10/09/2026
ඉඩෝරයක පාඩම
පලුදු වී ගියත් පොළොව
පපුව ඉරි තලන්නට නොදී,
දරාගෙන ඉන්නට මඟකියා දුන්නේ
ඒ නියඟයමයි..
හරිත වර්ණය සොරාගෙන
වියළි සුළඟ රළු වුණත්,
කටුක කර්කශ බව මැද
නොසැලී හිඳිනා හැටි,
කියා දුන්නේ ඒ ඉඩෝරයමයි.
හැලෙන මහා වැස්සකට වඩා
පොදක් නැති අහස යට,
මුල් ඇද දිගු ගමනක් යන්නට
පණ පෙව්වේ ඒ පෑවිල්ලමයි.
දිය බිඳක අගය
මෙන්ම ජීවිතේ ගැඹුරත්,
කියා දුන්නේ අන් කවරකුවත් නොවේ,
සොබාදහම දුන්
ඒ රුදුරු ඉඩෝරයමයි...
සිතා... 📜📝🖌️