08/01/2026
ගුණගරුක, විනයසම්පන්න හා රටට වැඩදායී දරුවෙක් බිහිකිරීමේ මඟ...
අධ්‍යාපනය යනු විභාග ජයග්‍රහණ සඳහා පමණක් සීමා වූ ක්‍රියාවලියක් නොව, සමාජයට වගකිව යුතු මිනිසා ගොඩනගන දිගුකාලීන සමාජ ව්‍යාපෘතියක් ය. මෙහිදී දැනුම (Knowledge), කුසලතා (Skills) හා ආකල්ප (Attitudes) යන ත්‍රිත්වය සමාන්තරව වර්ධනය වීම අත්‍යවශ්‍යය. එම ක්‍රියාවලිය නිසි දිශාවකට යොමු කිරීමේ ප්‍රධාන වගකීම විදුහල්පති ප්‍රමුඛ සමස්ථ පාසල් ප්‍රජාව සතු වේ.
අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණු අතරේ “සමාජය විසින් අගය කරනු ලබන දැනුම, කුසලතා සහ ආකල්ප” සිසුවෙකු තුළ ප්‍රදර්ශනය කරවීමයැයි අධ්‍යාපන පර්යේෂණ පෙන්වා දී තිබේ.එබැවින් පාසල් පාඨමාලාව අන්තර්ගත කරනු ලබන්නේ මූලික විෂය දැනුම (විද්‍යාව, ගණිතය, භූගෝලීය විද්‍යාව ආදී) වඩාත්ම එක් තැනක නොව, “ශක්තිමත් අදහස්” මත සංවිධානය කරන විෂය දෘශ්‍ය කාර්තුවක් ලෙසින් වේ. ජාත්‍යන්තර අධ්‍යාපන වාර්තා උදාහරණයක් වන ජැක් ඩෙලෝර්ස් වාර්තාවේ සඳහන් ‘චතුර් තල’ එනම් දැන ගන්නා ලෙස ඉගැන්වීම (Learning to Know), කරන්නට ඉගැන්වීම (Learning to Do), ජීවත්වීමට ඉගැන්වීම (Learning to Be) සහ අනෙකුත් අය සමඟ එක්ව ජීවත් වීමට ඉගැන්වීම (Learning to Live Together) – සියලු දැනුම් කුසලතා සමඟ සංවර්ධනය කිරීමට ආධාර කරන ප්‍රධාන කොටස් ලෙස හැදින්විය හැකිය. මේ අනුව, ගුරුවරුන් ශිෂ්‍යයන්ට විෂය දැනුම ලබාදීම පමණක් නොව, ඒ දැනුම ප්‍රයෝගිකරණයට නැඹුරු කරගෙන හැසිරවිය යුතුය. විදුහල්පතිතුමන් පාසල් අධ්‍යාපන මාලා තෝරා ගැනීම, පාඨමාලාව නවීකරණය කරගැනීම, පරිගණක තාක්ෂණ හඳුන්වාදීම හා ගුරුවරුන් විෂය නවීකරණයට පුහුණුවීම් වලට යොමු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
21වන සියවසේ අභියෝගවලට මුහුණ දීමට සිසුන්ට අවශ්‍ය කුසලතා අතර තර්ක කිරීමේ චින්තනය, ගැටළු විසඳීම, සන්නිවේදන හැකියාවන්, නවෝත්පාදන, ක්‍රිඩා,කලාව සහ කණ්ඩායම් වැඩ කිරීම ඇතුළත් වේ. සරල වශයෙන්, පන්ති තුල කුසලතා පමණක් නොව වෙනත් බාහිර කුසලතා වර්ධනය කිරීම, විශේෂයෙන් දුර්වල සිසුන්ට ස්වයං අධීක්ෂණය කරගැනීමේ හැකියාවන් වර්ධනය කිරීමට උදව් කරයි. සමාජ ජීවිතය තුළ සමකාලීනව ක්‍රියාකිරීමට අවශ්‍ය ජීවන කුසලතා (සාමාන්‍ය ජීවන හැකියාවන්) කෙරෙහිද පාසල් ක්‍රමවේද තුළ අවධානය යොමු කළ යුතුය. මේ සඳහා ශිෂ්‍ය කණ්ඩායම් වැඩමුලු, ජේයෂ්ඨ සිසුන්ගේ පුරෝකථනා වැඩසටහන්, අත්හදා බැලීම් ප්‍රායෝගික වැඩසටහන් කුසලතා වර්ධනය කෙරෙහි සක්‍රීයව දායක විය යුතුය. සිසුන් තුළ නිදන්ගත සහජ හැකියාවන් ඉස්මතු වන ලෙස පාසල් තුල විවිධ වැඩසටහන් සකස් කිරීම ඉතාමත් වැදගත්ය. පාසලේ සිසුන් නියමාකාර ලෙස කියවා ගැනීම විදුහල්පති ප්‍රමුඛ ගුරුමණ්ඩලයේම වගකීම වන අතර ඒ තුලින් පාසලේ සිසුන්ගේ කුසලතා හදුනාගැනීම මහත් රුකුලක් වේ. පාසල තුළ ඉතියාසගත ගත සිසුන්ගේ කුසලතා අඩංගු කුසලතා නි්‍යාස පාසල තුල ප්‍රදර්ශනය තුලින් වර්තමාන සිසුන්ගේ චිත්ත ශක්තිය වර්ධනය හරහා විවිධ වු පැතිකඩයන් වෙත සිසුන් යොමු කර ගත හැකිය.
ආකල්ප සංවර්ධනය හරහා යහපත්, දයාව කරුනාවෙන් හෙබි ධනාත්මක පුරවැසියන් බිහිකිරීම සඳහා අවශ්‍ය මුල් පදනම සිසුන්තුළ රෝපනය වේ. පසුගිය කාලවකවානුවේ සිදුකළ සියලු සමීක්ෂණ හරහා පෙන්වා දී ඇති සේ, ශ්‍රී ලංකාවේ විභාග මූලික අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් නව පරපුරේ සිසුන් ස්වකීය විනයගරුක බව,දයාව, කරුණාව, අනෙකා කෙරෙහි දක්වන ගෞරවය සහ ඉදිරිපත් වීම අඩු වී ඇති බවයි. එබැවින් විදුහල්පති ප්‍රමාඛ සමස්ථ පාසල් ප්‍රජාව මේ සඳහා විශේෂ අවධානය යොමු කළ යුතුය. ජාතික පාසල් නායකත්ව නිර්දේශයන් පෙන්වා දී ඇත්තේ සිසුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා නිශ්චිතව නිර්වචනය කර ඒ අනුව පාඩම් තක්සේරු කිරීම ඉතා ප්‍රමුඛ කාර්යක් බවයි. එමෙන්ම පාසල තුළ සිසුන්ගේ ශාස්ත්‍රීය සහ අධ්‍යාත්මික උනන්දුකම් දියුණු කිරීමට විෂය නිර්දේශයන් හරහා පමණක් නොව අතිරේක ක්‍රියාකාරකම් හරහාද උනන්දුව හා සහභාගීත්වය වැඩි දියුණු කළ යුතුය.එබැවින් මේ සදහා අන්‍යෝන්‍ය බැඳීම් සහ සාමූහික වගකීම් පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් රැසක් ආරම්භ කළ යුතුය. විනයසම්පන්න බව, ගුණගරුක බව, ආත්ම විශ්වාසය, නොබසුබට උත්සාහය හා ඉදිරිපත් වීම ධානාත්මක ආකල්ප ප්‍රගුන කිරීම හරහා සිසුන් බල ගැනිවිය හැකිය. උදාහරණයක් ලෙස, පාසලේ විනය නිතියක් සකසා එහි අනුගමනය කිරීම සහ කායික වර්ධන, මානසික සුවයත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් සංවිධානය කළ යුතුය. සෑම සිසුවෙක් තුලම නිර්මාණශීලිත්වය, වෙනස් ආකාරයකට ධනාත්මකව සීතීමේ චින්තනය, සෑම විටම අලුත් දෙයකට යොමුවීම හා ඉක්මන් නොවීම ප්‍රගුණ කල යුතුය. අප රටට අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් බව අප සෑම විටම හිතේ තබාගත යුතු සත්‍යකි.
විදුහල්පති පාසලේ ප්‍රධන විධායක නිලධාරියා වන අතර ඔහුගේ නායකත්වය පාසල් ඉගෙනුම් ප්‍රවර්ධනය සඳහා මහත් බලපෑමක් කරයි. මෙම භූමිකාව තුළ විධාන පැවරුම (විද්‍යාත්මක නායකත්වය), පුද්ගල සංවර්ධනය සහ සංවිධානයමය කළමනාකරණය යන තුන් මූලික ක්ෂේත්‍රවල ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඔහු විසින් ඉටු කළ යුතුය. නිරන්තරයෙන් විදුහල්පති පාසලේ සහ පාසල් ප්‍රජාවේ සියලු ප්‍රශ්න අවබෝධ කර ඒ සඳහා වඩා නිවැරදි පිළිතුරු සපයන කැපී පෙනෙන නායකයෙකු විය යුතුය. අද අප පාසල් පද්ධතියේ විදුහල්පති ප්‍රමුඛ ගුරුමණඩල විශාල කැපවීමක් සිදුකරමින් සිසුන් ඉහලට ඔසවා තැබීමට මහගු වෙහෙස් දරන බව නොරහසකි.
විදුහල්පති පාසලේ ඉගෙනුම් ප්‍රතිඵල, සම්පත් කළමනාකරණය, පාසල් ගුණාත්මක භාවය පරීක්ෂණය සහ ගුරු නිලධාරී සංවර්ධන වැඩසටහන් පිළිබඳව වගකිව යුතුය. ඒ සම්පූර්ණ කිරීමට ඔහුට සිසුන්, ගුරුවරුන්, පාසල් කළමනාකරණ කමිටු හා ප්‍රජාව සමඟ සමගාමීව ක්‍රියා කළ හැකි නව කළමනාකරණ කුසලතා වර්ධනය කල යුතු බව යම් යම් පර්යේෂණයෙන් තුළින් හෙළි වී ඇත.
විදුහල්පති භූමිකාව තුල තම ගුරු මණ්ඩලයේ ගුණාත්මක බව වර්ධනයට අදාල නිසි සැලැස්මක් තිබීම ඉතා වැදගත්ය. මෙහිදී ඔහු කණ්ඩායමට අගයක් ඇති, දක්ෂ, උද්යෝගිමත් ලෙස ගුරුවරුහට දැනුම ලබා දීමට විවිධ බුද්දිකළම්බන සැසි ආරම්භ කිරීම වැදගත්ය. එමගින් පාසල් කළමනාකරණයේ අනෙකුත් සියලු ක්‍රියාදාමය කොටස් සුමට සිදු වේ. තවද සිසුන්ව ග්‍රහණය කිරීම, පන්ති අතර නිරන්තර සන්නිවේදනය හා පාසල් සංස්කෘතිය ඉහලට එසවීමට අදාල නිරන්තර මැදිහත්වීම් සිදුකල යුතුය.
වඩාත් සාර්ථක නායකත්වය තුළ ශක්තිමත් සබඳතා ගොඩනැගීම ප්‍රධාන වගකීමකි. ගුරුවරුන්, දෙමාපියන් සහ ප්‍රජා නායකයින් සමඟ විවෘත සංවාද ඇති කිරීම ඉතා වැදගත්ය. පාසල ඵලදායි මාර්ගයකට ගෙන ඒමට කැපවන සියලුම විදුහල්පතිවරුන් ඇතුලු ගුරු මණ්ඩලය ඇතුලු පාසල් ප්‍රජාවට උපහාරයක් වේවා!
The Path to Raising Virtuous, Disciplined, and Productive Children for the Nation
Education is not merely a process limited to exam achievements; it is a long-term social project that builds human beings who are responsible to society. In this regard, it is essential that the triad of Knowledge, Skills, and Attitudes develop in parallel. The primary responsibility for directing this process effectively lies with the school community, led by the Principal.
Educational research indicates that a core objective of education is to demonstrate "knowledge, skills, and attitudes valued by society" within a student. Therefore, the school curriculum is not structured merely as a collection of basic subject knowledge (such as Science, Mathematics, or Geography) in one place, but as a "visual quarter" of subjects organized around "strong ideas."
The "Four Pillars" mentioned in the Jacques Delores Report—an international benchmark in education—serve as the main components supporting the development of all knowledge and skills:
• Learning to Know
• Learning to Do
• Learning to Be
• Learning to Live Together
Accordingly, teachers must not only provide subject knowledge but also guide students toward applying that knowledge practically. Principals must pay special attention to selecting school curricula, modernizing them, introducing computer technology, and directing teachers toward training for subject modernization.
To face the challenges of the 21st century, students need skills including logical thinking, problem-solving, communication abilities, innovation, sports, arts, and teamwork. Simply put, developing extra-curricular skills alongside classroom skills helps students—especially those who may struggle academically—to develop self-monitoring capabilities.
School systems must also focus on Life Skills (general life abilities) necessary for functioning contemporarily within social life. To this end, student group workshops, mentoring programs by senior students, and experimental practical programs must actively contribute to skill development. It is vital to organize various school programs that bring out the inherent, latent talents of students. It is the responsibility of the Principal and the staff to "read" the students correctly, which greatly assists in identifying their unique talents. Displaying "Skill Indexes" of past students within the school can strengthen the willpower of current students and direct them toward diverse career paths.
Through attitude development, the foundation is laid for creating positive citizens endowed with goodness, kindness, and compassion. Recent surveys have indicated that due to Sri Lanka’s exam-centric education system, the new generation of students has seen a decline in discipline, compassion, kindness, respect for others, and social initiative. Therefore, the Principal and the entire school community must pay special attention to this.
National school leadership recommendations emphasize that defining students' knowledge, attitudes, and skills precisely and assessing lessons accordingly is a priority. Furthermore, students' academic and spiritual interests must be fostered not only through the formal syllabus but also through extra-curricular activities to increase engagement and participation.
A range of educational programs regarding mutual bonds and collective responsibilities should be initiated. Students can be empowered by practicing positive attitudes such as discipline, virtue, self-confidence, perseverance, and initiative. For example, school disciplinary codes should be established, and programs promoting physical growth and mental well-being should be organized. Every student should practice creativity, positive "out-of-the-box" thinking, constant orientation toward innovation, and patience. The truth we must always keep in mind is that what our country needs is a fundamental change in attitude.
The Principal is the Chief Executive Officer of the school, and their leadership has a profound impact on promoting school learning. Within this role, they must take practical steps in three core areas:
1. Instructional Leadership (Scientific Leadership)
2. Personal Development
3. Organizational Management
The Principal must be a prominent leader who constantly understands the issues of the school and its community and provides the most accurate solutions. It is no secret that today, the Principals and teaching staffs of our school system are making a massive commitment and working tirelessly to uplift students.
Research reveals that Principals must develop new management skills to work concurrently with students, teachers, school management committees, and the community to fulfill responsibilities regarding learning outcomes, resource management, school quality assurance, and staff development.
In the role of the Principal, having a proper plan for the qualitative development of the teaching staff is crucial. They should initiate various brainstorming sessions to provide knowledge to teachers in a way that makes the team feel valued, skilled, and enthusiastic. This ensures that all other processes of school management run smoothly. Furthermore, there must be constant intervention to engage students, maintain frequent communication across classes, and elevate the school culture.
In successful leadership, building strong relationships is a primary responsibility. It is vital to create open dialogues with teachers, parents, and community leaders.
May this be a tribute to all Principals, teaching staff, and the school community dedicated to leading schools on a productive path!