09/06/2025
මිහිතලය සුරැකීමට පාසල් දරුවෝ පෙරමුණ ගනිති 🥰
--------------------------------------
මිහිතලය සුරකිමින් පාරසරික පුනර්ජීවයක් පාසැල් සිසුන් තුළ ඇති කිරිමේ අරමුණ කරගෙන දින 03 පරිසර කදවුරක් බප/ මීග ජා-ඇල ශාන්ත මරියා විදලයේ දී ජූනි 06සිට 08 දින දක්වා පැවැත්විණි.
මීගමුව කලාප ප්‍රාථමික අධ්‍යාපනය අධ්‍යක්ෂිකා තනූජා විදානපතිරණ මහත්මිය ගේ සංකල්පය ක් අනුව මෙම පරිසර කදවූර පැවැත්වෙන බව ජා-ඇල ශාන්ත මරියා විදලයේ විදුහල්පතිණී නිලන්ති ඩයස් මහත්මිය සඳහන් කළාය. ජා-ඇල නගරාධිපති රොෂාන් නෝනිස් මහතා හා මීගමුව කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ නයන පුෂ්පකුමාර මහතාගේ සහභාගීත්වයෙන් පැවති පරිසර කදවූර සදහා ජා-ඇල අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රතමික පාසැල් ගණනාවක නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව නිවන්දම රෝමාණු කතෝලික ප්‍රතමික විද්‍යාල ය, නිවන්දම ප්‍රතමික විද්‍යාල ය, ජිනරාජ ප්‍රතමික විද්‍යාල ය, ජා-ඇල ජයන්ති විද්‍යාල ය, සිද්ධාර්ථ ප්‍රතමික විද්‍යාල ය, දෑලතුර කණිෂ්ඨ විද්‍යලය යන විදුහල්වල 3-4-5 වසර වල දරු දැරියන් පරිසරය සම්බන්ධිත තේමාවන් 16 ක් යටතේ තම නිර්මාණ හා ක්‍රියාකාරකම් මෙම පරිසර කදවුරේදී ප්‍රදර්ශනය කලේය.
මිහිතලය හා පොදු පරිසරය සම්බන්ධයෙන් ළමා වියේ සිටම සංවේදී වෙමින් දරුවන් ගොඩ නැංවීම මෙම පරිසර කදවුරේ මුක්‍ය පරමාර්ථය බව ජා-ඇල සාන්ත මරියා විද්‍යලයේ විදුහල්පති නිලන්ති ඩයස් මහත්මිය ප්‍රකාශ කළේය.වත්මන් පරපුරේ ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය, කොන්ක්‍රීට් සමග මානව ක්‍රියාකාරිත්වය හේතුවෙන් විනාශය පත් වු මිහිතලය යලි සුවපත් කිරීමේ වගකීම මතු පරපුරට පහදා දීම ද දින 03 පරිසර කදවුරේ අරමුණ බව විදුහල්පතිණිය වැඩි දුරටත් අවධාරණය කළේය.