Sandesa madhya dhwaraya

Sandesa madhya dhwaraya සාහිත්‍යට ඇල්මැති ජනයාගේ දොරටුව වෙත ?

08/05/2026
26/02/2026

Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.

25/02/2026

Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.

27/12/2025

Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.

සහෘදය,ඉතිහාසයේ බොහෝ දේ වෙනස්වෙමින් විකෘතිවෙමින්, අපේක්ෂිත යුග පෙරළිය, දැන් අප ඉදිරිපිට සටහන් වෙමින් පවතී.අනුර කුමාර ජනාධ...
20/10/2024

සහෘදය,
ඉතිහාසයේ බොහෝ දේ වෙනස්වෙමින් විකෘතිවෙමින්, අපේක්ෂිත යුග පෙරළිය, දැන් අප ඉදිරිපිට සටහන් වෙමින් පවතී.
අනුර කුමාර ජනාධිපතිවීමත්, ත්‍රිපුද්ගල කැබිනෙට්ටුවත්, අපූර්ව දේශපාලන සංහිඳියාවත් ඒ යුග පෙරළියේ වර්තමාන පිළිබිඹුවයි.
ප්‍රභූ පන්තියේ නිර්ලජ්ජිත, ජඩ දේශපාලන අධිරාජ්‍යය ගරා වැටෙමින් පවතී.
මේ වෙනසට මුල පිරුණේ 1956 සංස්කෘතික හා දේශපාලන පෙරළියෙන් පසුව බව මම විශ්වාස කරමි. ඒ පෙරළියට පන්නරය සපයා තිබුණේ දේශීයත්වය අගය කළ ජාතික අභිමානයෙන් යුතු පළමු පරපුරයි.
සුදු අධිරාජ්‍යයට එරෙහිව ඇරඹුණු පළමු මහා කැරැල්ල වෙල්ලස්ස නැගිටීම එක් පැත්තකින් දේශීයත්වය අවදි කළ ද තවත් පැත්තකින් සතුරා සංහාරය පටන් ගත්තේ එතැන් පටන්ය. එහෙත් සැබෑ නිදහස අපට අහිමිව තිබිණ. බෞද්ධ රාජ්‍යයක් පිළිබඳ හැටේ දශකයේ මුලදී පැන නැගුණු ගැරිල්ලා කැරැල්ල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සේ ප්‍රතිගාමීහු හංවඩු ගැසූහ. හැට දශකයේ රෝහණ විජේවීර ප්‍රමුඛ තරුණ පිරිසකගේ ඒකරාශී වීමෙන් 1971 වන විට පුපුරා ගිය තාරුණ්‍යයේ විප්ලවීය සාමූහිකත්වය ජීවිත වලින් මිල ගෙවන්නට සිදුවූ තරුණ නැගිටීමක් වුවත් එහි බලපෑම හරියට කියවා ගන්නට සමත් වූ පිරිසක් තවමත් කරළියට පැමිණ නැත. මේ අඩුපාඩුව නිසාම 88, 89 කාලය වන විට නැවත වරක් ජනතා නැගිටීමක් අත්විඳින්නට ලැබුනේ එහි නායකත්වය අකර්මණ්‍ය කොට දඬුකඳේ ගසා තිබූ මොහොතකය. ඒ යක්ෂයාගේ හෝරාවෙහි අතිශය අමානුෂික ලෙස පණපිටින් හළුකොට දැමුවේ, අප කියන්නට යන සමාජ පෙරළියේ දැවැන්ත නියාමකයාය. ඔහු රෝහණ විජේවීරය. දණින් වැටී ජීවත්වනු වෙනුවට, දෙපයින් නැගී සිටීමේ අභිමානයේ පාඩම ඔහු අපට උගන්වා තිබුණි.
අපේ වීරයා මරා දමන විට දෛවය විසින් රටට ශේෂ කොට ගිය අතිජාත පුත්‍රයා උවිඳු විජේවීරය.
පියා කළ විප්ලවය ගැනවත් ඔහුගේ හදිසි ඉරණම ගැනවත් කිසිවක් දැන තේරුම් නොගෙන සිටි ඒ නොදරුවා, දැන් සමස්ත ජනතා අපේක්ෂාව ඉටු කළ හැකි නව නායකත්වයක සීමා මායිම් හඳුනා ගනිමින් සිටී. මේ දෙවන පරපුරේ යෝධ පිම්මය. මෙරට නිදහසේ පළමු පරපුර යළි කියවා බලන්නට මේ කාලයයි. එහෙත් දෙවැනි පරපුරට ඉඩක් ශක්තියක් පන්නරයක් දිය යුතු අවස්ථාව මඟහරිනු නොහැකිය.
දැනට මැතිවරණ අවස්ථා අවුරා තිබෙන ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ හා සන්ධානගත වූ ජවිපෙ 1994 මහ මැතිවරණයට ඉදිරිපත් විය. එහිදී කළුතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇරඹූ මගේ දේශපාලන දුෂ්කර ක්‍රියාවට පුරා වසර තිහක් සපිරෙයි. ගෙවී ගිය තිස් වසර මා නියෝජනය කළේ වාමාංශික දේශපාලනයේ ප්‍රගතිශීලී කඳවුරයි. දෙවන පරපුර මගේ නව දේශපාලන ප්‍රවේශයක් නොව මා අත්දුටු දේශපාලනයෙහිම නව පිබිදීමයි. දෙවන පරපුර සමඟ සන්ධානගත වූ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ බහුතර කණ්ඩායමේ නායකත්වය මම නියෝජනය කරමි.
හුරුපුරුදු ගුරු මෙහෙවර, කලා මෙහෙවර හා ජනමාධ්‍ය මෙහෙවර මොහොතකට පසෙක තබා යළි මම පෑන සුරතට ගනිමි. ඒ පොත් ලියන්නට නොව රට හදන්නටය. දෙවන පරපුර සමඟ අලුත් ගමනකට මුල පුරන්නටය. ජනතා අභිලාෂ සපුරාලන්නට දෙවන පරපුරට යෝධ පන්නරයක් දිය යුතු අවස්ථාව මඟ හැරීම ජාතික අපරාධයකි. මේ අපරාධයට දායකවනු වෙනුවට කඩුවට වඩා බලවත් වූ පෑන සමග එක්වනු මැනවි.

- විදුර අබේනායක
- 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණ
කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

Address

364C, Kadhanawaththa, Pitipana Uthura
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Sandesa madhya dhwaraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandesa madhya dhwaraya:

Share

Category