Kurulu - කුරුළු

Kurulu - කුරුළු Life between Poems and Stories ආදරේ අහිමි වූ රටක - ආදරේ අහිමි කල දේශයක -
පෙරවදනක් නොදන්නා ආදර කතාවල පසුවදන කියවන්න
මේ පාරෙන් එන්න....

මේ සැප්තැම්බර් 27 ට කුරුළු කවි පොතට අවුරුදු 10 යි !දැනට දවස මතක තියාගන්න...................... !    #කුරුළු
13/09/2025

මේ සැප්තැම්බර් 27 ට කුරුළු කවි පොතට අවුරුදු 10 යි !
දැනට දවස මතක තියාගන්න...................... !

#කුරුළු

     #කුරුළු
05/09/2025

#කුරුළු

    #කුරුළු
30/08/2025

#කුරුළු

   #කුරුළු
28/08/2025

#කුරුළු

18/08/2025

ආදර සඳ වෙත ඉස්සර මතකයි හොරෙනුත් පෙම් පත් යවපුවා
කාටද අමතක මම සහ නුඹ ගැන - අපිටම අපි ගැන ලියපුවා
කොතරම් කීවත් එක එක කවියන්, කවියෙන් අපි ගැන වවපුවා
මොකටද වෙන අය කියපුව බොරුවට ඒවා උන් උන් මවපුවා
තාමත් නුඹ මට - මාවත් නුඹ හට දැනුනානම් ඇති කරපුවා
පිටුවුන් මොනවත් කිවුවට මොකටද ඒවා හදවත් මරපුවා
හිනැහෙමු සොදුරිය අපහට රිදවන "හදවත් "හොඳටම දිරපුවා
හොඳටම මේ ඇති යන්නට " අහසට "අපි කල පාරමි පුරපුවා

#කුරුළු

13/08/2025

නිලමෙ -
හරියටම මම නුඹව දැක්කෙ ගිය අවුරුද්දෙ
උඹේ පිල් නැටුමමයි හැමදාම හිත ඇද්දෙ
දන්නවද එදා ඔය මූන දැක්කට පස්සෙ
නින්ද නං තිබුනෙ නැ හීනෙනුත් හිත, යුද්දෙ

නටන කොට තාලෙකට බෙර පදේකට කකුල
හැමෝගෙම හිත ගියේ පිල් කළඹ, පුළුඋකුල
නොදැනීම " මොනරියේ මගේ හිත තුල අතුල
පෙමක් කිඳ බහිනවා වගෙයි දැං දැං පතුල

උඹ මාව දැක්කෙ නැ, හිටියෙ හේවිසි හරියෙ
සුදු පාට ' නිලමෙ' ඇඳුමක් තමයි ඇඳ හිටියෙ
මා බලන්නට පිරුණ සෙනග පොදි කිටි කිටියෙ
විහිලු කල බව නුඹට මං දැනං නැ හිටියෙ !
--------------———————————
මොණරි-
අපිට හොද හැටි හුරුයි හිනා, හූ හඩ සද්ද
නිදහසක් දෙන්න ඔය හිතට දැන් ඇති නැද්ද
මේ වටෙන් පස්සෙ අපි ආයෙ කොහෙ හමුවෙද්ද
පෙරහැරට විතරමයි - දුන්නෙ, මොනරිගෙ රෙද්ද

ගිය වරත් දැක්ක මම නුඹ හොරෙන් බලන හැටි
මොනව කරමුද සොයුර ඒක මේ සසරෙ හැටි
ආවොතිං කතරගම එහෙම, ට්‍රිප් එකක් හරි
සීයකට තුන නෙවයි, ගන්න මල් නිකං හරි ...!

#කුරුළු

12/08/2025

වතුසුදු අරලියා සේපාලික මල් වලට
විතරක් නෙවෙයි ඒවයෙ ඇති නටු වලට
පෙර කළ පිනක් තිබුණට බුදු රදු පුදට
මානෙල් නෙලුම් මල්වල නටු කුණු වලට...

#කුරුළු

Address

Kaduwela

Telephone

+94773345757

Alerts

Be the first to know and let us send you an email when Kurulu - කුරුළු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kurulu - කුරුළු:

Share

කුරුළු නිස්කලංක

Life Time Story Teller http://www.kurulu.lk