Isurupura Media Unit

Isurupura Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isurupura Media Unit, Media/News Company, Isurupura Sri Sangharaja Maha Viharaya, Dodamgoda, Kalutara.

📸 Album 02 | Certificate Presentationකළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, දොඩම්ගොඩ ප්‍රාදේශීය ශ...
03/08/2026

📸 Album 02 | Certificate Presentation

කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, දොඩම්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු නියෝජ්‍ය ලේඛකාධිකාරී, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ හා ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, බෝසත් පාරමී පදනමේ නිර්මාතෘවර හා විධායක අධ්‍යක්ෂක, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාම විනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ යෝජනාවකට අනුව, දොඩම්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අනුමැතියෙන්, සමස්ත ලංකා දහම් පාසල් ඉතිහාසයේ පළමු වරට සංවිධානය වන දොඩම්ගොඩ අන්තර් දහම් පාසල් එක්දින මහා ක්‍රිකට් තරගාවලිය රාජ්‍ය වර්ෂ 2026 ක් වූ ජූලි මස 26 වන ඉරුදින උදෑසන 8.00 ට ආරම්භ වීමට නියමිත වූ අතර අධික වර්ෂාව නිසා එය උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා දොඩම්ගොඩ මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

එහිදී පළමුව ශ්‍රී සෝමාලෝක දහම් පාසල - කදනගොඩ හා ශ්‍රී නන්දාරාම දහම් පාසල - බෝම්බුවල යන දහම් පාසල් තරග වැදුණු අතර ඉන් ශ්‍රී සෝමාලෝක දහම් පාසල - කදනගොඩ ඊළඟ වටය සඳහා තේරී පත් විය. දෙවනුව ශ්‍රී ඉන්දසර දහම් පාසල - ඉසුරුපුර හා චරිත වර්ධන දහම් පාසල - නෑබඩ යන දහම් පාසල් තරග වැදුණු අතර ඉන් චරිත වර්ධන දහම් පාසල - නෑබඩ ඊළඟ වටය සඳහා තේරී පත් විය. තෙවනුව ශ්‍රී ජිනේන්ද්‍ර දහම් පාසල - පුහාඹුගොඩ හා ශ්‍රී සාරානන්ද දහම් පාසල - තුඩුගල යන දහම් පාසල් තරග වැදුණු අතර ඉන් ශ්‍රී සාරානන්ද දහම් පාසල - තුඩුගල ඊළඟ වටය සඳහා තේරී පත් විය. මෙහිදී අනපේක්ෂිත ලෙස ක්‍රීඩා නොකර අර්ධ අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වීමේ භාග්‍යය මාතෘභූමි දහම් පාසල - හර්මන්වත්ත හිමි කර ගත්තේය.

ඉන් පසුව අර්ධ අවසන් පූර්ව වටයේදී පළමුව ශ්‍රී සෝමාලෝක දහම් පාසල - කදනගොඩ හා චරිත වර්ධන දහම් පාසල - නෑබඩ යන දහම් පාසල් තරග වැදුණු අතර ඉන් සෝමාලෝක දහම් පාසල - කදනගොඩ අවසන් පූර්ව වටය සඳහා තේරී පත් විය. දෙවනුව ශ්‍රී සාරානන්ද දහම් පාසල - තුඩුගල හා මාතෘභූමි දහම් පාසල - හර්මන්වත්ත යන දහම් පාසල් තරග වැදුණු අතර ඉන් මාතෘභූමි දහම් පාසල - හර්මන්වත්ත අවසන් පූර්ව වටය සඳහා තේරී පත් විය.

අවසන් මහා තරගයේදී සෝමාලෝක දහම් පාසල - කදනගොඩ හා මාතෘභූමි දහම් පාසල - හර්මන්වත්ත යන දහම් පාසල් තරග වැදුණු අතර ඉන් ශූරතාව හිමි කරගනු ලැබුවේ සෝමාලෝක දහම් පාසල - කදනගොඩ ය. අනුශූරතාව හිමි වූයේ මාතෘභූමි දහම් පාසල - හර්මන්වත්තටයි.

ත්‍යාග ප්‍රදානෝත්සවය සවස 5.30 ට ආරම්භ විය. එහිදී ශූරතාව, අනුශූරතාව, තරගයේ වීරයා, හොඳම පන්දු යවන්නා, හොඳම පන්දු රකින්නා, හොඳම පිතිකරු සඳහා වටිනා කුසලාන හා සහතික පත්‍ර ද, සහභාගිත්වය වෙනුවෙන් සියලුම කණ්ඩායම් සඳහා වටිනා සහතික පත්‍ර ද හිමි විය. පසුව මෙම දොඩම්ගොඩ අන්තර් දහම් පාසල් එක්දින මහා ක්‍රිකට් තරගාවලියේ සියලු කටයුතු සවස 6.00 ට නිමා විය.

සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසල, ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසල, බෝසත් පාරමී පදනම, ඉසුරුපුර නායකත්ව සංසදය, ඉසුරුපුර මාධ්‍ය ඒකකය හා ඉසුරුපුර මත්ද්‍රව්‍ය විරෝධී සංගමයේ දායකත්වයෙන් මෙය සංවිධානය කරනු ලැබිණ.

පිටපත් රචනය:
ඔනාදි ජලංගනා,
ඉසුරුපුර මාධ්‍ය ඒකකය.

📸 Album 01 | Awards Ceremony, Champions & Runners-upකළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, දොඩම්ග...
03/08/2026

📸 Album 01 | Awards Ceremony, Champions & Runners-up

සමස්ත ලංකා දහම් පාසල් ඉතිහාසයේ ප්‍රථම අන්තර් දහම් පාසල් එක් දින මහා ක්‍රිකට් තරගය - දොඩම්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලය - කළුතර...
27/07/2026

සමස්ත ලංකා දහම් පාසල් ඉතිහාසයේ ප්‍රථම අන්තර් දහම් පාසල් එක් දින මහා ක්‍රිකට් තරගය - දොඩම්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලය - කළුතර දිස්ත්‍රික්කය.

රාජ්‍ය වර්ෂ 2026 ක් වූ ජූලි මස 26 වන ඉරිදා දොඩම්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී..

තරගය සදහා සහභාගී වූ දහම් පාසල්

1. සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසල හා ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසල - ඉසුරුපුර

2. ශ්‍රී ජිනේන්ද්‍ර දහම් පාසල - පුහාඹුගොඩ

3. චරිත වර්ධන දහම් පාසල - නෑබඩ

4. ශ්‍රී සාරානන්ද දහම් පාසල - තුඩුගල

5. ශ්‍රී නන්දාරාම දහම් පාසල - බෝම්බුවල

6. ශ්‍රී සෝමාලෝක දහම් පාසල - කදනගොඩ

7. මාතෘභූමි කණ්ඩායම - හර්මන්වත්ත දෙවන අදියර

තෙරුවන් සරණයි ! ඉසුරුපුර බෝ සමිදු පිහිටයි !

26/07/2026

Inter Dhamma School Cricket Tournament 2026 Live!

26/07/2026

Dodangoda Intert - Dhamma School Cricket Tournament 2026 Live!

26/07/2026

Dodamgoda Inter Dhamma School Cricket Match 2026 Live

26/07/2026
26/07/2026

Dodamgoda Inter Dhamma School One Day Cricket Tournament 2026 Live!

26/07/2026

Dodangoda Inter- Dhamma School Cricket Tournement Live!

වර්ෂ 2026 ක් වූ ඇසල මස 19 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, දොඩම්ගොඩ ප්‍රාදේශීය ශා...
20/07/2026

වර්ෂ 2026 ක් වූ ඇසල මස 19 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, දොඩම්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ හා ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය,බෝසත් පාරමී පදනමේ නිර්මාතෘවර හා විධායක අධ්‍යක්ෂ, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අප දහම් පාසලේ උදෑසන රැස්වීම ආරම්භ විය.

එහිදී නායක ස්වාමීන් වහන්සේ විසින් පංච ශීලය පිහිටුවීමෙන් අනතුරුව ජපන් කතාවක්, ඉoග්‍රීසි කතාවක්, ප්‍රංශ කතාවක්, ගායනාවක්,සාමාන්‍ය දැනීම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ද මෙදින මූලිකත්වය ගනු ලැබූ ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලදී.

ඉන්පසුව ඉසුරුපුර මාධ්‍ය ඒකකය මගින් බොදු පුවත් විකාශනය සිදු කළ අතර ඉන්අනතුරුව මත්ද්‍රව්‍ය විරෝධී සංගමයේ මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව ලබා දෙන ලදී.

ඉන්පසු විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා කතාවෙන් පසු දහම් පාසල් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව උදෑසන රැස්වීමේ වැඩකටයුතු අවසන් විය.

ඉන් අනතුරුව සිරිත් මල්දම සහ සකස්කඩය ගායනා කිරීම සිදුකරන ලදී.

පිටපත් රචනය
ඔනාදි ජලංගනා
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

Address

Isurupura Sri Sangharaja Maha Viharaya, Dodamgoda
Kalutara
12020

Alerts

Be the first to know and let us send you an email when Isurupura Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share