Yazith

Yazith Chasing dreams, sharing stories, and creating a path of my own...

මට ආසයි මගේ පොඩි කාලේ යාලුවෝ ආයේ හම්බෙලා ඒ කාලේ ගැන කතා කර කර ඉන්න. මොන්ටිසෝරියේදි හම්බුන, ගෙවල් ලග සෙල්ලම් කරපු, පොඩි ක...
06/09/2025

මට ආසයි මගේ පොඩි කාලේ යාලුවෝ ආයේ හම්බෙලා ඒ කාලේ ගැන කතා කර කර ඉන්න. මොන්ටිසෝරියේදි හම්බුන, ගෙවල් ලග සෙල්ලම් කරපු, පොඩි කාලේ ගියපු ස්කෝලෙදි හම්බුන, ඉංග්‍රීසි පන්තියේදී, ශිෂ්‍යත්ව පන්තියේදී හම්බුන, අප්පච්චිගේ අම්මගේ යාලුවොන්ගෙ ළමයි කියලා අදුරගත්ත, ඒ වගේම ටික ටික ලොකු වෙද්දි එක එක හේතු වලට හම්බවුන යාලුවෝ ආයේම දවසක දකින්න මං ආසයි.

අපි එක එක හේතු නිසා දැන් හම්බෙන්නෙ නැතුව ඇති, අලුත් ස්කෝලෙකට ගියපු නිසා, පන්ති ආපු එක නැවතුන නිසා, ඒ බස් එකේ අයෙ ගියපු නැති නිසා, ගෙවල් මාරු කරපු නිසා වගේ එක එක හේතු තියෙනවා ඇති. හැබැයි මට විශ්වාසයි අපි දන්නෙවත් නැති අන්තිම දවසෙ හම්බෙලා ගියේ තරහ වෙලා නෙවෙයි කියලා.

ඉතින් මචන් ආස නැද්ද ආයේ දවසක හම්බෙන්න? හම්බෙලා ටිකක් කතා කරන්න. අපේ පොඩි කාලේ ගැන? ඒ කාලේ අපි පන්ති ගියපුවා, සෙල්ලම් කරපුවා, රස්තියාදු ගහපුවා, අරව මෙව්වා හැමදේම ගැනම? අපිට උදේවෙනකල් කතා කරන්න දාහක් දේවල් තියෙයි නේද? දවසක අපිව ආයෙමත් මුනගැස්සුවොත් ඒ වෙලාව මගඇරගන්නේ නැතුව හම්බෙමු, "ඉතින් කොහොමද මචන්" කියලා අහන්න, ඒ කාලේ ගැන මතක් කර කර කතා කරන්න.. ❤️

30/08/2025

මට තියෙනවා ප්‍රශ්නයක්. නීතිය හැමෝටම සමාන විය යුතුද? ඒ ඇයි?

26/08/2025

නුවර Beach එකක් තිබ්බොත් කොහොම වෙයිද? 😌
Anyone would like to invest? 😋

25/08/2025

ඔව්, ලංකාව හරි ලස්සන රටක්, ඒත් ලංකාව විතරද ලස්සන?

25/08/2025

Where it all begins කෘතිය ගැන හිරු tv Art Cafe වැඩසටහනේ වෙන් වූ ඉඩ 📖
සම්පූර්ණ වැඩ සටහන ඔබට Hirutv Youtube නාලිකාව ඔස්සේ නැරඹීමට හැකිය.

Hiru TV Art Cafe l EP 476 | 2025-08-23 | Hiru TV

දකින්නට දෙවියන් දෑස පිංකර තිබේ නම්..බලාගෙන හිදින්නම් සවස්වරු දිනගනන්...
18/08/2025

දකින්නට දෙවියන් දෑස පිංකර තිබේ නම්..
බලාගෙන හිදින්නම් සවස්වරු දිනගනන්...

05/08/2025

මං ආසයි. මරු Subject එක. මිනිස්සු ජීවත් කරවන්නේ එකෙන් මනෝහරී... 🥹❤️

04/08/2025

"මං ජනාධිපති වුනොත්" කියන්නේ අපි හැමොම පොඩි කාලේ ඉදන් රගපාන, හීන දකින act එකක් නේ. කාලෙන් කාලෙට අපෙ අදහස් වෙනස් වෙනවා. ඒත් මං කරොත්, මං මෙහෙම කරනවා. කරන්න ඕනෙ මෙහෙම තමයි කියලා එහෙම හිතන එක, කියන එක, වෙනම ආතල් එකක්. අපි ගොඩක් අය බලන් ඉන්නෙත් අපේ අදහස් අනුව කොහොමද මේ රට ගොඩ දාගන්නේ කියලා නේ.
ඉතින් මාත් රගපාන්න ආසම චරිතයක් තමයි, "මං ජනාධිපති වුනොත්" කියන එක...

01/08/2025

“Hello, How are you doing?” කියලා කවුරු හරි දැක්කම අහන්න ස්කෝලෙන් අපිට ඉගැන්නුවා. ඒ වගේම කවුරු හරි අපෙන් එහෙම ඇහුවම අපි කොහොමද උත්තර දෙන්න ඕනේ කියලත් ඉගැන්නුවා.

"I'm doing good. How about you?"
ඒක විතරයි අපිට ඉගැන්නුවේ. කවදාවත් අපි අව්ලෙන් ඉද්දි කියන්න ඕනේ කොහොමද ඉගැන්නුවේ නෑනේ. ඒක නිසාද කවුරු හරි අපෙන් කොහොමද කියලා ඇහුවම අපි හැමෝම පුරුද්දට වගේ "හොදින් ඉන්නවා" කියලා කියන්නේ?

ජීවිතේ මං හිටපු ලස්සනම රාත්‍රිය මේක වෙන්න ඇති. මං මන්දාකිණියක් දැක්කා මගේ ඇස් දෙකටම. ඊජිප්තුවේ සීතල කාන්තාරයක් මැද්දේ.. ...
29/07/2025

ජීවිතේ මං හිටපු ලස්සනම රාත්‍රිය මේක වෙන්න ඇති. මං මන්දාකිණියක් දැක්කා මගේ ඇස් දෙකටම. ඊජිප්තුවේ සීතල කාන්තාරයක් මැද්දේ.. උදේ එලිවෙනකල් මේ photo එකේ තියෙන තරු ටික මං දැක්කා. මට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි මේ රාත්‍රිය...

ඉර බැහලා ගියා. ඒත් අපි තාම ඇවිදිනවා. ඉර බැහැල ගියාම කොළපාට හැමදෙයක්ම කළු පාට වෙනවා.
26/07/2025

ඉර බැහලා ගියා. ඒත් අපි තාම ඇවිදිනවා. ඉර බැහැල ගියාම කොළපාට හැමදෙයක්ම කළු පාට වෙනවා.

අවුවත් සීතලත් දෙකම එකවර දැනෙන මොහොතවල් හරිම අඩුයි. ඒ වගේම පුදුමාකාරයි. තේ හැදෙන්නේම සීතල පැතිවල, ඒත් තේ රහ රස්නයට බොනකොට...
25/07/2025

අවුවත් සීතලත් දෙකම එකවර දැනෙන මොහොතවල් හරිම අඩුයි. ඒ වගේම පුදුමාකාරයි. තේ හැදෙන්නේම සීතල පැතිවල, ඒත් තේ රහ රස්නයට බොනකොට. මේ දේවල් ගැන ටිකක් ගැඹුරට හිතුවම හරි පුදුමයි නේද? කොච්චි දෙකක් සද්දෙට නවත්තලා තියේනකොට කිසිම ගානක් නැතුව එහා පැත්තේ මනුස්සයෙක් බිම කොටනවා.

මේ කොටගල. ගෙවල් නම් තාම හදන ගමන්. කොන්ක්‍රීට් ගල් වලින් තියෙන්නේ. තාම කපරාරු කරලවත් නෑ.ඒ අතරින් හරිම ලස්සනට කෝවිල පේනවා. පාට පාටින්. මං ඉන්න ගෙදරට වඩා උදේට එළියට බැස්සම මට පේන කෝවිල ලස්සනට තියෙන එක අපූරු දෙයක්. හැබැයි දෙවියන් දවසක කෝවිලෙන් එළියට ඇවිත් බැලුවොත් කැමති නැති වෙයි දකින පාටට.

තලවකැලේ ලයිම් ගෙවල් ටිකක පලස්තීන කොඩි 3ක් දාල තියනවා. යුද්ධයට විරුද්ධව පලස්තීනයට සහය දක්වන්න. හැබැයි ඒ මිනිස්සු ඉන්නෙත් යුද්ධයක. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය එක්ක. හැබැයි අපිට යුද්ධයක් හඩක් නගන්න ඕනෙ කියලා දැනෙන්නෙ, පේන්නේ, වෙඩි තියන යුද්ධ වලට විතරයි. අපිට විතරක් නෙවෙයි, ඒ මිනිස්සුන්ටත් එහෙමයි. තමන්ගේ යුද්ධය දැනෙන්නෙ නෑ. නැත්තම් අතහැරලා.

Address

Kandy
10000

Alerts

Be the first to know and let us send you an email when Yazith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share