28/08/2025
✅ඔබ දන්නවාද ලංකාවේ දවසකට මිලියන 20 ක් ෂොපින් බෑග් කුණු කන්දකට යනව කියල ?
✅ඔබ දන්නවාද ලංකාවේ අවුරුද්දකට බිලියන 100 ක් ශොපින් බෑග් කුණු කන්දකට යනව කියල ?
✅2023 අප්‍රේල් වල කරපු Research එකකින් හොයාගන්නවා මව් කිරිවල Micro Plastics තියෙනව කියල
✅ලංකාවේ දවසකට මිලියන 15 ක් ලන්ෂීට් කුණු කන්දකට යනව
✅ලංකාවේ දවසකට මිලියන 10 ක් ප්ලාස්ටික් වතුර/බීම බෝතල් කුණු කන්දකට යනව
💥ඔබ ඉන්න තැන ඉඳල වටපිට බලන්න, ප්ලාස්ටික් වලින් හදපු භාණ්ඩ කීයක් තියෙනවද ? ඇත්තටම පොලිතින් ප්‍රශ්නෙ ලංකාවට කොච්චර බලපෑමක් ඇති කරලද , අද අපි ඒ ගැන කතා කරමු
💥ප්ලාස්ටික් කියල කියන්නේ ප්ලාස්ටික් වතුර බෝතල් ම නෙවෙයි, Microplastic යනු ප්ලාස්ටික් වර්ගයක කුඩා, 5mm ට වඩා කුඩා කොටස් වේ. මෙය විශේෂයෙන්ම පරිසරයට හා සෞඛ්‍යයට දැඩි බලපෑම් ඇතිකරයි. ප්ලාස්ටික් භාණ්ඩ වලින් ප්ලාස්ටික් ගැලවීයාමෙන් මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයතුල නිර්මාණය වේ.
🔴පරිසර සංවිධාන වලින් කියනව 2050 වන විට මුහුදේ මාලුන්ට වැඩිය මුහුදේ ප්ලාස්ටික් තියෙනව කියල, මේ වන විට එය තහවුරුවෙමින් පවතිනවා, ලෝකේ සමහර රටවල් තවමත් කුණු ටික මුහුදට බැර කරනවා.
🔴ටයිටනික් එකේ ප්‍රධාන නළු Dicaprio එයාගේ Twitter එකේ 2022.01.26 දානවා ලංකාවේ අලි මැරෙනවා, ලංකාව ඇතුලේ විශාල plastic ප්‍රශ්නයක් තියෙනවා කියල,
🔴London Economic එකෙන් 2022.01.12 එයාලගේ Website එකේ පළකිරීමක් කරනවා Instagram එකෙන් Plastic ප්‍රශ්නේ සඟවනවා කියල, ඇත්තටම Instagram එකේ Sri lanka Search කලාම එන ෆොටෝස් වලින් ලංකාවේ ඇතුලේ ලස්සන විතරයි පෙනන්නේ
🔴දකුණු පළාතේ මුහුදු වෙරල වල වැලි සාම්පල 100 ක් අරන් Check කලාම 70 කම Micro Plastic තියෙනවා කියල හොයාගෙන තියෙනව
🔴දැනටමත් කැළණි ගඟ 80% ක් ප්ලාස්ටික් වලින් අපවිත්‍ර වෙලා තියෙනව .........................................
💥Plastic ප්‍රශ්නේ ලංකාවට කොපමණ බලපෑමක් ඇති කරලද කියල දැන් හොදටම පැහැදිලි ඇති. ඉතින් අපි එකට මුහුණ දෙන්නේ කොහොමද? අපි ඒ ගැන බලමු.
✅දැනටමත් Cargills, Keells වැනි Supermarket වලින් Eco - Friendly bag වගේ දේවල් හදුන්වල දීල තියෙනව,
✅ලංකාවේ සමහර ගාර්මන්ට් factory වලින් ප්ලාස්ටික් වතුර බෝතල්, ලන්ෂීට් වගේ දේවල් ඇතුලට අරන් ගැන තහනම් කරලා තියෙනව
✅මන්චි, මැලිබන් වගේ සමාගම් වලින් ශ්‍රී පාදස්ථානය වගේ ස්ථාන වලට පොලිතින් බෑග් ගෙනයන අයගේ බෑග් එක Replace කරන්න Projects කරගෙන යනවා
💥නමුත් plastic භාවිතා කරන්නන් විදිහට අප විසින්ම ප්ලස්ටික් අවම කල යුතුයි.
♻️ප්ලාස්ටික් ලණු, වලන් හෝදන බ්‍රශ්, කොසු, ඉදල් වෙනුවට අපේ අතීත ජනතාව අපට උරුම කල කොහු කර්මාන්තය නගාසිටවිමට අවධානය යොමුකළ යුතුමය.
♻️ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, බේසම් වෙනුවට අපේ අතීත ජනතාව අපට උරුම කල මැටි කර්මාන්තය නගාසිටවිමට අවධානය යොමු කලයුතුමය.
♻️පොලිතින් බෑග්, ප්ලාස්ටික් බේසම්, ප්ලාස්ටික් පුටු අවම කිරීමට අපේ අතීත ජනතාව අපට උරුම කල වේවැල් කර්මාන්තය නගාසිටවිමට අවධානය යොමු කලයුතුමය.
💓අපට හැකි සෑම අවස්ථාවකදීම ප්ලාස්ටික් වෙනුවට ආදේශක භවිතා කිරීමට කටයුතු කිරීම තුලින් තවදුරටත් ලංකාවේ ප්ලාස්ටික් ප්‍රශ්නෙට විසඳුම් සෙවිය හැක.
🔰ලංකාව ප්ලාස්ටික් හදන රටක් නොවන අතර ලංකාවට ප්ලාස්ටික් Import කර ලංකාව තුලදී ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරන රටක් වේ. ඉතින් අප ප්ලාස්ටික් නිෂ්පාදන ව්‍යාපාර වෙනුවට ආදේශක ව්‍යාපාර බිහිකරමින් ප්ලාස්ටික් ප්‍රශ්න වලට විසඳුම් සොයමු
(මෙම කරුණු විවිධ මුලාශ්‍ර වලින් හා Youtube සංවාද වලින් ලබාගත් කරුණු අන්තර්ගත කරමින් Zero Plastic ව්‍යාපෘතියට සමගාමිව Vg Digital Advertising අප විසින් සිදු කරන Refuse Plastic ව්‍යාපෘතියට නිර්මාණය කරන ලදී )
🔴ඕනෑම අයෙකුට මෙය උපුටා ගැනීමට අවසර ඇත.🔴