02/10/2021
හිත එක තැනක තියාගෙන පාඩම් කරන්නේ කොහොමද ? ❤👨🎓
දුවේ පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඔයාලා ගොඩ දෙනෙක්ට පාඩම් කරද්දී ඇතිවෙන ප්‍රශ්නයක් ගැන ඒ තමයි හිත එක තැනක තියාගෙන පාඩම් කරන්නේ කොහොමද කියන එක . ඇත්තටම කොහොමද අපි අපේ මානසික ඒකාග්‍රතාවය හදා ගෙන පාඩම් කරන්නේ එකට පුතේ මෙන්න මේ කරුණු ටික ඔයාලට වැදගත් වේවි .
1 අධ්‍යන කටයුතු සදහා සුදුසු පරිසරයක් තෝරා ගන්න ✔
පාඩම් කරද්දී ඔයාගේ මානසික එකාග්‍රතවයට බලපාන ප්‍රධාන ස්ධකයක් තමයි ඔයා පාඩම් කරන ස්ථානයය . ඔබ පුද්ගලික කාමරයක් හෝ පුස්තකාලයක් වැනි නිහඩ ප්‍රදේශයක් සොයා ගන්න. ඔබ නැවුම් වාතයට කැමති නම්, අවධානය වෙනතකට යොමු නොවන ප්‍රදේශයකට පිටතට යන්න . සම විටම ඔබගේ කැමැත්ත අනුව අධ්‍යන පරිසරය තොරා ගන්න එය ඔබට සිත එක තැනක තබා ගෙන පාඩම් කිරීමට උපකාරී වේවී
2. ඔබගේ සියලුම අධ්‍යයන ද්‍රවය එක් තැනක තබා ගන්න ✔
ඔබගේ අවධානය ගිලිහි යාමට තවත් එක් හේතුවක් වන්නේ ඔබ අධ්‍යන කාලය අතර තුර නොයෙකුත් වැඩ සදහා විටින් විට එම ස්ථානයෙන් බැහැර වීමයි . එම නිසා ඔබ පාදං කිරීමට පෙර ඔබට අවශ්‍ය ලිපි ද්‍රවය , වතුර බෝතලය සහ අනෙකුත් උපකරණ ඔබ අසලින් තබා ගනිමින් අධ්‍යන කටයුතු අරභන්න
3 පාඩම් කරන ස්ථානය පිරිසිදුව නිරවුල්ව තබා ගන්න ✔
ඔබ පාඩම් කරන ස්ථානය ඉතාමත් පිරිසිදුව හා නිරවුල්ව තබා ගැනීම ඔබගේ මනාසික එකාග්‍රතාවයට ඉතාමත් වැදගත් . ඉතින් පුතේ ඔයා පාඩම් කරද්දී මෙසය මත එම විෂයට අදාල පොත් පත් පමණක් තබා ගන්න . එසේ නොමැතිව සියලුම ද්‍රවය මේසය මතට ගොඩ කර ගැනීමෙන් ඔබගේ මනස වියවුල් තත්වයට පත් වීමට ඉඩකඩ වැඩිය
4 අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ඉවත් කරන්න ✔
ඔබට අවශ්‍ය නොවන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ, විශේෂයෙන් ජංගම දුරකථන, සංගීත සවන්දීමේ උපකරණ සහ සමහර විට පරිගණක අක්‍රිය කරන්න (ඔබේ තොරතුරු අධ්‍යයනය කිරීමට ඔබට පරිගණකයක් අවශ්‍ය නොවේ නම්).
ඔබ අවධානය යොමු කිරීමට උත්සාහ කරන විට අවධානය වෙනතකට යොමු කිරීමට මෙම උපකරණ හේතුවක් විය හැක .
( ඔබ පාඩම් කර විවේක ලබා ගන්නා අවස්ථාවේ මෙම උපකරණ භාවිතයේ වරදක් නැත )
5 පුරුද්දකට හුරු වන්න ✔
අධ්‍යයන කාලය සඳහා කාලසටහනක් සකසා තබා ගන්න. අධ්‍යයන කාලය පුරුද්දක් ලෙස ගොඩනඟා ගැනීමට ඔබට කල සටහන උපකාරී වේවි . ඔබ අසා ඇති ඕනෑම දෙයක් දින 15 කට වඩා එක දිගට කිරීමේදී පුරුද්දක් බවට පත් වනවා එම නිසා අධ්‍යන කටයුතු ඔබගේ පුරුද්දක් කරගත් විට ඒ සදහා අනවශ්‍ය බලයක් යෙදීමට අවශ්‍ය නොවේ .
ඒ ඒ දරුවාට අනුව දවසේ අධ්‍යනය කිරීමට වඩාත් සුදුසු කාලය නැත්නම් හොදින්ම කරුණු ධාරණය වන වෙලාව වෙනස් වේ එම නිසා ඔබ එම කාලය හදුනා ගෙන නිවැරදිව භාවිතා කරන්න
6 Find a study partner. ✔
සමහර විට වෙනත් අයෙකු සමඟ තොරතුරු සමාලෝචනය කිරීමෙන් අධ්‍යයනයේ ඒකාකාරී බව බිඳ දැමීමටත්, වෙනත් කෙනෙකුගේ අදහස් දන ගැනීමෙන් ව්‍යාකූල සංකල්ප පැහැදිලි කිරගැනීමටත් ඔබට හැකි වේ අධ්‍යයන සහකරුවෙකු සොයන විට, බුද්ධිමත් හා අවධානය වැඩි අයෙකු සොයා ගැනීමට උත්සාහ කරන්න, සමහර විට ඔබට වඩා පන්තියේ දක්ෂ ශිෂ්‍යයෙකු නම් වැදගත්
7. ඔබගේ අරමුණ ගැන සිතන්න ✔👨🎓
ඔබ අධ්‍යන කටයුතු වල යෙදෙන සැම විටම ඔබ කුමක් නිසාද අධ්‍යන කටයුතු වල යෙදෙන්නේ කියා සිහිපත් කරන්න එයත් ඔබට ඔබගේ අවධානය තබා ගැනීමට වැදගත් වේවි . ඉතින් දුවේ පුතේ ඔයත් පාඩම් කරද්දී ඔයාගේ හිත එක තැනක තියාගන්න බැරි නම් මේ ක්‍රම ටික try කරලා බලන්න . එතකොට ඔයාටත් පුළුවන් අව්ධනය හරියටම තියාගෙන පාඩම් කරලා විභගය හොදින් සමත් වෙන්න .
මේ ලිපිය ගැන අදහස පහලින් සදහන් කරන්න අමතක කාරන්න එපා .
එහෙනම් නැවත ,ඒ වගේම වටිනා ලිපියකින් හමුවෙමු ❤
ඉතින් වැඩ කරන්න . අනාගතය ගැන සිහින දකින්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඔබේ නිසැකවම ජය ගනීවි . ❤💪
Written by ,
පසන් ලියනගේ
university of rajarata 👨🎓