09/04/2026
ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳ පොලේ අලෙවි වුණු හෝමාගම බේරුකැටියේ ඉඩම්
1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනතෙන් ජීවක බුපේන්ද්‍ර ලලිත් කොතලාවල ඒ කියන්නෙ සෙලින්කෝ ලලිත් කොතලාවල මහත්තයා ගෙන් පවර ගන්න අක්කර හතලිහක ඉඩමක් . 1984 එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටිය පී දයාරත්න හරහා තමන්ගේ නමට LRC එකෙන් බදු පදනමෙන් පවරගන්නව. අංක 13 කියන ඔප්පුවකින් කෘෂිකාර්මික ඉඩමක් විදිහට කෘෂිකාර්මික පදනම යටතේ .හොඳම දේ කියන්නේමේ වෙලාවේ මේ ගන්න ඉඩමට සම්පූර්ණ මුදල ගෙවන්නෙත් රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුවෙන් ගත්ත ලෝන් එකකින්. මෙයා මේ ගන්න ඉඩම 2017 වෙනකම්ම කට්ටිය දම්මලා වගා කරවනව ඒ වගේම බදු දීල එහෙම හොදට හම්බකරනවා.
පස්සෙ 2017 දී මේකෙ කොටසක් දයාරත්නගෙ ලොකුපුතාට ලියල එයා ගිහින් බ්ලූ මවුන්ටන් කියල ඉඩම් වෙන්දේසි කරන කොම්පැනියකට විකුනනව, බෙරුකැටියෙ පන්සලේ හාමුදුරුවො ගමේ කට්ටිය එකතුකරන් උසාවි නියොගයක් අරන් මේ වැඩේ නවත්තනව මේක වෙන්නෙ යහපාලනේ කාලේ, මෙහෙම නවතින වැඩේ ආයෙ පාරක් 2022 රනිල්ගෙ පිං ආණ්ඩුව කාලේ ආයේ එලියට ඇවිත් LRC එකේ ලෝයර් ටියුනිකා නෝනා පැවරුම් කරයක් කියලා ඒක කපල ප්‍රකාශනයක් කියල ඔප්පුවක් ලියාපදිංච් කරනව . හැබැයි ටියුනිකා නෝනට තමන්ගෙ සීල් එක තියන්නත් අමතක වෙලා මේ කුරුටු ගගා ලිව්ව ඔප්පුවෙ,ඊට පස්සෙ තමා මේ නාටකේ හොදම කොටස පටන් ගන්නෙ ඉඩමෙ තැනින් තැන කාලෙන් කාලෙට බොර්ඩ් වදිනව සම්පත් බැංකුවට අයිති ඉඩමක් කියනව ඊට පස්සෙ නවලෝක සමාගමට අයිතී කියනව . අන්තිමට ප්‍රියිම් ලෑන්ඩ් සමාගම බ්ලූමෞන්ටන් කොටස නැතුව අනිත් ටික වෙන්දේසි කරන්න පටන් ගන්නව. මේක මෙහෙම යනකොට තමයි සහෝදර වරු මේකට එන්ටර් වෙන්නෙ . චන්දන සූරිය ආරච්චි සහෝ මාධ්‍ය සංද්‍ර්ශනයක් තියල මේ වැඩේට එන්ටර් වෙනව 2025.06.27 දෙරණෙ මධ්‍යහන ප්‍රවුත්ති වලට මේක විකාශනය වෙනව.
මේකෙන් පස්සෙ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කමිටු රැස්වීමෙදි LRC ලොක්කොයි UDA ලොක්කොයි ඇවිත් ටියුනිකා නෝනගෙ හොර ඔප්පුව පෙන්නල කියනව මේ කටයුත්ත නීත්‍යානු කූලයි , මේ ඉඩම කොටස් වෙලදපොලේ අලෙවි වෙලා කොටස් වෙලද පොලෙන් ප්‍රයිම් ලෑන්ඩ්ල අරන් තියෙන්නෙ එනිසා මේක ආපස්ස්සට ගන්න බෑ කියල.
මේ අවස්තාවෙන් පස්සෙ කොකා ටීවී ලියුම්කරු මේ සියලු ලිපි ලේකන වල වංචා සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද සූරිය ආරච්චි, අරුන පනාගොඩ , හෝමගම ප්‍රදේශීයා සබාවෙ සභාපති ඇතුලු එන්පීපී සූප්පු බබාලා තුදෙනාවම දැනුවත් කලත් මේ වැඩේ හෙමි සැරේ ලිස්සල යවනව . ලියුම්කරු මේ ගැන FCID , අල්ලස් දූශන පැමිනිලි කරල තියෙනව. මේ ඔක්කොම තියෙද්දි නැවතත් ගිහින් ලාල්කාන්ත ඇමති සහෝගේ මහජන සම්බන්ධීකරන නිලධාරී , නියෝජ්‍ය ඇමතිගෙ පුද්ගලික ලේකම් හැමෝටම දැනුම් දුන්නත් ඒ දෙපලත් ලියුම් කරුගෙ ඇමතුම් මග හරිනව. පාදුක්ක ප්‍රාලේ කියන්නෙ කතා කරපු ගැටලුවක් නිසා නැවත කමිටුවෙ කතා කරන්න බෑ කියල.
මොනව උනත් මේ වැඩෙන් රජයට විශාල පඩුවක් වෙලා තියෙනව. විශාල පාරිසරික හානියක් සිදුවෙලා තියෙනව . ඒ වගේම දූශනය මර්ධනය කරන්න ආව උන්ද්ලගෙත් සාක්කුවලට දූශිත මුදල් ලීක් වෙන බව පේනව
කොළබ කළුතර බෝඩරේ යන
පොලිටිකල් COKA