Anima Sutra

Anima Sutra ප්‍රඥාවෙන් විනිවිද දකින විශ්වීය සත්‍යය. Beyond the illusion, the truth.

ප්‍රිය මිත්‍රවරුනි.අද අපි අපේ ජීවිතයටම වටින, අපේ අධ්‍යාත්මික ජීවිතය දියුණු කරන අලුත් මාතෘකාවක් ගැන කතා කරමු.ඒ "කෘතවේදීත්...
03/06/2026

ප්‍රිය මිත්‍රවරුනි.අද අපි අපේ ජීවිතයටම වටින, අපේ අධ්‍යාත්මික ජීවිතය දියුණු කරන අලුත් මාතෘකාවක් ගැන කතා කරමු.

ඒ "කෘතවේදීත්වය" - තියෙන දේ අගය කිරීම.

ලොකු දේවල් එනකම් බලන් ඉන්න එපා. පොඩි දේ අගය කරනකොට අපේ ජීවිතට සාමයක් උදා වෙනවා.

අද ඉඳන් අපේ ජීවිතයට කෘතවේදීත්වය එකතු කරගමු. එන්න, එකට පටන් ගමු.

අපි තප්පරයක් නවතිලා, දැන් අපි ළඟ තියෙන දේ අගය කරොත්...
අපේ සෞඛ්‍යය, ආදරණීය අය, ඉන්න ගෙයක්, කන්න කෑමක්, අවස්ථා, තව එක දවසක ජීවිතය වගේ දේවල්...
අපේ දකින විදිය වෙනස් වෙන්න පටන් ගන්නවා.

කෘතවේදී වීම කියන්නේ ජීවිතේ Perfect කියන එක නෙවෙයි. ජීවිතේ ප්‍රශ්න එක්කම තියෙන ආශිර්වාද ටිකත් දකින එක.

තව ගැඹුරින් බලනකොට, කෘතවේදී හදවතකට අඩුවක් පෙන තැනත් බහුලත්වය පේනවා.
අපි වර්තමාන මොහොතේ තියෙන දේවල් තරම් අගය කරන තරමට, අපේ හිතට සාමයයි, තෘප්තියයි ලැබෙනවා.✨කෘතවේදී වුණාම ඔයාගේ ජීවිතේට වෙන දේ🙏✨

කෘතවේදීත්වය කියන්නේ "ස්තූතියි" කියන එක විතරක් නෙවෙයි. ඒක ඔයාගේ මොළය, ශරීරය, සම්බන්ධතා ඔක්කොම සෙමින් සෙමින් වෙනස් කරන පුරුද්දක්.

කෘතවේදී වෙන්න පටන් ගත්තම මුලින්ම වෙන්නේ ඔයාගේ හිත නිදහස් වෙන එක. අපි දවසම බලන්නේ මොනවා නැද්ද කියලා. "මදි, තව ඕන" කියන සද්දෙ නිසා හිතට නිදි නැහැ. හැබැයි තියෙන දේ අගය කරන්න පටන් ගත්තම ඒ සද්දෙ හෙමින් අඩු වෙනවා. Stress අඩු වෙලා හිතට සාමය එනවා. රෑට නිදියන්න කලින් අද දවසට ස්තූති කරන්න දේවල් 3ක් හිතුවොත් බලන්න. බෙහෙත් නැතුවම හොඳට නින්ද එනවා. මොකද මොළේ අවුල් වලින් මිදිලා සතුටු දේවල් මතක කරගන්නවා.

ඊට පස්සේ ඔයා වටේ ඉන්න අය එක්ක තියෙන බැඳීම ශක්තිමත් වෙනවා. "ස්තූතියි අම්මේ" "උදව් කළාට ගොඩක් පින්" වගේ පොඩි වචන ටිකකින් අනිත් කෙනාගේ හිත දිනාගන්න පුලුවන්. රණ්ඩු අඩු වෙනවා. ආදරය වැඩි වෙනවා. Science වලින්ම කියලා තියෙනවා කෘතවේදී අය අඩුවෙන් ලෙඩ වෙනවා කියලා. හිත සතුටින් තියෙනකොට ඇඟේ Immunity එකත් හොඳ වෙනවා. ශක්තිය වැඩි වෙනවා.

සමහර දවස් වලට ලොකු ප්‍රශ්න එනවා. ඒ වෙලාවට කෘතවේදීත්වය තමයි ඔයාගේ ශක්තිය වෙන්නේ. හැමදේම නැති වුණා වගේ දැනුනත් "මේ ප්‍රශ්නෙ මැද්දෙත් මට තියෙන දේ මොනවාද" කියලා හොයන ඇස් දෙක ලැබෙනවා. ඒකට කියන්නේ Resilience කියලා. වැටුණාට ඉක්මනට නැගිටින කම.

තව පුදුම දෙයක් වෙන්නේ ඔයාගේ දකින විදිය වෙනස් වෙන එක. "මදි මදි" කියන කෙනාට ලැබුණත් මදි. හැබැයි "මට මේක තියෙනවා" කියලා අගය කරන කෙනාට තව තව අවස්ථා, තව තව යහපත ආකර්ෂණය වෙනවා. මොකද ඔයාගේ ඇස් දැන් අඩුව නෙවෙයි, බහුලත්වය බලන්නේ.

අද ඉඳන් පටන් ගමු: පොඩි Notebook එකක් ගන්න. රෑට නිදියන්න කලින් "අද දවසේ ඔයා කෘතවේදී වෙන කාරනා " 3ක් ලියන්න. දවස් 21ක් විතරක් කරන්න. ඊට පස්සේ බලන්න ඔයාගේ ජීවිතේ කොහොම වෙනස් වෙනවද කියලා.

මතක තියාගන්න. කෘතවේදීත්වය ජීවිතේ Perfect කරන්නේ නෑ. Perfect නැති ජීවිතේ ලස්සනට දකින ඇස් දෙක ඔයාට දෙනවා.

ප්‍රිය මිත්‍රවරූනි,අද අපි Metacognition එක ගැන කතා කරමු. සරලව කිව්වොත්: "සිත දකින සිත" ගැන.Metacognition, විද්‍යාව අද හො...
01/06/2026

ප්‍රිය මිත්‍රවරූනි,අද අපි Metacognition එක ගැන කතා කරමු. සරලව කිව්වොත්: "සිත දකින සිත" ගැන.Metacognition, විද්‍යාව අද හොයන දේ, බුදුහාමුදුරුවෝ අවුරුදු 2600කට කලින් පිවිතුරු ලෙස දෙශනා කරල තියෙනව.

අපි හිතනවා කියන එක ගැන අපි කවදාවත් හිතන්නේ නෑ. හිතනවා, කතා කරනවා, රණ්ඩු වෙනවා, ආදරය කරනවා. ඒ හැමදේම වෙන්නේ සිත ඇතුලේ. හැබැයි ඒ සිතම බලන්න, ඒ සිතම නිරීක්ෂණය කරන්න, ඒ සිතම තේරුම් ගන්න පුරුදු වෙලා ඉන්නේ කී දෙනෙක්ද? Psychology එකේ මේකට කියන නම Metacognition. Meta කියන්නේ උඩින් ඉඳන්. Cognition කියන්නේ දැනගැනීම. ඒ කියන්නේ ඔයාගේ දැනගැනීම දිහාම ඔයා දැනුවත්ව ඉන්නවා. මම දැන් හිතන්නේ ඇයි? මම දැන් බය වෙන්නේ ඇයි? මම දැන් කියන කතාව ඇත්තද, නැත්තම් මගේ අතීත තුවාල වලින් හැදුණු කතාවක්ද? කියලා මොළේ ඇතුලෙන්ම ප්‍රශ්නයක් ගොඩනැගෙනවාද ?

1998 දි Dr. Janet Metcalfe කියන cognitive scientist "feeling of knowing" කියන concept එක research කරලා පෙන්නුවා මිනිස්සුන්ගේ මොළේ ඇතුලේ වැඩ 2ක් වෙන්නවා කියලා. එකක් තමයි "Object Level" - මම මොනවා හරි කරනවා. ප්‍රශ්නයක් විසඳනවා, කේන්ති යනවා, ආදරය කරනවා. අනික තමයි "Meta Level" - මම මේක හරියට කරනවද බලනවා. මට මේක මතකද බලනවා. මේ තීරණය ගන්නේ logic එකෙන්ද, නැත්තම් බය නිසාද කියලා weight කරනවා. fMRI scan වලින් පෙන්නුවා Meta Level එක වැඩ කරන්නේ Prefrontal Cortex එකේ dorsolateral කොටසේ කියලා. ඒ කොටස ශක්තිමත් අයට depression, anxiety අඩුයි. මොකද එයාලා negative thought එක ආව ගමන් ඒකට ඇතුල් වෙන්නේ නෑ. "ආ negative thought එකක් ආවා" කියලා දැනගෙන තමන්ම බලනවා වගේ.

හැබැයි ඒ ගැන බුදුහාමුදුරුවෝ අවුරුදු 2600කට කලින් දේශණා කරල ඉවරයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ. "එකායනෝ අයං, භික්ඛවෙ, මග්ගෝ" - මහණෙනි, මේ එකම මාර්ගයයි. සත්වයා පිරිසිදු වීම පිණිස. සතිපට්ඨාන හතර. කාය, වේදනා, චිත්තා, ධම්මානුපස්සනා. අපි කතා කරන්නේ තුන්වෙනි එක. චිත්තානුපස්සනා සතිපට්ඨානය. "සර‍ාගං වා චිත්තං සර‍ාගං චිත්තන්ති පජානාති" - රාග සහිත සිතක් ඇත්නම් රාග සහිත සිතක් ඇතැයි දනී. මේ "පජානාති" වචනයම තමයි Metacognition. දැනගැනීම. හඳුනගැනීම. Label කිරීම. වර්ග කිරීම. විද්‍යාව අද ඉතාමත්ම අමාරුවෙන් පැහැදිලි කරන දේ බුදුහාමුදුරුවෝ පාලි වචන 4කින් කිව්වා.

අභිධර්මයට අනුව සිත තත්පර 1කට කෝටි ගානක් උපදිනවා නැති වෙනවා. ඒකට කියන්නේ "චිත්තක්ෂන" කියලා.. එකක් අල්ලගෙන තව එකක් හදන නිසා අපිට පේන්නේ continuous සිතුවිලි ඇදී යනවා. විපස්සනාවේ වැඩි දියුණුව කරනකොට ඔයාට මේක live දකින්න පුළුවන් වෙනවා. හුස්ම ගැනීම හෙලීම කරනකොට vibration එකක් විතරයි ඔයාට දැනෙන්නට ගන්නේ.මේකට කියන්නේ "භංග ඥානය". Bhanga = breaking. සියල්ල බිඳෙනවා දකිනවා. Theory එකක් විදිහට නෙවෙයි. Practically ඔයාගේ සිත ඇතුලේම.

මේ භංග ඥානය එනකොට Metacognition එකේ තුන්වෙනි level එකට යනවා. Metastrategic Knowledge. Dr. John Flavell කියන psychologist කියනවා Metacognition වල උසස්ම stage එක තමයි මේ වගේ situation එකකට ආවම මම සාමාන්‍යයෙන් මොන වගේ වැරැද්දක් කරනවද කියලා දැනගෙන කලින්ම plan කරන එක" කියලා. විපස්සනාවේ මේකට කියනවා "පච්චය පරිග්ගහ ඥානය". හේතු ඵල දකිනවා. ඔයාගේ මොළේ code එක ඔයාම debug කරනවා.

විද්‍යාව අද කියනවා "Cognitive Fusion" කියලා. ACT therapy එකේ මුලම concept එක. අපි අපේ හිතුවිලි එක්ක superglue එකෙන් ඇලිලා. "මම අසමත්" කියන හිතුවිල්ල ආවම අපි ඇත්තටම අසමත් වෙනවා. "මට බෑ" කියන හිතුවිල්ල ආවම අපි ඇත්තටම බැරි කෙනෙක් වෙනවා. Metacognition පුරුදු වුණාම වෙන්නේ "Cognitive Defusion" එක. හිතුවිල්ලයි මායි අතර millimeter එකේ ඉඩක්. "මට 'මට බෑ' කියන හිතුවිල්ලක් ආවා" කියලා දකින ගමන්ම ඔයා ඒ හිතුවිල්ල නෙවෙයි කියන එක තේරෙනවා. හිතුවිල්ල වලාකුළක්. ඔයා අහස. බුද්ධ ධර්මයේ මේකට කියන නම "අනාත්ම". "මම" කියන සංකල්පයට controller කෙනෙක් නෑ. පාලනය කරන්න කියලා "මම" කියන entity එකක් නෑ. තියෙන්නේ cause and effect වලට යටත් වෙන පංච උපාදානස්කන්ධ විතරයි

Dr. Jill Bolte Taylor කියන Harvard neuroscientist එක stroke එකකින් පස්සේ පොතක් ලියුවා "My Stroke of Insight". එයා කිව්වේ වම් මොළේ logic, කතා, time off වුණාම දකුණු මොළේ ඉතුරු වෙනවා. ඒකට කාලයක් නෑ, judgment නෑ, "මම" කියන සංකල්පය නෑ. ඉතුරු වෙන්නේ pure awareness එක විතරයි. එයා කිව්වේ ඒක පුදුම නිවීමක් වගේ දැනුනා කියලා. විපස්සනාව කරන්නේ exactly ඒක. වම් මොළේ කතාව නවත්තලා දකුණු මොළේ awareness එක activate කරනවා. "සිත ඉබාගාතේ ගියා" කියලා දැනගෙන ආපහු හුස්මට ගේන හැම පාරක් ගානෙම Prefrontal Cortex එක ශක්තිමත් වෙනවා. "කේන්තිය කියන්නේ ශරීරේ රස්නෙයි, හුස්ම වේගයයි, හකුල් තද වෙන ගතියයි. 'කේන්තිය' කියන වචනය අයින් කරලා බලන්න. ඉතුරු වෙන්නේ sensation විතරයි. ඒ sensation එක දිහා බලන්න. එකට ආදරේ කරන්න එපා. වෛර කරන්න එපා. සිහියෙන් බලන් ඉන්න...

අද රෑට නිදාගන්න කලින් ඇඳේ දිගා වෙලා ඇස් පියාගන්න. හිත ඇතුලෙන් අහන්න "දැන් මගේ මොළේ ඇතුලේ මොකද වෙන්නේ?" උත්තර දෙන්න එපා. විනිශ්චය කරන්න ඒපා.ගුරැවරයෙක් වගේ බලන්න. ශිෂ්‍යකු වගේ නෙවෙයි.. ඒ බලන පුරුද්ද දවසින් දවස වැඩි වෙනකොට තේරෙයි දුක කියන ගෙදරට කුලිය ගෙවන්නේ ඔයාගේ attention එක කියලා....

#චිත්තානුපස්සනා #සතිපට්ඨාන #බුද්ධදර්ශනය

ප්‍රිය මිත්‍රවරුනි, අද මම කතා කරන්න යන්නේ මම ජීවිතේට බලපු හොඳම series එක ගැන. නම "Breaking Bad". කෙටියෙන් කියනවා නම් මේක...
26/05/2026

ප්‍රිය මිත්‍රවරුනි, අද මම කතා කරන්න යන්නේ මම ජීවිතේට බලපු හොඳම series එක ගැන. නම "Breaking Bad". කෙටියෙන් කියනවා නම් මේක මානව ස්වභාවයේ අඳුරු පැත්ත, බලය, ego එක, බිය කියන දේවල් එකට මිශ්‍ර කරලා හදපු masterclass එකක්.

කතාව පටන් ගන්නේ Walter White කියන Albuquerque වල ජීවත් වෙන සාමාන්‍ය Chemistry ටීචර් කෙනෙක්ගෙන්. එයා ජීවිතේට කවදාවත් risk එකක් ගත්ත කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක්. ළමයින්ට හොඳට උගන්වන lecturer කෙනෙක් , බිරිඳටයි පුතාටයි ආදරේ කළා, ඒත් සාමාන්‍ය විදියට ගලාගෙන ගියා walter ගේ life එක එක තැනකදී උඩුයටිකුරු වෙනවා . අවුරුදු 50 දී එයාට lung cancer හැදෙනවා හැමදේම කඩන් වැටෙනවා. බෙහෙත් ගන්න සල්ලි නෑ, මේ වෙද්දීන් walter කිසිම save කරලා තිබ්බේ නැ . ඒ අසරණකම, බිය, කේන්තිය පසුතැවීම ඔක්කොම එකතු වෙලා Walter ගන්නා තීරණය තමයි කතාවේ හැරවුම් ලක්ෂය. එයා මේth cook කරන්න පටන් ගන්නවා. හේතුව මැරෙන්න කලින් පවුලට සල්ලි ටිකක් ඉතුරු කරන්න ඕනේ.හේතුව සරල උනාට process එක මාර complicated.

ඒත් මෙතනින් එහාට කතාව යන හැටි කවුරුවත් හිතන්නේ නෑ. Chemistry ගැන දන්න, calculation වලට දක්ෂ Walter, crime world එකේ Heisenberg කියන නමින් බිය උපදවන dr*g lord කෙනෙක් බවට පත් වෙනවා. Season එකෙන් season එකට එයා වෙනස් වෙන හැටි බලන එක තමයි මේ series එකේ core එක . Season 1 එකේ බයෙන් වෙව්ලන, බිරිඳගෙන් බැන අහන මිනිහා, season 5 වෙනකොට master minded criminal කෙනෙක්ට හැරෙනවා . ඒක මාර epic transformation එකක්.

Vince Gilligan ගේ writing ගැන කතා නොකර බෑ. මෙතන එක shot එකක්වත්, එක dialogue එකක්වත් නිකන් දාලා නෑ. හැමදේකටම තේරුමක් තියෙනවා. Season 4 finale එකේ Box cutter scene එක ගන්න, season 5 එකේ Ozymandias episode එක ගන්න. මේවා බලනකොට ඇඟ හිරිවැටෙනවා. TV history එකේ greatest moments කියන්නේ බොරුවට නෙවෙයි. Tension එක හදන විදිහත් වෙනස්. දිග silent shot එකකින් හරිම තාත්වික විදියට නරබන්නාගේ curiosity එක build up කරනවා.

Breaking Bad වල තව ලොකුම strength එක තමයි මෙතන හොඳ නරක කියලා පැහැදිලි line එකක් නැති එක. Walter හරිද? Jesse Pinkman හරිද? Gus Fring හරිද? හැම character එකක්ම gray shade වලින් හැදිලා තියෙන්නේ. ඒක නිසා බලන හැම කෙනෙක්ටම එකිනෙකට වෙනස් අත්දැකීමක්‌ තමා හම්බෙන්නේ. මේක entertainment විතරක් නෙවෙයි, power එක මිනිහෙක්ව කොහොමද වෙනස් කරන්නේ, ego එක කොහොමද පවුල කඩනවාද, choices වලට කොච්චර price එකක් ගෙවන්න වෙනවාද කියලා හිතන්න සලස්වනවා.

Walter ගේ කතාව fill වෙන්නේ නෑ Jesse Pinkman නැත්නම්. Aaron Paul❤️ නැත්තන් Jesse තමයි මේ කතාවේ හදවත. මුලින් Jesse කියන්නේ irresponsible, tattoo ගහපු, මෙth use කරන ju**ie කෙනෙක් විතරයි. Walter ගේ partner විදිහට එයා එනකොට අපි හිතනවා මේක comedy relief එකක් වෙන්න ඇති කියලා. ඒත් Jesse ගේ journey එක බලනකොට pinkman කියන්නේ සුපිරි බුලට් එකක්. එයා Walter වගේ බලය, මුදල් පස්සේ පන්නනේ නෑ. එයාට ඕනේ ආදරේ, පිළිගැනීම, එයාට මේ කතාව පුරාවට නොලැබුනෙම ඒවා. Jesse ගේ guilt එක, pain එක, loyalty එක හැම season එකකම වැඩි වෙනවා. Jane මැරෙන scene එක හරිම sensitive scene එකක්. Jesse ගේ reaction එක මාර තාත්විකයි. Walter කවදාවත් pinkman ව සම්පූර්ණයෙන් විශ්වාස කරන්නේ නෑ, හැම වෙලාවෙම එයාව manipulate කරනවා. ඒත් JP Walter ට තියෙන respect එක, father figure එකක් විදිහට බලන එක අතෑරෙන්නේ නෑ. ඒ relationship එක තමයි series එකේ emotional core එක. Season 5 අවසානේ Jesse escape වෙනකොට "Mr. White" කියලා කෑගහන එක, ඒ scream එක ඇතුලේ තියෙන්නේ years ගානක betrayal, love, hate ඔක්කොම. Aaron Poul JP character එකට උපරිම සදාරණයක් ඉෂ්ට කරනවා.

ඇත්තටම අඩුපාඩු නැද්ද කියලා ඇහුවොත්, season 2 මැද්දේ ටිකක් slow වෙනවා කියලා පිළිගන්න ඕනේ. පොඩ්ඩක් story eka උදාසින වෙනවා. ඒත් patience එකක් තියාගෙන බැලුවොත් ඒ slow pace එකම තමයි පස්සේ එන පිපිරීමට foundation එක හදන්නේ.. මම recommend කරන්නේ කිසිම episode එකක් skip කරන්න එපා කියලා🥹

බැලුවේ නැති අයට කියන්න තියෙන්නේ මේක action, drama, thriller ඔක්කොම mix කරපු psychological drama එකක්. Violence තියෙනවා, ඒත් pointless violence නෙවෙයි. හැම scene එකකටම කතාව ඉස්සරහට ගෙනියන purpose එකක් තියෙනවා. ඒක නිසා boring වෙන්නේ නෑ. IMDb 9.5/10 එකක් ලැබුනේ, Emmy 16 ක්, Golden Globe 2 ක් ගත්තේ බොරුවට නෙවෙයි. Better Call Saul කියලා prequel එකකුත් තියෙනවා, ඒකත් වෙනම level එකක්‌. එක ගැන අපි ඉස්සරහට කථා කරමු 🥹❤️

Breaking bad කියන්නේ බලලා ඉවර කරන series එකක් නෙවෙයි, ඔයා එකේ ජිවත් වෙන series එකක්.

ඔයා බලලා තියෙනවද? බලලා තියෙනවා නම් Walter අවසානේ හරිද වැරදිද කියලා ඔයා හිතන්නේ මොකක්ද? Comment එකක දාපන්, lets goooooo 👇




මේක share කරන්න, මොකද තාම Breaking Bad බලලා නැති යාළුවෙක් ඔයාගේ list එකේ ඉන්නවාමයි 😎

STOP CHILD ABUSE 😥කෙතරම් බලවතෙකු වුනත්, නීතිය ඉදිරියේ හැමෝම සමාන විය යුතුයි 🙏🏽2026 මැයි 9 වෙනිදා අනුරාධපුර අටමාස්ථානයේ ප...
25/05/2026

STOP CHILD ABUSE 😥

කෙතරම් බලවතෙකු වුනත්, නීතිය ඉදිරියේ හැමෝම සමාන විය යුතුයි 🙏🏽
2026 මැයි 9 වෙනිදා අනුරාධපුර අටමාස්ථානයේ ප්‍රධාන නායක පල්ලේගම හේමරතන හිමි බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත්තා. දැන් ඒම චීවරදාරියා ඇප මත මුදාහල බවට වාර්තා වෙනවා. මේ පුවත සමාජය පුරා කම්පනයක් ඇති කළා. හේතුව එකයි – අපි දරුවන් ආරක්ෂා කිරීමේදී තනතුර, බලය, ගෞරවය, ආගමික තරාතිරම කියන කිසිම දෙයක් බලන්න බෑ.

දරුවෙක් කියන්නේ මේ සමාජයේ තියෙන අසරණම, නිර්දෝෂම ජීවිතය. එයාව රැකගන්න එක ආගමික නායකයෙක්ගේ වුනත්, ගුරුවරයෙක්ගේ වුනත්, දෙමව්පියෙක්ගේ වුනත්, සාමාන්‍ය පුරවැසියෙක්ගේ වුනත් පළමු යුතුකම. බුදු දහම අපට උගන්වන්නේ කරුණාව, සීලය, සහ අනුකම්පාව. දරුවෙකුට හානි කිරීම ඒ සියල්ලටම පිටුපාන්නක්.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට අනුව මේ අපයෝජනය 2022 දී ආරම්භ වෙලා තියෙනවා, ඒ වෙලාවේ දැරියට වයස අවුරුදු 11යි. දැන් දැරියට වයස 15යි. 2026 මාර්තු 6 වෙනිදා නිට්ටඹුව පොලිසියට ලැබුණු පැමිණිල්ලකින් පස්සේ විමර්ශනය පටන් ගත්තා. විමර්ශන අතරතුර දැරියගේ මවටත් සහය දීම සහ අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත්තා. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විදේශ ගමන් තහනමක් පැනෙව්වා. නඩුව තවම විභාග වෙමින් පවතිනවා.

මේ සිදුවීම අපට දෙන පණිවිඩය පැහැදිලියි. නිතිය පරයා ගියා අවස්ථාවක් මේක. බලතල, මුදල්, තනතුරු නිසා ඒ දරුවට යුක්තිය ඉටුනොවන බවක් තමයි පෙන්නේ. සියළුම බලතල පසෙකලා චීවරදාරියාට නිසි දඩුවම් ලබා දිය යුකතුයි.දරුවෙක්ගේ කඳුළු වලට වඩා ලොකු ගෞරවයක්, ලොකු තනතුරක් මේ ලෝකේ නෑ. අපි නිහඬව ඉන්න තරමට අපයෝජකයාට ශක්තිය ලැබෙනවා. නිහඬතාව බිඳිනකොට තමයි දරුවෙකුට හුස්ම ගන්න ඉඩක් ලැබෙන්නේ.

ළමා අපයෝජනය කියන්නේ හුදෙකලා සිදුවීමක් නෙවෙයි. ඒක පවුලක, පාසලක, ආගමික ආයතනයක, මුළු සමාජයකම අසාර්ථකත්වයක්. බොහෝ වෙලාවට අපයෝජනය වෙන්නේ දරුවා විශ්වාස කරන කෙනෙක්ගෙන්මයි. ඒ නිසා අපිට “එහෙම වෙන්න බෑ” කියලා හිතලා නිහඬ වෙන්න බෑ. සැකයක් ආව ගමන් කතා කරන්න ඕනේ. වාර්තා කරන්න ඕනේ.

ඇත්තමට අපිට මොකද කරන්න පුළුවන්? අප ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතුයි.

දරුවන්ගේ කටහඬට සවන් දෙන්න ඕනේ. දරුවෙක් මොනවා හරි කිව්වොත් “බොරු කියනවා” කියලා ප්‍රතික්ෂේප කරන්න එපා. මුලින්ම අහන්න, විශ්වාස කරන්න, ආරක්ෂාව දෙන්න. ගෙදර, පාසලේ, පන්සලේ, කෝවිලේ ළමා ආරක්ෂාව ගැන නිදහසේ කතා කරන පරිසරයක් හදන්න ඕනේ. ලැජ්ජාව නිසා නිහඬ වුනොත් වින්දිතයා තමයි තනියම වැටෙන්නේ. දරුවන්ට කතා කරන්න ඉඩක් නැති තැන අපයෝජකයන්ට වැඩ කරන්න පහසු වෙනවා.

සැකයක් තිබෙනවා නම් වහාම වාර්තා කරන්න. කුඩා ලකුණක් දැක්කත් නොසලකා හරින්න එපා. ළමා අපයෝජනය ශ්‍රී ලංකාවේ නීතියෙන් බරපතල වරදක්. පමා වීමෙන් වෙන්නේ සාක්ෂි නැති වීම සහ තවත් දරුවන් අනතුරේ වැටීම. නිහඬව ඉන්න එකෙන් අපිත් වක්‍රව ඒ අපරාධයට සහාය දෙනවා වෙනවා.

දරුවන්ට ශක්තිය දෙන්න ඕනේ. දරුවන්ට එයාලගේ ශරීරය එයාලගේ බව කුඩා කාලයේදීම උගන්වන්න ඕනේ. “හොඳ ස්පර්ශය” සහ “නරක ස්පර්ශය” අතර වෙනස පැහැදිලි කරන්න ඕනේ. “නෑ” කියන්න පුළුවන් කියලා, උදව් ඉල්ලන්න පුළුවන් කියලා, විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න පුළුවන් කියලා දරුවෙකුට දැනෙන්න ඕනේ. ඒ දැනීම තමයි ලොකුම ආරක්ෂාව.

සමාජයක් හැටියට අපි එකතු වෙන්න ඕනේ. මේක එක පවුලක ප්‍රශ්නයක් නෙවෙයි. ගමක, පන්සලක, පාසලක, රැකියා ස්ථානයක හැමෝගෙම වගකීමක්. බලවත් කෙනෙක් වුනත්, ගෞරවනීය කෙනෙක් වුනත් වැරදි කරනවා නම් ඒකට එරෙහිව කතා කරන්න ඕනේ. නැත්නම් අපිත් ඒ වැරැද්දට කොටස්කාරයෝ වෙනවා. නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අපි ඉල්ලනවා නම්, අපිත් ඒ ප්‍රමිතියට අනුව හැසිරෙන්න ඕනේ.

දරුවන්ගේ සිනහව නැති කරන සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. දරුවන් ආරක්ෂා වෙන සමාජයක් තමයි ඇත්තටම ශක්තිමත් සමාජයක්. අද ඔබ මේ පණිවිඩය share කරනවා නම්, තවත් කෙනෙක් දැනුවත් වෙනවා. තවත් දෙමව්පියෙක් දරුවා ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවා. තවත් දරුවෙක් ආරක්ෂා වෙන්න පුළුවන්.

නිහඬතාව බිඳින්න. බය නැතුව කතා කරන්න. දරුවන් ආරක්ෂා කරන්න. එයාලගේ හෙට දවස, එයාලගේ සිහින, එයාලගේ ජීවිතය අපේ අතේ.

Chiවරදාරියට නිසි දඩුවම් පැමිණවිය යුතුයි.

#ළමාආරක්ෂාව

Image credit goes to the original creator.

ප්‍රිය මිත්‍රවරුනි, මේ අපේ page එකෙන් ඔයාට අරන් එන 3 වන භාවනා ක්‍රමය ❤️ අද අපි මෛත්‍රී භාවනා වැඩිමට පුරුදු වෙමු. වැඩිය c...
23/05/2026

ප්‍රිය මිත්‍රවරුනි, මේ අපේ page එකෙන් ඔයාට අරන් එන 3 වන භාවනා ක්‍රමය ❤️ අද අපි මෛත්‍රී භාවනා වැඩිමට පුරුදු වෙමු. වැඩිය complicate කරගන්නේ නැතුව simple විදියට අපි භාවනාව පටන් gamu❤️ මේ භාවනාව විනාඩි 20ක්‌ වගේ කරන්න try කරමු.

සියලු සීමා බිඳින මෛත්‍රිය - මෛත්‍රිය වැඩිමෙන් අපිට benifits විශාල ප්‍රමාණයක් ලගා කර ගන්න පුළුවන්. මෛත්‍රිය කියන්නෙ කෙනෙක්ට දෙන තෑග්ගක්. ඒක ඔයාගෙ හිතේ තියෙන ස්වභාවික ආලෝකය.
අපි ඊර්ෂ්‍යාව, කේන්තිය, බය කියන අඳුර ඒ ආලෝකය වහලා දාලා. අද ඒ අඳුර ටිකක් ඉවත් කරමු. අපි පටන් ගමු ❤️🥹

සුවපහසු තැනක ඉඳගන්න. කොන්ද කෙලින්. ඇස් පියවන්න.
හෙමින් හුස්ම 3ක් ගන්න. හිත සැහැල්ලු කර ගන්න. සිතුවිලි ගලන් ආවට ඒවා අල්ලන්න යන්න එපා. ඇවිත් යන්න දෙන්න. හතරවෙනි හුස්මෙන් ඔයා මෙතන, දැන්.

පළමු විනාඩි 5: ඔබ වෙනුවෙන් මෛත්‍රිය. ඉස්සෙලම ඔයා ඔයාට ආදරය කරන්න ඕන. ඔයා ගැන මෛත්‍රිය වඩන්න පටන් ගන්න 🥹
හදවතට දකුණු අත තියන්න. ඒ උණුසුම දැනෙන්න.
ඔයා හැමදාම ඔයාටම කියන දේවල් මතක් කරන්න. "මම fail ", "මම වැරදියි", "මම මන්දගාමීයි". යන negative සිතුවිලි දිය කරලා දාමු. එහෙම හිතන එක නවත්තමු. ❤️❤️

හිතට සෙමින් කියන්න:

"මම සතුටින් ඉන්නවා. ම දුකින් නිදහස් වෙනවා"
"මම ආරක්ෂිතව ඉන්නවා. ම බයෙන් නිදහස් වෙනවා"
"මම නීරෝගීව ඉන්නවා. ම වේදනාවෙන් නිදහස් වෙනවා"
"මම සන්සුන්ව ඉන්නවා. ම නොසන්සුන්තාවෙන් නිදහස් වෙනවා"

ආරම්භයේදී මේ වචන දැනෙන්නේ නැති උනාට කමක් නැ.මේ වචන හිතට වතුර වගේ. දවස ගානෙ දැම්ම, හිතේ මල් පිපෙනවා. හිත සන්සුන් වෙනවා. ඔයා සුවපත් වෙනවා.ඔයා මේ ආදරයට සුදුසුයි. ඒකට හේතුවක් ඕන නෑ.

ඊළඟ විනාඩි 4: ඔයා ආදරය කරන අය වෙනුවෙන්

දැන් ඔයාට ගොඩක් ආදරේ කෙනෙක්ව මතක් කරන්න.
ඒ කෙනා ඉස්සරහා ඉන්නවා වගේ හිතන්න. ඒ කෙනාගෙ මුහුණ, සිනහව බලන්න. ❤️

හිතට කියන්න:

"ඔබත් මා වගේම සතුට ඕනෙ කෙනෙක්"
"ඔබ සතුටින් ඉන්නවා"
"ඔබ ආරක්ෂිතව ඉන්නවා"
"ඔබ නීරෝගීව ඉන්නවා"
"ඔබ සන්සුන්ව ඉන්නවා"

ඒ කෙනා සතුටින් ඉන්නකොට ඔයාගෙ හිතටත් සතුටක් දැනෙනවා නේද?
ඒක තමයි මෛත්‍රියෙ මැජික් එක. මේ වගේ ඔයාට ආදරේ කරන, ඔයා ආදරේ කරන කීප දෙනෙක් මතක් කර ගන්න. එයාලට මෛත්‍රිය වඩන්න. ❤️🥹

ඊළඟ විනාඩි 4: උදාසීන අය වෙනුවෙන්

දැන් ඔයාට ළඟත් නැති, දුරත් නැති කෙනෙක් ගැන හිතන්න.
බස් එකේ දැකපු මනුස්සයෙක්, කඩේ කෙනෙක්, කවුරු හරි. කොහේදී හරි හම්බුන කෙනෙක් වෙන්නත් පුළුවන්.

අපි හැමෝම එකම දේවල් ඕනෙ කරනවා. සතුට, ආරක්ෂාව, ආදරය.
ඒ කෙනාටත් ඒකම කියන්න:

"ඔබත් සතුටින් ඉන්නවා"
"ඔබත් ආරක්ෂිතව ඉන්නවා"
"ඔබත් නීරෝගීව ඉන්නවා"
"ඔබත් සන්සුන්ව ඉන්නවා"

මේකෙන් තමයි "මම- ඔබ" කියන බිත්තිය කැඩෙන්නෙ.❤️ හැමෝටම සම මෙත පතුරුවන්න පුරුදු වෙන්නේ මෙතනින් 🥹

ඊළඟ විනාඩි 4: ඔයාව රිදවපු, ඔයාට අකමැති අය වෙනුවෙන්

මේක තමයි අමාරුම කොටස.
ඔයාට රිදෙව්ව, රවටපු, කේන්ති ගිය කෙනෙක් ගැන හිතන්න. එහෙම අයට මෙත් වඩනවා කියන්නේ ඔයාගේ හිත මෘදු වෙනවා. හිත පිරිසිදු වෙනවා. ඔයාව රිදෙව්වත් ඔයා ඒ අයට මෛත්‍රිය වඩනවා කියන්නේ ගිණි ගොඩකට වතුර දානවා වගේ. ඔයාගේ ගිණි ගන්න හිත නිවිලා යනවා 🥹❤️
ඔයා ඒ කෙනාට සමාව දෙන්න ඕන නෑ. අමතක කරන්නත් ඕන නෑ.
හැබැයි වෛරය හිතේ තියාගෙන ඉන්නකොට, ගිනි අඟුරු අතේ තියාගෙන ඉන්නවා වගේ. රිදෙන්නෙ ඔයාටමයි. 🫤

පුළුවන්නම් හිතට කියන්න:

"ඔබත් දුකින් නිදහස් වෙන්න ඕනෙ"
"ඔබත් සතුටින් ඉන්නවා"
"ඔබත් ආරක්ෂිතව ඉන්නවා"
"ඔබත් නීරෝගීව ඉන්නවා"
"ඔබත් සන්සුන්ව ඉන්නවා"

බැරිනම් කමක් නැහැ. "මට තාම බෑ" කියලා පිළිගන්න. ඒකත් මෛත්‍රියක් තමයි.

අවසාන විනාඩි 3: සියලු සත්වයින් වෙනුවෙන්

දැන් මේ මෛත්‍රියේ උණුසුම පුළුල් කරන්න.
ඒක පවුලට, ගමට, රට, ලෝකෙට, සියලු දිශාවන්ට පැතිරෙනවා හිතන්න හරියට වතුර කාලයක් වැලි පොළවට හලනවා වගේ. වතුර එක තැනක ඉදන් පැතිරිලා යනවා වගේ කියලා හිතන්න❤️

හිතට කියන්න:

"සියලු සත්වයෝ සතුටින් ඉන්නවා"
"සියලු සත්වයෝ ආරක්ෂිතව ඉන්නවා"
"සියලු සත්වයෝ නීරෝගීව ඉන්නවා"
"සියලු සත්වයෝ සන්සුන්ව ඉන්නවා"
"සියලු සත්වයෝ දුකින් නිදහස් වේවා"

මේ මොහොතේ ලෝකෙ කොහේ හරි කෙනෙක් ඔයාගෙ මෛත්‍රිය දැනෙනවා වෙන්න පුළුවන්. ඒ තරම් බලවත් දෙයක් තමයි මෛත්‍රිය.

භාවනාවේ අවසානය

සෙමින් ඇස් අරින්න.
මේ මෛත්‍රිය ඔයාගෙ පපුවේ තියාගෙන නැගිටින්න.🤗

කෙනෙක් එක්ක කතා කරනකොට, ඒ කෙනාටත් සතුට ඕනෙ කියලා මතක් කරන්න.කේන්තියක් ආවම, "මේ කෙනාත් දුකින් නිදහස් වෙන්න ඕනෙ" කියලා හිතන්න. එතකොට ඔයා වෙනස් වෙනවා. ලෝකෙත් වෙනස් වෙනවා. මෛත්‍රියෙන් පුරවපු හිතකට වෛරයට ඉඩක් නෑ. ඒක තමයි ඇත්ත හිතෙනවා සතුට ❤️🥹
සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සතුටින් සිටිත්වා. සියළු සත්වයෝ දුකින් මිදෙත්වා 🙏

#භාවනා #සියලුසත්වයෝ

Thank you for the 2K followers! 🥹👾Seriously appreciate every single one of you for the support. More art, more vibes, mo...
23/05/2026

Thank you for the 2K followers! 🥹👾

Seriously appreciate every single one of you for the support. More art, more vibes, more amazing stuff coming soon ❤️😁👾

22/05/2026

👾Color vision photo center👾
"It's authentic" 😎
Want to give your home some real vibe? Nothing beats a handmade wood carving.
From wall decor to gift items, photo framing. we’ve got it all.
DM us for prices & designs.
0777430265

"ඔයා තාම මේක බලලා නැත්තම්, ඔයාගේ childhood එක incomplete. "The Lord of the Rings – මිත්‍යාවෙන් එහාට ගිය කතාවක්* ✨🗡️අද අප...
20/05/2026

"ඔයා තාම මේක බලලා නැත්තම්, ඔයාගේ childhood එක incomplete. "The Lord of the Rings – මිත්‍යාවෙන් එහාට ගිය කතාවක්* ✨🗡️අද අපි කථා කරන්නේ සුපිරි film එකක් ගැන. මේ අපේ 3 වෙනි review එක. ඔයාලා enjoy කරයි කියලා හිතනවා.

පොඩි කාලේ කවුරුත් අපිට කියනවා “මිත්‍යාව කියන්නේ ළමයින්ට විතරයි” කියලා. ඊට පස්සේ The Lord of the Rings බලන දවසට තමයි තේරෙන්නේ සමහර මිත්‍යාවන් ඇත්තටම අපේ ජීවිතේට කතා කරනවා කියලා. මේක එක Ring එකක් විනාශ කරන්න කරන ගමනක් විතරක් නෙවෙයි. මේක බය, පාවාදීම, පෙම්, පක්ෂපාතීත්වය, සහ බලාපොරොත්තුව එක්ක කරන ගමනක්.

Frodo කියන්නේ වීරයෙක් නෙවෙයි, එයා සාමාන්‍ය Hobbit කෙනෙක්. උස නෑ, මාංශපේශී නෑ, කඩුවෙන් ගහන්න දන්නෙත් නෑ. ඒත් එයාට බර උස්සන්න වෙනවා. Shire එකේ සුවපහසුව දාලා, Mordor වලට යන එක පිස්සුවක් වගේ. ඒත් එයා යනවා. ඒක තමයි මේ කතාව අපිට ලං වෙන්නේ. මොකද අපිත් හැමදාම අපේම “Ring” එකක් උස්සගෙන යනවානේ. ඒක depression වෙන්න පුළුවන්, family responsibility වෙන්න පුළුවන්, හිතේ තියෙන බය වෙන්න පුළුවන්. Tolkien කියන්නේ වීරකම කියන්නේ ලොකු කෑ ගහන එක නෙවෙයි, බය උනත් ඉස්සරහට යන එක කියලා.

චරිත ගැන කිව්වොත් හැමෝම හිතේ රැඳෙනවා.Sam ගේ loyalty එක බලනකොට තේරෙනවා සැබෑ මිත්‍රත්වය කියන්නේ මොකක්ද කියලා. “ම ඔයාව අතාරින්නේ නෑ Mr. Frodo” කියන එක line එකෙන්ම කඳුළු එනවා. එයා Frodoව බේරගන්නේ කඩුවෙන් නෙවෙයි, අතාරින්නෙ නැති ගතියෙන්.
Aragorn ගෙන් තේරෙන්නේ නායකත්වය කියන්නේ කෑ ගහන එක නෙවෙයි, නිහඬව වගකීම ගන්න එක කියලා. එයා රජෙක් වෙන්න හදන්නේ නෑ, ඒත් මිනිස්සු එයාට කැමැත්තෙන් follow කරනවා.
Gandalf ගේ “All we have to decide is what to do with the time that is given us” කියන line එක විතරක් මදිද ජීවිතේට පාඩමක් වෙන්න.
Gollum ගේ චරිතේ හරහා Tolkien මනුස්සයා ඇතුළේ තියෙන හොඳ-නරක යුද්ධේට මුහුණක් දීලා තියෙනවා. ඒක පිටතින් වෙන යුද්ධේට වඩා භයානකයි.
ඊට අමතරව Legolas-Gimli duo එක, Eowyn ගේ courage එක, Theoden ගේ redemption arc එක - හැම character එකකටම weight එකක් තියෙනවා.

Visuals සහ music ගැන කිව්වොත් මේක වෙනම ලෝකයක්. Peter Jackson මේක shoot කරලා තියෙන්නේ New Zealand වල real locations වල. CGI ගොඩක් තිබ්බත්, Weta Workshop වල practical effects නිසා හැම දෙයක්ම tangible feel එකක් දෙනවා. Minas Tirith බලනකොට ඇත්තටම ඒ city එක තියෙනවා වගේ.
Howard Shore ගේ soundtrack එක නැතුව මේක incomplete. “Concerning Hobbits” වාදනය වෙනකොට ගෙදරට යන්න හිතෙනවා. “The Ride of the Rohirrim” එනකොට ඇඟ හිරිවැටෙනවා. “Into the West” අවසානේදී play වෙනකොට මොකක්දෝ නැතිවෙච්ච feeling එකක් එනවා. Cinema එකේ experience එක නම් වෙනම level එකක්. 2001දි මේක බලපු මිනිස්සු තාම කියන්නේ ඒක life-changing experience එකක් කියලා.

Themes වල depth එක තමයි මේක classic වෙන්නේ. මේක හුදෙක් sword and magic කතාවක් නෙවෙයි. මේක බලය corruption කරන හැටි ගැන. One Ring එකට touch නොකරපු කෙනෙක් නෑ. Boromir වැටෙනවා, Galadriel පවා temptation එක feel කරනවා.
මේක sacrifice ගැන. Frodo, Sam, Gandalf, Aragorn හැමෝම මොනවාහරි sacrifice කරනවා ලොකු goal එකක් වෙනුවෙන්.
මේක hope අත් නොහැරීම ගැන. සगලම නැති උනත්, “even in the darkest time, there is still hope” කියලා කතාව කියනවා.
කුඩා මිනිහෙක්ටත් ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා Tolkien ලස්සනට කියනවා. Hobbit කෙනෙක්, Dwarf කෙනෙක්, Elf කෙනෙක්, මිනිසෙක් - හැමෝම එකතු උනාම Sauron වගේ බලයක්වත් නවත්තන්න පුළුවන්.
මගේ Rating එක නම් 10/10. ඒත් Extended Edition එක අනිවාර්යෙන්ම බලන්න. Theatrical cut එක 3 පැය, Extended එක 4 පැය+ උනාට, ඒ පැය 1 තමයි චරිත වලට පණ දෙන්නේ. Saruman ගේ arc එක, Theoden-Rohan relationship එක, Aragorn-Arwen moments - ඔක්කොම එන්නේ Extended වල. Fast-paced action ඕනේ නම් theatrical බලන්න. Story එක feel කරන්න ඕනේ නම් extended එක තමයි.

Epic adventure වලට කැමති අය, මිත්‍රත්වය සහ පක්ෂපාතීත්වය ගැන කතා වලට ආස අය, සහ “තව ටිකක්” කියලා හිතේ තියාගෙන ඉන්න හැමෝම මේක බලන්න ඕනේ. මේක බලලා ඉවර වෙද්දි ඔයා Middle-earth වලින් එලියට ආවත්, Middle-earth ඔයාගෙන් හිතෙන් අමතක වෙන්නේ නෑ 🫂

ඔයාට Lord of the Rings වලින් මතකේ තියෙන scene එක මොකක්ද? Comment එකකින් කියන්න 👇
“My friends, you bow to no one.” 🥹

20/05/2026

"You’re allowed to be tired, but you’re not allowed to give up"

18/05/2026

චුථි සිත. "අභිධර්මය කියනවා මරණාසන්න මොහොතේ හිත පාලනය කරගත්තොත්, ඒක අවසානයක් නෙවෙයි, නව ආරම්භයක් කියලා"

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Anima Sutra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share