Rose Petal by Pinky

Rose Petal by Pinky නිදහස් මාවතක අකුරු එක්ක සැරිසරමු ���

වෙන කල්පනාවලනෙ යම්නෙ ඉතිම් ...
20/10/2025

වෙන කල්පනාවලනෙ යම්නෙ ඉතිම් ...

20/10/2025
✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋 Episode 24                 අවසානයේ ඇය තමා සිදු කළ වැරදි විනිසුරුවරයා  ඉදිරියේ පිළිගත් නිසාවෙන් ඔහු ඇය ...
18/10/2025

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋
Episode 24

අවසානයේ ඇය තමා සිදු කළ වැරදි විනිසුරුවරයා ඉදිරියේ පිළිගත් නිසාවෙන් ඔහු ඇය හට වසර දහයක සිර දඩුවමක් නියම කළේය.යශෝදාගේ සිතේ ඈ පිළිබඳ කිසිදු තරහක් නොවුනි .මන්ද ඇය හට ජයන්ති මහත්මිය කුඩා කල සිට වෙනස්කම් කෙරුවද යශෝදා මහත්මිය ඇය තමාගේ සහෝදරියකට මෙන් ප්‍රේම කලේය.

ඇය බන්ධනාගාරය වෙත රැගෙන යන විට සියල්ලන්ම දුක්බවරව ඇය දෙස බලා සිටියේය.ඇය ඔවුන්ගේ උවන දෙස නොබලා සිටීමට තීරණය කර තිබුණේය.ඇය බන්ධනාගාර බසයට ගොඩ වූ පසු ඔවුන් පිටත්ව යෑමට සූදානම් වන විට බණ්ඩාර මහතා ඔවුන් අසලට පැමිණියහ.

" බණ්ඩාර "

" අසංක එහෙනම් මගෙ රාජකාරිය අදින් ඉවරයි "

" Thank you so much ! බණ්ඩාර මේ හැමදේම විසදුවට ,මට ජයන්ති ගැන දුකයි බණ්ඩාර එයාට ඔහොම වෙන්න මාත් හේතුවක් "

" මටත් කණගාටුයි ජයන්ති ගැන...මං ගිහින් එන්නම් අසංක කට්ටියම එහෙ ඇවිත් යන්න එන්න "

" හරි බණ්ඩාර අපි එන්නම් "
බණ්ඩාර මහතා ඔවුන් හට සමුදී පිටව යන විට අසංක මහතා සහ අනෙක් අයවලුන් ද ඔහු සමග පිටත් විය.කොලඹ පිහිටි තම මාපියන්ගෙ නිවසේ අද දින නතර වීමට ඔවුන් තීරණය කලේය.

සති කීපයකට පසු ........

අසංක මහතා සුපුරුදු ලෙසින් නුවර පිහිටි තම වලව්ව වෙත පැමිණියේ ය.යුවතියගේ පෙරැත්ත කිරීම නිසාවෙන් යශෝදා සහ ආමන්ත මහතා හටද නුවර පැමිණීමට සිදු විය.යුවතිය වෙනදාටත් වඩා සතුටින් සැහැල්ලුවෙන් ගෙවී ගිය සති කීපය තුළ සිටි බව සියල්ලන්ම දුටුවේය.

මාශ් විසින් ඇගේ මාපියන් හට ඔහු හා යුවතිය අතර සම්බන්ධයක් තිබෙන බව කී විට ඔවුන් පැවසූයේ ඔහුගේ දෙමාපියන් සමගින් මේ බව කතා කිරීමට අවශ්‍ය බවයි.ඔහු තම මව හට යුවතිය පිළිබඳ පැවසූ විට ඇය සතුටු උනි.මන්ද පියා මව හට යුවතිය පිළිබඳ සියල්ල පවසා තිබුණි.පියා කිසිවක් කියූ බවක් මව මාශ් හට හෝ නොකීවේය.ඇය ඔහු එවැන්නක් පවසන තෙක් නොදන්නා ලෙස සිටියහ.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

අවුරුද්දකට පසු.............

කොලඹ පිහිටි එක් දෙමහල් නිවසක උදෑසන සිට ඇත්තෙ බොහෝ කලබලකාරීවයි.එය නවීන පන්නයේ දෙමහල් නිවසකි.නිවස වෙත ඇතුල් වීමට ඇති බිමෙහි බුමුතුරුණු අල්වා ඇති අතර ඒ දෙපස විවිධ වර්ණයේ රෝස පදුරු වවා තිබුණි.එක් පසෙක ස්වාභාවික ලෙස සෑදූ පොකුණක් විය.
එහි කුඩා සුදු ඕලූ මල් කිහිපයක් පිපී තිබුණි.අනෙක් පසෙහි සිව්දෙනෙකුට පමණ අසුන් ගතහැකි මේසයක් හා පුටු තිබුණ.තාප්පය අසලට වන්නට විශාල පේර ගසක් තිබුණු අතර එතැන් සිට තාප්පය අසල සිට නිවස පිටුපසට වන තෙක් ක්‍රිස්ටිනා ගස් සිටවා ඒවා අලංකාර ලෙස කප්පාදු කර තිබුණි.

නිවසෙහි ඇතුල් වන විටම සාලයෙහි ඉතා වටිනාකමකින් යුත් සෝෆා කට්ටලයක් දක්නට ලැබේ .පව්ලේ සියල්ලන්ගේ ඡායාරූප තබා ඇති අතර එහි ඉදිරියෙන්ම ඇත්තේ යශෝදා මහත්මිය සහ ආමන්ත මහතා තම දියණිය සමග ගත් රූපරාමුවකි. ඔවුන් පාන්දර පහේ කනිසමේ සිට අවදිව විවිධාකාරයේ කැවිලි සාදමින් සිටියි .උදෑසන හතයි තිහ වන විට නිවසෙහි තිබූ කලබලකාරී බව අඩුවිය.

" යශෝ ගිහින් දෝණිව නැගිට්ටවන්න "

" එයාව නැගිට්ටවන එකනම් ලේසි නෑ ආමන්ත "

" එහෙම තමා යශෝ අපිට ඉන්නෙ ඔච්චරයිනෙ "

" ඔයා තමා එයාව හුරතල් කරලා නරක් කරන්නෙ ..මං යනවා දෝණිව ඇහැරවන්න "

යශෝදා මහත්මිය උඩු මහල වෙත පිවිස කෙසේ හෝ යුවතිය අවදි කරගත්තේය .සියල්ලන් මෙලෙස කලබලකාරී වී වැඩ කටයුතු සිදු කරන්නෙ අද දින සියල්ලන් හට සතුටු දිනයකි.මන්ද මාශ් සහ ඔහුගේ දෙමාපියන් අද දින යුවතිය බැලීමට පැමිණෙන්නේය.

යුවතියගේ පෙරැත්ත නිසාවෙන් ම ඇගේ මිතුරිය මලීෂා ද ඇය සමග පැමිණියේ ය.උදෑසන අටයි තිහ වන විට යුවතිය සූදානම් වී අවසන් වූ අතර නවය වන විට දෙමාපියන් සමගින් මාශ් පැමිණි අතර ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ද ආවේය.ඔවුන් නිවස තුලට පිළිගෙන සියල්ලන් සාලයෙහි අසුන් ගත්තේය.

දෙමාපියන් කතා බහ කරන විට මාශ් වටපිටාවෙහි දෙනෙත් යැව්වෙ ඇගේ රුව දැක ගැනීමටයි.එය දුටු ඔහු අසල සිටි මලිත් ඔහුගේ වැලමිටට තල්ලුවක් දුන් නිසාවෙන් ඔහු මලිත් දෙස බැලූ විට ඇස් වලින් මලිත් ඔහු හට යමක් කීවේය.

"යශෝ දෝණිව එක්කන් එන්න "

ආමන්ත මහතා යුවතිය රැගෙන එන මෙන් පැවසූ විට යශෝදා මහත්මිය ඔහු හට හිස සලා අනෙක් අයවලුන් හට සිනහවකින් සංග්‍රහ කර උඩු මහල වෙත පිවිසියේ ය.

සුළු වේලාවක් ගතවන විට යුවතිය උඩුමහලේ සිට බුලත් හෙප්පුවද රැගෙන තම මව සහ මිතුරිය සමගින් පහත මහළ වෙත පැමිණෙමින් සිටියේය.යුවතිය දුටු සැනින් මාශ් හට සිතුනෙ ඇය අන් දිනවලටත් වඩා අද දින සුන්දරයි කියා.මන්ද ඇය හැද සිටියේ සුදු පැහැ සාරියකි.එහි රත්‍රන් පාටින් කුඩා මෝස්තරයක් දමා තිබූ අතර එය යුවතියට හොදින්ම ගැලපුණි.

කුඩා මෝස්තරයක් දමා හිසකෙස් ද පීරා තිබූ අතර එය පිට මැදින් පහලට කඩා හැලෙන සේ දමා තිබුණි .යුවතිය හෙප්පුවද රැගෙන මාශ් අසලට ගොස් ඔහුට හෙප්පුව ලබාදී වැන්දේය.ඔහු විසින් ඇය හට සුදු රෝස මල් කළඹක් සහ කුඩා කවරයක දැමූ තිළිණයක් ලබා දුනි.ඇය ඉන්පසු ඔහුගේ මව හා පියාට වැද ආශිර්වාද ලබා ගත් අතර මාලතී මහත්මිය යුවතිය ඇය අසලින් තබා ගත්තේය .

" චූටි පුතා මට ෆොටෝස් වලින් පෙන්නුවට වඩා දෝණි ලස්සනයිනෙ නේද විශ්ව "

" ඒක නම් ඇත්ත මාලතී "

ඔවුන් පැවසූ දේ නිසාවෙන් යුවතිය කෝලයෙන් පසුවුණි.තවත් බොහෝ දෑ ඔවුන් කතා කරන විට ඔහුට හා යුවතිය හට එළිමහන වෙත ගොස් කතා කරන මෙන් දෙමාපියන් පැවසූ පසූ ඔවුන් එළිමහන වෙත ගියේය.

"සුදූ "

" කෝ ඉතින් මෙහෙ බලන්නකො "

ඔහු යුවතිය ඇමතූවේ වෙනදාට වඩා වෙනස් ස්වරයකිනි.ඒ හේතුවෙන් යුවතිය ඔහු දෙස බැලීමට සුළු වේලාවක් ගත්තේය .

" දන්නවද සුදූ ,ඔයා අද වෙනදටත් වඩා ලස්සනයි ..හරියට ගැට පිච්ච මලක් වගේ ඔයා ඒ තරම් හැඩයි මේ සාරියට ඔයා"

ඔහු ඇගෙ උවන දෙසම බලා එක හුස්මට සියල්ල පැවසීය.යුවතිය සිටියේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් මෙන් රතුවීය.ඔහු පැවසූ දෑ අසමින් සිටි යුවතිය ඔහු කතා බහ නැවතූ නිසාවෙන් ඔහුගේ උවන දෙස බැලීය.

" වෙනදට කතා කරනවා නම් අද බැරි මොකද "

" අනෙහ් ! "

" මං එක්ක තරහින්ද "

" අනේ ඒම නෑහ්...මට මේ ඔක්කොම හීනයක් වගේ "

යුවතිය හට ඇගේ දිවියේ සිදු වූ දෑ නිසාවෙන් තවමත් ඇයට මේ සියල්ල සිහිනයක් මෙන් දැනේ.

" මේ හැමදේම ඇත්තක් සුදූ අතීතෙ අයිති අතීතෙට ඒක ආයෙ වර්තමානෙදි හිතන්න එපා තේරුනාද "

ඔහු යුවතියගෙ උවන දෙපසින් අල්වා ඇගේ දෙනෙත් දෙස බලා පවසා ඇගේ නලල් තලය මතට උණුසුම් හාදුවක් ලබා දුනි.මොහොතක් ඔහු යුවතියගේ දෙනෙත් දෙසත් යුවතිය ඔහුගේ දෙනෙත් දෙසත් බලා සිටි අතර ඔවුන්ගේ නිහඬතාවය බිදුණේ මලිත් පැමිණ ඔවුන් හට තේ පානය සදහා එනමෙන් යශෝදා මහත්මිය කී බව පැවසීය.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
කතාව තව කොටස් දෙකකින් හෝ තුනකින් අවසන් වෙනවා යාළුවනෙ ..❤️❤️...

පේජ් එකේ රීච් එක හොදටම අඩුවෙලා යාළුවනෙ ..පුළුවන් අය ස්ටිකර් කමෙන්ට් ටිකක් දාගෙන යන්න ..🥺
කතාවට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ...
පේජ් එකත් follow කරන්න...🌺.. ගෲප් වලට ශෙයා කරන්න හැමෝම කතාව. ..

දර්ශි ...📝

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋 Episode 23"අපේ අම්මලා අසංකගෙ පවුලෙ අය හැමෝම හිතුවෙ යශෝදයි ආමන්තයි මැරුනා කියලා .අසංකගෙ මහගෙදර තමයි හැම...
15/10/2025

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋

Episode 23

"අපේ අම්මලා අසංකගෙ පවුලෙ අය හැමෝම හිතුවෙ යශෝදයි ආමන්තයි මැරුනා කියලා .අසංකගෙ මහගෙදර තමයි හැමදේම ලෑස්ති කරේ.දෙන්නගෙම ඩෙඩ් බොඩි දෙක ගෙදර ගෙනාවත් පිච්චිලා නිසා බලන්න බෑ කිව්වා.ඒක නිසා මුකුත් ප්‍රශ්නයක් උනෙත් නෑ.දරුවට සිහිය ඇවිත් තිබුනෙ නෑ ඒ වෙද්දිත් මොකද ඩොක්ටර්ස්ලා කිව්වා ඔළුව වැදිලා නිසා සිහිය එන දවසක් කියන්න බෑ කිව්වා.

අවසන් කටයුතු ඉක්මනට කෙරුවා.පිච්චිලා තියෙන නිසා බලන්නත් බෑනෙ.අවසන් කටයුතු ඉවරවෙලා හත්දවසෙ දාන දුන්නට පහුවදා දවසෙ දරුවට සිහිය ඇවිත් තිබුනා.හැබැයි ඔළුව තදින් වැදිලා තිබුන නිසා කලින් දේවල් මුකුත් මතක නෑ.ඩොක්ටර්ස්ලා කියලා තිබ්බා ඒවා ආයෙ මතක් කරන්නත් එපා කියලා.හොස්පිටල් එකෙන් ටිකට් කපලා ස්වාතිව අසංකගෙ මහ ගෙදර අරන් ගියාම අසංක හැමෝටම කිව්වා අසංක මල්ලිගෙ දරුවා බලා ගන්නවා කියලා .

අසංක ඒක කිව්වම හැමෝම පුදුම උනා .මොකද අසංකගෙ අම්මලයි අපෙ අම්මලයි හිතන් ඉදලා තියෙන්නෙ දරුවා එයාලා බලා ගන්න.අසංක අම්මලට කිව්වා මගෙ හිතත් දරුවා නිසා හැදෙයි කියලා.ඉතින් අසංක කිව්ව නිසාම අම්මලා අසංකගෙ තිරණේට එකග උනා.අසංක මගෙන් ඇහුවම ඒකට කැමති ද කියලා මට කරන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ.මං කිව්වා මං කැමති කියලා .අසංක ඊට පස්සෙ ඊට පහුවදා දරුවා අරගෙන නුවර ආවා.

අසංකගෙ පවුලෙ අයයි අපෙ අම්මලයි දරුවා බලලා යන්න ආවා.තුන්මාසෙ දානෙත් අපිට පුළුවන් උපරිම විදියට ආමන්තටයි යශෝදටයි සෙත් පතලා දුන්නා.අව්රුදු 10 ක් ඒ විදියට ගෙවුනා.ස්වාති ලොකු වෙද්දි යශෝදා වගේම උනා .ඒක නිසා මං,ස්වාතිට අසංක ගෙදර නැති දවස් වලට වෙනස්කම් කරා.අසංක කොහොමහරි හරි ඒ දේවල් දැන ගෙන තිබුනා හැබැයි මගෙන් ඇහුවෙ නෑ.කුසුමා දැනගෙන හිටියත් කුසුමා කිව්වෙ නෑ ඒ දේවල්.

අසංකත් ස්වාති ගැන හැම තිස්සෙම හෙව්වා.මං ඒක නිසාම දවසක් කමල්ට කෝල් එකක් ගත්තා යශෝදගෙයි ආමන්තගෙයි කතාව ඉක්මනට ඉවර කරන්න.ඉතින් මං ඊට දවස් දෙකකට පස්සෙ අසංක එලියට ගියාම මං කමල් හම්බෙන්න ගියා.

මං එදා කමල් හම්බෙලා යශෝදගෙයි ආමන්තගෙයි වැඩේ ඊට පහුවදා ඉවර කරන්න ඉදියෙ.ඒත් මං කමල්ට ඊට පහුවදා කෝල් ගත්තත් ෆෝන් ආන්සර් කරේ නෑ.ඊට දවස් තුනකට පස්සෙ කමල් මට කෝල් කරලා කිව්වා පොලීසියෙන් පැන්නා කියලා තැනට කමල් බොහොම අමාරුවෙන් පැන ගත්තෙ කියලා. "

සියල්ල පැවසූ පසු ඇය නිහඩ වූ විට දිගු හුස්මක් පහත හෙලූ බණ්ඩාර මහතා අසුනින් නැගිට එළිමහන වෙත පිටත් විය.බණ්ඩාර මහතා එළිමහනට වී බොහෝ වේලා කල්පනා කරමින් සිටියේ ය.එළිමහනේ සිට නිවස වෙත ඇතුල් වූ ඔහු කාන්තා නිලධාරිනිය හට පවසා සිටියේ ජයන්ති මහත්මිය හට ආහාර ලබා දී ඇය හට කුටියක් ලබා දෙන මෙන්‍ ය .

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

දින කිහිපයකට පසු .....

උදෑසන හතේ කනිසම වන විට මාශ් අවදිව කාර්යාලය වෙත පිටත් වීමට සූදානම් වෙමින් සිටි අතර ඔහු සොයා කුටිය වෙත පැමිණියේ ඔහුගේ මිතුරා මලිත් ය .

සූදානම් වන අතර මලිත් සමගින් කතා කල ඔහු මාලතී මහත්මිය ආහාර ගැනීම සදහා පහත මහලෙ සිට කතා කෙරූ නිසාවෙන් ඔවුන් දෙදෙනා කතා කරමින් පහත මහල වෙත පිවිසියේය.විශ්ව මහතා ඒ වන විට ආහාර මේසයෙහි අසුන් ගෙන සිටියහ.

" ආන්ටිගෙ අතින් හදපු කෑමක් කන්නෙ හුග දවසකින් "

" අනේ මේ උබට මෙහෙ එන්න එපා කියලා නෑනෙ අපි "

" හරි බං මේ දවස් ටිකේ ටිකක් බිසී උනා "

කෑම මේසයෙහි අසුන් ගනිමින් මලිත් පැවසූ දෑට මාශ් ප්‍රති පිළිතුරු දුනි.ඔවුන් කතාව අතරම තම ප්ලේට් වෙත ආහාර බෙදා ගත්හ.තිදෙනාම ආහාර ගෙන අවසන් වී මාලතී මහත්මිය හටද පවසා තම කාර්යාලයන් වෙත පිටත් විය.

උදෑසන අට පසුවී විනාඩි පහළොවක් ගතවන විට මාශ් ඔහුගේ කාර්යාලය වෙත පැමිණියේ ය.මාශ් කාර්යාලයෙහි තම කුටිය වෙත පිවිස අසුන් ගෙන මේසය මත තබා තිබූ ලියකියවිලි කිහිපයක් පරීක්ෂා කළ අතර ඔහු ඒවා සියල්ල පරීක්ෂාකර අවසන් වන විට උදෑසන 10 පසු වී තිබුණි.

ඔහු අවසන් ලියකියවිලි ගොනුව වැසූ සැනින් ඔහුගේ මිතුරන් ඔහුගේ කුටිය වෙත ඔහුට කතා නොකරම පැමිණියේය.

" මොකද බං මේ "
ඔවුන්ගේ හදිසි පැමිණීම මාශ් හට ප්‍රශ්නාර්ථයකි.මන්ද ඔවුන් වෙනදාට පැමිණෙන විට ද්වාරය වෙත තට්ටු කර පැමිණෙන්නේය.

" උබට දැන් අපිට කියන්න බැරි දේවලුත් තියෙනවා නෙහ් "
ඔහුගේ මිතුරන් එහි පිවිස සෝෆාවෙහි අසුන් ගෙන ඔහුගෙන් ප්‍රශ්න කලේය.

" මොකක්ද මලියා මේ තිමිරයා කියන්නෙ "
තිමිර පැවසූ දේ නොවැටහුනු නිසාවෙන් ඔහු මලිත් දෙස බලමින් ඔහුගෙන් ඇසීය.

" කියන්නෙද කියන්නෙ උබ අපිටත් නොකියා කෙල්ලෙක් සෙට් කර ගත්තු එක "
මාශ්ගෙ උවන දෙස බලා මලිත් කීය.

" කව්ද දැන් උබලට ඕක කිව්වෙ "
වෙනසක් නොපෙන්වා ඔහු ඇසුවේය.

" මං කිව්වෙ මම දැක්කා උබේ ප්‍රියම්බිකාව අද උදේ උබගෙ ෆෝන් එකට මැසේජ් එකක් දාලා තියෙනවා"
උදෑසන මාශ් හමුවීමට ඔහුගේ කුටියට පිවිස මලිත් ඔහු සූදානම් වන තෙක් දුරකථනය ඔබමින් සිටින විට මාශ්ගෙ දුරකථනය වයිබ්රේට් වූ නිසාවෙන් ඔහු එය බැලූවිට දුටුවෙ "Sudu❤️🌍 "නමින් නම්වරයකින් ඔහුට පණිවිඩයක් පැමිණ ඇති බවයි.මලිත් සියල්ල පැවසූ පසු මාශ් හුස්මක් පහත හෙළා ඔවුන් හට ස්වාති සහ ඔහුගේ සම්බන්ධය පිළිබඳ සියල්ල පැවසීය.

යුවතියගේ දෙමාපියන්ගෙ විස්තර සහ ඔවුන් සොයාගත් ආකාරයද පැවසීය .මිතුරන් හට මේ කිසිවක් නොපැවසූවා කියා ඔවුන් මාශ් හට දෝෂාරෝපණය කලේය.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

අසංක මහතා තම සොහොයුරාගේ දෙපා නැවත යථා තත්ත්වයට ගැනීම සදහා සිංහල වෙදැදුරෙකු සොයාගෙන තිබූ අතර ඔහු හමුවට ගිය පසු ඔහු ආමන්ත මහතාගෙ දෙපා පරීක්ෂා කර සුව කර හැකි බව කීය.

වෛද්‍යවරුන් ආමන්ත මහතා හට දෙපා සුව වීම සදහා සැත්කමක් සිදු කළත් එයින් ඔහුට යම් තරමක සුවයක් දැනුනත් ඔහුට තනිව ඇවිදීමට නොහැක.වෙදමහතා හමු වූ පසු ඔහු පවසා සිටියෙ මාස තුනක පමණ කාලයක් ආමන්ත මහතා හට නැවතී බෙහෙත් ගැනීමට සිදුවන බවයි .

අසංක මහතා ඔහුට අවශ්‍ය දෑ සූදානම් කර ගෙනවිත් තිබුණි.යශෝදා මහත්මිය ආමන්ත මහතා සමගින් විනාඩි කිහිපයක් කතා කර පසුදින ඔහු බැලීමට එන බව පවසා අසංක මහතා සමගින් ඇය පිටත් විය.ස්වාති හට එදින පැමිණීමට නොහැකි වූයේ පෙරපාසලෙහි කුඩා ළමුන්ගේ උත්සවයක් නිසාවෙනි .

පැවසූ පරිදි යශෝදා මහත්මිය ස්වාති සහ අසංක සමගින් ආමන්ත මහතා බැලීමට වෙදමැදුර වෙත ගියේය. මේ වන විට ආමන්ත මහතා හට තනිව කෙටි දුරක් ඇවිද යා හැකි අතර වැඩි දුරක් ඇවිදින විට ඔහුට දෙපා මතින් යම් වේදනාවක් දැනේ.වෙදමහතා හට ඒ බව පැවසූ විට ඔහු පැවසූයේ දෙපා සදහා ව්‍යායාම කිහිපයක් කිරීමට තිබෙන අතර ඒවා කරමින් ඔහු ලබා දුන් බෙහෙත් තෙල් ආමන්ත මහතාගේ දෙපා මත ගැල්වූ විට එම වේදනාව සුව වී ඔහු හට පෙරමෙන් ඇවිද යාමට හැකිවන බවයි.

මේ වන විට ආමන්ත මහතා වෙදමැදුරේ සිට නිවස වෙත පැමිණි සිටියේය.ඔහුගේ දෙපා මත බෙහෙත් ගල්වා ව්‍යායාම පවා සිදුකරන්නෙ යශෝදා මහත්මියයි.ඔහුගේ දෙපා සදහා මේ වන විට යම් තරමක සුවයක් ලබා සිටී.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
ජයන්ති මහත්මිය හට ඈ කල වැරදි වෙනුවෙන් දඩුවම් ලැබීමට කාලය පැමිණ ඇත.ඈ පැවසූ සියල්ල ඔවුන් පටිගත කළ අතර එම රිය අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවකුද බණ්ඩාර මහතා හට සොයා ගැනිමට හැකි විය.

ඔහු අසංක මහතා හට ඇමතුමක් ගෙන ඔහු හමුවීමට පැමිණෙන මෙන් පැවසීය.ඔහු පැමිණි පසු බණ්ඩාර මහතා ඔහු හට ජයන්ති මහත්මිය පැවසූ සියල්ල පටිගත කෙරූ උපකරණය ඔහුට ඇසීමට ලබා දුනි.ඒ සියල්ල ඇසූ ඔහු හට මහත් කලකිරීමක් දැනින.

මන්ද විවාහයෙන් පසු හො ඔහුට ඇය වෙනස් කලද තම දරුවා නැති වූ පසු ඇය පෙර සිටි තත්වයට පත්වූයේ ඔහුගේද වරදින් බව ඔහු සිතයි.තවත් සුළු මොහොතක් හෝ එහි නොරැද ඔහු වලව්ව වෙත යෑමට පිටත් විය.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

මාස තුනකට පසු .....

අද දින ජයන්ති මහත්මියගේ පළමු නඩුවාරයයි.ඒ සදහා අසංක මහතා සමගින් ස්වාති සහ යශෝදා මහත්මිය සමගින් ආමන්ත මහතා පැමිණ සිටියේය.යශෝදා සහ ආමන්ත මහතා ඔවුන් හට සිදු වූ අනතුර පිළිබඳ සියළු සත්‍ය බණ්ඩාර මහතා විසින් පැවසීය .

ඔහු කී දෑ ඔවුන් හට විශ්වාස කිරීමට නොහැකි විය.අසංක මහතාගෙ දෙමාපියන් හා ජයන්ති මහත්මියගේ දෙමාපියන්ද නඩුවාරය සදහා පෙනී සිටියේය.නඩුවාරය ආරම්භ විය.ආමන්ත මහතා සහ යශෝදා මහත්මියගෙන් පලමුවෙන් ප්‍රශ්න කල අතර ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්න සදහා ඔවුන් පිළිතුරු දුනි.

පසුව අන් අයගෙන් ප්‍රශ්න කර එදින පරීක්ෂණ කෙරූ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියහ .අනතුර සියැසින් දුටු සාක්ෂි කරුද ඒ සදහා පැමිණ සිටියහ .අවසානයේ ජයන්ති මහත්මියගේ වාරය එළබින ඇය විත්තිකූඩුවෙහි සිට ගත් පසු විනිසුරු වෙත ඇගේ පාපොච්චාරණය පටිගත කෙරූ උපකරණය බණ්ඩාර මහතාගෙ නීතීඥවරයා ලබා දුනි.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

කතාවට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ...
පේජ් එකත් follow කරන්න...🌺.. ගෲප් වලට ශෙයා කරන්න හැමෝම කතාව. ..

දර්ශි ...📝

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋 Episode 22කුසුමා නම් කාන්තාව වලව්වෙහි ඉදිරිපස ද්වාරය අසලට වී පාර දෙස බලා සිටියේ කිසිවෙකු හෝ පැමිණෙන තු...
12/10/2025

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋

Episode 22

කුසුමා නම් කාන්තාව වලව්වෙහි ඉදිරිපස ද්වාරය අසලට වී පාර දෙස බලා සිටියේ කිසිවෙකු හෝ පැමිණෙන තුරුයි .මොහොතක් ගත වන විට අසංක මහතාගෙ රථය පැමිණියේ ය.

" මහත්තයා "

අසංක මහතා වලව්ව වෙත ඇතුල් වන විටම කුසුමා ඔහු හට ඇමතීය.

" කුසුමා මොකද මේ බයවෙලා "

ඇගේ උවනෙහි වෙනසක් අසංක මහතා දුටුවේය.

" ලොකු නෝනා තාම ගෙදර ආවෙ නෑනෙ "

" නැන්දි කොහේ ගිහින්ද කුසුමාඅම්මා "

" දවල් වැඩකට යනවා කියලා ගියෙ,දවල්ට කෑමත් එපා කිව්වා මැනිකෙ.දැන් හොදටෝම රෑ වෙලා නිසා මං බලන් හිටියෙ "

" සුදු මාමි දැන් අපි මොකද කරන්නෙ "

" දෝණි ගිහින් වොෂ් එකක් දා ගන්නකො මං බලන්නම් "

යුවතිය හට වලව්ව තුලට යන මෙන් පවසා අසංක මහතා කුසුමාගෙන් ඇය පිටවූ වෙලාව සහ ඇය ගමන් කලේ කුමකද යන්න විමසීය .සියල්ල අසා දැනගත් ඔහු ඈ හට ඔවුන් වෙනුවෙන් පානය කිරීමට කුමක් හෝ සාදන මෙන් කීය.

ඇය පිටවූ පසු අසංක මහතා වලව්වෙන් ටික දුරකට විත් බණ්ඩාර මහතා හට ඇමතුමක් ගෙන සිටියහ.ඔහු සමග කතා කර ජයන්ති පිළිබඳව ද විමසීය .ඒ පිළිබඳ අසංක මහතා හමුවී සියල්ල පවසන බව ඔහු කීය.තවත් බොහෝ දෑ කතා කර ඇමතුම නිමා කර අසංක මහතා වලව්ව වෙත පියමැන්නේය.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

වේලාව රාත්‍රි හතේ කනිසම පසු වී මිනිත්තු අටක් ගෙවී තිබුණි.ජයන්ති මහත්මිය තවමවත් පෙර පැවසූ දෑ නිසාවෙන් කල්පනාවක නිග්මව සිටී.ඇය හට කිසිත් නොකියා බණ්ඩාර මහතා ඇය අනෙකුත් දෑ පවසන තෙක් බලා සිටියේය.

" ඉන්ස්පෙක්ටර් මං අනිත් දේවලුත් කියන්නම් .මට ආයෙ දරුවෙක් හදන්න බෑ කියලා ඩොක්ටර් අසංකට කියනවා මට ඇහුනා.එයාලා හිතුවෙ මං ඒවා දන්නෙ නෑ කියලා මං එයාලගෙන් ඒවා ඇහුවෙත් නෑ .කොහොමහරි ඊට පහුවදා දවල් මාව ඩිස්චාර්ජ් කරා .මාව ගෙදර එක්කන් ගියාම කව්රුත් මට නැති උන මගෙ දරුවා ගැන මුකුත් කිව්වෙ නෑ.එයාලා මට වෙනදට වඩා ආදරේන් සැලකුවා .

"ඔහොම මාස පහක් හයක් ගියා.ඒත් එක දවසක් ආවා මං ඒ දවසට අදටත් වෛර කරනවා.එදා යශෝදා ප්‍රෙග්නට් වෙලා තිබුනා .හැමෝම සතුටු උනා ඒකට ඒ උනාට එදා මට දැනුනෙ වෛරයක් මොකද මං කැමති උනේ නෑ එයාට හැමෝම ආදරේන් සලකනවා දකින්න.මං ගැන හොයන එකත් හැමෝටම මග හැරුනා.අසංකටත් මාව මගහැරුනා.මං ඒ හැමදේම එක්ක ලොකු මානසික පීඩනයක ඉදියෙ.අසංකට එයාගෙ අප්පච්චි ලිව්ව නුවර වලව්වට අසංකට එන්න උනා මොකද අප්පච්චි කිව්වා මගෙ හිත හැදෙන්න එහෙ වටපිටාවත් හරියයි කියලා.

"අපි ඊට පහුවදා නුවර ආවා.නුවර හිටියට මාසෙකට සැරයක් අපි අසංකගෙ අම්මලා බලන්නයි අපෙ අම්මලා බලන්නයි ගියා.ඒ ගිය දවසක නංගි අපෙ අම්මලා බලන්න ඇවිත් ඉදියා එදා නංගි එයාගෙ පැටියා එක්ක එළියට වෙලා කතා කර කර ඉන්නවා දකිද්දී මගෙ තරහා තවත් වැඩි උනා.ඒ තරහට මං නංගි එක්ක එක වචනයක් කතා කරේ නෑ.එදායින් පස්සෙ මං නංගිව ආයෙ දැක්කෙ නෑ.බලන්න ගියෙත් නෑ.එයා ආවත් මාව බලන්න මං එයා එක්ක වැඩිය කතා කරේ නෑ.

"දවස් දෙක තුනක් නංගි මාව බලන්න ආවට ඊය පස්සෙ නංගි ආවෙ නෑ මොකද නංගිට දරුවා හම්බෙන්න හොස්පිටල් ඇඩ්මීට් වෙන්න දින දීලා තිබුනා.ඉතින් එයා වැඩිය කොහෙවත් ගියෙ නෑ.නංගි මාව බලන්න ඇවිත් දවස් තුනකට පස්සෙ එයාට අමාරු වෙලා හොස්පිටල් ගෙනිච්චා කියලා අසංකට එයාගෙ මල්ලි කියලා තිබ්බා.අසංක මට එන්න කිව්වත් මං බොරු ලෙඩක් අරන් ගෙදර හිටියා .අසංක එදා රෑ වෙලා ගෙදර ආවෙ එයා මට කිව්වා නංගිට හම්බුනෙ දුවෙක් කියලා .මං බොරුවට හොදයි කියලා නිකම් ඉදියා .ඔහොම කාලෙ ගෙවුනා .
"අසංක උදේ බිස්නස් වැඩකට එලියට ගිහින් හිටියෙ .අසංක නොදැන හිටියට මං ඩිප්‍රෙශන් වලට බෙහෙත් බිව්වා .මොකද නංගිට හැමෝම සලකන විදිය දැක්කම මට මං ගැන මහ අසරණකමක් දැනුනා .නංගි වගේ මට ඒ සතුට අයිති නෑ කියලා හිතුනා.අසංක උදේ ගිහින් හවස ගෙදර එනකම් මං ගෙදර හිටියෙ තනියම .ඒ හැමවෙලේම මට මගෙ දරුවා ,නංගිව ,එයාගෙ දරුවා මේ ඔක්කොම මතක් උනා.අන්තිමේදී මට ඒක වදයක් නිසා මං දවසක් අසංක වැඩට ගියාම ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න ගියා .මගෙ හැම විස්තරයක් ම කිව්වම ඩොක්ටර් කිව්වා මට ඩිප්‍රෙෂන් තියෙනවා කියලා.

"ඩොක්ටර් මට බෙහෙත් දුන්නා බොන්න.මං ගෙදර ඇවිත් සාමාන්‍ය විදියට හිටියා.ඩොක්ටර් දුන්න බෙහෙත් බිව්වත් මට හිතුනෙම මේ ජීවීතේ දැන් ඇති කියලා.එදා අසංක හදිස්සි මීටින් එකක් කියලා එළියට ගියා දවල් වෙද්දි එනවා කිව්වා ගෙදර .මට එදා හිතුනා මේ හැමදේම ඇති කියලා .මං එදා බාත්රූම් එකට ගියෙ මට මේ හැමදේකින්ම නිදහස් වෙන්න ඕන නිසා .ඒත මං ඇතුලට ගිහින් දොර ලොක් කරන්න අනික් පැත්ත හැරෙද්දි මගෙ අත වැදිලා වැටුනා සබන් කෑල්ල පෑගිලා මාව ලිස්සලා වැටෙද්දී මගෙ ඔලුව ටයිල් එකේ වැදුනා.මගෙ ඇස් පියෙවෙනවා විතරයි මට මතක තිබ්බෙ .

"සිහිය එද්දි මං හොස්පිටල් ඉදියෙ මගෙ ලග අසංක හිටියා .මට වෙච්චි දේ ඇහුවම අසංක කිව්වා එයාගෙ මීටින් එක ඉක්මනට ඉවර උන නිසා එයා කලින් ආවලු මට කතා කරත් මුකුත් සද්දයක් නැති නිසා එයා කාමරේ බලද්දී බාත් රූම් එකේ දොර අඩවල් කරලා තිබුන නිසා එයා බැලුවලු එතකොට තමා මං වැටිලා ඉන්නවා දැකලා හොස්පිටල් ගෙනත් තියෙන්නෙ .හැමෝම මාව බලන්න ආවා.නංගිත් ආවා එයාගෙ දරුවා එක්ක.මං ඒත් එයා දිහා බැලුවෙ නෑ.ඔහොම අව්රුදු 11 ක් ගියා.

"දරුවයි අසංකගෙ මල්ලියි එක්ක නංගි සතුටින් ඉන්නවා දකිද්දී මට නංගිව නැති ඕනෙ කියලා හිතුනා.මං කල්පනා කරලා අන්තිමට ඒ වැඩේ කරන්න භරදෙන්න කෙනෙක් හොය හොය ඉද්දි මං නිව්ස් වල දැක්කා කමල් කියලා කෙනෙක්ගෙ ඩ්‍රග් බිස්නස් පොලීසියෙන් ඇල්ලුවා කියලා .ඒ විස්තර හැමදේම බලලා මං තීරණය කලා කමල් කියන ඒ මනුස්සයා හම්බෙලා මේ වැඩේ ඒ මනුස්සයා ලවා කරව ගන්න .මං එදා කමල්ව හම්බුනෙ මං දන්න කඩේක අයිතිකාර කෙනෙක් ලග වැඩ කරන මනුස්සයෙක් ලවා තමා මං කමල් හම්බෙන්න ගියෙ.

මුලින් කිව්වා ඒ වගේ වැඩ කරන්නෙ නැති නිසා බැහැ කියලා පස්සෙ මං කිව්වා පොලීසියෙන් නිසා දැන් බිස්නස් වැටිලනෙ ඉතින් ඒක නිසා මේ වැඩේ කරොත් කෝටි හයක් ලැබෙනවා කියලා.එච්චර ලොකු ගානක් නිසාම වැඩේට කැමති උනා .මං නංගිගෙ හැම විස්තරයක්ම කිව්වා.එයාලගෙ නම්බර් ප්ලේට් ෆොටෝස් එහෙම දුන්නා.මං කමල්ට කිව්වා ඒ දෙන්නා මැරෙන්න බෑ කියලා.ඒ දෙන්නා මැරුන විදියට වෙන,දෙන්නෙක්ගෙ ඩෙඩ් බොඩි දෙක දාන්න ඕනෙ කියලා මං කිව්වා.අප්‍රේල් මාසෙ මුල තමා මං කමල් හම්බෙන්න ගියෙ.

මං කමල්ට වැඩේ කරන්න කිව්වෙ නංගි අපිව බලන්න අව්රුද්දට පහුවදා නංගි අම්මා බලන්න යනවා.ඒ දවස් වලට නංගිලා එද්දි රෑ වෙනවා .මං එදාට වැඩේ කරන්න කියලා කමල්ට කිව්වෙ .කමල් වැඩේ හරියටම කරයිද කියලා මං ඇක්සිඩන්ට් එක වෙන තැන ඉදන් ටිකක් දුරට වෙන්න මං බලන් හිටියා.කමල් වැඩේ හරියටම කරලා තිබුනා .කාර් එක ගහක හැප්පුනත් නංගිට අසංකගෙ මල්ලිටයි පණ තියෙනවා කිව්වා .දරුවා කාර් එකෙන් එලියට විසික් උනා කිව්වා .මං හිතුවා දරුවා මැරෙන්න ඇති කියලා.නංගිවයි මල්ලිවයි කාර් එකෙන් එලියට අරගෙන කමල් අරන් ආපු ඩෙඩ් බොඩි දෙක වාහනෙ ඇතුලට දාලා ගිනි ගන්න විදියට හැදුවා.

දරුවා ගැන අපි හෙව්වෙ නෑ.අපි එතනින් ඇවිත් විනාඩි දහයකින් වගේ එතනට පොලීසියෙන් ආවා කියලා එතන ඔත්තු බලන්න තිබ්බ කමල්ගෙ ගෝලයෙක් කිව්වා.මං එහෙම්ම ගෙදර ආවා අසංක ඒ දවස් වල බිස්නස් වැඩකට දවස් තුනකට එලියට ගිහින් හිටියෙ ගෙදර වැඩට අසංක ගෑනු කෙනෙක් ගත්තෙ මං බාත් රූම් එකේ වැටුනට පස්සෙ .මං ගෙදරින් එළියට යද්දි ඒ ගෑනු කෙනාට යාළුවෙක් බලන්න යනවා කියලා බොරුවක් කිව්වා .මොකද මගෙ ෆෝන් වැඩ නැති වෙද්දි අසංක වලව්වෙ ලෑන්ඩ් ලයින් එකට කෝල් ගන්නවා.මං එදා වලව්වෙන් ආවෙ යාළුවෙක් බලන්න යනවා කියලා.

එදාට මං එන්නෙ නෑ පහුවදා එන්නෙ කිව්වා. එදා වලව්වෙ හිටියෙ කුසුමයි වත්ත බලාගන්න මනුස්සයයි විතරයි .මං කමල්ට කිව්වෙ නංගිව ආමන්ත එක්ක කමල් දන්න තැනක් තියෙනවා කිව්ව නිසා එතෙන්ට ගෙනියන්න කියලා .ඒ තැනට ගෙනිහින් බෙහෙත් දාලා තිබ්බා තුවාල වලට.අසංකගෙ මල්ලිට ටිකක් වැඩියෙන් තුවාලයි නංගිටත් එච්චර නැහැ"

"අසංකගෙ මල්ලිගෙ කකුල් දෙක ගොඩක් ඩැමේජ් වෙලා තිබුනෙ.කමල් ඒ දෙන්නා ගෙනිච්ච ගෙදරට මං ගියා දෙන්නටම බෙහෙත් දාලා හැමදේම කමල් කරලා තිබුනා.හැමෝම හිතුවා නංගියි ආමන්තයි මැරුණා කියලා .ඇක්සිඩන්ට් එකට පහුවදා අසංකට ඒක,ආරංචි වෙලා ආවා .පොලීසියෙ එතන පරීක්ෂා කරපු ඔෆිසර්ට මං ගානක් දීලා කිව්වා මේ ඇක්සිඩන්ට් එක උනේ බ්රේක් නැති නිසා කියලා වාර්තාව දෙන්න කියලා .

"ඒකට කැමති උනා .මට අසංකගෙන් දැන ගන්න ලැබුනා නංගිගෙ දරුවා මැරිලා නෑ ඔලුවට තුවාලයි කියලා.දරුවා දැකලා තියෙන්නෙ එතන ඉදපු මනුස්සයෙක් ඒ මනුස්සයා තමා පොලීසියට කියලා දරුවා හොස්පිටල් ඇඩ්මීට් කරලා තියෙන්නෙ .මට ඒක දැන ගත්තම කේන්ති ගියත් ආයෙ සතුටු හිතුනා ඒ ලමයට අම්මා තාත්තා නැහැ කියලා .

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

බදාදට ආයෙ කොටසක් අරන් එන්නම්...❤️❤....එදාට දිගම කොටසක් දෙනවා...❤️❤️

පේජ් එකේ රීච් එක හොදටම අඩුවෙලා ..කතාව කියවන හැමෝම කතාවට ලයික් කරන්න..කමෙන්ට් කරන්න ..ස්ටිකර් ටිකකුත් දාගෙන යන්න..ඒක ලොකු උදව්වක්..පුළුවන් අය කතාව ශෙයාර් කරන්න..

කතාවට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ...
පේජ් එකත් follow කරන්න...🌺.. ගෲප් වලට ශෙයා කරන්න හැමෝම කතාව....

දර්ශි ...📝

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋 Episode 21 (බෝනස් )" මිස් ජයන්ති වික්‍රමසිංහ යශෝදා කියන්නෙ ඔයාගෙ එකම නංගි ඒ වගේම ඔයාගෙ හස්බන්ඩ්ගේ මල්ල...
10/10/2025

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋

Episode 21 (බෝනස් )

" මිස් ජයන්ති වික්‍රමසිංහ යශෝදා කියන්නෙ ඔයාගෙ එකම නංගි ඒ වගේම ඔයාගෙ හස්බන්ඩ්ගේ මල්ලිගෙ වයිෆ් නේද "

" ඔව් ඉන්ස්පෙක්ටර් එයා නංගි වගේම හස්බන්ඩ්ගෙ මල්ලිගෙ වයිෆ් තමා ඇයි එහෙම අහන්නෙ "

" අපි හොයාගත්ත විස්තර කන්ෆර්ම් කර ගන්න "

" ඉන්ස්පෙක්ටර් මට දැන ගන්න පුළුවන් ද ඇයි මාව ගෙනාවෙ කියලා "

" හරි හරි මිස් ජයන්ති ඇයි ඔච්චර හදිස්සි "

" වැරැද්දක් නොකර මාව මෙහෙම තියන් ඉන්න ඔයාලට බෑ "

" වැරැද්දක් නේද ? "

බණ්ඩාර මහතා ජයන්ති මහත්මිය ඔවුන් රැදී සිටිනා නිවස වෙත ගෙන ගොස් ඇයව එහි සාලයෙහි කෑම මේසයෙහි වාඩි කර ඒ අසලින් කාන්තා නිලධාරිනිය ද තබා ගනිමින් ඔහු ඇගෙන් ප්‍රශ්න කරමින් සිටියේය .

" 2015 අප්‍රේල් 20 යශෝදා වික්‍රමසිංහ, ආමන්ත වික්‍රමසිංහ සහ ස්වාති නිම්නාවි වික්‍රමසිංහ පැමිණි රථය රාත්‍රි 12ත් පාන්දර 1ත් අතර වෙලාවෙදි අනතුරට පත් වෙනවා.ඒ අනතුරට පත් වෙන්නෙ අතුරු පාරක ඉදන් ආපු ට්‍රක් එකක් නිසා ,ඒකෙදි අවුරුදු එකොළහක් උනු ඔවුන්ගේ දියණිය වාහනයෙන් පිටතට විසික් වෙලා හිස තුවාල වෙනවා , ට්‍රක් එක වැදුණු නිසා වාහනෙ ටිකක් ඈතට විසිවෙලා ගහක වැදිලා යශෝදා සහ ආමන්ත වාහනෙ ඇතුලෙ හිරවෙනවා.ටික වෙලාවකින් වාහනෙ ගිනි අරගන්නවා ඒ දෙන්නම ඉද්දි එතනදි ඒ දෙන්නම නැති උනා වගේම ඒ දෙන්නා හොදටම පිච්චිලා අදුර ගන්නවත් බැහැ කියලා පරීක්ෂණ කරපු නිලධාරීන් කිව්වා "

ජයන්ති මහත්මිය හට ඔවුන් දන්නා කරුණු නොපවසා එම කාලයේදී පරීක්ෂණ කටයුතු කල නිලධාරීන් පැවසූ දෑ කීය.

" මිස් ජයන්ති මොනාද මේක ගැන හිතන්නෙ ඇත්තටම ඒ දෙන්නා වාහනෙ ඉදියද "

ඇගේ උවන දෙසද බලමින් ඔහු ඇසීය.

" ඒ දෙන්නා නැති උනා ඉන්ස්පෙක්ටර් අපි එයාලගෙ ෆියුනරල් එක කරා.ගොඩක් පිච්චිලා නිසා අපිට එයාලව බලන්න දුන්නෙ නෑ "

" හ්ම්...ඒකත් එහෙමද ......මිස් ජයන්ති මේ කෙනා අදුරනවද ම්ම්....."

" මං...හ්....මං...මේ...මේ..යා...ද්...ද..න්..නෙ..නෑ..හ්.."

කමල් නම් පුද්ගලයාගෙ ඡායාරූපය දුටු සැනින් ඇය බොහොඉ සේ කලබල විය.එම තිගැස්මෙන් ම ඇය ඔහු හට පිළිතුරු දෙන විට ඇය හට වචන පවා පැටළුණි.

" හොදට බලන්න මිස් ජයන්ති "
" මං දන්නෙ නෑ ඉන්ස්පෙක්ටර් ,ප්ලීස් කරුණාකරලා මට යන්න දෙන්න ඔයාලා මගෙන මේ අහන දේවල් ගැන මට තේරෙන්නෙ නෑ.මට මගෙ හස්බන්ඩ් අසංකට කතා කරන්න ඕනෙ ඔයාලා හොදටම දන්නවනෙ අසංක වික්‍රමසිංහව "

ඇය බොහෝ සේ කලබල වී සිටියහ.

" හෝ...හෝ..මිස් ජයන්ති මොකද මේ කලබල වෙලා ආ ..තාම ඔයා කතාවෙ හොදම ටික ඇහුවෙ නෑ "

" මිස් ජයන්ති දන්නවද මේ ඉන්නෙ කමල් කියන මනුස්සයා කරන්නෙ ඩ්‍රග්ස් බිස්නස් ,මනුස්සයගෙ බිස්නස් වැටුනු කාලෙක කෙනෙක් යනවා ඒ මනුස්සයා හම්බෙන්න ,දන්නවද ඒ මොකටද කියලා ,මේ තුන්දෙනාම මරන්න කන්ට්‍රෑක් එකක් දෙන්න ,බිස්නස් වැටිලා තියෙන වෙලේ සල්ලි ඕන නිසා මේ මනුස්සයා වැඩේ භාර ගන්නවා , කෝටි හයක් දෙන්නම් කිව්වා වැඩේට "

" ඉන්ස්පෙක්ටර් මොනාද මේ කියන්නෙ ඒක මර්ඩර් එකක්ද "

" ඔව් මිස් ජයන්ති සැලසුම් සහ ගත ලෙස මැරීමට තැත් කිරීම "

" කව්ද ඉන්ස්පෙක්ටර් ඒක කරලා තියෙන්නෙ "

" කරලා තියෙන්නෙ නේද ? මිස් ජයන්තිට සැක කව්රුත් ඉන්නවද"
ඇය මොහොතක් කල්පනා කර යමක් පැවසීමට සූදානම් විය.

" ස්කෝලෙ කාලෙ නංගිට කැමති කෙනෙක් ඉදියා.නංගි බදින්න දවස් කීපෙකට කලින් ඒ පිරිමි නංගිට තර්ජනය කලා නංගිව මරනවා කියලා "

" මිස් ජයන්ති එහෙනම් පොඩ්ඩක් මේ සීසීටීවී පොටොස් ටික බලන්නකො "

"මේ...මේ... "

" වචනත් පැටලෙනවා නේද, මිස් ජයන්ති. අපි එහෙනම් දැන්වත් ඇත්ත කියමු "

"ම්..මො..න..ඇත්..ත..ද..මං...මං..මු..කු..ත්..ද..න්..නෙ..නෑ"

ඇය හට ඔහු පෙන්වා තිබුනෙ රිය අනතුර සිදු වූ ස්ථානයට ඉදිරියේ ඇති ස්ථානයක ජයන්ති මහත්මිය කමල් නම් පුද්ගලයා සමගින් කතා කරමින් සිටින ඡායාරූප කිහිපයකි.ඒවා දුටු විට ජයන්ති මහත්මිය බොහෝ සේ කලබල විය.

" මිස්,ජයන්ති මං මේ බොහොම ඉවසීමෙන් කතා කරන්නෙ මිස් ජයන්ති ගැහැනු කෙනෙක් නිසා ,මට ඕනෙ නම් මෙතනට ලේඩ් ඔෆිසර්ලා දෙන්නෙක් තුන්දෙනෙක් ගෙනත් මිස් ජයන්ති ලවා ඇත්ත කියව ගන්න පුළුවන් "

බණ්ඩාර මහතා එලෙස පවසා කාන්තා නිලධාරිනිය හට එහි රැදී සිටින මෙන් පවසා ඔහු ඇමතුමක් ලබා ගැනීමට නිවසින් පිටතට ආවේය.කාලය තප්පර,මිනිත්තු ,විනාඩි ලෙස ගෙවී ගොස් සවස පහේ කනිසම පසුවී මිනිත්තු පහලොවක් ගිය විට ජයන්ති මහත්මිය බණ්ඩාර මහතා හට කතා කිරීමට අවශ්‍ය බව තමා අසල සිටි නිලධාරිනිය හට කීය.ඇය ඒ පිළිබඳව ඔහු හට දැන්වීය.විනාඩි දහයක් ගත වන විට ඔහු පැමිණියේ ය.

" මිස් ජයන්තිට මොනාද කියන්න තියෙන්නෙ "

" මං හැමදේම කියන්නම් ඉන්ස්පෙක්ටර් "

" ගුඩ් "

" ඉන්ස්පෙක්ටර් හිතුවා හරි මං තමා ඒ ඇක්සිඩන්ට් එක කෙරෙව්වෙ ඒ වගේම ,ඒකෙදි ඒ දෙන්නා මැරුනෙ නෑ .මං එතනට වෙන දෙන්නෙක්ගෙ ඩෙඩ් බොඩි දෙකක් දාලා ඒ දෙන්නව වෙන තැනකට ගෙනිච්චා ,මං එදා එතන ඇක්සිඩන්ට් එක බලපු ඉන්ස්පෙක්ටර්ට හැමදේම වෙනස් කරන්න කියලා සල්ලි දුන්නා "

"තමන්ගෙම නංගිට මිස් ජයන්ති මෙහෙම කරේ කොහොමද"

" ඒ මගෙ නංගි නෙවෙයි "

" මොකක්ද කියන්නෙ නංගි නෙවෙයි ,එහෙනම් "

" එතකොට මට වයස අවුරුදු 12 ක් වගේ ඇති එදා අප්පච්චි මගෙ නංගිව ගෙදර එක්කන් ආවෙ එයාට කව්රුත් නැහැ කියලා මං නංගිට කැමති උනේ නෑ.මොකද අම්මයි අප්පච්චියි එයාට වැඩියෙන් ආදරේ කරයි කියලා බය උනා.එයා මට වඩා අවුරුදු තුනක් බාලයි.කොහොමහරි අවුරුදු 12 ක් ගියා.අප්පච්චි එයාගෙ යාළුවෙක්ගෙ පුතෙක්ට මාව යෝජනා කරා කිව්වා.මුලින් මං ඒකට අකමැති උනත් ඒ කට්ටිය ආවම මට යාළුවගෙ පුතා එක්ක කතා කරන්න වෙලාවක් හම්බුනා ඒ කතා කරද්දී මට හිතුනා එයා හොද කෙනෙක් කියලා මං දෙපාරක් නොහිතා අප්පච්චිට කිව්වා කැමති කියලා .එදා එයාලා යන්න ටික වෙලාවකට කලින් නංගි ක්ලාස් ඇරිලා ගෙදර ආවා .ඒ කට්ටිය නංගිව දැකලා අප්පච්චිගෙන් විස්තර අහද්දි ඔක්කොම කිව්වා.අප්පච්චිගෙ යාළුවට නංගිට වඩා අව්රුද්දක් වැඩිමල් පුතෙක් හිටියා.ඉතින් එයාලා එදා නංගිව දැකලා නංගිට එයාලගෙ බාල පුතා යෝජනා කරත් අප්පච්චි කිව්වා නංගි ඉගෙනගන්නවා කියලා .එයාලා කිව්වා නංගිට හරි වයස එනකම් ඉන්නම් කියලා.මට එදා ඒකට මාර විදියට කේන්ති ගියා. මං අප්පච්චිට කිව්වත් ඒක වෙනවට මං කැමති නෑ කියලා .වැඩක් උනේ නෑ .මගෙ කසාදෙ වෙලා අවුරුදු දෙකක් වෙද්දි අප්පච්චි නංගිගෙ කසාදෙ කරා.ඒ දෙන්නා වෙනම ගෙදරක පදිංචියට ගියා."

" මිස් ජයන්තිට තව කියන්න දේවල් ඇති කියලා මං හිතනවා "

" ඔව් ඉන්ස්පෙක්ටර් ,ඊට කලින් මට වතුර ටිකක් බොන්න දෙනවද "

" නිමාලි "

බණ්ඩාර මහතා ඇය අසල සිටි නිලධාරිනිය හට වතුර වීදුරුවක් රැගෙන එනමෙන් පැවසූ පසු ඇය මුළුතැන්ගෙය වෙත පිටත් විය.

" හරි සර් "

ඇය වතුර වීදුරුවක් රැගෙන සුළු මොහොතකින් පැමිණියේ ය.එක හුස්මට එය පානය කල ඈ නැවත කතා කිරීමට ආරම්භ කලේය.

" නංගි කසාද බැදලා අව්රුද්දක් වෙද්දි මං ප්‍රෙග්නට් උනා.එදා අසංකයි.එයාගෙ පවුලෙ අයයි මගෙ පවුලෙ අයයි හැමෝම සතුටු උනා .ඒත් ඒ සතුට තිබුනෙ මාස හතරයි.එක දවසක් උදේ මගෙ බඩ ඇතුලෙන් රිදෙන්න අරන් මට අමාරු උනා .එවලෙම මාව එයාලා හොස්පිටල් ගෙනිච්චා .මාව හොස්පිටල් ගෙනියද්දිත් මට එච්චර සිහියක් තිබුනෙ නෑ.ඩොක්ටර්ස්ලා මාව ඉක්මනින් අයි.සී.යූ එකට ගත්තලු .කොහොමහරි හරි මට පැය තුනකට පස්සෙ සිහිය ආවලු .ඒ සිහිය එද්දි මං නෝමල් රූම් එකක ඉදියෙ .මගෙ අම්මා මගෙ ඔලුව අත ගගා ඉදියෙ එයා අඩලා තිබුනා.මං ඇයි ඇහුවත් කිව්වෙ නෑ.පස්සෙ මං අසංකගෙන් බල කරලා අහද්දි එයා කිව්වා මගෙ දරුවා නැතිවෙලා කියලා මට එවලෙ තේරුනෙ හැමදේම නැති උනා වගේ හැගීමක් "

ජයන්ති මහත්මියගේ දෙනෙතෙහි තම නැතිවූ දරුවා සිහි වී සිහින් කදුළු පටලයක් තිබුණි.ඒ බව දුටු බණ්ඩාර මහතා කිසිත් නොපවසා සිටියහ.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

පේජ් එකේ රීච් එක හොදටම අඩුවෙලා ..කතාව කියවන හැමෝම කතාවට ලයික් කරන්න..කමෙන්ට් කරන්න ..ස්ටිකර් ටිකකුත් දාගෙන යන්න..ඒක ලොකු උදව්වක්..පුළුවන් අය කතාව ශෙයාර් කරන්න..

කතාවට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ...
පේජ් එකත් follow කරන්න...🌺.. ගෲප් වලට ශෙයා කරන්න හැමෝම කතාව. ..

දර්ශි ...📝

❤️
09/10/2025

❤️

හුම්.. 😌
09/10/2025

හුම්.. 😌

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋 Episode 20" හෙලෝ බණ්ඩාර  "" අසංකට මං අවේලාවෙ කෝල් ගත්ත එක කරදරයක් ද මන්දා "" මොන කරදරයක්ද බණ්ඩාර ,හදිස...
09/10/2025

✨️🖤🦋හුස්ම නුඹ✨️🖤🦋

Episode 20

" හෙලෝ බණ්ඩාර "

" අසංකට මං අවේලාවෙ කෝල් ගත්ත එක කරදරයක් ද මන්දා "

" මොන කරදරයක්ද බණ්ඩාර ,හදිස්සියකට ද ගත්තෙ "

" හදිස්සියක් නම් තමා, වැදගත් දෙයක් කියන්න තියෙනවා"

" මං මේ ගෙදර යන ගමන් බණ්ඩාර ඉන්නෙ බිස්නස් වැඩකට ගිහින් "

" අහ් ,එහෙනම් කරදරයක් නැතුව කතා කරන්න පුළුවන් "
" කියන්න බණ්ඩාර "

" මේකයි අසංක .............................."

බණ්ඩාර මහතා ඔහු කමල් නම් පුද්ගලයාගෙන් ප්‍රශ්න කර දැනගත් සියල්ල අසංක මහතා හට පැවසීය.බණ්ඩාර මහතා සියල්ල පවසා අවසන් වූ විට අසංක මහතා දීර්ඝ සුසුමක් පිට කලේය.

" අසංක "

" මට හිතාගන්න බෑ බණ්ඩාර ජයන්ති මෙහෙම දෙයක් කරේ මොන හිතකින්ද කියලා තමන්ගෙම නංගිට "

" තමන්ගෙම මිනිස්සුන්ගෙන් තමා අසංක අපි පරිස්සම් වෙන්න ඕනෙ "

" මං තියන්නම් බණ්ඩාර එහෙනම් මගෙ ඔළුවත් මොකක්ද උනා මේක අහලා "

" මං මේක ගැන බලනවනෙ අසංක කලබල නොවී ඉන්න "

තවත් සුළු වේලාවක් දුරකථන සංවාදයෙහි යෙදී සිටි ඔවුන් දෙදෙනා ඇමතුම නිමා කලේය.අසංක මහතා වලව්ව වෙත යෑමට පිටත් විය.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
" දිනේෂ් ,ගයාන්ට එන්න කියන්න "

දිනේෂ් නම් නිලධාරියා හට අමතා බණ්ඩාර මහතා කීය .

" සර් මට එන්න කිව්වෙ "

සුළු මොහොතකින් එම නිලධාරියා පැමිණියේ ය.

" මං භාර දුන්න වැඩෙ තත්වෙ කොහොමද ගයාන් "

"සර් ඒ ලේඩී අද දවල් ත්‍රීවිල් එකක නැගලා ටව්න් එක පහු කරන් ටික දුරක් ගිහින් ශොප් එකක් ලගින් බැස්සා ,එවලෙ කව්ද මනුස්සයෙක් ආවා අවුරුදු 45ක විතර ඇති.ඒ මනුස්සයට ලේඩි පොඩි පාර්සල් එකක් දුන්නම ඒ මනුස්සයා ඒක අරන් ගියා "

" හ්ම්...අපිට මේක ගැන මීට වඩා හොයන්න වෙනවා ගයාන් "

"ඒ කිව්වෙ සර් "

" මෙතන තව මොකක් හරි තියෙනවා ,හෙට උදෙන්ම කට්ටියට රෙඩි වෙලා ඉන්න කියන්න ගයාන් "

"හරි සර් "

බණ්ඩාර මහතා විසින් ගයාන් නම් නිලධාරියා හට ජයන්ති මහත්මිය පිළිබඳ සෙවීම සදහා ඔවුන්ගෙ වලව්ව ආසන්නයේ රැදවීය.

අද දිනද ඔහු එහි රැදී සිටි දිනකි.අද දින ජයන්ති මහත්මිය පිටවූ පසු ඔහු ඇගේ පිටුපසින් ගොස් දැනගත් සියළු විස්තර කීය.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
යුවතිය උදෑසන අවදි වූයේ දුරකථනය නාද වූ නිසාවෙනි.යහනෙහි සිටම දෑස් විවර නොකර දුරකථනය ගත් ඈ එය සවනෙහි රුවා ගත්තේය.

අනෙක් පසින් සිටි පුද්ගලයාගේ හඩ ඇසුණු සැනින් ඇගේ නිදිබරව තිබූ ඇහි තටුද විවර විය.ඇමතුම පැමිණ තිබුනෙ මාශ්ගෙනි.ඔහු සමගින් බොහෝ දෑ කතා කල ඈ ඇමතුම නිමාකර උවන සෝදා ගෙන කිරි වීදුරුවක් සාදා ගෙන එය රැගෙන ඉදිරිපස වැරන්ඩාව වෙත පියමැන්නේය.

අසංක මහතා උදෑසන අවදිව එළිමහනට වී දුරකථන ඇමතුමක රැදී සිටින විට යුවතිය ඔහු ඇමතුම නිමා වන තෙක් බලා සිටියහ.

" දෝණි මොකෝ මෙතන කරන්නෙ "

යුවතිය වැරන්ඩාවෙහි කණුවකට හේත්තු වී සිටිනු දුටු ඔහු ඇසීය .

" සුදු මාමි අපි අදත් යමුකො "

ඇය අද දිනද මව හා පියා බැලීමට යමු යැයි අසංක මහතා හට පැවසීය.

" මේ ටිකේ ප්‍රී ස්කූල් නිවාඩු නිසා හොදයි නැත්නම් කොහොමද යන්නෙ "

උවනෙහි සිනහවක් රන්දා ඔහු ඇසීය.

" අයියෝ මං එතකොට මලී එක්ක ප්‍රී ස්කූල් ඉවර උනාම යනවා "

ඇය තම මිතුරිය සමගින් යන බව පැවසීය .

" තනියම යන්න එපා දෝණි මං නැතුව ,තේරුනාද "

" හ්ම්..එහෙනම් අදත් යමු මං ලෑස්ති වෙනෝ "

යුවතිය අවසන් වචන කිහිපය පවසා ඔහු කිසිත් පැවසීමට පෙර වලව්ව තුළට දිව්වේය.දෙදෙනා සූදානම් වී උදෑසන ආහාරයද ගෙන උදෑසන දහයට පමණ නිවසින් පිටත් විය.පැය භාගයකින් පමණ යුවතියගේ දෙමාපියන් සිටිනා නිවස වෙත ලගා විය.

ඔවුන්ගෙ රථයෙහි ශබ්දයට යශෝදා මහත්මිය නිවසින් පිටතට පැමිණි අතර යුවතිය දුටු විට ඇගේ උවන සිනහවකින් පිරින.යශෝදා මහත්මිය ඔවුන් දෙදෙනා සමගින් නිවස වෙත ඇතුල් වීමට සූදානම් වන විට තවත් වාහනයක් පැමිණ මිදුලෙහි නැවැත්වීය .

තිදෙනාම එදෙස බැලූ විට රථයෙහි ද්වාරය විවර කරමින් පැමිණ සිටි පුද්ගලයා පිටතට විත් ඔවුන් හට සිනහවකින් සංග්‍රහ කලේය.පැමිණ සිටියේ අන්කවරෙකුත් නොව මාශ් ය.ඔහු කිසිවෙකුට හෝ නොදන්වා ඔවුන් බැලීමට පැමිණ තිබුණි.

යුවතියගෙන් උදෑසන ඔවුන් අද දින මෙහි පැමිණෙන බව ඔහු දැන ගත්තේ ය.යුවතිය සිටියේ ඔහු දැක පුදුමවීය.යුවතිය සමගින් ඔහු තනිකර යශෝදා මහත්මිය අසංක මහතා සමග නිවස තුලට ගියේය.

මාශ් යුවතිය අසලට පැමිණ ඇගිලි දෙකින් ශබ්දයක් දැමූ විට යුවතිය පියවි සිහියට පැමිණියේ ය.ඔහු ඇගේ අතින් අල්ලා එළිමහන වෙත ගියේය.

" ගයාන් කියන්න "

"...................................."

" නොතේරෙන්න පිටිපස්සෙන් යන්න "

"...................."
" හරි අපි දැන් මෙහෙන් පිටත් වෙනවා "

"................."

බණ්ඩාර මහතා හට ඇමතුමක් පැමිණියේ අසංක මහතාගෙ වලව්ව ආසන්නයෙ විස්තර සෙවීම සදහා රැදවූ නිලධාරියාගෙනි .

ඔහු ජයන්ති මහත්මිය හදිසියේ වලව්වෙන් පිටවූ බව පැවසූ විට බණ්ඩාර මහතා ඔහු හට ඇගේ පිටුපසින් යන මෙන් කීය.

" දිනේෂ් "

" සර් "

" ඉක්මනට වාහනෙ ලෑස්ති කරන්න ලේඩි කෙනෙක් එක්ක "

"හරි සර් "

දිනේෂ් නම් නිලධාරියා හට කාන්තා නිලධාරිනියක් සමගින් ඔවුන්ගේ වෑන් රථය ඉක්මනින් සූදානම් කරන මෙන් පැවසීය .

ඔහු රථය සූදානම් කල පසු බණ්ඩාර මහතා කාන්තා නිලධාරිනිය හා දිනේෂ් සමගින් වෑන් රථයට නැග පිටත් විය. නිලධාරීන් තිදෙනෙකු ඔවුන් සිටි නිවසෙහි ආරක්ෂාව සදහා නැවැත්වීය.

පැය තුනකින් පමණ ඔවුන් ජයන්ති මහත්මිය සිටින ස්ථානය වෙත ලගා විය.ඇය පැමිණ තිබුනෙ කමල් නම් පුද්ගලයා රැදී සිටි නිවස අසලටයි.ඇය ත්‍රීරෝද රථයෙන් බැස එහි නිවස වෙත යාමට පෙර බණ්ඩාර මහතා ඇය අසලට ගොස් කතාකර සිටි අතර ඔහුගෙ හැදුනුම්පත පෙන්වූ විට ඇය බිය වූවත් එය නොපෙන්වා සාමාන්‍ය ලෙස කතා කර සිටියහ.

බණ්ඩාර මහතා කාන්තා නිලධාරිනියට පැමිණෙන මෙන් පවසා ජයන්ති මහත්මිය රැගෙන යන ලෙස අණ කලේය .ඇය කලබල කිරීමට සෑදූ හෙයින් බණ්ඩාර මහතා ඇය හට කීවේ ඔවුන්ගේ රාජකාරිය සදහා බාධා කෙරූ බව පවසා සිර කරන බවයි.අවසානයේ ඇය කිසිත් නොපවසා වෑන් රථයට ගොඩ විය.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

හෙට බෝනස් එපියක් දෙන්නම්...❤️

පේජ් එකේ රීච් එක හොදටම අඩුවෙලා ..කතාව කියවන හැමෝම කතාවට ලයික් කරන්න..කමෙන්ට් කරන්න ..ස්ටිකර් ටිකකුත් දාගෙන යන්න..ඒක ලොකු උදව්වක්..පුළුවන් අය කතාව ශෙයාර් කරන්න..

කතාවට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ...
පේජ් එකත් follow කරන්න...🌺.. ගෲප් වලට ශෙයා කරන්න හැමෝම කතාව. ..

දර්ශි ...📝

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Rose Petal by Pinky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share