Wasu

Wasu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wasu, Digital creator, Kalutara.

සමහර විට යාලුවො කියන්නෙ අපි නොහිතන තැන් වලදි උනත් අපිව මතක් වෙන අයට...❤️ඔයාට කුඩයක් නෑ කියලා දන්න නිසා වැස්ස දවසක කුඩ දෙ...
15/10/2025

සමහර විට යාලුවො කියන්නෙ අපි නොහිතන තැන් වලදි උනත් අපිව මතක් වෙන අයට...❤️

ඔයාට කුඩයක් නෑ කියලා දන්න නිසා වැස්ස දවසක කුඩ දෙකක් ඒකිගෙ බෑග් එකේ දාගෙන ඇවිල්ලා, "උඹට කුඩයක් නෑ නේද..මන් උබටත් එක්ක කුඩයක් ගෙනාවා" කියන උන්ට..

"අද මට කෑම ගේන්න වෙන්නෙ නෑ..කඩෙන් ගන්නවා කිව්වම"
"පිස්සුද අනේ කඩෙන් ගන්න..මන් ගේන්නම් කෑම දෙකක් අපිට" කියලා කෑම එකක් බෑග් එකේ දාන් එන උන්ට...

පාරෙ යද්දි සෙරප්පුව ගැලවුනාම.."හප්පටසිරි ගැලවුනා නේද...දැන් ඕක අලවගෙනම යමන් " කියලා..ගම් හොයන්න කඩවල් ගානෙ යන උන්ට...

මොකක් හරි පාඩමක් කියලා දීලා ඒක තේරුනේ නැද්ද අහලා.තේරෙනකම් කියාදීලත්.."නොතේරුන තැනක් තීනවා නම් කියහන්" කියන උන්ට...

"ප්‍රශ්නයක් නම් කියහන්..අපි කතා කරමු..."
"මට හැම වෙලාවෙම උඹ එක්ක ඉන්න බැරි උනත් පුලුවන් හැම වෙලාවෙම උඹ එක්ක ඉන්නවා" කියන උන්ට.

අල්ලන් ඉන්න බැරිම වෙලා අඬද්දි.."පිස්සුද බන් උඹට වරදින්නෙ නෑ..උබ හොඳ එකා.. මේ හැම දේම විසදෙනවා අපි ඉන්නවා උඹට බය නොවී ඉදින්" කියලා ඇත්තටම ළඟ ඉන්න උන්ට...

ඔයා කියපු ඔයාට රිදුන දේවල් ආයෙ ආයෙ මතක් කරලා..ඔයාට රිද්දන්නෙ නැතුව අඬන්න උරහිස දෙන උන්ට..

ඔයාට එහෙම කෙනෙක් නැත්නම් ඔයා එහෙම කෙනෙක් වෙන්න...

ඔයාට වැටෙන්න නොදී අල්ලගෙන ඉන්න ඔය වගේ යාලුවෙක් ඉන්නවා නම් ඔයා ගොඩක් වාසනාවන්ත මනුස්සයෙක්....ඒ ආදරණීය අලි කන් දෙක නැති කරගන්න හිතන්නවත් එපා... ❤️‍🩹

වාසු...🌻

මීට මාස ගානකට කලින් මන් ගොඩාක් ආදරේ කරපු කෙනෙක් මගෙ ජීවිතේ හිටියා..එයා මට ආදරේ කරනවද නැද්ද කියලා නොදැනම මන් එයාට හිත පිර...
30/09/2025

මීට මාස ගානකට කලින් මන් ගොඩාක් ආදරේ කරපු කෙනෙක් මගෙ ජීවිතේ හිටියා..එයා මට ආදරේ කරනවද නැද්ද කියලා නොදැනම මන් එයාට හිත පිරෙන්න ආදරේ දුන්නා. කවුරුත් පිළිගන්න එකක්නෑ, ඇත්තටම පන්සල් ගිහින් මල් පූජකරනකොටත්..මේ මල මම, මේ මල එයා කියලා එක ලගින් මල් දෙකක් තියලා..තවත් පුන්චි පිච්චමල් දෙකක් ඒ ලගින් තියලා මගේ හීන වල තිබුණ පුන්චි පව්ල මල් පව්ලක් කරලා...බුදු පාමුල පූජකරන්න පුරුදු වෙලා හිටපු කෙනෙක් කියලා මම.

ඉතින් කාලෙත් එක්ක අපේ කියවිල්ල නැවතුන කාලයක් තිබුනා...කියවිල්ල කිව්වට අපෙ සම්බන්දෙ තමයි නතර වෙලා ගියේ. ඒ කාලෙත් එයා එක්ක කතා නොකර, මම තනියම එයත් එක්ක කතා කරපු දවස් තිබුනා. ඒ සම්බන්දෙ නැවතුනු දවසෙ මට මතක නෑ මම මොනවා කරාද කියලා. ඒත් මගෙ ඇස් දෙක පිරෙන්න කඳුළු තිබුනා... ඇත්තටම එදා දවස, මම ජීවිතේ කවදාවත් බලාපොරොත්තු උනේ නැති දවසක් උනා...

ඒත් කොහොම හරි මන් එයාට අහස තරම් ආදරේ නිසාම අපි ආයෙ කතා කරන්න ගත්තා. ඒ දවස්වල එයා හරි ආසාවෙන් එයාගෙ හීන මන් එක්ක කියෙව්වා. මට ඕන උනේ ඒ හීන වලට එයාට යන්න උදව් කරන්න. එයත් එක්ක හරි හයියට ඉන්න. එයත් එක්ක හිනා වෙන්න. එයත් එක්ක අඬන්න . මන් ඒ තරමටම එයාට ආදරේ කරා. ඒත් එයා මට ඇරෙන්න මුලු ලෝකෙටම ආදරේ කරන කෙනෙක් උනා. මට ආදරේ කරේ නෑ කියලා එයා ආදරණීය මනුස්සයෙක් නෙවෙයි කියන්න තරම් ආත්මාර්ථකාමි නෑ මම.

"මනුස්සයෙක්ගෙ ජීවිතේට ආදරේ උනත් ලැබෙන්නෙ ලැබීම තීනවා නම් විතරයි. ඇත්ත, ඒක මන් පිළිගන්නවා...🌻"

ආයෙ කොහොම හරි අපෙ කියවිල්ල නතර වෙන තැනට ආවා..එයා ඒක නවත්තන්න උන ටොන් ගානක් බර හේතුව මගෙ කර උඩින් තියලා නිදහස් උනා...

ඉතින් අපි ආයෙ වෙන් උනා. "මොනවා කරන්නද මගේ නෙවෙයි වෙන්නැති" අඬලා අඬලා අන්තිමට හැමදාම මම එහෙම හිතනවා...තාමත් මතක් නොවෙන දවසක් නැති තරම්..❤️‍🩹

මන් අදටත් ප්‍රාර්තනා කරන්නෙ එයාට වේදනාවක් දැනෙන්න හොඳනෑ...එයාට වේදනාවක් දැනෙන හැම වෙලාවකම එයාට මාව මතක් වෙන්න ඕන..එයා වෙනුවෙන් මම ඉන්නවා කියලා එයාට දැනෙන්න ඕන,එයා තනිවෙලා කියලා එයාට කවදාවත් දැනෙන්න හොඳම නෑ...
මට පුලුවන් ඕන වෙලාවක ඔයාව අහන් ඉන්න...ඔයාට අලි කන් දෙකක් වෙන්න...❤️‍🩹

ඇත්තටම මගෙ ජීවිතේ හම්බුන ආදරනීයම, මන් තාමත් ගරු කරන එකම පිරිමි ආත්මෙ තමයි එයා. මන් දන්නෙ නෑ. ඔයා මට ආදරේ නොකරට හරිම ආදරණීය පිරිමි ආත්මයක් කියලා මට දැනුනා...♥️

" මන් දන්නෙ මෙච්චරයි... තාමත් මගෙ ළඟ ආදරේ ඉතිරියි....🌻"
"හිත කියන්නෙම ඔයාට මාව ඕන කියලාමයි...❤️‍🩹"

Wasu...🌻

16/09/2025

මේ ලියන්නෙ ඔයාට..
පාට පාට මල් කන්දක් අරගෙන
ඔයා එන්න ඕන නෑ මාව බලන්න...
ඕවා මහ කරදර වැඩ ඔයාට
බරම බර හාදුවක් නළලට දෙන්න...
මන් ඔයාට මෙච්චරක් ආදරෙයි කියලා
ඇඟිලි තුඩු ලඟටකරලා කියන්න...
ඒ ඇති මට කල්ප ගාණකට නිවෙන්න

වාසු... 🤍🌻

16/09/2025

බය නොවී ඉන්න...🤍

15/09/2025

+ : What's your love language

- : staying 🤍

අනේ....ඔයාවත් හිටියා නම් අඩු ගානෙ කතා කරලාඅඬන්නවත් තිබුනා...
29/04/2025

අනේ....
ඔයාවත් හිටියා නම්
අඩු ගානෙ කතා කරලා
අඬන්නවත් තිබුනා...

23/04/2025

ප්‍රේමයේ වේදාවන් ගැන
නිමිත්තක් තව මට තියා..
ආදරේ ගැන කවියකින් මට
කියා දුන් හිතවත ගියා...🤍

ඇත්තටම,මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනවෙඬරු වගේ හිත උණු කරන්ආදරේ කරන්න වගේම,ඒ ආදරේ නැති උන දවසකත්ගල් වගේ හිත හයිය කරන්හුස්ම...
20/04/2025

ඇත්තටම,

මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕන
වෙඬරු වගේ හිත උණු කරන්
ආදරේ කරන්න වගේම,

ඒ ආදරේ නැති උන දවසකත්
ගල් වගේ හිත හයිය කරන්
හුස්ම අරන් ජීවත් වෙන්න
මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕන...🖤

වාසු...💫

දරා ගන්න නොහැකි නම් මොකට ඉවසන් ඉන්නවද තවඑන්න මෙතනින් වාඩි වෙන්නටකියවමුද අපි ජීවිතේ ගැන, කැමතිනම් තව ආදරේ ගැන...🖤
12/04/2025

දරා ගන්න නොහැකි නම්
මොකට ඉවසන් ඉන්නවද තව
එන්න මෙතනින් වාඩි වෙන්නට
කියවමුද අපි ජීවිතේ ගැන,
කැමතිනම් තව ආදරේ ගැන...🖤

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Wasu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share