23/08/2026
නැදුන්ගමුවේ රාජාගෙන්
වාසනාට ලිපියක්...🐘
__________________________
ආදරණීය මල්ලියෙ වාසනා මගේ
කරුණක් එවන්නම් කියවා ඉන්න හොදේ
ඊළග ඇසල පෙරහැර වෙත යන්න අනේ
නෑ කිසි කැමැත්තක් ආයේ ඉතින් මගේ
පසුගිය පෙරහැරේ අවසන් කල දවසේ
දැනුණා අමුත්තක් සිතයට මට රහසේ
ඒකයි එද්දි දළදාවට සැරින් සැරේ
හැරි හැරි වැන්දෙ කල පව් අරවන්න එසේ
මහමග දිගේ කදු නැගගෙන එන අතරේ
දැනුණා මහන්සිය හොද හැටි ගතට මගේ
අවසන් ගමන් යන බව වැටහුණත් මලේ
කොහොමද පවසන්නෙ කලුමාමාට මගේ
මට දැං ගොඩක් වෙහෙසයි වාසනා මලේ
කලු මාමටත් බෑ දෙපයින් යන්න මගේ
මං හින්දාම උන්දැත් මහපාර දිගේ
දුක් විදිනවා තව බෑ ඉවසන්න හදේ
මෙතරම් කලක් දළදා කරපින්නාන
කෙරුවේ ගමන් බෝසත් ගති උපදාන
හදතුල තිබුණු භක්තිය බුදු සමිදාන
දුටුවා කියලා හිතුණා මට හැමදාම
යන එන මගතොට දි පසුගිය හැම දිනම
වැදලා දනන් මට ආසිරි පැතුවාම
නැදුන්ගමුවෙ රාජා යැයි කීවාම
ඇති වුණු සතුට පවසන්නේ මං කෝම
තව ටික දිනයි මම ජීවත් වී ඉන්නේ
මම දන්නවා නිතරම එය වැටහෙන්නේ
මා වෙනුවෙන්ම වියපත් නෙත් අඩවන්නේ
කොහොමද මලේ කලු මාමව හැරයන්නේ
මං නැතිදාට මගෙ නිලතල අරගන්න
මට නෑ පුතෙක් නුඹ දන්නව හොදටෝම
මින් ඉදිරියට දළදාවේ අභිමාන
නුඹටයි මලේ සතුටින් එය පිලි ගන්න
කරඩුව තබාගෙන පිට උඩ යන විටදී
හෙමිහිට තබාපන් පාදය පාවඩදී
දෙපසම සෙනග පිරිලා සිටිනා විටදී
තරහක් හෙම නොගන් කිසිවිට ඒ මැද දී
කලුමාමාට මා අවනත වුණා රිසී
නුඹෙ මාමටත් අවනත වී ඉදින් නිතී
කරඩුව බදින්නට සැරසෙන මොහොතකදී
සංසුන් වෙලා ඉදපන් දෙවිවරුත් වදී
පෙරහැර බලන්නට මහ දන පාර දිගේ
පොඩි දරුවනුත් අරගෙන කලබලයි මලේ
තරහක් එහෙම නොගෙනම සිල් අරන් වගේ
පෙරහැර තුටින් අවසන් කෙරුවොතින් අගේ
ලස්සන ඇදුම් ඇදලා නුඹ යසට යසේ
දළදා කරඩුවත් පිට උඩ රුවට දිසේ
දෙව්දූවරුන් වැද වැද එයි අහස් කුසේ
ඉන්නම් දුරට වී වදිමින් මමත් එසේ
වැඩියා මම අහසින් දෙව් බඹුන් ලොවේ
නුවර රාජ ඉන්නව පාලුවට මෙහේ
ධාතුන් අරන් වැඩපන් නුඹ ඇසල මහේ
ඉන්නම් රාජ එක්කම මං නුවර වැවේ
ලිව්වා ගොඩක් දේවල් වාසනා මම
මතකයෙ තබාගෙන කියනා හැමදේම
සතුටින් ඉන්න හඩලා දුක නිව්නාම
මට සමුදෙන්න යනවා මම දෙව් ලොවම...❤️
පද :- ✍️ ජයනී ප්‍රසංගිකා
මේකට Reply ලිපිය first comment එකේ 👇