05/06/2025
මම හිතන විදියට මිනිස්සු ජීවීතේ එක වතාවක් හරි තමන්ගේ ජීවීතේ වැටෙන්න පුළුවන් අන්තයටම කඩා වැටෙන්න ඕනේ........... විශේෂයෙන් තමන්ගේ යෞවන කාලේ සහ වයස විසිගණන් වලදී....
ආදරෙන් පැරදෙන්න ඕනේ, රැවටෙන්න ඕනේ, යාළුවන්ගේ ද්‍රෝහීකම් විඳින්න ඕනේ, නෑයින්ගේ අකටයුතුකම් විඳින්න ඕනේ, අවස්ථාවාදී කපටි මිනිස්සු එක්ක ගණුදෙනු කරන්න ඕනේ, රස්සාවෙදි කම් කටළු විඳින්න ඕනේ, අධ්‍යපානයේ අමාරුකම් දැනෙන්න ඕනේ,ආර්ථික අපහසුකම් අත් විඳින්න ඕනේ , ආත්මාභිමානය පල්ලෙහාට වැටෙන්න ඕනේ, අහිමිවීම් තියෙන්න ඕනේ... ඒ වැටීම නැගිටීමක ආරම්භයක් වෙන්නෙ එතකොටයි.....
එහෙම වුනාම තමයි සත්‍ය කොයි තරම් වටිනවද, ආදරය කොයිතරම් පිරිසිදු විය යුතුද, මිනිස්සු කොයි වගේද, තමන් මහන්සියෙන් හම්බ කරන රුපියලක පවා කොච්චර වටිනාකමක් තියෙනවද, යහපත් මානව සම්බන්ධතාවක් කියන්නෙ මොකද්ද, ජීවීතේදී අපි කොච්චර බුද්ධිමත් , සැලසුම්සහගත සහ උපක්‍රමශීලී වෙන්න ඕනේද, අපිට අරමුණු අවශ්‍ය ඇයි, අපිට අපේ ආත්මාභිමානය කොච්චරක් වටිනවද, අපි කොච්චරක් දුරට සමාජයට හොඳ වෙන්න ඕනේද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ.
අවුරුදු තිස් ගණන් වලට එද්දී පරිණත, ශක්තිමත් වගේම බුද්ධිමත් මනුස්සයෙක් නිර්මාණය වෙන්නෙ එතකොටයි. හේතුව අවුරුදු 30ස් ගණන් වලින් පස්සේ එන කාලය අර කලින් කාලයට වඩා කීප ගුණයක් අභියෝගාත්මකයි!!!!! ජීවීතේ හැමදෙයක්ම 90% ක් විතර දරාගන්න පුළුවන් තරම් ශක්තිමත් මනුස්සයෙක් ගොඩ නැගෙන්නෙ එතකොටයි.... ඒකෙන් කියන්නේ ඒ මනුස්සයා කළු ගලක් වෙනවාකියන එක නෙමෙයි.... ශක්තිමත් වෙනවා කියන එක...
එතකොට අර 10%???? අන්න ඒක එයා වටේ ඉන්න එයාගේ උදව්, උපකාර , ආදරය ලබන අයට අයිති කොටස. අර 90% ටම වැඩිය අර 10% ප්‍රභල වෙන්න පුළුවන් තැන් ජීවීතේට එනවා. ඒක කළමනාකාරණය කරගන්න උදව් ලැබෙනවානම් ඒ මනුස්සයව වට්ටන්න කාටවත්ම හැකියාවක් නෑ....
හසා ✒️
Journal By Hasa