04/07/2026
🏎️ | Formula 3 තරඟ බිමේ ශ්රී ලාංකීය සන්නාමය වු Yevan David!
එංගලන්තයේ සුප්රසිද්ධ Silverstone ධාවන පථයේදී අද පැවැත්වුණු FIA Formula 3 මෝටර් රථ තරඟාවලියේ Sprint Race තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට Yevan David සමත් වී තිබෙනවා.
ලෝක මෝටර් රථ ක්රීඩා ක්ෂේත්රයේ අතිශය තරඟකාරී මෙන්ම කීර්තිමත් තරඟාවලියක් වන Formula 3 ඉතිහාසය තුළ ශ්රී ලාංකිකයෙකු ලබාගත් ඉහළම සහ ප්රථම ජයග්රහණය මෙය මෙය ලෙසයි ඉතිහාසගත වන්නේ..
ඒ අනුව Formula 3 තරඟයක ජයග්රාහී වේදිකාව (Podium) මතට පිවිසි පළමු ශ්රී ලාංකිකයා ලෙස යෙවාන් ඩේවිඩ් වාර්තා පොත් අතරට එක් වනවා.
මෙම තරඟයේදී AIX Racing කණ්ඩායම නියෝජනය කළ යෙවාන්, ආරම්භයේ සිටම ඉතාමත් දක්ෂ ධාවන රටාවක නිරත වෙමින් සිය දෙවන ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත් වුණා. මෙහි ප්රථම ස්ථානය දිනා ගත්තේ Campos Racing කණ්ඩායම වෙනුවෙන් Ugo Ugochukwu.
ලෝක මෝටර් රථ ධාවන ක්ෂේත්රයේ ශ්රී ලංකා නාමය ජාත්යන්තරයට රැගෙන යාමට සමත් වූ 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් වෙත සමස්ත ලාංකීය ක්රීඩා ලෝලීන්ගේ සුභ පැතුම්. 😌❤️
Source : Formula 3 | tsml