29/09/2026
මම ජීවීතේ ආසම දෙයක් වෙනුවෙන් ආසම නැති දෙයක් කරන දවස තමයි මම බුක් ෆෙයාර් යන දවස.
මගේ ජීවීතේ මම වැඩියෙන්ම ආස කරන දේවල් වලිනුත් උඩින්ම තියෙන්නෙ පොත්... පොත් කියවන්න, අතගාන්න ඒවගේ සුවඳ විඳින්න එකතු කරන්න මම හරිම කැමතියි.
ඒ වගේම මම ආසම නැති දේ තමයි සෙනග ගොඩක් ඉන්න තැන් වල ගැවසෙන එක. ඔව් මම Introvert - Extrovert කෙනෙක්.. ටිකක් අමුතුයි වගේ තමයි ඒත් ඒක එහෙමයි. මට නුපුරුදු මිනිස්සු ගොඩක් මැද ඇඟේ වැදි වැදි සද්දේ මැද්දේ ඉන්න මම කැමති නෑ.
නොගිහින්ම බැරි තැනකදි මිසක් මම එහෙම යන්නේ නෑ.. හැබැයි කැමත්තයි අකමැත්තයි අතර දෝලනය වෙවී මම යන ගමනක් තමයි මේ. ඉතින් මේ මගේ මේ සැරේ වත්කම. විඩීයෝ එක මේ සති අන්තෙට කලින් ගේනවා බුක්ෆෙයාර් යන්න ඉන්න අයට පහසුවක් වෙන්න.
26.09.2026
#2026