහෙනම් අනිද්දට සෙට් වෙමු තලවාකැලේ ❤️

Address

Hatton
Hatton
22000

Telephone

+94716664477

Website

Alerts

Be the first to know and let us send you an email when I.NEWA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I.NEWA:

Share