Yazith

Yazith Chasing dreams, sharing stories, and creating a path of my own...

In Germany, they don’t say “spend your time wisely.”They say, if you chase butterflies, they fly away. But if you create...
13/01/2026

In Germany, they don’t say “spend your time wisely.”

They say, if you chase butterflies, they fly away. But if you create a beautiful garden, the butterflies will come.
And even if they don’t, you will still have a beautiful garden.

Maybe that’s how life works.

ගොඩක් අයගේ dream destination එකක් වුන මනාලි ආවට පස්සේ කීප දෙනෙක් ඒ ගැන අහපු නිසා කෙටියෙන් ඒ ගැන ලියන්නම් කාටහරි අදහසක් ග...
23/11/2025

ගොඩක් අයගේ dream destination එකක් වුන මනාලි ආවට පස්සේ කීප දෙනෙක් ඒ ගැන අහපු නිසා කෙටියෙන් ඒ ගැන ලියන්නම් කාටහරි අදහසක් ගන්න.

අපි 3න් දෙනෙක් තමයි ආවේ. කොළඹ ඉදන් දිල්ලි වලට ටිකට් දැම්මා indigo එකේ. Chennai වලින් transit එකක් එක්ක. යන්න කලින් දවසේ රෑ ටිකක් දාපු නිසා ගාන එක් කෙනෙක්ට 90,500ක් වුනා. යන්නයි එන්නයි දෙකම. Hand luggage එකට 7kg. Main luggage එකට 30kg.

Chennai වලින් transit වෙලා, දිල්ලි වලට ආවා. චෙන්නයි වල පොඩ්ඩක් වෙලා යන නිසා වැඩි වෙලාවක් transit එක තියාගන්න.

දිල්ලි වලින් booking.com එකෙන් නවතින තැනක් book කරගන්න පුලුවන්. Airport එකෙන් එලියට ඇවිල්ලා එතනින් taxi එකක් අරන් යන්න පුලුවන්.

දිල්ලි වායු දූෂණය වැඩි city එකක් නිසා mask එකක් දාගෙන ඉන්න එක හොද වෙයි. මිනිස්සු එක්ක කතා කරලා වැඩ කරගන්න, ගනන් කතා කරගන්න පුලුවන්. Uber එකෙන් transport හදාගන්න පුලුවන්. Metro එකෙත් ඒ වෙලාවේ tickets අරන් යන්න පුලුවන්.

Airtel sim එක 1.5GB/day with unlimited calls package එක 360ක් වෙන්නේ, දවස් 30ක් valid.

දිල්ලි වල හැමදෙයක්ම ගනන් ගොඩක් අඩුයි. මෙහෙන් යද්දි backpack එක විතරක් අරන් ගිහින් එහෙන් ඇදුම් ගන්න පුලුවන්. Baggage එහෙමත් ගොඩක් ගනන් අඩුයි. Chandni chowk වල බඩු තියනවා එහෙ අපෙ කොටුව වගේ. මෙහෙ 5000ක් වෙන සපත්තු දෙක එහෙන් 1000ට වගේ ගන්න පුලුවන්.

මනාලි යනව නම්, online බස් book කරන්න පුලුවන්. අපි ගියේ flixbus එකේ. හවස 6 ඉදන් bus තියනවා තෝරගන්න. ඒක පහුවදා උදේ වෙද්දි එහෙ. Tickets 500ට තියනවා පිටිපස්සෙම seat. ඉස්සරහ seat සාමාන්‍යයෙන් 1000ක් වගේ වෙනවා.

Online pay කරලා book කරගන්න පුලුවන්. මනාලි යන්න කලින් booking.com එකෙන් තැනක් book කරල යන්න පුලුවන්. නැත්තම් ගිහින් එතන ඉන්න අයගෙන් තැනක් අහගන්නත් පුලුවන්. ගනන් සාධාරණයි.

අපි හිටියේ එහෙම හොයාගත්ත තැනක, the loads regent එකේ. දවසකට room එක 1500ක් වුනේ. කෑම වේල් 3ක් එක්ක 2500යි දවසකට තුන්දෙනාටම.

එතනින් scooter එකක් rent කරන්න දවසටම යන්නේ 500යි. තෙල් වලට 200ක් වගේ යයි. එහෙම තනියම යන්නත් පුලුවන්. නැත්තම් එයාලගෙ tour package එක ගන්නත් පුලුවන්. ඒක වෙන්නෙත් 6000යි තුන්දෙනාටම, room එකයි කෑම වේල් 3යි එක්ක. හැබැයි උදේ 9ට ඒක යනවා.

එහෙ බලන්න තැන් ටිකක් තියනවා. Town එක, temples, හිම වැටෙන තැන් එහෙම. Rohtang pass වලට යන්න නම් scooter වල බෑ. වාහනයක් කතා කරගන්න ඕනේ. එහෙම එක එක දේවල් ගන්න පුලුවන්, 100,200,300ක් වගේ වෙන්නේ. කජු, ආමන්ඩ් එහෙම ගොඩක් ගනන් අඩුයි එහෙ දිල්ලි වලටත් වඩා.

තව adventure වලට කැමති අයට adventure activities ගොඩක් තියනවා. Paragliding; parachute එකෙන් පනින එකට යන්නේ 3500යි. තව zipline තියනවා 500ක් වගේ යන්නේ.

සීතල වැඩි නිසා jersey අරන් යන්න. දිල්ලි වලින් ගන්න පුලුවන් 500-1000 අතර. මනාලි වලත් තියනවා.

ඔහොම වියදම් ටිකක් තමයි යන්නේ. එලියෙන් කෑවත් කෑම එකක් 150-200ක් වෙයි. Tea එක 30ක් වෙනවා. වතුර 1L එක 20ක් වෙනවා.

මං මේ ටික ලිව්වේ කාට හරි ඕනේ නම් අදහසක් ගන්න. වියදම් ගැන. තව මොනව හරි විස්තරයක් දැනගන්න ඕනේ නම්, message එකක් දාන්න මං දන්න විදියට කියන්න පුලුවන්. මේකේ තියෙන්නේ මං ගියපු දවස් ටිකේ මට හම්බුන විස්තර ටික.

මං කැමතියි මං දකින ලෝකය අනිත් අයත් දකිනවට, ඒ වගේම ලෝකේ දකින එක අපි හිතන් ඉන්න තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා කියන්න...

දිල්ලි රෑට හරි සීතලයි. ඒ වගේම කලබලයි. වාහන වල හෝන් සද්ද වලින් අඩුවක් ඇත්තෙම නෑ. නිදහසක් හොයන කෙනෙකුට කවදාවත් එන්න හිතෙන්...
16/11/2025

දිල්ලි රෑට හරි සීතලයි. ඒ වගේම කලබලයි. වාහන වල හෝන් සද්ද වලින් අඩුවක් ඇත්තෙම නෑ. නිදහසක් හොයන කෙනෙකුට කවදාවත් එන්න හිතෙන් නැති තරම්, සද්දයි කලබලයයි. ඒ වගේම අපිරිසිදුයි. අපේ ඇස් වලට අවට වායුව අලු පාටකට පේන තරම්ම වායුව දූෂිතයි. මේ හැමදේම අස්සෙන් වටේටම තියෙන ලයිට් අස්සෙන් හෙමීට මේ පාරවල් වල ඇවිදන් යන එකත් හරිම කලබලයි...

A love poem written in marble 🤍
16/11/2025

A love poem written in marble 🤍

උදේම නැගිට්ට ගමන් අපිට එන සමහර පණිවිඩ තියනවා අපි ඇහුන්කන් දෙන්නම ඕනේ. මගහැර ගන්න හොදනැති. ඉතින් සමහර මගපෙන්වීම් එක්ක අපි...
16/11/2025

උදේම නැගිට්ට ගමන් අපිට එන සමහර පණිවිඩ තියනවා අපි ඇහුන්කන් දෙන්නම ඕනේ. මගහැර ගන්න හොදනැති. ඉතින් සමහර මගපෙන්වීම් එක්ක අපිට සිද්දවෙනවා ඒ පණිවිඩය එක්ක යන්න. වෙලාවක් යෙදෙන්නේම දෙවයේ යෙදිලා තියෙන විදියට. ඉතින් පණිවිඩය ලැබුනම ඒ තැනට ඒ දවසට ඒ වෙලාවට අපිට යන්න වෙනවා..

ඉන්න තැන තියෙන බැදීම් ගැන මොහොතකට අමතක කරලා, යන තැන ගැන හීන මවන, තත්පර කිහිපය, විනාඩි කිහිපය සමහරවිට ජීවිතයේ කාලෙකින් එන නොඉවසිලිමත්ම පැය ටික වෙන්න පුලුවන්. ඒ වගේම බලාපොරොත්තු නැති වගේම හිස්ම පැය කිහිපය වෙන්නත් පුලුවන්. යන තැන ගැන දන්නේ දෙවියන් පමණයි. ඊලග තත්පරය ගැන, දවස ගැන ලියවිලා තියෙන්නේ දෙවයේ පමණයි. අපි දන්නෙ මේ මොහොත ගැන විතරයි. ඉතින් ඒකයි මං කියන්නේ අපිව ආසාවෙන් ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි, ඒ බලාපොරොත්තුව එන්නේ විස්වාසයෙන් පමණයි. සමහරවිට ඒ විස්වාසය දෙවියන් ගැනයි...!

මහනුවර රැජින! 🤍The Queen’s Hotel in Kandy stands as one of the most iconic and historically significant landmarks in Sri...
04/11/2025

මහනුවර රැජින! 🤍

The Queen’s Hotel in Kandy stands as one of the most iconic and historically significant landmarks in Sri Lanka. Its origins date back to the early 19th century when it was built as a Governor’s residence during the British colonial era. Over time, the building transitioned into a prestigious hotel, welcoming prominent figures and travellers.

They come for the arch.But stay for the night!
26/10/2025

They come for the arch.
But stay for the night!

මට ආසයි මගේ පොඩි කාලේ යාලුවෝ ආයේ හම්බෙලා ඒ කාලේ ගැන කතා කර කර ඉන්න. මොන්ටිසෝරියේදි හම්බුන, ගෙවල් ලග සෙල්ලම් කරපු, පොඩි ක...
06/09/2025

මට ආසයි මගේ පොඩි කාලේ යාලුවෝ ආයේ හම්බෙලා ඒ කාලේ ගැන කතා කර කර ඉන්න. මොන්ටිසෝරියේදි හම්බුන, ගෙවල් ලග සෙල්ලම් කරපු, පොඩි කාලේ ගියපු ස්කෝලෙදි හම්බුන, ඉංග්‍රීසි පන්තියේදී, ශිෂ්‍යත්ව පන්තියේදී හම්බුන, අප්පච්චිගේ අම්මගේ යාලුවොන්ගෙ ළමයි කියලා අදුරගත්ත, ඒ වගේම ටික ටික ලොකු වෙද්දි එක එක හේතු වලට හම්බවුන යාලුවෝ ආයේම දවසක දකින්න මං ආසයි.

අපි එක එක හේතු නිසා දැන් හම්බෙන්නෙ නැතුව ඇති, අලුත් ස්කෝලෙකට ගියපු නිසා, පන්ති ආපු එක නැවතුන නිසා, ඒ බස් එකේ අයෙ ගියපු නැති නිසා, ගෙවල් මාරු කරපු නිසා වගේ එක එක හේතු තියෙනවා ඇති. හැබැයි මට විශ්වාසයි අපි දන්නෙවත් නැති අන්තිම දවසෙ හම්බෙලා ගියේ තරහ වෙලා නෙවෙයි කියලා.

ඉතින් මචන් ආස නැද්ද ආයේ දවසක හම්බෙන්න? හම්බෙලා ටිකක් කතා කරන්න. අපේ පොඩි කාලේ ගැන? ඒ කාලේ අපි පන්ති ගියපුවා, සෙල්ලම් කරපුවා, රස්තියාදු ගහපුවා, අරව මෙව්වා හැමදේම ගැනම? අපිට උදේවෙනකල් කතා කරන්න දාහක් දේවල් තියෙයි නේද? දවසක අපිව ආයෙමත් මුනගැස්සුවොත් ඒ වෙලාව මගඇරගන්නේ නැතුව හම්බෙමු, "ඉතින් කොහොමද මචන්" කියලා අහන්න, ඒ කාලේ ගැන මතක් කර කර කතා කරන්න.. ❤️

30/08/2025

මට තියෙනවා ප්‍රශ්නයක්. නීතිය හැමෝටම සමාන විය යුතුද? ඒ ඇයි?

Address

Kandy
10000

Alerts

Be the first to know and let us send you an email when Yazith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share