Pasindu with Paara

  • Home
  • Pasindu with Paara

Pasindu with Paara Pasindu with Paara Official

20/08/2026

Bucket list එකට Add කරගන්න ඕනේ තැන් 🫶🏻❤️ Gardens Resort VLOG coming soon

19/08/2026

මොන කුක්කුද අම්මී... මේ කතාව අහන්නකෝ... අන්තිමට thank you කියලත් කියනවා 😂😂😂

හැම ගෙදරම මේ වගේ රෝස මලක් පිපෙන්න ඕනේ 🙏🏻🩷🌹
18/08/2026

හැම ගෙදරම මේ වගේ රෝස මලක් පිපෙන්න ඕනේ
🙏🏻🩷🌹

16/08/2026

මගේ Breast feeding experience එක 🙂🤍❣️

Feels like heaven 🫶🏻❤️
16/08/2026

Feels like heaven 🫶🏻❤️

15/08/2026

සිංදුවේ මොකක් හරි case එකක් වගේ 😂😂😂🤍

අම්මා වගේද? අප්පච්චි වගේද? 🥹🫶❤️
14/08/2026

අම්මා වගේද? අප්පච්චි වගේද? 🥹🫶❤️

13/08/2026

“ ඔයා මං මොන වගේ මනුස්සයක් කියලද හිතන් ඉන්නේ? Image එකකින් පෙන්නන්න “
Ask this from ChatGPT and comment the image that you got!
Mine is in the comments below 👇

Hello 🤍♥️ Again Hailey here 🫶🏻
13/08/2026

Hello 🤍♥️ Again Hailey here 🫶🏻

12/08/2026

පිරිමි කෙනෙක්ට හීන කියන දේවල් සෑහෙන්න තියෙනවා. හැබැයි ඒ හීනවලින් හැබෑ වෙන්නේ, හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ පොඩ්ඩම පොඩ්ඩයි.

විශේෂයෙන් තාත්තා කෙනෙක් වුණාම, ඒ හීනවලින් ගොඩක් තමන්ගේ පවුල වෙනුවෙන් කැප කරන්න වෙනවා.

මම මේ හෑල්ල ලියන්නේ තාත්තා කෙනෙක් විදිහට නෙවෙයි. කොල්ලෙක් විදිහට. මගේ ජීවිතේ තියෙන පොඩිම පොඩි ලස්සන කොටසක් ගැන.

කැමති අය කියවන්න. ❤️

ගොඩක් කොල්ලෝ ආසයි Bike එකක් ගන්න. මාත් ආසයි. ඒත් මමම දන්නවා, මං Bike එකක් ගත්තොත් ඕකේ මට පාලනයක් නැති වෙනවා කියලා. 😂

අම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ මං Bike එකක් ගන්නවට. මං ජීවිත කාලෙම පැද්දේ අප්පච්චිගේ Bajaj Boxer එක.

ඒ ඔක්කොටම වඩා මං පොඩි කාලේ ඉඳන් සෑහෙන්න ආසයි RC Cars වලට.හැබැයි මං ආස හැමදේම අරන් දෙන්න තරම් අම්මටයි අප්පච්චිටයි සල්ලි තිබ්බේ නෑ.

මට ඕනේ වුණේ,

“ලොකු, මිදුලේ පස්වල වේගෙන් යන RC Car එකක්.”

අම්මයි අප්පච්චියි දෙන්නම රජයේ සේවකයෝ. එයාලා නංගිටයි මටයි වියදම් කරද්දි, මේ වගේ දෙයකට වියදම් කරන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑ.

හැබැයි එහෙමයි කියලා එයාලා මට RC Cars අරන් දීලා නැත්තේ නෑ. එයාලගේ ආර්ථික තත්වෙට ගැලපෙන විදිහේ Cars අරන් දුන්නා.

ඒත් මං ආස වුණේ ඒවට නෙවෙයි.
ඒත් එයාලා අරන් දුන්න හැම දෙයකින්ම මං සෑහෙන්න සතුටු වුණා.
මෙතනදි මට මගේ මාමාවත් මතක් කරන්න ඕනේ. අම්මගේ මල්ලි.මාමා marry කරන්න කලින් ගොඩක්ම හිටියේ මායි නංගි එක්ක. එයා දැක්කේ අපි කරපු කියපු දේවල්, අපි ආස කරපු දේවල්.

ඉතින් මාමා දන්නවා මං කොච්චර පිස්සුවෙන් වගේ RC Cars වලට ආසද කියලා. ඒ නිසා මාමාත් මට RC Cars අරන් දෙනවා. බාප්පත් අරන් දුන්නා ඒ කාලේ සුපිරි car එකක්. අප්පච්චිගේ මල්ලී ♥️💔🕊️🕊️
ඒ විදිහට තමයි මට පොඩි කාලේ RC Cars හම්බ වුණේ.
හම්බ වුණත් ඒවා මාසයයි, දෙකයි.
බිත්තිවල හප්පගෙන කඩාගන්නවා. 😂😂

කොහොමහරි අවුරුදු 8–9න් පස්සේ මං වැඩිය අම්මලගෙන් RC Cars ඉල්ලුවේ නෑ.
මං ආස නැති නිසා නෙවෙයි.
මම දන්නවා එයාලට ඒවාට වඩා වැදගත් වියදම් තියෙනවා කියලා.

කොහොමහරි මට අවුරුදු 15දී මගේ වර්තමාන Wife ව හම්බ වෙනවා. ඒ කාලේ එයා මගේ GF. 😂❤️
එයත් දන්නවා මං කොච්චර පිස්සුවෙන් වගේ RC Cars වලට ආසද කියලා.
ඉතින් මට අවුරුදු 16දී Birthday එකට එයා RC Car එකක් අරන් දෙනවා.එයා ඒක අරන් දෙන්නේ එයා school යන කාලෙදිම, එයාගේම සල්ලි එකතු කරලා.ඉතින් ඕකෙන් පස්සේ ආයේ මට ජීවිතේට RC Car එකක් හම්බ වෙලා නෑ.

අපි ඒ කාලේ හිතුවේ,

“ලොකු වෙලා, අපි සල්ලි හම්බ කරන දවසක අපි කැමති දේවල් ඔක්කොම ගන්නවා.”කියලා.
හැබැයි ලොකු වුණාම තේරෙනවා, ඊට වඩා වැදගත් වියදම්, වගකීම් කොල්ලෙක්ට තියෙනවා කියලා.
කොල්ලෝ 90%කටම වගේ ඔය දේවල් ඔය විදිහටම වෙනවා.

දැන් මට අවුරුදු 27යි.

මේ අවුරුදු 27 පුරාවටම මොකක් හරි Shop එකකට ගියොත්, මං RC Cars තියෙන Section එකට ගිහිල්ලා ඒ දිහා බලන් ඉඳලා එනවා.

මං දන්නවා මං විතරක් නෙවෙයි.
ගොඩක් කොල්ලෝ එහෙමයි.

දැන් මං අප්පච්චි කෙනෙක්.
බබාට බඩු ගන්න ඕනේම කඩේකට ගියාම, නිකන්ම මාව ඇදිලා යන්නේ සෙල්ලම් බඩු තියෙන තැනට.
විශේෂයෙන්ම RC Cars තියෙන තැනට. ❤️

ඉතින් කොහොමහරි, පෙර කරපු පිනකටද මන්දා, මගේ දෙමව්පියන්ටත්, මගේ Wife ටත් පින්සිද්ධ වෙන්න, මම අද මගේම සල්ලිවලින් මගේ පොඩි කාලේ ඉඳන් ආස වුණ, ආසාවෙන් හිටිය,

“ලොකු, මිදුලේ පස්වල වේගෙන් යන RC Car එකක්”

ගන්න පුළුවන් වුණා.

ඒක මට RC Car එකක් විතරක් නෙවෙයි.

අවුරුදු ගාණක් තිස්සේ මගේ ඇතුළේ හිටපු පොඩි කොල්ලගේ පොඩි හීනයක්.

“හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනේ.”

ඔන්න ඕකයි මගේ කතාව. ❤️

ඉතින් මම පටන් ගද්දිම කිව්වනේ, තාත්තා කෙනෙක් වුණාම සෑහෙන්න තමන්ගේ හීන කැප කරන්න වෙනවා කියලා.
ඒක මට, මගේ අප්පච්චිට, ඔයාගේ තාත්තට, මේ ලෝකේ හැම අප්පච්චි කෙනෙක්ටම පොදු දෙයක්.
ගොඩක් වෙලාවට කොල්ලෝ හැමෝගෙම වගේ හීන, ආසාවල් එකිනෙකට සමානයි.
වයසින් කොච්චර වැඩි වුණත්, අපේ තාත්තලත් අපි වගේම කොලු කාලයක් පහු කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ.

කොච්චර වයස ගියත්, පිරිමි කෙනෙක්ගේ ඇඟ ඇතුළේ ඒ හිටපු පොඩි කොල්ලා තාමත් ජීවත් වෙනවා.

මේ මම ගත්ත RC Car එක මගේ අප්පච්චිට පොඩ්ඩකට දීලා බලන්න පුළුවන් වුණොත්…

අන්න එතකොට, එයා ඇතුළේ හැංගිලා ඉන්න ඒ පොඩි කොල්ලව මට බලාගන්න පුළුවන් වෙයි. ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Pasindu with Paara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share