Senuth Damketh

Senuth Damketh Train Lover🙂
Railway Photographer📸
Admin Of SDSLTrain Official and Senu Editz💛

05/08/2026

23/07/2026
08/07/2026
https://youtube.com/-k2k?si=OjTosLuki4Hm2pD4පුලුවන් කට්ටිය follow කරලා support එකක් දෙමු😍🔥
12/05/2026

https://youtube.com/-k2k?si=OjTosLuki4Hm2pD4

පුලුවන් කට්ටිය follow කරලා support එකක් දෙමු😍🔥

Hi . I am from Kandy .This channel include memes and poll voting and secrete informations about the globe.Subscribe for more videos and shorts.Thank you for your co-operation towards us. ❤️‍🔥

🟢 යාල්දේවී නැවතත් උතුරුකරයේ කරළියට...〽️මගීන්ගේ ඉල්ලීමට ගරු කරමින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව ස...
09/05/2026

🟢 යාල්දේවී නැවතත් උතුරුකරයේ කරළියට...

〽️මගීන්ගේ ඉල්ලීමට ගරු කරමින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර ධාවනය වූ *"යාල්දේවී" දුම්රිය* සීමාසහිතව නැවත ධාවනයට එක් කිරීමට තීරණය කර ඇත.

〽️යාල්දේවී දුම්රියේ නැවත පැමිණීම එහි 2026 මැයි මස 11 වැනි දින නැවත ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි සදහන් වේ.

🟢 නව කාලසටහනට අනුව ධාවනය වන දින

〽️කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා : සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම

〽️කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා : සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම

〽️මෙම සේවාව නැවත ආරම්භ කිරීමෙන් මගීන්ට සැලකිය යුතු පහසුවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

🟢 රේල්ලුවේ  මළගමටම එක් වූ කැලණිය - සපුගස්කන්ද දුම්රිය මාර්ගය 😥🟢ලංකාවේ දුම්රිය ඉතිහාසයේ අමතක වූ එක් පිටුවක්. අද අපි කතා ක...
04/05/2026

🟢 රේල්ලුවේ මළගමටම එක් වූ කැලණිය - සපුගස්කන්ද දුම්රිය මාර්ගය 😥

🟢ලංකාවේ දුම්රිය ඉතිහාසයේ අමතක වූ එක් පිටුවක්. අද අපි කතා කරන්නේ ජේ.ආර්. ජයවර්ධන යුගයේ ආරම්භ කර, අඩක් ඉදිකර අතහැර දැමූ කැලණිය - සපුගස්කන්ද දුම්රිය මාර්ගය ගැනයි.

〽️ පසුබිම

🟢ලංකා දුම්රිය සේවයේ දුම්රිය මාර්ග වලින් 90%ක්ම බ්‍රිතාන්‍ය යුගයේ ඉදි වූ ඒවාය. ඉන් පරිබාහිරව ඉදිකර ඇත්තේ මාර්ග කිහිපයක් පමණි

1. මාතර - බෙලිඅත්ත
2. මිහින්තලේ හැදිය - මිහින්තලේ
3. *කැලණිය - සපුගස්කන්ද*

〽️ ව්‍යාපෘතියේ අරමුණ

🟢1980 දශකයේ ආරම්භයේදී බියගම ආයෝජන කලාපය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව සහ පොහොර සංස්ථාව යන ආර්ථික මධ්‍යස්ථාන අරමුණු කරගෙන මෙම මාර්ගය සැලසුම් කෙරිණි. කැලණියේ සිට වරගොඩ, පොල්හේන, කොහොල්විල, ගොනවල හරහා සපුගස්කන්ද දක්වා මාර්ගය සැලසුම් කර තිබිණි.

〽️ මොකද වුණේ?

🟢ව්‍යාපෘතියෙන් අඩක් ඉදිකර පරීක්ෂණ ධාවනයක්ද සාර්ථකව සිදු කෙරිණි. එහෙත් 1980 දශකයේ මැද භාගයේ පොහොර සංස්ථාවේ කටයුතු අඩපණ වීමත් සමඟ ව්‍යාපෘතියට ලැබුණු ප්‍රමුඛතාවය අඩු වී ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී.

🟢 වර්තමාන ඛේදනීය තත්ත්වය

〽️වසර 40කට පසු අද වන විට:
- රේල්පීලි, සිල්පර සහ ලෝහ කොටස් බොහොමයක් සොරකම් කර ඇත.
- දුම්රිය රක්ෂිත ඉඩම් වල අනවසර නිවාස ඉදි වී තිබේ. දේශපාලන හිතවත්කම් මත ඉඩම් බලෙන් අල්ලාගත් බවට චෝදනා පවතී.

〽️අදද මෙම මාර්ගයේ නටබුන් කැලණිය දුම්රිය ස්ථානය ආසන්නයෙන් දැකගත හැක. කැලණියේ සිට වනවාසල දෙසට මීටර් 150ක් පමණ ගිය විට, වරගොඩ ධ
ර්මාලෝක මාවතේ තවමත් රේල්පීලි මෙන්ම අනවසර ඉදිකිරීම් ද දැකගත හැකිය. ප්‍රදේශවාසීන් කැලණිය ස්ථානයට යාමට මෙය කෙටි පාරක් ලෙස භාවිතා කරයි.

🟢 නැවත ඉදි කළහොත් ලැබෙන වාසි

✅ කැලණිය, මාකොල, සපුගස්කන්ද ප්‍රදේශවල මාර්ග තදබදයට විශාල සහනයක්
✅ බියගම ආයෝජන කලාපයට සහ තෙල් පිරිපහදුවට සෘජු, ලාභදායී දුම්රිය සේවයක්

🟢වර්තමාන බලධාරීන් අවිස්සාවේල්ල-යටියන්තොට සහ නානුඔය-උඩුපුස්සැල්ලාව වැනි මාර්ග පිළිබඳව අවධානය යොමු කරනවා සේම, කැලණිය - සපුගස්කන්ද මාර්ගයද නැවත අධ්‍යයනය කර ඉදි කිරීමට පියවර ගත හොත් ජනතාවගේ පහසුව පමණක් නොව, දුම්රිය දෙපාර්තමේන්තුවේද ජයග්‍රහණයක් වනු ඇත.

📝සටහන - සෙනුත් දම්කෙත්

〽️යම් සාවද්‍ය තොරතුරක් ඇතොත් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිමි.

🟢ජායාරූප සියල්ලම මුල් හිමිකරුවන් සතුවේ.




Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Senuth Damketh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share