30/04/2025
#ජේතවනාරාමය 💛🖤💚
ශ්‍රි ලංකාවේ විශාලතම ස්තුපය ජේතවනාරාමය වන අතර එය තැනිමේ ගෞරවය හිමිවන රජු වශයෙන් මහසෙන් රජු හැදින්විය හැකිය. අනුරාධපුර ජෝති වනයෙහි මහාවිහාර සිමාව තුළ කරවු ජේතවනාරාමය රජුගේ ප්‍රසාදය දිනාගෙන සිටි දක්ඛිණ විහාර වාසි තිස්ස නැමැති හිමි නමකට පුදනලද බව සදහන් වෙයි. එතැන් පටන් ජේතවනාරාමය 12 සියවස දක්වා සාගලික නිකායේ මුලස්ථානය විය. මෙම ස්තුපය බටහිර පැත්තෙන් හාල්පන් ඇලත් නැගෙනහිරින් මල්වතු ඔයත් උතුරින් ඇතුල් නුවරත් දකුණින් අනුරාධපුර දුම්රිය පලත් මායිම්ව පිහිටා ඇත. ජේතවනය පිහිටි බිම මුලින් නන්දන වනයට අයත් කොටසකි. මිහිදු හිමියෝ දිගටම දින හතක් මෙහි සිට ධර්ම දේශනා කර මිනිසුන් හත් දහසකට ධර්මාභිසමය හෙවත් ධර්මාවබෝධය ලබා දුන්හ. ඒ නිමිති කර ගෙන නන්දන වනය ජෝති වනය ලෙස හදුන්වන ලදි. දැනට ජේතවන ස්ථුපය පිහිටි ස්ථානයේ මිහිදු හිමි ප්‍රධාන ධර්ම දුතයන්ගේ මෘත දේහයන් ආදාහනය කරන ලද බැවින් ඉසිභුමංගන යනුවෙන් එය ප්‍රසිද්ද විය. දැනට ලැබි ඇති පුරාවිද්‍යාත්මක සාධක වලින් ද මෙහි ආදාහන කටයුතු කර තිබෙන බව පෙනේ. ජේතවන ස්තුපය අවට නටබුන් ජේතවනාරාමයට අයත්ය. සංගාරාමයකට අවශ්‍ය සෑම වර්ගයකම පාහේ ගොඩනැගිලි ඒ අතර වෙයි. ඒ සියල්ල මහාසේන රජු විසින් කරවන ලද්දේයයි කිව නොහැකිය. බොහෝමයක් ගොඩනැගිලි මහාසේනගේ පුත් කිත්සිරිමෙවන් හා ඔහුට පසුව සිටි රජුන් විසින් කරවන ලදි.
ජේතවන ස්තුපය
බුදුන් වහන්සේගේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇති බව සද්ධර්මරත්නාකරය සදහන් කරයි. ඒ කාලයේදී ජේතවනාරාමය දාගැබේ උස අඩි 400 කි. එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලයි. පුරාණ ලෝකයේ ‘ගීසා’ හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ද්‍රගැබ අක්කර 8 ක ප්‍රදේශයක විහිදි ඇත. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි කිරිම නිසා කිසිදු ගිලා බැසිමක් හෝ ඉරිතැලිමක් දක්නට නැ. මේ දාගැබ පමණක් නොව අනුරාධපුරයේ ඇති අනෙකුත් විශාල දාගැබ් ද සාදා ඇත්තේ එසේය. මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් ක්‍රිස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.
ක්‍රි.ව. 7 වෙනි සියවස පමණ වනතුරු මෙම ස්තුපයේ උපරි භාගයේ හතරැස් කොටුව (වැට) හා ඒ මැද ගර්භය මුදුනේ ඡත්‍රය විය. පසු කාලයේදි ඒ හතරැස් කොටුව ඝනයක් බවට පත්කර එහි දේවතා කොටුව, කොත් කැරැල්ල හා කොත තනන ලදි. මෙහිදි අභයගිරි ස්තුපයේ මෙන් යුපයක් වු බවට සාධක නැති බැවින් මේ ස්ථුපය මහාවිහාර ස්තුප සැලැස්මට අනුව නිර්මාණය කර තිබේ. ස්තුපය සතර පැත්තේ වාහල්කඩ සතරක නටබුන් වෙයි. ඒවායේ කැටයම් හා චිත්‍ර වු බවට සාධක ඇත. පොලොවට වඩා උස මඑවක ස්තුපය තනා එහි ගල් අතුරා ඇත. මඑව වටා ඇත් පවුරක් තිබු බවට කැණිම්වලින් පාදා ගෙන ඇත. මෙයට පහතින් වැලිමඑවද එය වටා ප්‍රාකාරයක්ද, ප්‍රාකාරය සතර පැත්තේ ගෝපුර හතරක්ද ඇත. සලපතල මඑවට පිවිසෙන දොරටුද එම ගෝපුරවලට සමාන්තරව තනා ඇත.
පටිමාඝරය
ජේතවනාරාමයේ ප්‍රධාන පටිමාඝරය ස්තුපය මුහුණලා එයට බටහිරින් පිහිටා තිබේ. අති විශාල හිටි බුදුපිළිමයක ආසනයේ කොටසක් හා එයට යටින් වු ගර්භ පත්‍රයය දැනට දක්නට ඇත. ගර්භ ඝර්භපාත්‍රයේ ගර්භ 25 ක් පමණ ඇති අතර එහි විශාලත්වය අනුව පිළිමය ඉතා විශාල බව තිරණය කළ හැකිය. මේතරම් විශාල ගර්භ පාත්‍රයක් වෙනත් තැනකින් හමුවි නැත. පිළිමගෙයි දොරටුවේ ගල් උඑවහු අඩි 27 ක් උසය. පිළිම ගෙය වටා පරිවාර ගොඩනැගිලි කිහිපයක නටබුන්ද වෙයි.
බෝධිඝරය
අටවෙනි සියවසට කලින් කරවන ලද ස්තුපයට දකුණු පස පරණ නගරසභා කාර්යාල ගොඩනැගිල්ලට ආසන්නව ඇති දිග හතරැස් ගල් ගරාදි වැට සහිත ගොඩනැගිල්ල ජේතවනාරාමයේ බෝධිඝරය ලෙස හදුන්වයි. දෙවැනි දත්පුල රජු විසින් අටවෙනි සියවසේදි මෙහි රන් පිළිමයක් තැන්පත් කරවු බව වාර්තා වේ. මෙහි දොරටුවේ කල්ප වාක්ෂ සහිත කුඑණු වෙයි. බෞද්ධ ගරාදි වැට නමින් ප්‍රසිද්ධ ගරාදි වැට ක්‍රමය මෙහිද අනුගමනය කර ඇත. බෝධිඝරය තිබුනේ එම ගරාදි වැට ඇතුළේය. බෝධිඝරයට යාබදව උතුරින් හිටි පිළිමයක ආසනයක් වෙයි. එහි තිබෙන ලක්ෂණ අනුව එම පිළිමය අභිෂේකය සදහා යොදා ගන්නා ලද්දක් බව පෙනේ. ඒ අනුව ජේතනවාරාමයෙහි ද බුද්ධාභිෂේකය පැවැති බව ඔප්පු වෙයි.
උපොසථාගාරය
බෝදිඝරයට තරමක් දුරින් නැගෙනහිර පැත්තේ ස්තුපයට දකුණින් ඇති ගල් කණු විශාල ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ල ජේතවනාරාමයේ උපෝසථනාගාරය වන අතර එහි සැලැස්ම අභයගිරි විහාරයේ රත්නප්‍රාසාදයේ සැලැස්මට සමානය. එහෙත් ගොඩනැගිල්ලේ ප්‍රමාණය අතින් දෙවැන්න පළමු වැන්නට වඩා බෙහෙවින් කුඩාය. මෙය සිව් වෙනි මිහිදු රජු කරවු දියසෙන් නම් උපෝසථාගාරය විය යුතුය.
දාන ශාලාව
ජේතවනාරාමයේ දාන ශාලාව ස්තුපයට නැගෙනහිර පැත්තේ පාරට ආසන්නව පිහිටා තිබේ. ප්‍රමාණයෙන් එය අභයගිරි විහාරයේ දාන ශාලාවට වඩා කුඩාය. මෙහි සැලැස්මද සෑහෙන තරම් දුරට වෙනස්ය.
පංචාවාස
ජේතවනාරාමයේ භික්ෂුන්ගේ ආවාස තනා ඇත්තේ පංචාවාස සහිතවය. ස්තුපය අවට ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ එවැනි පංචාවාස සහිත සංඝාරාමයි. මේවායේ හා පුජනිය ගොඩනැගිලිවල දොරටු අලංකාර ලෙස තනා තිබේ. විවිධ සදකඩ පහන්, කොරවක් ගල්, මුරගල් හා පියගැට ඒවායේ දක්නට ලැබේ.