Global Lanka News

Global Lanka News දේශීය හා විදේශීය පුවත් නැවුම්ව ඔබට ගෙනෙන Global Lanka News ඔබේම පිටුවයි.
(1)

01/06/2026

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා ඉරාන ගිවිසුමට සංශෝධන  සොයයි.ඇමරිකා ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා යෝජිත ගිවිසුමට...
01/06/2026

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා ඉරාන ගිවිසුමට සංශෝධන සොයයි.

ඇමරිකා ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා යෝජිත ගිවිසුමට සංශෝධන සිදුකරන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇති බව වාර්තා වේ.

දින හැටක සටන් විරාමයක්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම මෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිඹඳව සාකච්ඡා කිරීම යන කරුණු දැනට ඉදිරිපත් කර ඇති ගිවිසුමට ඇතුළත් බව මේ වනවිට ප්‍රකාශයට පත්වී ඇත.

ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බගර් ගලීබාෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කරනතුරු කිසිදු ගණුදෙනුවකට එකඟ නොවන බවයි.

31/05/2026
ඇමරිකාව හා ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුමක්?ඇමරිකාව හා ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ ඇති බව ඇමරිකානු නිළධ...
29/05/2026

ඇමරිකාව හා ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුමක්?

ඇමරිකාව හා ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ ඇති බව ඇමරිකානු නිළධාරීන් සඳහන් කර ඇති බවත් ඒ සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවසාන අනුමතිය අවශ්‍ය බවත් විදෙස් පුවත් සේවාවන් වාර්තා කර ඇත.

සටන් විරාමය තවත් දින 60 කට දීර්ඝ කිරීමට සහ යුද්ධය ස්ථිරවම අවසන් කිරීමට සාකච්ඡා ආරම්භ කිරීමට එකඟවූ බව එම නිළධාරීන් සඳහන් කර ඇති බව පැවසේ.

පලවන ප්‍රවෘත්ති වාර්තා වලට අනුව එම අවබෝධතා ගිවිසුමට පහත සඳහන් කරුණු ඇතුලත්වනු ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ නාවික ගමනාගමනයට ඉඩ සැලසීම හා එහි අතුරා ඇති බිම් බෝම්බ ඉවත් කිරීමට ඉරානයට දින 30 ක කාලයක් කාලයක් හිමිවීම මෙන්ම ඉරාන වරායන් මත දැනට ක්‍රියාත්මක ඇමරිකානු අවහිර කිරීම් ඉවත් කිරීමද සඳහන් බව කියවේ.

රුමේනියාවේ මහල් නිවාසයකට රුසියානු ඩ්‍රෝන යානයක් කඩා වැටේ.රුමේනියාවේ මහල් නිවාසයක් මතට රුසියානු ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන...
29/05/2026

රුමේනියාවේ මහල් නිවාසයකට රුසියානු ඩ්‍රෝන යානයක් කඩා වැටේ.

රුමේනියාවේ මහල් නිවාසයක් මතට රුසියානු ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය අද (29) අලුයම නිවේදනය කලේය.

රුසියාව යුක්‍රේනයේ දේශසීමාව අසල ප්‍රහාර එල්ල කරමින් සිටියදී මෙම ඩ්‍රෝන යානය මහල් නිවාස ගොඩනැගිල්ල මතට කඩාවැටී ඇත. එම අවස්තාවේ ඩ්‍රෝන යානය පුපුරා යාම හේතුවෙන් ගොඩනැගිල්ලේ දහවන මහලේ ගින්නක් ඇතිවී ඇත.

මෙය රුසියානු සමූහාණ්ඩුව පැත්තෙන් සිදුවූ බරපතල හා වගකීම් විරහිත ක්‍රියාවක් බව රුමේනියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇති අතර, මේ පිළිඹඳව රුසියාව තවමත් අදහස් දැක්වීමක් සිදුකර නැත.

ඇමරිකාව හා ඉරානය ගිවිසුමකට ආසන්න වෙමින් සිටී.ඇමරිකාව හා ඉරානය ගිවිසුමකට ආසන්න වෙමින් සිටින නමුත් තවමත් එවැන්නකට එළඹී නැත...
29/05/2026

ඇමරිකාව හා ඉරානය ගිවිසුමකට ආසන්න වෙමින් සිටී.

ඇමරිකාව හා ඉරානය ගිවිසුමකට ආසන්න වෙමින් සිටින නමුත් තවමත් එවැන්නකට එළඹී නැතැයි ඇමරිකාවේ උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් පවසා ඇත. යුද්ධය පිළිඹඳව එකඟතාවයකට පැමිණීමට පෙර ඇමරිකාව හා ඉරානය තවමත් එකඟ නොවන කරුණු කීපයක් විසඳාගත යුතුව ඇතැයි හෙතෙම පවසා ඇත.

යෝජිත ගිවිසුම මගින් සටන් විරාමය දින 60 කට දීර්ඝ කරනු ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ අනාගතය පිළිඹඳව සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හා ඉරාන නායකත්වයේ අනුමතිය ලැබෙන තෙක් දෙරට අතර ගිවිසුමක රාමුවකට එකඟවී ඇති බව ඇමරිකානු නිළධාරීන් පවසා ඇතැයි වාර්තා වේ.

ඉරානයෙන් කුවේටය ට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්.ඇමරිකාව විසින් ඉරානයේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවට ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍ර...
28/05/2026

ඉරානයෙන් කුවේටය ට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්.

ඇමරිකාව විසින් ඉරානයේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවට ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව, ඉරානය විසින් කුවේටයේ ඇමරිකානු ගුවන් කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.

ඉරානය විසින් කුවේටය දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ලකර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිළධාරියා ද තහවුරු කර ඇති අතර එය වලක්වාගෙන ඇති බවද සඳහන් වේ.

මේ අතර ඉරානය කුවේටය වෙත එල්ල කරන ලද ප්‍රහාරය හෙලා දකිමින් මැද පෙරදිග රටවල් කුවේටයට සහය පලකර ඇත.

දින තුනක් ඇතුළත දෙවන වරටත් ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්.ඉරානයේ වරාය නඟරයක් වන බන්ඩාර් අබ්බාස් හී හමුදා කඳවුරක් ඉලක්ක කර ...
28/05/2026

දින තුනක් ඇතුළත දෙවන වරටත් ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්.

ඉරානයේ වරාය නඟරයක් වන බන්ඩාර් අබ්බාස් හී හමුදා කඳවුරක් ඉලක්ක කර එක්සත් ජනපද හමුදාව ඉරානයට නව ප්‍රහාරයක් එල්ලකර ඇත.

මෙය දින තුනක් ඇතුළත ඇමරිකාව විසින් ඉරානය වෙත සිදුකරන ලද දෙවන ප්‍රහාරය වන අතර එය ආත්මාරක්ෂාව සඳහා එල්ල කරන ලද ප්‍රහාරයක් බව ඇමරිකාව පවසා ඇත.

ගෝලීය බලශක්ති මිළ ගණන් ඉහළ යාමට හේතු වෙමින්, මාස තුනක් තිස්සේ දිග්ගැසෙන ඉරාන ඇමරිකා යුද්ධය අවසන් කිරීම සඳහා සිදුකෙරෙන සාකච්ඡා මධ්‍යයේ මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

ඊශ්‍රායලයෙන් ලෙබනනයට දැඩි ප්‍රහාර මාලාවක්.දකුණු හා නැගෙනහිර ලෙබනනයේ ස්ථාන රැසකට ඊශ්‍රායලය විසින් එල්ලකරන ලද ප්‍රහාරයන් න...
27/05/2026

ඊශ්‍රායලයෙන් ලෙබනනයට දැඩි ප්‍රහාර මාලාවක්.

දකුණු හා නැගෙනහිර ලෙබනනයේ ස්ථාන රැසකට ඊශ්‍රායලය විසින් එල්ලකරන ලද ප්‍රහාරයන් නිසා අවම වශයෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බවත්, ඒ අතර ළමයින් ද සිටින බවත් විදෙස් පුවත් සේවාවන් වාර්තා කර ඇත.

හිස්බුල්ලා සංවිධානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග වේගවත් කරන බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍ යාහු ප්‍රතිඥා දීමෙන් පසුව නැගෙනහිර ලෙබනනය පුරා මෙසේ ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.

ඊශ්‍රායලය දිනපතාම දකුණු ලෙබනනයේ ප්‍රදේශය වලට ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරයන් එල්ල කිරීම සිදුකරන අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට හා දකුණු ලෙබනනයේ කොටස් අල්ලාගෙන සිටින ඊශ්‍රායල් හමුදා වෙත රොකට් හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටී.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය හා ඉරානය අතර යුද්ධය අවසන් කිරීම සඳහා සිදුවෙමින් පවතින සාම සාකච්ඡා අඩාල කිරීමට තර්ජනය කරමින් දෙපාර්ශ්වයම සටන් විරාමය නැවත නැවත් උල්ලංඝනය කර ඇත.

ඇමරිකානු ප්‍රහාරය මගින් දැඩි ලෙස සටන් විරාමය උල්ලංඝනය කිරීමක් සිදුවූ බව ඉරානය කියයි.ඇමරිකාව තම රටට ගුවන් ප්‍රහාරයක් එල්ල...
26/05/2026

ඇමරිකානු ප්‍රහාරය මගින් දැඩි ලෙස සටන් විරාමය උල්ලංඝනය කිරීමක් සිදුවූ බව ඉරානය කියයි.

ඇමරිකාව තම රටට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම මගින් සටන් විරාමය දැඩි ලෙස උල්ලංඝනය කර ඇතැයි ඉරානය ප්‍රකාශකර ඇත.

හෝමූස් කලාපයේ සිදුවන ආක්‍රමණශීලී හා අසාධාරණ ක්‍රියා සඳහා ඇමරිකාව වගකිව යුතු බව ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ගැටුම අවසන් කිරීම සඳහා සිදුකරනු ලබන සාකච්ඡා සඳහා මෙම ප්‍රහාරය කෙසේ බලපෑම් කරයිද යන්න තවමත් අවිනිශ්චිතය.

Address

Global Lanka News
Kandy

Alerts

Be the first to know and let us send you an email when Global Lanka News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category