E-Ceylon.lk News

E-Ceylon.lk News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E-Ceylon.lk News, News & Media Website, 73/2/6, city Plaza complex, colombo street, Kandy.

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

රතිඤ්ඤා වලින් සුරතලා ආරක්ෂා කරගන්නේ මෙහෙමයි..!💗කොච්චර කිව්වත් කොච්චර post දැම්මත් රතිඤ්ඤා කියන දේ මිනිස්සු පාවිච්චි කරන ...
12/04/2023

රතිඤ්ඤා වලින් සුරතලා ආරක්ෂා කරගන්නේ මෙහෙමයි..!💗

කොච්චර කිව්වත් කොච්චර post දැම්මත් රතිඤ්ඤා කියන දේ මිනිස්සු පාවිච්චි කරන එක නවත්තන්න බෑ.

පුලුවන් නම් මේ ක්‍රමය උත්සහ කරල බලන්න..රතිඤ්ඤා සද්දෙට හුඟක් බය ඔයාලගෙ බව් සුරතලාව මේ විදියට එතුවම එයාව සන්සුන් කරගන්න පුලුවන් වෙනවා කියලා තමයි අන්තර්ජාලයෙ සඳහන් වෙන්නෙ.

- උපුටාගැනීමකි -

🔴 දුම්රියෙන් ඇද වැටී තරුණයකුට තුවාලකොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි සිඝ්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට...
11/04/2023

🔴 දුම්රියෙන් ඇද වැටී තරුණයකුට තුවාල

කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි සිඝ්‍රගාමී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ළඟා වීමේදී දුම්රිය පාපුවරුවේ ගමන් කල තරුණයකු ඉන් ඇද වැටී බරපතළ තුවාල ලබා අද (11) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත

මෙලෙස තුවාල ලබා ඇත්තේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක තරුණයෙකි

දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ළඟා වනවාත් සමඟ මගීන්ගේ තෙරපිමත් සමඟ දුම්රියෙන් ඇද වැටි දුම්රියට හසුවිම හේතුවෙන් මෙම තරුණයාගේ පාද දෙකම වෙන් වි ගොස් ඇති බව අනාවරණය වී ඇත.

දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ මගින් විසින් තුවාලකරු වහාම සුවසැරිය ගිලන් රථයක් මගින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

✍️ Ceylon Government Railway Magazine

🔴 වඳුරන්ටත් චීනයට යන්න අවස්තාවක් ශ්‍රී ලංකාවේ වඳුරන්  සඳහා  චීනයෙන් ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එමඟින් මෙරට වඳුරු ගහනය ඉක්...
11/04/2023

🔴 වඳුරන්ටත් චීනයට යන්න අවස්තාවක්

ශ්‍රී ලංකාවේ වඳුරන් සඳහා චීනයෙන් ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එමඟින් මෙරට වඳුරු ගහනය ඉක්මවීමේ ගැටලුව විසඳීමට උපකාරී වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

චීන නියෝජිත පිරිසක් අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලාංකික වඳුරන් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ වඳුරන් ලක්ෂයක් චීනයට පිටත්කර හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පවත්වා ඇති අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව සිට තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් වඳුරු ගහනය ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයකට පැමිණ ඇති බවත් එම සතුන් දේශීය වගාවන්ට තර්ජනයක් වී ඇති බවත් සාකච්ඡාවේදී අනාවරණය වීමෙන් පසු මෙම වැඩසටහන සඳහා වන නීතිමය ක්‍රියා පටිපාටි අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

UNITED HUMAN RIGHTS PROTECTION ORGANIZATION SRI LANKADirector board awards giving and new members intend ceremony decide...
11/04/2023

UNITED HUMAN RIGHTS PROTECTION ORGANIZATION SRI LANKA

Director board awards giving and new members intend ceremony decided to held in 20th of may 2023

Application deadline date will be 25th of April 2023 .

Candidates application submit email as follow :
[email protected]

Call us for any further details :
No - 9A , Sri Dharmarama Road , Dematagoda , Colombo - 09

For Further Details:
0758985985
0768677818
0770438238

Thank you.

🔴Breaking News අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට තිබූ පලාත් පාලන මැතිවරණය  පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අන...
11/04/2023

🔴Breaking News

අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට තිබූ පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම සඳහන් කළේ, අධිකරණ තීන්දුවක් මත හෝ මුදල් ලැබීම අනුව මැතිවරණ දිනය තීරණය කරන බවය.

🔴 සය හැවිරිදි දරුවකුගෙන් පන්තිභාර ගුරුතුමියට වෙඩි ප්‍රහාරයක්පාසලේ පන්තිභාර ගුරුවරියට වෙඩි තබා තුවාල සිදුකළ සය හැවිරිදි ද...
11/04/2023

🔴 සය හැවිරිදි දරුවකුගෙන් පන්තිභාර ගුරුතුමියට වෙඩි ප්‍රහාරයක්

පාසලේ පන්තිභාර ගුරුවරියට වෙඩි තබා තුවාල සිදුකළ සය හැවිරිදි දරුවෙකුගේ මවට අපරාධ චෝදනා ගොනුකර ඇත.
එම සිසුවාගේ මව වන 25 හැවිරිදි ඩේජා ටේලර්ට මහා ජූරි සභාවක් විසින් සාපරාධී ළමා නොසලකා හැරීමේ චෝදනාවක් සහ සාපරාධී චෝදනාවක් සමඟ අධිචෝදනා ගොනු කර ඇත.

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක පළමු වසරේ ඉගෙනුම ලබන එම සිසුවා නිව්පෝට් නිව්ස් නගරයේ රිච්නෙක් ප්‍රාථමික පාසලට ඔහුගේ බෑගය තුලට දමාගෙන තුවක්කුව රැගෙන පැමිණ ඇත.

අනතුරුව එම සිසුවා පාඩමක් අතරතුර පන්තිභාර 25 හැවිරිදි Abigail Zwerner ගුරුවරියගේ අතට සහ පපුවට වෙඩි තබා ඇත. අනතුරුව බරපතල තුවාල ලැබූ ගුරුවරිය රෝහල්ගත කර ඇත.

කෙසේ වෙතත් රෝහල්ගත කල පසු ගුරුවරිය එම වෙඩි තැබීමෙන් දිවි ගලවාගෙන ඇති අතර වෙඩි තැබීම සඳහා සිසුවා යොදාගෙන ඇත්තේ තම මවගේ ගිනිඅවිය බව පොලීසිය සදහන් කරයි.

ඔබේ ව්‍යාපාරයටත් දැන් අලුතින් වෙබ් අඩවියක් අඩුම මිලකටරුපියල් 20,000 කට.දැන්ම අමතන්න 0774552060 වට්ස්අප් පණිවිඩයක් දෙන්න....
11/04/2023

ඔබේ ව්‍යාපාරයටත් දැන් අලුතින් වෙබ් අඩවියක් අඩුම මිලකට
රුපියල් 20,000 කට.
දැන්ම අමතන්න 0774552060
වට්ස්අප් පණිවිඩයක් දෙන්න.
මේ සමග නොමිලේ ඔබට ව්‍යාපාරය පිලිබද e-Ceylon.lk හි ලිපියක් පලකර දෙනු ඇත.
නොමිලේ page නිර්මාණය කරගත හැක.
නොමිලේ ව්‍යාපාරයට Logo එකක්.

🔴 සිංහල අලුත් අවුරුද්දට ගමට යන්න විශේෂ බස් හා දුම්රිය සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ...
11/04/2023

🔴 සිංහල අලුත් අවුරුද්දට ගමට යන්න විශේෂ බස් හා දුම්රිය

සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇතැයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පවසයි.
අප්‍රේල් මාසයේ රාත්‍රී 7.30 ට කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියක් සවස 5.20 ට බදුල්ල සිට‌ කොළඹ දක්වා දුම්රියක් විශේෂ දුම්රියන් ලෙස ධාවනයට එක් කර ඇති බවයි ,දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පැවසුවේ.

තව ද අප්‍රේල් 05 වැනි දා සිට දිනපතා උදෑසන 6.30 කොටුව සිට බදුල්ල දක්වා ධාවනය‌ට එක්කළ දුම්රිය හා බදුල්ල සිට කොටුව බලා උදෑසන 7.00 ට ධාවනය‌ට එක්කළ දුම්රිය අප්‍රේල් 17 දක්වාම දිනපතා ධාවනයට‌ එක්කර ඇත.

ඊට අමතරව අප්‍රේල් 15 හා 16 දින දෙකේම කොටුව සිට ගාල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය‌ට යොදවා තිබේ.

16, 17 දින දෙකේ ගාල්ල සිට කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය‌ට යොදවා ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.

මේ අතර අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස මහතා පැවසුවේ, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට මෙම බස් සේවා ක්‍රියාත්මක බවයි.

ලබන 18 වැනි දා දක්වා මේ බස් රථ සේවාව ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.

මේ අතර අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ ද ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය

I news

🔴 පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්.උත්සව සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන නවතා තැබීමේ දී සැළකිලිමත් වන ලෙස පොලිසිය රියැදුර...
11/04/2023

🔴 පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්.

උත්සව සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන නවතා තැබීමේ දී සැළකිලිමත් වන ලෙස පොලිසිය රියැදුරන්ට විශේෂ දැනුම් දීමක් සිදුකරයි.

රියැදුරු අවිධිමත් ලෙස රථවාහන නතරකර යෑම හේතුවෙන් පසුගිය දින කිහිපයේ ප්‍රධාන නගර ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක් පැවතුන බැවින් පොලිසිය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ අවිධිමත් ලෙස වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එලෙස සිදු නොකරන බවත්‍ය.

🔴  ඇමෙරිකාවේ වෙඩි තැබීමක්.අමෙරිකාවේ කෙන්ටකී ප්‍රන්තයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ලුවිස්විල් නගර...
11/04/2023

🔴 ඇමෙරිකාවේ වෙඩි තැබීමක්.

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රන්තයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලුවිස්විල් නගරයේ බැංකු පරිශ්‍රයක් තුළ එම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවලකරුවන් 06 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බැංකුව තුළ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවක් තුළදී වෙඩික්කරු විසින් වෙඩි තැබීම සිදු කළ බවයි. සැකකරු ද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

🔴 පාසල් නිවාඩු සංශෝධනයක්2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට තීරණය කිරීමෙන් පසු පාසල...
11/04/2023

🔴 පාසල් නිවාඩු සංශෝධනයක්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට තීරණය කිරීමෙන් පසු පාසල් නිවාඩු කාලය සංශෝධනය කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව, අප්‍රේල් 17 වැනිදා ආරම්භ වන පාසල් වාරය මැයි 29 වැනිදා දක්වා පැවැත්වෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, නව පාසල් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ වන අතර එය ජුනි 8 වැනිදා දක්වා පැවැත්වේ.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් 2022 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය කල් දැමූ බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

🔴අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුර...
11/04/2023

🔴අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.
අද දින (11) දහවල් 12:11 ට කල්පිටිය, දුනුපොතගම, නිකවැව, සෝමාවතී පුදබිම සහ වෙරුගල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත

🔴ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාවන් ලබාදී ඇති අයඳුම්කරුවන්ට ආගමන හා විගම...
11/04/2023

🔴ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාවන් ලබාදී ඇති අයඳුම්කරුවන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදු කර ඇත.

ඒ අප්‍රේල් 12 වන දින විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති අයඳුම්කරුවන් මධ්‍යාහ්න 12.00 ට පෙර පැමිණ තම අයඳුම්පත් භාරදෙන ලෙස දැනුම්දීමක් කරයි.

🔴 සාමාන්‍ය පෙළ විභාගය කල් යයිඅ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ගැටලුව හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 ව...
10/04/2023

🔴 සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ගැටලුව හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 වැනිදා දක්වා සති දෙකකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ ලබන මස 15 වැනිදා වන අතර ඒ අනුව එය දෙසතියකින් කල්දමා ඇති බව වාර්තා වේ.

පසුගිය 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට මෙතෙක් නොහැකි වීම මත සාමාන්‍ය පෙළ සිසුන් තුන්ලක්ෂයක පමණ පිරිසකට පන්ති කාමර ඉඩකඩ සොයා ගැනීම සම්බන්ධයෙන් පාසැල් ප්‍රධානින් දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වේ.

🔴 දුම්රියට හා බස් රථවලට QR ක්‍රමයක්දුම්රිය හා බස් රථ මගීන්ට ප්‍රවේශපත්‍ර වෙනුවට QR ක්‍රමයක් හඳුන්වාදෙන බව ප්‍රවාහන අමාත්...
10/04/2023

🔴 දුම්රියට හා බස් රථවලට QR ක්‍රමයක්

දුම්රිය හා බස් රථ මගීන්ට ප්‍රවේශපත්‍ර වෙනුවට QR ක්‍රමයක් හඳුන්වාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන නිසා මෙම තීරණය ගෙන තිබේ.

දුම්රිය තුළ ද මෙය සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

🔴 රාජ්‍ය සේවකයන් 30,000ක් වසර 5කට වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලයි.රාජ්‍ය සේවකයින් වසර පහකට වැටුප් රහිත දේශීය හා විදේශීය ...
10/04/2023

🔴 රාජ්‍ය සේවකයන් 30,000ක් වසර 5කට වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලයි.

රාජ්‍ය සේවකයින් වසර පහකට වැටුප් රහිත දේශීය හා විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා යොමු කළ අයැදුම් පත්‍ර 30,000 පමණ ප්‍රමාණයක් ලැබී අති බවත් ඒ අතරින් මේ වනවිට අයැදුම්පත්‍ර 2000කට පමණක් අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වේ.

වසර 05ක කාලයක් රාජ්‍ය සේවකයින් සඳහා විදේශගත වීමට අදාළ එම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය වසරේ 2022 ජුනි 22 වැනිදා නිකුත් කළේය.

පසුගිය මාස 06 තුළදී පමණක් යොමු කළ එම අයැදුම්පත්‍ර සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වයත් සමග ඉදිරියේදී මෙම ප්‍රමාණය ඉහළ යා හැකි බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.
පසුගිය 01 වැනිදා වන විට පමණක් දේශීය නිවාඩු සඳහා අයැදුම්පත්‍ර 150කටත් විදේශීය නිවාඩු සඳහා අයැදුම්පත්‍ර 1000ක් සඳහාත් අනුමැතිය හිමිව ඇති බවත් රාජ්‍ය සේවකයන් බොහොමයක් කොරියාවට යාම සඳහා විදේශ නිවාඩු ඉල්ලුම් කරන බවද සදහන් කරයි.

✨සැබෑ ජාතික විරුවරියකි!නිවන් සුව..! 🙏මහාචාර්ය ප්‍රියානි සොයිසා ශ්‍රී ලාංකීය වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. ඇය ශ්‍රී ලං...
10/04/2023

✨සැබෑ ජාතික විරුවරියකි!
නිවන් සුව..! 🙏

මහාචාර්ය ප්‍රියානි සොයිසා ශ්‍රී ලාංකීය වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. ඇය ශ්‍රී ලංකාවේ මහාචාර්යවරියක් වූ පළමු කාන්තාවයි.

කීර්තිමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වූ මහාචාර්ය ප්‍රියානි සොයිසා වසර 98ක් ජීවත් වී ඊයේ අභාවප්‍රාප්ත වූවාය. ඇය වෛද්‍ය විද්‍යාවට කලා වු ප්‍රගතිශීලී සේවය හේතුවෙන් රටේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ වෛද්‍යවරියකි.

ප්‍රියානි සොයිසා මහත්මිය උපත ලැබුවේ 1925 දීය. මොරටුව ප්‍රින්සස් වෙල්ස් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඇය කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පළමු පන්තියේ ගෞරව සහිතව වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට සමත් වුවාය. ඉන්පසු රජයේ රෝහල් කිහිපයකම සේවය කළ අතර ළමා රෝග පිළිබඳ පශ්චාත් අධ්‍යයනය සඳහා මහා බ්‍රිතාන්‍යයට යාමට වරම් ලැබුවාය. කීර්තිමත් බ්‍රිතාන්‍ය පශ්චාත් උපාධිය Royal Cillege of Physician හි සම්පූර්ණ කල ඇය නැවත මෙරටට පැමිණියාය. රෝගී සත්කාර සහ අධ්‍යයන කටයුතු යන අංශ දෙකෙහිම සමබරව තම දස්කම් දැක්වු ඇය වෛද්‍ය විද්‍යාව සඳහා මෙතරම් උසස් අධ්‍යාපන සුදුසුකම් ලැබූ අපේ රටේ පළමු කාන්තාව ලෙස ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගැනීමෙන් තහවුරු කලාය.

ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළාය. කොලෝ වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග අංශය භාරව සිටි මහාචාර්ය සී සී ද සිල්වා මහතා විශ්‍රාම යාම හේතුවෙන් වෛද්‍ය ප්‍රියානි සොයිසා මහත්මියට එම තනතුර භාර ගැනීමට සිදු විය. ඇය 1991 දී විශ්‍රාම යන විට කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ මහාචාර්යවරියක් ලෙස අඛණ්ඩව වසර විසිපහක් තම සේවය ලබාදුන්නාය.

ඇගේ පර්යේෂණ භූමිකාව විද්‍යාඥයන් පවා මවිත කල ඉතා පුළුල් එකක් විය. ඇය බෝවන රෝග මෙන්ම පෝෂණය සම්බන්ධ බොහෝ පර්යේෂණ කටයුතුවල ද නිරත වී ඇත. ඇය ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකත්වය දරයි. තවද ඇය එහි සභාපතිනිය ලෙස වෙනස්ම භූමිකාවක් ද ඉටු කළාය. මව්කිරි දීම ප්රවර්ධනය කිරීමට කැපවී කටයුතු කළාය. මව්කිරි දීමේ වැදගත්කම ගැන ඇය ප්‍රබල හඬක් නගන විට මව්කිරි දීම සම්බන්ධව මව්වරුන්ට අදයාපනයක් ලබාදුන් යුගයක් නොවේ. "පළමු මාස ​​හතර - මව්කිරි පමණක් ලබා දී දරුවන්ට දෙන කිරිපිටි ඉවත් කළ යුතුයි" යන නීති අපේ රටට හඳුන්වා දෙන්න පෙරමුණ ගත්තේ ඇයයි.

මව්වරුන්ට තම දරුවන් සමඟ ළමා වාට්ටුවල රැඳී සිටීමට අවස්ථා නිර්මාණය කිරීම, මව්වරුන්ට මාස තුනක් දක්වා මාතෘ නිවාඩු ලබාදීමට කටයුතු කිරීම, මව්කිරි දීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම, පෝලියෝ මර්දන වැඩසටහන ඇයගෙ සංකල්පයි.

ඇය වෛද්‍ය විද්‍යාලයෙන් විස්‍රාම ලැබුවද ඇයගේ වගකිවයුතු වෛද්‍ය භූමිකාවෙන් විවේකයක් ගැනීමට ඇයට ඉඩ නොලැබුණි. ඇය Sri Lanka College of Paediatrians , The postgraduate institute of Medical Sciences) හි ප්‍රථම සභාපතිනිය වූවාය. වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිනිය ලෙසද ඇය කටයුතු කලාය. ජාතික විද්‍යා පදනම යනු අපේ රටේ පර්යේෂකයන් සහ විද්‍යාඥයන් එක්රැස් කර පර්යේෂණ දිරිගැන්වීම සඳහා ආරම්භ කළ ප්‍රමුඛතම ආයතනයයි. ජාතික විද්‍යා පදනමේ සභාපතිනිය ලෙස ද ඇය මෙරටට අමිල මෙහෙවරක් ඉටු කළාය. මහාචාර්ය ප්‍රියානි සොයිසා පෝෂණය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරියක ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශිෂ්ට මෙහෙවරක් ඉටු කළාය.

ඇගේ ජීවිත කාලය ඇය ගමන් කළේ විවිධ අභියෝග හා බාධක වලට මුහුණ දෙමිණි. ඇය ඒවාටද ඉතා ධෛර්යයමත්ව මුහුණ දුන්නාය. ශ්‍රී ලංකා ඉතිහාසයේ වෛද්‍ය වරියකගේ නොසැලකිල්ලට (Law act to medical negligence) ගොනුකළ පළමු නඩුවට ද මුහුන දීමට ඇයට සිදුවිය...

නීතීඥ රියන්සි අර්සකුලරත්න මහත්මිය හදිසි අසනීපයකින් පසුව ප්‍රතිකාර ගැනීම සඳහා 1992 අප්‍රේල් 18 දින තම දියණිය ඇය වෙත රැගෙන ආවාය. මහාචාර්යවරයා දැරියගේ රෝගය රූමැටික් රෝගියෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර කළේය. රුමැටිකෝරියා රෝගයට මාසයක් ප්‍රතිකාර ගත්තත් ඇත්තටම ඇයට තිබුණේ මොළයේ පිළිකාවක්. ප්‍රතිකාර අතරතුර දැරියගේ දෙමාපියන් ඇයව ප්‍රතිකාරවලින් ඉවත් කර විදේශගත කර ඇතත් එම වසරේම ජුනි 19 වැනිදා දැරිය අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියාය. ප්‍රමාද නොවී හඳුනා ගත්තේ නම් තම දියණිය බේරා ගැනීමට හැකිව තිබූ බව විශ්වාස කළ දැරියගේ පියා වන අර්සකුලරත්න මහතා ඇයට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු පැමිණිලි පාර්ශ්වයට රුපියල් ලක්ෂ පහක් ගෙවන ලෙස ඇයට නියෝග කළේය. ඇය ඊට එරෙහිව අභියාචනවක් ඉදිරිපත් කළාය. නඩුව පහළ අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළට ගියේය. එදා පත්තරවල පවා මේ නඩුවට තැනක් තිබුණාය. අවසානයේ මහාචාර්ය ප්‍රියානි සොයිසා සියලු චෝදනාවලින් නිදහස් වූයේ නඩු ගාස්තු ද නැවත ගැනීමට තීරණය කරමිනි. නමුත් ඇය සනාතන ධර්මය නීතියට වඩා වෙනස් මාර්ගයක් බව පෙන්වමින් නඩු ගාස්තුව පවා කරුණාවෙන් ප්‍රතික්ෂේප කළාය.

මහාචාර්ය ප්‍රියානි සොයිසා වෛද්‍ය විද්‍යාවටත්, විද්‍යාත්මක පර්යේෂණ ප්‍රජාවටත්, සමස්ත මාතෘත්වයටත්, දරුවන්ටත් අසමසම සේවාවක් ඉටු කළ අභීත කාන්තාවක්ය.

ඇයගේ අවසන් කටයුතු අප්‍රේල් 10 වැනි සඳුදා බොරුල්ල කනත්තේදී සිදු කෙරේ.

අපි එතුමියට සදාකාලික සැනසීම පතමු. May she attain the Supreme Bliss of Nirvana 🙏💜💛❤

උපුටා ගැනීමක්

🔴මෙරට පළමු මහාචාර්යවරිය අභාවප්‍රාප්ත වෙයි.ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්තවී ඇති අතර ඇය මෙරට පළමු මහා...
10/04/2023

🔴මෙරට පළමු මහාචාර්යවරිය අභාවප්‍රාප්ත වෙයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්තවී ඇති අතර ඇය මෙරට පළමු මහාචාර්යවරිය වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනියද වූ විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා මියයන විට 98 වැනි වියේ පසුවූ අතර දේහය බොරැල්ල ඒ.එෆ් රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇත.

විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසාගේ අවසන් කටයුතු හෙට සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.

🔴 පුංචි ඡන්දය අගෝස්තු? අද (10) දින මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් පෙරවරුවේ පැවැත්වීමට න...
10/04/2023

🔴 පුංචි ඡන්දය අගෝස්තු?

අද (10) දින මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ආණ්ඩුව මේ වනවිට පළාත් පාලන මැතිවරණය කල් දමමින් ඇති අතර එළඹෙන අගෝස්තු මස එම මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ ප්‍රකාශ කිරීමට සුදානම් බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

🔴 පොල්ගොල්ල ජලාශයේ දිය නෑ දරුවකු ජීවිතක්ෂයට මහනුවර, පොල්ගොල්ල ජලාශයේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට...
09/04/2023

🔴 පොල්ගොල්ල ජලාශයේ දිය නෑ දරුවකු ජීවිතක්ෂයට

මහනුවර, පොල්ගොල්ල ජලාශයේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

එහිදී තවත් සිසුවෙකු බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

නුඹේ පැත්තක දහසක් ද දකුණු පැත්තෙහි දසදහසක් ද වැටෙන්නෝ ය; එහෙත් එය නුඹට ළං නොවන්නේ ය.- ගීතාවලිය 91:7මේ ලෝකයේ මනුෂ්‍යයෙකුට...
09/04/2023

නුඹේ පැත්තක දහසක් ද දකුණු පැත්තෙහි දසදහසක් ද වැටෙන්නෝ ය; එහෙත් එය නුඹට ළං නොවන්නේ ය.

- ගීතාවලිය 91:7

මේ ලෝකයේ මනුෂ්‍යයෙකුට ලබාගත හැකි විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ පෙනි පෙනී තිබෙන නිසැක මරණය පරාජය කිරීමයි. එකම මේසයේ එකට භෝජනය ලබාගත් සමීපතමයෙකු විසින් තමන් ව පාවා දීම නිසා කුරුසයේ ඇණ ගසා මරණයට පත්වීමට නියමිත ව සිටි යේසුස් වහන්සේ, මහ සිකුරාදා දිනයේ මරණයට පත්වූ බව දැනගෙන ඉමහත් ශෝකයට පත් වූ කිතුනු ප්‍රජාවට, ඉරිදා දිනය වන විට උන් වහන්සේ මරණයෙන් උත්ථානය වූ බව දැන්වූ ප්‍රීතිමත් පණිවිඩය සැලවීම අති උත්කර්ෂයෙන් සැමරිය යුතු නොවේ ද? එය සමරන අති උතුම් පාස්කු මංගල්‍යය අදයි.

"...පාස්කුව යනු පසුකර යාමයි. එතෙරවීමයි. එතෙරවීම යනු නාම පදයක් නො ව, ක්‍රියා පදයකි. ජේසුන් ගෙනා එතෙරවීම

- පුද්ගලයින් ලෙස ද
- පවුල් ලෙස ද
- පූජ්‍ය පක්ෂ ලෙස ද
- රටවල් ලෙස ද
- ලෝකයක් ලෙස ද
- විශ්වයක් ලෙස ද එතෙර විය යුතුය.
- ප්‍රැන්සිස් සුදතුම් පියතුමා..!

- උපුටාගැනීමකි

Happy Ester Day..!!
සුබ පාස්කු මංගල්‍යයක් වේවා.!

🔴 අද (09) කාලගුණ අනාවැකියබස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිග...
09/04/2023

🔴 අද (09) කාලගුණ අනාවැකිය

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

ඒ අනුව අද (09) දහවල් 12:12 ට මාදම්පේ, කොහිලපොකුණ, කයිකාවල, නිළඹේ සහ ඔන්දච්චිමඩම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.

🔴නිර්වින්දන ඖෂධයක් වහාම භාවිතයෙන් ඉවතට මෙරට  සැත්කම් සඳහා යොදා ගන්නා නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙ...
09/04/2023

🔴නිර්වින්දන ඖෂධයක් වහාම භාවිතයෙන් ඉවතට

මෙරට සැත්කම් සඳහා යොදා ගන්නා නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබේ.

ඉන්දීය ඖෂධ සමාගමකින් ඉන්දීය ණය ආධාර යටතේ මෙම නිර්වින්දන ඖෂධය මෙරටට ගෙන්වා බෙදාහැර ඇති අතර එහි කාණ්ඩ 3ක් මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබේ.

එම ඖෂධ මෙරට තුළ තත්ත්ව පරීක්ෂාවකට ලක් කීරීමකට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධය සම්බන්ධයෙන් ලබාදී ඇති සහතිකය සහ වෙනත් රටවල භාවිතය පිළිබද සලකා බැලීමෙන් අනතුරුව ලංකාව තුළ භාවිතයට ගෙන ඇත.

🔴 හෙට කොළඹට ජල සැපයුම අඩු පීඩනයකින්හෙට 09දා කොළඹ ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා ජලය අඩු පීඩනයක් යටතේ සැපයීමට සිදුව ඇ...
08/04/2023

🔴 හෙට කොළඹට ජල සැපයුම අඩු පීඩනයකින්

හෙට 09දා කොළඹ ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා ජලය අඩු පීඩනයක් යටතේ සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශ සඳහා මෙලෙස ජලය සැපයෙනු ඇති බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනු ලැබේ.

එම කාලය තුළ ඉහත ප්‍රදේශයන්හි උස් ප්‍රදේශවල ජල සැපයුමටද බාධා ඇතිවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජල සම්ප්‍රේෂණ බිඳ වැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට ජල සම්පාදන මණ්ඩලය විසින් කනගාටුව පළ කර ඇත.

🔴 ට්‍රක් රථයක් හා ත්‍රීරෝද රථ 08ක එකට ගැටේ. පල්ලෙවෙල  කල්එලිය ප්‍රදේශයේදී ට්‍රක් රථයක් ත්‍රීරෝද රථ 8 ක, මෝටර් රථයක හා යත...
08/04/2023

🔴 ට්‍රක් රථයක් හා ත්‍රීරෝද රථ 08ක එකට ගැටේ.

පල්ලෙවෙල කල්එලිය ප්‍රදේශයේදී ට්‍රක් රථයක් ත්‍රීරෝද රථ 8 ක, මෝටර් රථයක හා යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් සිවු දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

🔴 රතිඤ්ඤා සහ ගිනිකෙළි මිල ඉහලට 🔴 පාරිභෝගික ජනතාවගෙබ් මැසිවිලි 2022 දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම වසරේ අලුත් අවුරුදු ...
08/04/2023

🔴 රතිඤ්ඤා සහ ගිනිකෙළි මිල ඉහලට
🔴 පාරිභෝගික ජනතාවගෙබ් මැසිවිලි

2022 දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම වසරේ අලුත් අවුරුදු උත්සව සමයේදී රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදනවල මිල 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් මැසිවිලි නඟයි.

එපමණක් නොව වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය මිල සහ ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද පසුගිය මාස කිහිපයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි වාසිය තමන්ට නොලැබෙන බවත් මිල අඩු භාණ්ඩ වැඩි මිලට විකුණන බවද පාරිභෝගිකයන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසයි.

රජය විසින් ජනතාවට යම් සහන ලබාදීමට කටයුතු කලත් ඇතැම් ව්‍යාපාරිකයන් එම සහනය ලබා නොදීමට කටයුතු කරන බවට පාරිභෝගික ජනතාව චෝදනා කරයි.

🔴 පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීමට චන්ද්‍රිකාවක්අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා නාසා ආයතනය චන්ද්‍රි...
08/04/2023

🔴 පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීමට චන්ද්‍රිකාවක්

අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා නාසා ආයතනය චන්ද්‍රිකාවක් ගුවන් ගත කර ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම චන්ද්‍රිකාව ස්පේස් එක්ස් ෆැල්කන් නයින් රොකට්ටුව මඟින් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඊයේ (07) කක්ෂ ගත කරනු ලැබූ බවයි.

මෙම චන්ද්‍රිකාව මඟින් නාසා ආයතනය ලබාගන්නා දත්තවලට අනුව සිය පරීක්ෂණ කටයුතු ලබන මැයි අග හෝ ජුනි මස මුලදී ආරම්භ කිරීමට නියමිතයි.

🔴 පාරිභෝගික අධිකාරියෙන් හදිසි වැටලීම් පරිභෝජනයට නුසුදුසු හා වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා සති අන්තයේ වැටලීම් ක්‍රියා...
08/04/2023

🔴 පාරිභෝගික අධිකාරියෙන් හදිසි වැටලීම්

පරිභෝජනයට නුසුදුසු හා වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා සති අන්තයේ වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, උත්සව සමය තුළ මේ වන විට වැටලීම් 1,250 ක් කර ඇති බවයි.

ඊයේ (07) දිනය තුළදී වැටලීම් 151 ක් සිදුකර ඇති අතර ඉන් වැටලීම් 51 ක්ම බිත්තර සම්බන්ධ වැටලීම් වේ.

පරිභෝජනයට නුසුදුසු හා වැඩි මිලට ආහාර අළෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

මේ අතර උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපොළේ, පවතින කිරුම් මිනුම් උපකරණ අද (08) සිට විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මිනුම් සහ ප්‍රමීති සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක සඳහන් කළේ, පාරිභෝගිකයින් අපහසුතාවට පත්වන පරිදි මිනුම් වැරදි සිදු කරනු ලබන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

අරුණ

LGRM ලේ දන්දීමේ කඳවුර - 2023,LGRM සමාජ සත්කාර යටතේ පැවැත්වෙන ලේ දන්දීමේ කඳවුරේ හෙට දින (අප්‍රේල් 9)  පැවැත්වීමට සියලු කට...
08/04/2023

LGRM ලේ දන්දීමේ කඳවුර - 2023,

LGRM සමාජ සත්කාර යටතේ පැවැත්වෙන ලේ දන්දීමේ කඳවුරේ හෙට දින (අප්‍රේල් 9) පැවැත්වීමට සියලු කටයුතු සිදු කර අවසන් බව ඔබ දැනටමත් දන්නවා ඇති.. පෙර පරිදිම නාරාහේන්පිට ලේ බැංකුවේදී උදෑසන 9 සිට සවස 3 දක්වා ඔබ සියලු දෙනාට මෙම කටයුත්ත සඳහා දායකත්වය දැක්විය හැකිය..

පෙර වසර වලදී සිදු වූ අයුරින්ම ඔබට අවශ්‍ය ආහාර පාන අප විසින් සපයනු ලැබේ.. නියමිත් දිනයේදී ඔබගේ පැමිණීම පමණක් අප අපේක්ෂා කරන්නෙමු..
මෙහිදී සහභාගී වන අයට සමාජ සත්කාර ඇගයීමේ සහතිකයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත..

එමෙන්ම ඉතාමත් සුවිශේෂී කටයුත්තක් අප මෙම වසරේදී ඔබ වෙනුවෙන්ම සංවිධානය කර ඇත.. එනම් ලේ දන්දීමේ කඳවුරට සමගාමීව ඔබට ඇස්, පටක හා අවයව දන්දීමට අදාල ලිපි ලේඛන ඔබ වෙනුවෙන් සූදානම්ව පවතී.. මෙතෙක් කලක් ඔබ ඒ පිළිබඳව සිතමින් අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටියා විය හැකි..එසේ නොමැති නම් එය සිදු කරන ආකාරය පිළිබඳව නොදැන සිටියා විය හැකි..ඒ සියල්ලටම පිළිතුරු අපි ඔබට එදිනට ලබාදෙන්නෙමු.. ස්වකීය කැමැත්ත මත ඔබ ඇස් හා ශරීර පටක අවයව දන්දීමට සිතන්නේ නම් ඒ මහඟු පුණ්‍යකර්මය වෙනුවෙන් අප දායකත්වය දක්වන බව ඉතා සතුටින් දන්වා සිටින්නෙමු..

එසේ නම්, එදිනට පැමිණ ඔබ තවත් ජීවිතයක් ජීවත් කරන්නට,ජාති කුලමල ආගම් බේද නොතකා මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප වන්නට ශක්තියක් වන්නට අප හා අත්වැල් බැඳගන්න..

🖤❤🖤❤🖤❤🖤How to love a man.UNDERSTAND. He will never be perfect. At some point, he will be inconsistent. Sometimes he will...
08/04/2023

🖤❤🖤❤🖤❤🖤

How to love a man.

UNDERSTAND. He will never be perfect. At some point, he will be inconsistent. Sometimes he will be impatient. Sometimes it will be hard for him to handle your mood swings. He gets angry too. His mood changes as well.

FREEDOM. Give him the freedom to do the things that he likes. Do not box him. Do not choke him in the neck. The truth is, if he really loves you, he will never do things that will hurt you. He has a life to live so do not take that away from him. You are not his world. You are just a part of it.

RECIPROCATE. Make efforts for him too. Ask him how his day went. Ask him what went wrong. Love him hard as well. Be patient with him too.

RESPECT. You have to respect his choices and decisions. Give him the respect that he deserves.

AFFECTION. Show him that you care. Wrap him with warm hugs. Show him that you are always there for him.

ATTENTION. Like you, he needs your attention too. He needs reassurance as well that he is the only one for you. Do not give him reasons to doubt you.

There will never be a perfect man. At some point, you will get disappointed and upset because he did not become the man you expect him to be. But because you love him you accept every bit of him. If he is worth the risk, keep him.

Sometimes we want to be understood so much, that we forget to understand men as well.

🔴 අලුත් අවුරුදු සමයේ පොලිසියෙන් නව වැඩපිළිවෙලක් අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සදහා ශ්‍රී ...
08/04/2023

🔴 අලුත් අවුරුදු සමයේ පොලිසියෙන් නව වැඩපිළිවෙලක්

අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සදහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ඒ වෙනුවෙන් පොලිසිය විසින් රට පුරාම ඇති පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එම කට්ටල 70,000 කට අධික ප්‍රමාණයක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලැබී ඇති බවත් ඉදිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථාන වලට යොමු කරන බවද තවදුරටත් සඳහන් කරයි.

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී ‘ලිස්සන ගස’ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව පොලිස්...
08/04/2023

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී ‘ලිස්සන ගස’ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

එමගින් අනතුරක් සිදු වූයේ නම් එහි වගකීම අවුරුදු උත්සවයේ සංවිධායක මණ්ඩලයට මුළුමනින්ම පැවරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

උත්සවය වෙනුවෙන් ලිස්සන ගස් සවි කිරීමේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය කර සවි කළ යුතු අතර, ලිස්සන ගසක් කඩා වැටී යම් අනතුරක් හෝ දිවි තොරවීමක් සිදුවුවහොත් එය ඉතාම වරදක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංවිධානය කරන අවුරුදු උත්සව පොලිස් ස්ථාන සමග නිසි සම්බන්ධීකරණයක් සහිතව පවත්වන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

තවද සංගීත සංදර්ශන පවත්වන්නේනම් ඊට පෙර පොලිස් ස්ථාන වලින් අවසර ලබාගෙන තිබිය යුතු බවත් හිතුමතේ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර නොදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කරයි

පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා  අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි  පේරාදෙණිය...
07/04/2023

පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි.

මුරුතලාවේ පදිංචි අංජලී චාපා (25) නැමැති තරුණියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා පෙරවරුවේ යමින් සිටියදී ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවකු ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති අතර මෙතෙක් සැකකරු හඳුනාගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කරයි.

✍️ චමල් රූපසිංහ

ජපන් පුද්ගලයන් 10 දෙනෙකු සමඟ අතුරුදන් වූ ජපාන හමුදා හෙලිකොප්ටරයක් ​​ඔකිනාවා ප්‍රාන්තයේ මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ජපාන බල...
07/04/2023

ජපන් පුද්ගලයන් 10 දෙනෙකු සමඟ අතුරුදන් වූ ජපාන හමුදා හෙලිකොප්ටරයක් ​​ඔකිනාවා ප්‍රාන්තයේ මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ජපාන බලධාරීහු සදහන් කරයි.
සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමකදී එම ගුවන් යානයේ කොටස් පාවෙන සුන්බුන් සේ දක්නට ලැබුණු බවද ජපාන බලධාරීහු සදහන් කරයි.

බ්ලැක් හෝක් ලෙස හැඳින්වෙන UH60 එම හෙලිකොප්ටරය ඊයේ දින මියාකෝ දූපත අසල රේඩාර් තිරයෙන් අතුරුදහන් වු බවද සදහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ජපාන ජෙනරාල් යසුනෝරි මොරිෂිටා වාර්තාකරුවන්ට සදහන් කළේ, ‘ගුවන් අනතුරක් සිදුවී ඇති බව අපි විශ්වාස කරනවා.’ යනුවෙන්ය.
ඒ ජපානයේ භූමි ස්වයං ආරක්ෂක බලකාය (GSDF) විසින් භාවිතා කරන ලද තල හතරකින් යුත්, ද්විත්ව එන්ජින් සහිත ප්‍රවාහන හෙලිකොප්ටරය මෙලෙස අතුරුදහන් වූ බව ජපාන හමුදාව සදහන් කරයි.

ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම රෝයල් ගාර්ඩන් හී පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවකු  ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරද්දී ලණුව ග...
07/04/2023

ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම රෝයල් ගාර්ඩන් හී පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරද්දී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය කියයි.
මෙසේ මිගොස් ඇත්තේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 වසරෙහි අධ්‍යාපනය හදාරන ඉසුම් හංසන බණ්ඩාර නැමති සිසුවෙකි.
මව සහ බාල සොයුරා මල් කැඩීම සඳහා නිවසින් බැහැරට ගොස් සිට ඇති අතර වැඩිමහල් සොයුරිය නානකාමරයේ සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරනයවූ බවද පොලීසිය පවසයි
තම බාල සොයුරා සමග මෙම ළණුවේ ආධාරයෙන් ඔංචිලි පැද ඇති බවද පැවසේ
සිසුවා ළණුවේ සිරවී සිටිනු දැක මව සහ වැඩිමහල් සොයුරිය ළණුව කපා දඹදෙනිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවද පොලීසිය කියයි.
ලංකාදීප

~ අද මහ සිකුරාදා දිනයි ~"පියාණනී ඔබ මා අත්හැරියේ මන්ද"මුල් යුගයේ සිට ම මහ සිකුරාදා දින මනස්ස්ථාපනයේ, ශෝකයේ හා දැඩි නිරාහ...
07/04/2023

~ අද මහ සිකුරාදා දිනයි ~

"පියාණනී ඔබ මා අත්හැරියේ මන්ද"

මුල් යුගයේ සිට ම මහ සිකුරාදා දින මනස්ස්ථාපනයේ, ශෝකයේ හා දැඩි නිරාහාරශීලයේ දිනයක් ලෙසින් සැලකුණි. එම නිරාහාරය පැය 40 ක් පමණ එනම්, මහ සිකුරාදා සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී දිව්‍ය පුජාවේ අවසානය දක්වා නොකඩවා පැවැත්වුණි. එකල කුඩා දරුවන්, ගැබිණියන්, කිරි දෙන මව්වරුන් හා රෝගීන් හැර අනෙකුත් සියලු දෙනා කිසිඳු කෑමකින් හෝ බීමකින් (අවම වශයෙන් ජලය පානය කිරීමෙන් පවා) තොරව ගත කළහ. කුඩා දරුවන්ට, රෝගීන්ට හා ගැබිණි මව්වරුන්ට පමණක් පාන් කැබැල්ලක් අනුභවකර ජලය පානය කිරීමට අවසර තිබුණි. සාන්ත අයිරේනියස් තුමා ද තම ලිපි වල මේ ගැන සඳහන් කර ඇත. මෙම නිරාහාරශීලයේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දුන් පළමුවන ඉනසන්ට් පාප්තුමා එය සභා අනුමත කර ඇත. පසුකලක මෙම ශෝකී කාලය හා නිරාහාරශීලය දින 3 ක් බවට හැරුණි. තවත් කලක සතියක කාලයක් බවට පත්ව තිබූ එය පසුව දින 40 දක්වා වර්ධනය විය. චතාරික කාලයේ දින 40 ට බලපෑවේ ද එයයි.

මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජා යාගයේ සිට ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී මෙහෙයය අවසන් වනතුරු කාලය "Paschal Triduum" හෙවත් "පාස්කු තෙදින වන්දනා මෙහෙයය" නම්වේ. මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ අවසානයක් නැති අතර, මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයේ ආරම්භයක් ද නැත. මෙම දින තුනේ එකම දිව්‍ය පූජාවක් පැවැත්වේ. එනම්, මහ බ්‍රහස්පතින්දා ඇරඹෙන දිව්‍ය පුජාව අවසන් වන්නේ ආලේලුයියා රාත්‍රී පූර්ව පාස්කු මෙහෙයය (හෝ පාස්කු ඉරු දින දිව්‍ය පූජාවට අප සහභාගිවී) අවසන්වීම සමගය. එබැවින් මහ සිකුරාදා හා ආලේලුයියා සෙනසුරාදා මෙහෙයයන් වලට සහභාගිවන කිතුනු බැතිමතුන්ට බෙදා දීමට අවශ්‍ය දිව්‍ය සත්ප්‍රසාද (දිව්‍ය පූප) ඇති තරම් මහ බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පූජාවේ දී ආශිර්වාද කර තබා ගත යුතුවේ. මෙසේ ආශිර්වාද කර තබා ගන්නා දිව්‍ය පූප "මිස්සා ප්‍රීසන්ක්ටිෆිකටෝරුම්" - (Missa Freesanctificatorum) නම්වේ. මෙහි අර්ථය නම්, "පෙරදින දිව්‍ය පූජා යාගයේ කැප කළ දිව්‍ය පූප" යන්නය.

මහ සිකුරාදා මෙහෙයේ ප්‍රධාන කොටස් තුනක් දැකිය හැකිය. එම කොටස් එකිනෙකට සම්බන්ධතාවයකින් යුතු ය.

දේව වාක්‍යය මෙහෙයය : අපෝස්තුළුවරුන්ගේ කාලයේ සිට පැවතෙන දේව වාක්‍ය කියවීමේ චාරිත්‍රයකි.

ශ්‍රී කුරුසියේ වන්දනාව : පෙරහැරකින් ගෙන එන දම් හෝ සුදු පැහැති රෙදි කඩකින් වැසූ කුරුස ප්‍රතිමාව අවස්ථා 3 ක දී කොටසින් කොටස නිරාවරණය කර කිතුනු බැතිමතුන්ට පෙන්වීම්ත්, එය සිපාචාර කිරීමත් කරයි. මෙය එවකට ජෙරුසලමේ කිතුනු බැතිමතුන් අතර පැවති චාරිත්‍රයකි.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දීම: මෙම පිළිවෙත මුල්කාලයේ මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබුණි. මධ්‍යතන යුගය වන විට ලොව පුරා කිතුනු බැතිමතුන් අතර ඇති වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි වූ භක්ත්‍යාදරය හා එවකට සිටි සාන්තුවරයන්ගේ ඉගැන්වීම් පදනම් කොටගෙන ඇති වූ පිළිවෙතකි.

මහ සිකුරාදා යනු ජේසුස් වහන්සේගේ මළ ගෙය නොවන බව කිතුනු අප විශේෂයෙන් මතක තබා ගත යුත්තකි. ජේසුස් වහන්සේ මරණයට පත්වී උත්ථාන වී නැවත ස්වර්ගයට ගොස් අවසන්ය. ගැළවීමේ අභිරහස තුළ තව ඉටු වීමට ඇති එකම දෙය වන්නේ ජේසුස් වහන්සේගේ තේජාන්විත දෙවන ආගමනයයි. එබැවින් මහ සිකුරාදාව ජේසුස් වහන්සේගේ මළගමට සහභාගිවීමට යාමක් ලෙසින් සැලකීම දේවධාර්මිකව වැරදි සංකල්පයකි. මහ බ්‍රහස්පතින්දායින් ඇරඹෙන දිව්‍ය පූජා මෙහෙය පාස්කු ඉරු දින දක්වා එකම වන්දනා පිළිවෙතක් ලෙසින් පවත්වන්නේ ද එනිසාය. මෙම තෙදින තුළ අප දේවස්ථානයට යන්නේ අනෙක් කිතුනුවන් සමග එක්වී ජේසුස් වහන්සේගේ මහා පාස්කු අභිරහස මංගල්‍යයක් වශයෙන් අති උත්කර්ෂවත් ලෙස සැමරීමටය.

මහ සිකුරාදා දින දේවවාක්‍ය පිළිවෙතේ දක්නට ලැබෙන නාට්‍යාකාර දෙබස් සහිත දීර්ඝ සුභාරංචිය කියවීමට අමතරව ජේසුස් වහන්සේ කුරුසිය මත සිට දෙසූ ශ්‍රී වාක්‍ය සත දේශනා කිරීම ද සිදු කරයි. එහෙත් එය සම්මත කතෝලික ජනවන්දනා පිළිවෙතේ දක්නට නොලැබෙන දෙයකි. එය අප රටේ මහ සිකුරාදා පිළිවෙතට ඇතුළත් වූයේ ගෞරවනීය ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා රචිත "දේශනා නවයේ පසන් පොත" හා "දුක්ප්‍රාප්ති ප්‍රසංගය" යන ‍පොත් ඇසරෙන් බිහි වූ පාස්කු නාට්‍ය පදනම් කොටගෙනය. මේ හේතුවෙන් මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙත "තුන් පැය ධ්‍යානය" යන නමින් හඳුන්වයි. නූතන ජනවන්දනා විශාරදයන්ගේ මත වලට අනුව, එම ශ්‍රී වාක්‍ය සත දෙසීම හා ඇතැම් දේවස්ථාන වල කරන පාස්කු සංදර්ශන ඇතුළත් "තුන් පැය ධ්‍යානය" වඩාත් සුදුසු වන්නේ මහ සිකුරාදා දේව මෙහෙයෙන් පසුව වෙනම භක්ති අභ්‍යාස හා වන්දනා පිළිවෙතක් ලෙස පැවැත්වීමට බවය. මන්ද මහ සිකුරාදා ජනවන්දනා පිළිවෙතේ ඇතුළත් පාස්කු සිද්ධිය ජේසුස් වහන්සේගේ උත්ථානය මිස මරණය පදනම් කරගෙන පවත්වන්නක් නොවන බැවිනි.

දුක් විඳ මරණයට පත්වී උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේට වන්දනා ගෞරවාචාර කිරීමක් වශයෙන් අප කුරුසිය සිපාචාර කිරීම කරමු. එහෙත් අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, කුරුස ප්‍රතිමාව සිපාචාර කිරීමට සීමා නොවී, කුරුස ගස සිපාචාර කිරීමය. මන්ද උත්පත්ති 2 : 16 - 17/ 3 : 1 - 7 හි දැක්වෙන "හොඳ නරක අවබෝධ කිරීමේ ගස"වෙත අත පා ගෙඩි කඩා කෑමෙන් ඇති වූ පාපය හා මරණය පරාජය කර අපට ගැළවීම හා ජීවනය ළඟා කර දුන්නේ කුරුස ගස මගින් බැවිනි.

මහ සිකුරාදා දින මෙහෙයේ දී දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සාමාන්‍යයෙන් කරන ආගමික ක්‍රියාවකි. එදින දිව්‍ය සත්ප්‍රසාදය බෙදා දීම සභාවේ වත් පිළිවෙත් සංග්‍රහයේ නිළ කාර්යයක් නොවේ. එහෙත් වර්තමානයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරය බෙදා ගැනීම තුළ ඊට සහභාගි වන අප එකම භෝජනයකින් එකම පවුලක් ලෙසින් ඔවුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානයට හවුල් වීම අදහස් කෙරේ.

ජේසු මගේ වීරයා - Jesus Is My Hero Catholic page

Address

73/2/6, City Plaza Complex, Colombo Street
Kandy
20000

Telephone

+94774552060

Website

Alerts

Be the first to know and let us send you an email when E-Ceylon.lk News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E-Ceylon.lk News:

Share


Other News & Media Websites in Kandy

Show All