23/07/2022
භයානක ධවල හංසයා Tu-160
හංසයෙක් මේ තරම් දරුණුද? අද අපි කතා කරන්න යන්නෙ පෙනෙනවාට වඩා දරුණු සුදු හංසයෙක් ගැනයි. ඒ Tupolev TU-160 යානය ගැන. මෙයට බටහිර පවසන්නේ Black jack කියලයි.
මුලින්ම ඇමරිකාව තමන්ගේ දිගු දුර බෝම්බ හෙලන යානා නිරන්තරයෙන්ම සෝවියට් දේශයට ඉහලින් ගමන් කෙරෙව්වා. මොකද ඒ කාලයේ ඉඳන්ම ඇමරිකාව සහ වර්තමාන රුසියාව සීතල යුද්ධයකයි හිටියේ. ඉතින් කොහොම හරි මේ යානා පැමිණෙන එක වලක්වන්න ඕනෙ නිසා 1960 - 1970 කාලයේදී රුසියාව තමන්ගේ ගුවන්යානා නිෂ්පාදන ආයතන කිහිපයකටම යෝජනා ගේනවා. මේ අතරින් Tupolev සමාගම මෙම අපූරු යානාව ඉදිරිපත් කරනවා. මෙය නිපදවූයේ ඇමරිකාවේ B1-B යානයට තරඟයක් දීමටයි.
මෙහි ඇති විශේෂත්වය තමයි ගමන් කරන වේගය සහ උස අනුව පියාපත් හැකිලීමට සහ දිග හැරීමට හැකි වීමයි. දිග 54.1m, උස 13.1m සහ තටු හැකිලූ විට පළල 35.6m ද තටු විහිදූ විට පළල 55.7m වන මෙම යානයට ටොන් 200කට ආසන්න බරක් රැගෙන යා හැක. මෙහි කාර්ය මණ්ඩල සේවකයන් 4ක්ද සිටී. ඒ Pilot, Co-Pilot, බෝම්බ ක්රියාකරු සහ system officer. මෙම යානා 35ක් නිපද වූවත් දැනට සේවයේ ඇත්තේ යානා 17ක් පමණි.
මේ ධවල හංසයාට වරක් තෙල් සැපයූ පසු උපරිම 12 000km යන්න පුලුවන් (යානයේ වේගය අනුව මෙම දුර වෙනස් විය හැකිය). මෙයට Samara NK-321 Turbo fan එන්ජින් 4කින් බලය සැපයේ. එක එන්ජිමකින් 137.3 kN බලයක් නිපදවනවා! මේ තරම් බලයක් ඇති ලෝකේ එකම බෝම්බ හෙලන යානය මෙයයි. ඒ වගේම මෙයට උපරිම ශබ්දයේ වේගය මෙන් දෙගුණයකට වඩා යා හැකිය (2.05 mach). තවද මෙයට Radar වලට හසු නොවී ගමන් කල හැකි වුවද Stealth හැකියාවක් නැහැ.
වරකට, Kh-55ms දිගු දුර 12 ක් සහ Kh-15p කෙටි දුර මිසයිල 24 ක් රැගෙන යන්න පුලුවන්. Kh-55ms මිසයිලයකට 3000km පරාසයකට ගමන් කල හැකිය. තවද එයට 200kt (කිලෝ ටොන්) Nuclear war head එකක් සවි කල හැකිය! එමෙන්ම 2020 දී Kh-47 m2 kinzhal hypersonic missile එකක් අත්හදා බලා ඇත. මෙයටද අවශ්යනම් nuclear war head එකක් යොදා ගන්න පුලුවන්. මේ kinzhal missile එක ukrain war එකේදි යොදා ගෙන තියනවා.
තවද විවිධ දේවල් වලට ලෝක වාර්තා 44ක් පිහිටුවලා තියෙනවා මේ හංසයා. ඉතින් අපි හිතනවා මේ තොරතුරු ගොඩක් ඔයාලට වැදගත් ඇති කියලා. තවත් ලිපියකින් හමුවෙමු!
- dil