
15/09/2025
අද සැප්තැම්බර් 15
වික්ෂෝප දේව මාතාවන්ගේ මංගලෝත්සවය අපි අද සමරමු .
Our Lady of Sorrows
(Latin: Beata Maria Virgo Perdolens)
Our Lady of Dolours, the Sorrowful Mother හෝ Mother of Sorrows (Latin: Mater Dolorosa) සහ Our Lady of Piety, Our Lady of the Seven Sorrows හෝ Our Lady of the Seven Dolours වැනි නම්වලින්ද හඳුන්වන ලබන 'වික්ෂෝප දේව මාතාවන්' යන භාග්‍යවත් කන්‍ය මරියෝත්තමාවන් හඳුන්වනු ලබන ගෞරව නාමය මඟින් සිය පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේ කෙරෙහි වූ එතුමියගේ දුක් වේදනාවන් විඳ දරාගනිමින්, ඒවා තම සිත්හි නිදන් කරගැනීම යන 'ආධ්‍යාත්මික ප්‍රාණපරිත්‍යාගිවරය(spiritual martyrdom)' වෙනුවෙන් මරියෝත්තමාවන්ට විශේෂ ගෞරවාදරයක් දක්වනු ලබයි. විශේෂයෙන් මෙම මංගල්‍යය මඟින් එතුමියගේ වික්ෂෝපයන් සත අවධාරණය කරනු ලබන අතර ඒවා මෙනෙහි කරමින් එතුමියගේ නිර්මල හෘදයට සැනසීමක් දීමටද අපට ආරාධනා කරයි. එසේම ගැලවීමේ ක්‍රියාවලිය තුළ එතුමියගේ දයානුකම්පාව සහ මාතෘක භූමිකාවද මෙමගින් අවධාරණය කරනු ලබන අතර වික්ෂෝප දේව මාතාවන් කෙරෙහි බැතිය මෙනෙහි කිරීම තුළ අපට දෙවියන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයෙන් යුතුව උන්වහන්සේගේ දිව්‍ය කරුණාවට සහ සංරක්ෂණයට නතු වෙමින් අපගේ ජීවිත දුක් වේදනාවන්, අරගලයන් මෙනෙහි කරමින් අපගේ ජීවිත කුරුසියන් තුළින් උන් වහන්සේගේ මහිමය උදෙසා කැපවන්නටද ආරාධනා කරනු ලබයි.
*දේව මාතාවන්ගේ වික්ෂෝපයන් සත*
1. සිමියොන් තුමන්ගේ අනාවැකිය.
2. ඊජිප්තු දේශයට පලායාම.
3. ජේසුස් වහන්සේ දින තුනක් දේව මාලිගාවේදී නැති වීම.
4. කල්වාරි ගමනේදී ජේසුස් වහන්සේව සම්මුඛ වීම.
5. ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසීම.
6. ජේසුස් වහන්සේගේ දේහය කුරුසියෙන් බාන ලදුව එතුමියගේ උකුලෙහි පුනවනු ලැබීම.
7. ජේසුස් වහන්සේගේ භූමදානය.
ඩොලොරස්(Dolores), ඩොලොරීටා(Dolorita) සහ ලෝලා(Lola) යන නම් ඇති පුද්ගලයන්ගේද ස්ලෝවැකියාවේ(Slovakia) සහ ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි(Mississippi) ප්‍රාන්තයේද Congregation of Holy Cross, Order of Servants of Mary සහ Sisters of Our Lady of Sorrows යන නිකායන්වලද නාම සාන්තුවරිය ලෙස මෙතුමිය සැළකේ.
゚viralシfypシ゚viralシalシ