APP News

APP News APP News – Stay Informed! 📰🌍

Bringing you the latest news from Sri Lanka and worldwide. Get real-time updates on business, politics, and trending stories.

Follow us for accurate, timely, and insightful news.

🪔 🏳️ 💐 දිවිසැරිය නිමා කළ ප්‍රියංකර පෙරේරාට ජනපතිගෙන් අවසන් ගෞරව..-------------------------------------------------------...
02/09/2026

🪔 🏳️ 💐 දිවිසැරිය නිමා කළ ප්‍රියංකර පෙරේරාට ජනපතිගෙන් අවසන් ගෞරව..
----------------------------------------------------------------------------------------

⚪ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) රාත්‍රියේ අවසන් ගෞරව දැක්වූවා.

⚪ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය සහ පුතු දිල්මින් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කරනු ලැබුවා.

⚪ කලක් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රියංකර පෙරේරා මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහය හෙට දිනයේදී බොරැල්ල ජයරත්න Respect Home හි තැන්පත් කර තැබෙනවා.

⚪ හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🇮🇷💥🇯🇴 ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් ---------------------------------...
02/09/2026

🇮🇷💥🇯🇴 ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
----------------------------------------------------------------------------------------

⃣ ජෝර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) සඳහන් කරනවා.

⃣ ඉරාන රාජ්‍ය විකාශක IRIB ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයක දක්වා ඇත්තේ, ගුවන් කඳවුරේ ඇති ඇමරිකාව සතු දිගු දුර RQ-4 සහ MQ-9 ඩ්‍රෝන යානා රඳවා තිබූ අංගන මෙහිදී ඉලක්ක කළ බවයි.

⃣ ප්‍රහාරයෙන් ඩ්‍රෝන යානා කිහිපයක් විනාශ වූ බවත්, ඇමරිකානු ගුවන් හා තාක්ෂණික කාර්ය මණ්ඩලයේ පිරිසක් මියගිය බවත්, IRGC ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

⃣ එමෙන්ම තාක්ෂණික යටිතල පහසුකම් කිහිපයක් ගිනිගෙන විනාශ වූ බවද එම ප්‍රකාශයේ සඳහන්.

⃣ කෙසේ වෙතත්, ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු හෝ ජෝර්දාන බලධාරීන්ගෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🇺🇸🏞️🇨🇦 'ඔන්ටාරියෝ විල' ඇමරිකානුවන්ට පමණක් 'ඇමරිකා විල' ලෙස නම වෙනස් කරමින් ගූගල් මැප්ස් (Google Maps) යාවත්කාලීන වෙයි.--...
02/09/2026

🇺🇸🏞️🇨🇦 'ඔන්ටාරියෝ විල' ඇමරිකානුවන්ට පමණක් 'ඇමරිකා විල' ලෙස නම වෙනස් කරමින් ගූගල් මැප්ස් (Google Maps) යාවත්කාලීන වෙයි.
----------------------------------------------------------------------------------------

🔹 ඇමරිකා එක්සත් ජනපදයේ ගූගල් මැප්ස් (Google Maps) පරිශීලකයින් සඳහා "ඔන්ටාරියෝ විල" (Lake Ontario) හි නම "ඇමරිකා විල" (Lake America) ලෙස වෙනස් කිරීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.

🔹 විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගයකට අනුකූලව මෙම සංශෝධනය ක්‍රියාත්මක කර ඇති බවයි.

🔹 කැනඩාව සමඟ පවතින වෙළඳ අර්බුදය උග්‍රවීමත් සමඟ, කැනඩාව සහ ඇමරිකාව අතර පිහිටි මහා විල් පහෙන් එකක් වන මෙම විලෙහි නම වෙනස් කිරීමට ජනාධිපති ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළා.

🔹 මෙම නියෝගය බලපාන්නේ ඇමරිකානු නිල සිතියම් සම්පාදනය කරන භූගෝලීය නාම තොරතුරු පද්ධතියට (GNIS) පමණක් වන අතර කැනඩාවේ නාමකරණයට හෝ ලෝකයේ සෙසු රටවල භාවිතයට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති.

🔹 ගූගල් සමාගම නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ, ඇමරිකාවේ නිල රාජ්‍ය මූලාශ්‍රවල සිදුවන නාමික වෙනස්කම් අනුව ගූගල් මැප්ස් යාවත්කාලීන වන බැවින් ඇමරිකානු පරිශීලකයින්ට 'Lake America' ලෙසද, කැනඩා පරිශීලකයින්ට 'Lake Ontario' ලෙසද, අනෙකුත් රටවල පරිශීලකයින්ට මෙම නම් දෙකම දිස්වන බවයි.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🇳🇵🌊🚨 නේපාලයේ බිහිසුණු ගංවතුර ජීවිත 1127 ක් බිලි අරන්..------------------------------------------------------------------...
02/09/2026

🇳🇵🌊🚨 නේපාලයේ බිහිසුණු ගංවතුර ජීවිත 1127 ක් බිලි අරන්..
----------------------------------------------------------------------------------------

🔲 නේපාල - ටිබෙට් දේශසීමාව ආශ්‍රිතව ඇතිවූ දැවැන්ත ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,127 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

🔲 හානියට පත්වූ ගොඩනැගිලි කොටස්, පාෂාණ සහ වෙනත් සුන්බුන් ටොන් මිලියන 2.2 ක ප්‍රමාණයක් ඉතිරිව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) කියා සිටියේ.

🔲 අතුරුදන් වූ සංඛ්‍යාව 4,858 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විදෙස් ජාතිකයින් 583 ක් ද ඊට ඇතුළත්.

🔲 නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා කියා සිටියේ ව්‍යසනයට ගොදුරු වූ පුද්ගලයින් 11,000කට ආසන්න පිරිසක් මුදාගත් බවයි.

🔲 එමෙන්ම, විදෙස් ආධාර ලෙස ඩොලර් මිලියන 42කට අධික මුදලක් ලැබී ඇති බව ද ඔහු කියා සිටියා.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🚩 බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ප්‍රහාරයක්.-------------------------------------------------------------------------------...
02/09/2026

🚩 බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ප්‍රහාරයක්.
----------------------------------------------------------------------------------------

🟠 ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වීරඟුල ප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්ව ඇති බව වීරඟුල පොලිසිය පවසනවා.

🟠 ප්‍රහාරයෙන් තුවාල ලැබූ සීලරතන හිමියන් ගම්පහ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

🟠 විහාරස්ථානයක පැවැති ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් අතරතුරදී උන්වහන්සේ වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට වාර්තා වෙනවා.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🪔 🏳️ ප්‍රවීණ සංගීතඥ විමල්ජිත් දොඹගහවත්ත දිවිසැරිය නිම කරයි.-------------------------------------------------------------...
02/09/2026

🪔 🏳️ ප්‍රවීණ සංගීතඥ විමල්ජිත් දොඹගහවත්ත දිවිසැරිය නිම කරයි.
----------------------------------------------------------------------------------------

⚪ ප්‍රවීණ සංගීතඥ විමල්ජිත් දොඹගහවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

⚪ අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 69ක්.

⚪ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක් සහ ගීත රචකයෙක් ලෙස එතුමන් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් සිදුකරනු ලැබුවා.

⚪ "සීතල කැටි ගැසී, රොටිය කරවෙලා නෝනේ, රෑ සඳ පාන ගෙතුලට ගේන" වැනි ගීත නිර්මාණ ඔස්සේ ඔහු ප්‍රේක්ෂක හදවත් තුළට සමීප වීමට සමත් වුණා.

⚪ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) පස්වරුවේ හොරණ මහයාලේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🏳️⚰️ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ජීවිතක්ෂයට -------------------------------------------------------------...
02/09/2026

🏳️⚰️ හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ජීවිතක්ෂයට
----------------------------------------------------------------------------------------

🔲 හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

🔲 ඔහුගේ මළ සිරුර කොළඹ තිඹිරිගස්යායේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඔහුගේ නිවසේදී අද දහවල් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

🔲 මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවුණා.

🔲 මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🛢️ 📈 යළි ඇවිලුණු ඇමරිකා-ඉරාන යුධ ගැටුම් මැද බොරතෙල් මිලත් ශීඝ්‍රයෙන් ඉහළට..---------------------------------------------...
02/09/2026

🛢️ 📈 යළි ඇවිලුණු ඇමරිකා-ඉරාන යුධ ගැටුම් මැද බොරතෙල් මිලත් ශීඝ්‍රයෙන් ඉහළට..
----------------------------------------------------------------------------------------

⃣ ඇමරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රබල ප්‍රහාර හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් යළි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

⃣ අද (02) වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය සෙනසුරාදා (29) එම අගය පැවතියේ ඩොලර් 88.10ක් ලෙසයි.

⃣ එමෙන්ම, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද පසුගිය සෙනසුරාදා පැවති ඩොලර් 83.40 සිට අද වන විට ඩොලර් 91 සීමාව පසුකර ඉහළ ගොස් තිබෙනවා.

⃣ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හමුදාමය තත්ත්වය උග්‍ර වීමත් සමග ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🇺🇸💥🇮🇷 දකුණු ඉරානයේ ඉලක්ක රැසකට ඇමරිකාවෙන් ප්‍රහාර මාලාවක්..-------------------------------------------------------------...
02/09/2026

🇺🇸💥🇮🇷 දකුණු ඉරානයේ ඉලක්ක රැසකට ඇමරිකාවෙන් ප්‍රහාර මාලාවක්..
----------------------------------------------------------------------------------------

⃣ දකුණු ඉරානයේ පිහිටි ඉලක්ක රැසක් වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඇමරිකානු හමුදාව පවසනවා.

⃣ ප්‍රධාන නගර සහ සූක්ෂම මිලිටරිමය ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙහිදී ඇමරිකානු හමුදාවන් විසින් දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සහ කලාපීය පුවත් සේවා වාර්තා කර ඇත්තේ.

⃣ ඒ අනුව බන්ඩාර් අබ්බාස් (Bandar Abbas), චබහාර් (Chabahar) ඇතුළු ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් වාර්තා වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

⃣ ඇමරිකානු නාවික බලඇණි මගින් ටෝමාහෝක් (Tomahawk) කෲස් මිසයිල යොදාගනිමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

⃣ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පිටතට යාත්‍රා කරමින් තිබූ සෞදි ඉන්ධන නෞකා දෙකකට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවයි ඇමරිකානු හමුදාව පවසන්නේ.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

🏳️ ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි.------------------------------------------------------...
02/09/2026

🏳️ ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි.
----------------------------------------------------------------------------------------

⚪ ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභවප්‍රාප්ත වී තිබෙනවා.

⚪ කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) රාත්‍රියේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

⚪ මියයන විට ඔහු 64 හැවිරිදි වියේ පසුවුණා.

⚪ ප්‍රියංකර පෙරේරා නැසී ගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, ගායන ශිල්පී චලක චමුපතිගේ සහෝදරයා ද වනවා.

⚪ මෙරට සංගීත ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම කැසට් යුගයේ සහ 80 - 90 දශකවල අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ ගායන ශිල්පියෙකු ලෙසයි ඔහු ජනප්‍රියත්වයට පත් වන්නේ.

⚪ පිය උරුමයෙන් ලද ගීත සිය මියුරු හඬින් සංගීත ලෝලීන්ට දායාද කළ ඔහු තවත් ගීත රැසකින් ශ්‍රාවක හදවත් පිනවූ ගායන ශිල්පියෙක්.

⚪ එම ගීත අතර රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ, සිහින දෙව්දුවේ, පිස්සු විකාරේ, අගාධ සාගරයේ, සමාන වී ඉපදී දිවි තලාවේ සහ පෙර ආත්මයක එක රාත්‍රියක වැනි ගීත වනවා.

⚪ ඔහුගේ දේහය අද (02) කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි ඔහුගේ බිරිද වන ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක සඳහන් කළේ.

👉 Follow us on Facebook : https://web.facebook.com/APPNewsSL

👉 Follow us on Instagram : https://www.instagram.com/appnewssl/

👉 Follow us on TikTok : https://www.tiktok.com/

👉 Join with us on WhatsApp : https://whatsapp.com/channel/0029Vb9gvh20LKZFPqfVaU3a

Address

Horana

12400

Telephone

+94718869606

Website

Alerts

Be the first to know and let us send you an email when APP News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to APP News:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share