26/08/2026
😍ජවිපේ සහෝදරයෙක් හම්බු වෙලා නන්දා මාලිනිය ගැන කිව්ව මෙන්න මෙහෙම.😍
නන්දා මාලිනිය ජනප්‍රිය උනේ විප්ලවීය ගීත කියලලු. 😯😯😯😯
කොයි කාලෙද ඇහුවම 88/89 ලු.😯😯😯😯
මොනාද කිව්ව විප්ලවීය සිංදු ඇහුවම යදමින් බැඳ විලංගු ලාලු.😁😁😁😁
ඊටපස්සේ එතුමියට ගුවන් විදුලියත් තහනම් කලාලු.😯😯😯😯
එතුමියගේ සිංදු ඔක්කොම තහනම් කලාලු.😯😯😯😯
ඊටපස්සේ ඉන්දියාවට පැනලා ගියාලු.😯😯😯😯
ප්‍රේමදාස මැරෙකම් ලංකාවට ආවේ නෑලු.😯😯😯😯
එයාගේ ආවේගශීලි මේ වචන සෙට් එක ඉවර උනාම මම මෙහෙම ඇහුවා.🙂🙂🙂🙂
විප්ලවීය ගීත කියලා නම් නන්දා මාලිනිය ලංකාවම දැන ගන්නෙ,
කොහොමද 1964 දී ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය උන "රන්මුතු දූව" චිත්‍රපටයේ එන "ගලන ගඟකි ජීවිතේ" ගීතය වෙනුවෙන් සරසව් සම්මානෙ ගත්තේ ?🤔🤔🤔🤔
1966 "සාරවිට" චිත්‍රපටයේ "මේ සිංහල අපගෙ රටයි" ගීතය වෙනුවෙන් සරසවි සම්මානය ගන්නෙ ? 🤔🤔🤔🤔
ඊටපස්සේ 1968,1969,19801981,1982 අවුරුදු වල සරසවි සම්මාන ගන්නෙ කොහොමද ?🤔🤔🤔🤔
ඊටත් එහා 1979,1980,1982 අවුරුදු වල එතුමිය වැඩිපුරම විවේචනය කරපු ජේ.ආර්ගේ කාලෙම ජනාධිපති සම්මාන ගන්නෙ කොහොමද ?🤔🤔🤔🤔
ඊලඟට එතුමිය නන්දා මාලිනී ඒකපුද්ගල ගී ප්‍රසංගය" නමින් ඇගේ මුල්ම ඒකපුද්ගල ප්‍රසංග මාලාව 1973 දී පටං අරගෙන ප්‍රසංග 530ක් පවත්වලා 1979 මැයි 22 දින නිල වශයෙන් අවසන් කරන්නෙ කොහොමද ?🤔🤔🤔🤔 කියලා.
ඒක අහන් උන්න සහෝදරයා කිව්වා හරි ඒ උනාට එයාගෙ විප්ලවීය ගීත මුලින්ම කිව්වෙ සහ ඒවා තහනම් කලානේ 88/89 දී කියලා.😯😯😯😯
මම කිව්වා නෑ බම් එතුමිය විප්ලව නැත්නම් ආණ්ඩූ විරෝධී ගී ගැයුවේ 1981 සත්‍යයේ ගීතයයෙන් කියලා. 😯😯😯😯
ඒක සමාජ ප්‍රශ්න කතා කළ ඇගේ දෙවන ප්‍රධාන ප්‍රසංග මාලාව සහ 1981 අගෝස්තු පටං අරං ප්‍රසංග 500ක් පවත්වලා 1984 අගෝස්තු මස ඉවර කරනවා වගේම ඒවයේ සමහර සිංදු විතරක් තහනම් කරනවා කියලත් කිව්වා.😯😯😯😯
හැබැයි එදා ජේ.ආර්ගේ පාලනය ප්‍රසංගය තහනම් කරන්නෙ නෑ වගේම 1982 නන්දා මාලිනිට ජනාධිපති සම්මානෙත් දෙනව කියලා කිව්ව.🙂🙂🙂🙂
ජවිපේ සහෝදරයා ඊටපස්සේ කියනවා හරි ඒව එහෙම උනාට 88/89 දී ප්‍රේමදාස නන්දා මාලිනිව මරන්න හෙව්වනෙ කියලා. ඊටපස්සේ රටෙනුත් පැන්නනෙ කියලා.
ලංකාවට ආවේ ප්‍රේමදාස මැරුනට පස්සනෙ කියලා.😯😯😯😯
මම කිව්වා ඔය කතාව මාත් අහලා තියනවා.
😯😯😯😯
හැබැයි ඔය කාලේ නන්දා මාලිනිය සුනිල් ආරියරත්න එක්ක කිහිප විටක්ම ඉන්දියාවෙ ගිහිල්ලා තියනවා.
හැබැයි රටෙන් පැනලා ගියා කියලා නන්දා මාලිනිවත් සුනිල් ආරියරත්නවත් කොහෙවත් කියලා නෑ කියලා.😯😯😯😯
හැබැයි රටම තිතට දන්න එකක් තියනවා කියලා මම කිව්වා.😯😯😯😯
සහෝදරයා ඇහුවා ඒ මොකද්ද කියලා ?
😯😯😯😯
නන්දා මාලිනිය මරණ තර්ජන වලට බයේ ඉන්දියාවට පැනලා ගියා කියලා කිව්වට ඔය කාලේ එ කියන්නෙ 1988/89 සහ ප්‍රේමදාස මැරෙනකම් එතුමියට සම්මාන හම්බ උනා වගෙම ඒවා ගන්නත් ආවා කියලා.😯😯😯😯
උදාහරණ් තමයි
1989 ස්වර්ණසංඛ සම්මානය😍😍😍😍
1990 ජනාධිපති සම්මානය😍😍😍😍
1991,1992,1993 සරසවි සම්මානය.😍😍😍😍
ඒ වගේම 1989 සංඛපද්ම කැසට්පටය,1990 සිංදු හෝඩිය,1992 කිඳුරියකගේ වැලපිල්ල කියලා කැසට් පවා ගැහුවා.😍😍😍😍
ඔය කාලේ ඉන්දියාවේ නන්දා මාලිනය හැංගුනා නම් කොහොමද එහෙම ඒවා කරන්නෙ ? කියලා මම ඇහුවා.🤔🤔🤔🤔
ඒ කියන්නෙ නන්දා මාලිනියට ගුවන් විදුලිය තහනම් කරලත් නෑ, එයාගේ සිංදු තහනම් කරලත් නෑ, ඉන්දියාවට පැනලා ගියෙත් නෑ මගේ හිතවත් ජවිපේ සහෝදරයා දැඩි ආවේගයෙන් අහනවා.😐😐😐😐
මම කිව්වා ඔයා පටලවගෙන.😯😯😯😯
නන්දා මාලිනියගේ ආණ්ඩූ විරෝධී ගීත වලට වාරණයක් ආවා මිස නන්දා මාලිනියට හෝ නන්දා මාලිනියගේ අනෙක් ගීත වලට වාරණයක් ආවේ නෑ සහ නන්දා මාලිනිය ඔය කාලේ නිත්‍යානූකූලව ඉන්දියාවට ගොස් නැවත ආවා මිස හොරෙන් ගිහිල්ලා හොරෙන් ආවේ නෑ කියලා.🙂🙂🙂🙂
හරි හරි
නන්දාමාලිනීය පතපු ලෝකය අපි හදනවා කියලා ජවිපේ සහෝදරයා කිව්වා.😯😯😯😯
මම කිව්වා නන්දා මාලිනිය පැතුවේ එක දෙයයි මම දන්න තරමට.
ඒ තමයි
නිලම්බරේ සුදු පරවි රෑන් යනදිනක් උදා වේවා..දොරින් දොරට හසරල රැලි තෙරපෙන කලක් උදා වේවා..
යුදෙන් ගලා ගිය ලෝහිත කඳුලැලි
සුනිල් සයුර මත වැද වියැකී..බියෙන් විකල් වී ගිනිගත් ජනහද
සහන් සිහිල් සුවයෙන් සැනහී..
බිඳුණු කඩුතලෙන් නඟන හඬින් නොව
මිණි කිංකිණි හඬ දසත ඇසී..සුන්බුන් වී ගිය නගර ජනපදද නව මන්දිර ලෙසින් නැඟී.
තුඩින් තුඩග සෙත් කව් ගී රැව්දී, සවන් යුගල මිණි කොඬොල් රැඳී. පහන් හැඟුම් සිත් අතර නිදන් වී, නුවන් සඟල උණු කඳුළු සිඳී.
ඒක 2009 මැයි 19 උදා උනා කියලා මම කිව්වා.
😁😁😁😁
චිරාත් උයනහේවා
#ලංකීයගීතය #නන්දාමාලිනිය #කෝකිලාවිය #යශෝරාවය