17/07/2025
නලින්දට තුන්සක දඩයක්...
“තුන්සක දඩය” කාව්‍ය සංග්‍රහය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්වයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා විසින් රචිත පස්වන කාව්‍ය සංග්‍රහය වන “තුන්සක දඩය” කාව්‍ය සංග්‍රහය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පසුගිය දා පිළිගන්වනු ලැබීය.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා කවියෙකු, කෙටිකතා කරුවෙකු, ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු හා පුවත්පත් කළාවේදියෙකු ලෙස දක්ෂතා ප්‍රගුණ කර ඇති නිර්මාණ ශිල්පියෙකු වේ.
“තුන්සක දඩය” කාව්‍ය සංග්‍රහය තුළින් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා වර්තමාන සමාජ සංසිද්ධීන් දෙස අපූර්වත්වයකින් යුතුව නිරීක්ෂණයක යෙදේ.
ඔහුගේ පළමු කාව්‍ය නිර්මාණ සංග්‍රහය 2010 වර්ෂයේදී එළිදැක්වුණු අතර “කල්‍යාණි නදී” නම් එම නිර්මාණයට නැගෙනහිර පළාත් සාහිත්‍ය සම්මානය හිමි විය. මීට අමතරව පන්නෝවේ සිනහසෙන කුමරිය, තහනම් පෙමක, ඉල්ලන්කා යන කාව්‍ය සංග්‍රහයන් ඔහු රචනා කර ඇත.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා මහා භාණ්ඩාගාරය. අම්පාර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්, තඹලගමුව ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ නියෝජ්‍ය ලේකම්, ග්‍රාමීය කර්මාන්ත පළාත් අධ්‍යක්ෂ, පේෂකර්මාන්ත අධ්‍යක්ෂ, වරකාපොළ ප්‍රාදේශීය ලේකම්, පඬුවස්නුවර (බටහිර) ප්‍රාදේශීය ලේකම්, අලව්ව ප්‍රාදේශීය ලේකම් හා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අධ්‍යක්ෂ (පරිපාලන) ලෙස සේවය කර රාජ්‍ය සේවයේ හසළ අත්දැකීම් ඇති අතර, දැනට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලෙස සේවය කරයි.
මූලාශ්‍රය
දීප්ති විජේතුංග
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය.
සටහන
සුනෙත්
·