PiniNest

PiniNest Three souls living as one 🤍
සිත් තුනක් එක හදවතක් 💚💚💚
Family • Life • Travel • Knowledge sharing
Real moments, real lessons, one journey 🇱🇰
(24)

17/09/2026

Facebook එකේ password එක අමතකද? විනාඩියෙන් හොයමුද?

15/09/2026

🙏💚💚

අලුත් වැඩක් අපි අද නුවර💚
15/09/2026

අලුත් වැඩක් අපි අද නුවර💚

09/09/2026
09/09/2026

ගලගෙදර පල්ලමේ.. දෙදොල් කඩේ ගාවා.. ලොරියක් පෙරලිලා .. තමා ඒ මිනිස්සු දෙන්නෙක් යටවෙලා.. කරදරයක් නම් වෙන්න එපා🙏අවට අය පුළුවන් නම් ඇවිත් ඉක්මනින් උදව් කරමු.. boom truck වගේ තියනවා ගන්න ලේසි.. මිනිසුන්ට උස්සන්න බැහැ..

08/09/2026
රුපියල් 100ක් වෙනුවෙන් ලක්ෂ 20ක ගෙයක්…! ❤️🙏මේ කතාව කියවලා ඉවර වෙනකොට, “අපි කරන පුංචි හොඳ වැඩක්වත් කවදාවත් පුංචි නෑ” කියල...
08/09/2026

රුපියල් 100ක් වෙනුවෙන් ලක්ෂ 20ක ගෙයක්…! ❤️🙏

මේ කතාව කියවලා ඉවර වෙනකොට, “අපි කරන පුංචි හොඳ වැඩක්වත් කවදාවත් පුංචි නෑ” කියලා ඔබටත් හිතෙයි.

හන්තාන සඳගිරි සෑය හිමියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ලංකාව පුරා පාගමනක නිරත වෙමින් සිටියා.

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයට යද්දී, දහඩියෙන් තෙමී, මහන්සියෙන් හෙම්බත් වෙලා ගමන් කළ උන්වහන්සේට පුංචි කඩයක් හමුවුණා.

කඩේ හිටියේ ආච්චි අම්මා කෙනෙක්.

ඇය උන්වහන්සේට පුංචි කෑමක් දුන්නා. ගිලන්පසක් දුන්නා. ටික වේලාවක් විවේක ගන්නත් ඉඩ දුන්නා.

උන්වහන්සේ පිටත්වෙන්න හදද්දී…

ඒ ආච්චි අම්මා තමන්ට තිබුණු රුපියල් 100ක මුදලක් උන්වහන්සේට පරිත්‍යාග කළා.

ඇය ඒ රුපියල් 100 දුන්නේ දවසක තමන්ට ලක්ෂ ගණනක උපකාරයක් ලැබෙයි කියලා හිතලා නෙවෙයි.

පිනක් කරන්න ඕනේ කියලා හිතලා නෙවෙයි.

තමන්ට හැකි පුංචි දෙයකින් තවත් කෙනෙකුට උදව් කරන්න ඕනේ කියන මනුෂ්‍යත්වයෙන්. ❤️

කාලය ගෙවුණා…

ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අද සමාජයට විශාල සේවයක් කරන ස්වාමීන් වහන්සේ නමක්.

හන්තාන සඳගිරි සෑය ව්‍යාපෘතිය, විහාරස්ථාන, නිවාස අහිමි මිනිසුන් වෙනුවෙන් නිවාස, පාසල් දරුවන් වෙනුවෙන් උපකාර… බොහෝ සමාජ හා ශාසනික මෙහෙවරවල් උන්වහන්සේ අතින් සිදුවෙමින් තිබුණා.

එක දවසක උන්වහන්සේට අතීතයේ තමන්ට රුපියල් 100කින් උපකාර කළ ඒ ආච්චි අම්මා මතක් වුණා.

උන්වහන්සේ ඇය සොයා නැවත ලුණුගම්වෙහෙරට ගියා.

කඩය වසා දමා තිබුණා.

අසනීප තත්ත්වය නිසා ඇය ගෙදරට වී සිටින බව දැනගත් උන්වහන්සේ ඇයගේ නිවසට ගියා.

එහිදී දැකපු දේ…

තවමත් ඒ අම්මා ජීවත් වෙන්නේ හරියට සම්පූර්ණ කරගන්න බැරි වූ නිවසක.

උන්වහන්සේ කිව්වා…

“අම්මේ… අපි මේ ගේ හදමු. මම උදව් කරන්නම්.” ❤️

ඊට පස්සේ සිදුවුණේ ඒ අම්මා හිතන්නවත් නැති දෙයක්.

සතියක් දෙකක් ඇතුළත…

රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වැය කරලා, ඒ අම්මාගේ නිවස සම්පූර්ණයෙන්ම ඉදිකරලා දුන්නා. 🏠❤️

අවුරුදු ගණනාවකට කලින්…

ඇය දුන්නේ රුපියල් 100යි.

ඇය බලාපොරොත්තු වුණේ කිසිම දෙයක් නෙවෙයි.

ඒත් ඇය කළ පුංචි යහපත, අවුරුදු ගණනාවකට පස්සේ ඇයගේ හිසට ලක්ෂ 20ක වටිනාකමක් ඇති වහලයක් වෙලා ආවා.

මේ කතාවේ වටිනාම දේ ලක්ෂ 20 නෙවෙයි.

රුපියල් 100ක පින අමතක නොකළ හදවතයි. ❤️

අපිත් කෙනෙකුට පුංචි උදව්වක් කරන වෙලාවක,

“මට මොනවා ලැබෙයිද?”

කියලා නොහිතමු.

මොකද…

අපි කරන හොඳ දේවල් සමහරවිට අපට අමතක වෙයි.
ඒත් ඒ හොඳකම ලෝකයට කවදාවත් අමතක වෙන්නේ නැහැ. 🙏❤️

රුපියල් 100ක් වුණත්…
හදවතින් දුන්නොත් ඒක කවදාවත් පුංචි දෙයක් නෙවෙයි.
Gangasiripura Dhammaloka Thero

🙏❤️🏠

#මනුෂ්‍යත්වය #කෘතගුණය #පින #හොඳකම

මෙවර ශිෂ්‍යත්වට සමත් අසමත් සියලු දරුවන් වෙනුන්.. හැමෝම share කරන්න..💚
05/09/2026

මෙවර ශිෂ්‍යත්වට සමත් අසමත් සියලු දරුවන් වෙනුන්..
හැමෝම share කරන්න..💚

ශිෂ්‍යත්වය ඉවරයි... ඊළඟ ලොකුම අභියෝගය 6 වසරේ ගණිතයද?

ශිෂ්‍යත්වය සමත් වුණත්, අසමත් වුණත් හැම දරුවෙක්ටම 6 වසරට එද්දි මුහුණ දෙන්න වෙන ලොකුම ගැටලුවක් තමයි ගණිතයට තියෙන බිය සහ අකමැත්ත.

දරුවා 6 වසරට යන්න කලින් ගණිතයට තියෙන බය නැති කරලා, මූලික සංකල්ප මුල සිටම සරලව හා විනෝදාත්මකව කියාදෙන මාස 3ක විශේෂ ගණිත කඳවුර!

සිංහල සහ English මාධ්‍ය දෙකෙන්ම

මාධව අරමණ්දෙනිය (වසර 16ක ඉගැන්වීම් පළපුරුද්ද සමඟ)

අය කිරීම: මාස 3ටම රු. 2500/- පමණි.

දරුවාගේ ගණිත දැනුමට නිවැරදිම අඩිතාලම දමන්න අදම ලියාපදිංචි වන්න.

විමසීම් සහ ලියාපදිංචිය සඳහා WhatsApp පණිවිඩයක් එවන්න:

070 695 0050

(නම සහ මාධ්‍යය සඳහන් කර WhatsApp කරන්න)

ආදරණීය හමුවක්..💚💚💚හරිම ආදරණිඉ දෙදෙනක්..💛ජය වේවා අක්කේ අයියේ ..Nili Fashion 👍👍
05/09/2026

ආදරණීය හමුවක්..💚💚💚
හරිම ආදරණිඉ දෙදෙනක්..💛
ජය වේවා අක්කේ අයියේ ..Nili Fashion 👍👍

04/09/2026

CPL ඉතිහාසයේ වේගවත්ම ශතකය දසුන්ගෙන්..

කාටද බලන්න වැඩිපුරම සතුටු 💚

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when PiniNest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share