12/09/2025
✨️🖤🦋හුස්ම නුඹ ✨️🖤🦋
Episode 10
ඔවුන් දෙදෙනා ආපනශාලාව වෙත පිවිස සිසිල් බීම පානය කර නැවත පැමිණි තම වැඩ කටයුතු වල නිරත වූවා.කාලය එලෙස අවුරුදු 1ක් පමණ සාමාන්‍ය ලෙස ගෙවි ගියේය.
ඉරිදා දිනක සිතට පැමිණි ක්ෂණික සිතුවිල්ලක් නිසාවෙන් උදෑසන10 ට පමණ මාශ් මවට බොරුවක් පවසා යහළුවන් හට කිසිත් නොපවසා නුවර බලා පිටත් විය.
දහවල් 2 වන විට ඔහු මහනුවර වෙත ලගා විය.ඔහු පැමිණ තිබුනෙ ඔවුන් පෙර පැමිණි ගම්මානයටයි.ගම්මානයේ පිහිටි ඇහැළ ගසක් අසල තම BMW රථය නවතා ඔහු එහි ඇතුළත සිට දෑස් අයා බලා සිටියේ එක් රුවක් පැමිණෙන තුරුයි.
පැය එකහමාරකට පසු ඔහු බලා සිටි රුව පැමිණියේ ය.ඈත සිට ඇය එනු දුටු ඔහු තම රථයෙන් බැස ඇය ඒ අසලින් ඇවිද යන විට ඔහු ඇයට කතා කර සිටියා .
" නිම්නාවි චුට්ටක් කතා කරන්න පුළුවන් ද "
" ඔ...ඔයා කව්ද "
"ඔහ් !සොරි ඔයාට මාව මතක නෑ නේද , මං දේවේන් අර එක සැරයක් ඔයාලගෙ වලව්වෙ නවතින්න ආවෙ තව යාළුවො වගයක් එක්ක "
" අහ් ! මට ටිකක් මතකයි ,ඇයි ඔයා මෙහෙ "
" මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ නාවි"
" නාවි ,ඇයි ඔයා මට එහෙම කියන්නෙ "
" මගෙ අයට මං කැමති නමින් කතා කරන්නෙ "
" මගේ අය ...."
" පුළුවන් ද කතා කරන්න ගොඩක් වෙලා ඕනෙ නෑ පොඩි වෙලාවයි "
" මං ...මං මලීෂා හම්බෙන්න යනවනෙ "
"හරි ඔයා කැමති නම් එයා එක්ක එන්න මට අව්ලක් නෑ "
ඔහු පැමිණ සිටියේ ඇය හමුවීමටයි ,මන්ද ඔහු නැවත කොලඹ පැමිණ මාසයක් ගත වන විට ඇය පිළිබඳ මතක් වීමට පටන් ගෙන තිබුණි.
ඇය පිළිබඳ නොසිතා සිටින්න හැදුවත් ඔහුගේ හදවත ඔහුට එයට ඉඩ නොදේ. අවසානයේ ඔහු තම සිත සමඟ තර්ක කර ඇය හමුවී ඈට පැවසීමට තීරණය කර සිටියා.
ඔහුගෙ ඉල්ලීම මගහැර යෑමට සිතක් නොමැති නිසාවෙන් ඇය මලීෂා හට ඇමතුමක් ගෙන ඇය සිටින ස්ථානය වෙත පැමිණෙන මෙන්.
ඇගේ මිතුරිය පැමිණි පසු ඇය ඔහුගේ රථයට ගොඩ වූ පසු ඔහු රථය පනගන්වා නගරය වෙත යෑමට පිටත් විය.විනාඩි 20 වන විට ඔවුන්ගෙ රථය කුඩා හුරුබුහුටි අවන්හලක් ඉදිරිපිට නතර විය.
තිදෙනාම එයින් බැස අවන්හලෙහි පිටත සිව්දෙනෙකුට අසුන් ගත හැකි ලී මේසයක් මත ඔවුන් අසුන් ගත්තේ ය.
"ස්වාතියෝ මං අතනට යන්නම්,ඔය දෙන්නා කතා කරන්න"
" අනේ මලීෂා "
"මේ මං අතන ඉන්නවා බය වෙන්න එපා "
ඔවුන් දෙදෙනා හට කතා කිරීමට දී මලීෂා නම් යුවතිය ඉන් එහා ඇති මේසයක අසුන් ගත්තේ ය.
"නාවි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා "
"මො.ක.ක්.ද "
"මං ඔයාට ආදරෙයි I love you navi අනේ ඔහොම බයවෙලා වගේ බලන් ඉන්න එපා නාවි ඔයාට කෙනෙක් නෑ කියන්න මං දන්නවා"
ඔහු ඇයට ප්‍රේම කරන බව පැවසූ විට ඇය ඔහු දෙස ගල් ගැසී මෙන් බලා සිටි අතර ඔහු පැවසූ දේ පමණක් ඇයගේ දෙසවන් තුළ දෝංකාර දුනි.
"මට හදිස්යක් නෑ ඔයා හිතලා උත්තරයක් දෙන්න.කැමති කාලයක් ගන්න හරිද මගෙ නම්බර් එක දෙන්නම් ඔයාට ඔයාගෙ උත්තරේ කියන්න ඕන දවසට මට කියන්න මං එන්නම් ඔයාගෙ උත්තරේ මොකක් උනත් මං බාරගන්න ලෑස්තියි "
ඔහු ඇය හට ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රේමය පිළිබඳ සියල්ල පවසද්දි ඇය ඔහු හට බාධා නොකර සියල්ල අසා සිටියා.විනාඩි 15 කට පසු ඔහු නැගිට සිටියේ කතා කර අවසන් නිසාවෙනි
"මං ඔය දෙන්නව ගිහින් දාන්නම් යමු කොහොමටත් පයින් යන්න බැහැනෙ "
"නෑ අපි...."
"නංගි ඔයාවත් මෙයාට කියන්න"
"ස්වාතියෝ අපි දැන් පයින් ගියොත් උබලගෙ නැන්දට කව්රුහරි කියයි ඒක නිසා මෙයාගෙ වාහනෙ ගිහින් අපි නැගපු තැනින් බහිමු "
ස්වාති හට තේරුම් කිරීමෙන් පසු දෙදෙනා ඔහුගේ රියට නැග පිටත් විය.විනාඩි 10 කින් පමණ ඔවුන් දෙදෙනා නැගි ස්ථානයෙන් ඇරලවා ඔහු කොලඹ බලා පිටත් විය .
__________________________________________________________
" මේ ඒ අර උබලගෙ වලව්වෙ නැවතිලා ඉදියා කියපු කොල්ලෙක් ද"
"ඔව් මලී එයා එක්කෙනෙක් "
"අඩෝ උබ කිව්ව විස්තර එක්ක මං හිතුවෙ නෑ ඌ එච්චර හැන්ඩියෙක් කියලා"
"අයියෝ මලී හිමීට බං කාටහරි ඇහුනොත් "
" මේ එක නෙවෙයි අසංක මාමා අද එන්නෙ නැද්ද බං ඊයෙ යද්දී අද එනවා කියලා උබට කිව්වා කිව්වෙ "
" අද හවස,එනවා කිව්වා "
" අම්මෝ ඒක හොදයි නැත්නම් උබලගෙ නැන්දගෙ කරදර වැඩිවෙයි උබට "
" මට ඒක පුරුදුයි මලී "
"උබ හොද වැඩී බං "
" මං එහෙ ඉන්න නිසා වැඩ කරන්න ඕනා නැන්දා කියන කතාව ඇත්ත "
"අනේ මේ උබට මං කියන්නෑ"
දෙදෙනා තවත් බොහෝ දෑ කතා කරමින් ඉදිරියට ඇවිද ගියේ ය.සුළු වේලාවකින් ඇගේ මිතුරිය ඇගේ නිවස වෙත පියමැන්න අතර ඇය වලව්ව වෙත යෑමට ඇති මාර්ගයේ පියමැන්නේ ය.
____________________________________________________________
" චූටි පුතා දැන් අර හම්බෙන්න ඉන්නවා කිව්ව ක්ලයන්ට් හම්බුනාද "
"අහ් ,ඔව් අම්මා හම්බුනා මං වොෂ් එකක් දාන් එන්නම්"
තම මවහට පිළිතුරු දී ඔහුගේ කුටියට පැමිණ ඔහු යහනේ වැතිර ඇය පිළිබඳ සිතමින් සිටියා.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අනේ ඉස්සෙල්ලම සොරි කතාව පරක්කු උනාට ආයෙ එහෙම වෙන්නෙ නෑ...මං කතාව සතියට දවස් තුනක් වගේ දෙන්නම්..පුළුවන් උනොත් බෝනස් එපියක් දෙන්නම්..🌺
ආයෙ ඉරිදා හවස කතාව දෙන්නම්
කතාවට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න..
පේජ් එකත් Follow කරන්න ..🌺
දර්ශි ...📝