Open Heart

Open Heart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Open Heart, Digital creator, Kandy.

දෙමාපියනි, ඔබේ අවදානය පිණිසයි..
09/07/2025

දෙමාපියනි, ඔබේ අවදානය පිණිසයි..

ශේයාර් කරන එකත් පිනක්...
05/07/2025

ශේයාර් කරන එකත් පිනක්...

හදවතින්ම අහලා  බලන්න...
04/07/2025

හදවතින්ම අහලා බලන්න...

03/07/2025
"මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"• වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම - 4,000.00• ලියාපදිංචියකින් තො...
03/07/2025

"මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"
• වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම - 4,000.00
• ලියාපදිංචියකින් තොරව රිය පැදවීම - 10,000.00
• බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම - 10,000.00
• රක්ෂණයක් නොමැතිව රිය පැදවීම - 20,000.00
• වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම - 10,000.00
• රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත්
• උපාංගය භාවිතා කිරීම - 10,000.00
• රිය පැදවීමේදී ගංජා දුම්පානය - 10,000.00
• බලපත්‍රයේ නියමයන් නොසලකා මෝටර් රථය භාවිත කිරීම -
• 30,000.00 + දින 15 ක් සිරගත කිරීම
• තහඩු නොමැතිව රියදුරු බලපත්රයක් හෝ බලපත්‍රයකින් තොරව රිය පැදවීම - 5000.00
• බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම - 2000.00
• බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව රිය පැදවීමට අවසර දීම - 15,000.00
• නතර කළ විට බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රය නොතිබීම - 10,000.00
• අනතුරක් සිදු නොවූ නොසැලකිලිමත් රිය ධාවනය - 11,000.00
• නොසැලකිලිමත් රිය ධාවනය මගින් රථය ගැටීම- 25,000.00
• ආසන පටියකින් තොරව රිය පැදවීම - 2000.00
• ආසන පටි පැළඳ නොගෙන මගීන් සමඟ ගමන් කිරීම - 2000.00
• නිශ්ශබ්ද කලාපවල නලා ශබ්ද කිරීම - 5000.00
• බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම - 12,000.00
• රථවාහන සලකුණු වලට කීකරු වීම අසමත් වීම - 10,000.00
• රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම - 5,000.00
• වමෙන් ඉස්සර කිරීම - 5,000.00
• වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම - 5,000.00
• මාර්ගයේ බාධා වන අාකිරයෙන් රථ ධාවනය- 4,000.00
• මාර්ගය ඉදිරිය නොපෙනෙන තැනක ඉස්සර කිරීම - 9,000.00
• හැරීවීම සඳහා වාහන දෙකක දිගට වඩා පසුපසට ධාවනය කිරීම - 3,000.00
• 16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා - 12,000.00
• කිලෝමීටර් 33-49 - 20,000.00
• කිලෝ මීටර් 50 ක හෝ ඊට වැඩි - 30,000.00
• රථවාහන සංඥානයට අනුකූල වීම අසමත් වීම - 10,000.00
• ගමනාගමන පාලක සලකුණ සමග අනුකූල නොවීම - 12,000.00
• වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම - 5,000.00
• රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම - 10,000.00
• රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම - 10,000.00
share page and like galle rent motorbike
marga nithi ullanganaya -Rs.1000
Amended Road Traffic Act:
• Driving without valid fitness - 4,000.00
• Driving without registration - 10,000.00
• Driving without vehicle being licensed - 10,000.00
• Driving without vehicle being insured - 20,000.00
• Driving with incorrect registration plates - 10,000.00
• Use of electronic device within driver's line of • • • sight while driving - 10,000.00
• Smoking g***a while driving - 10,000.00
• Using motor vehicle in contravention of the terms of license - 30,000.00 + 15 days imprisonment
• Driving without plates or license decal affixed - 5,000.00
• Driving without a permit or driver's license - 2,000.00
• Permitting someone to drive without a license or permit - 15,000.00
• Failure to produce permit or driver's license when stopped - 10,000.00
• Careless driving where no collision occurs - 11,000.00
• Careless driving where collision occurs - 25,000.00
• Driving without seat belt - 2,000.00
• Driving with passenger not wearing seat belt - 2,000.00
• Sounding horn in silent zones - 5,000.00
• Accompanying a person driving under the influence - 12,000.00
• Failure to obey traffic signs - 10,000.00
• Failure to keep left when being overtaken - 5,000.00
• Failure to keep right when overtaking - 5,000.00
• Failure to allow passage to other overtaking vehicles - 5,000.00
• Driving across road to obstruct traffic - 4,000.00
• Overtaking without clear view of road ahead - 9,0
උපුටා ගැනීමකි.

මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මීවරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.සම්මාන උත්ස...
27/05/2025

මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී
වරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.
සම්මාන උත්සව,විශේෂ අවස්ථා වලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය
ඉතිං ......මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද
දරාගත නොහැකි හදවතින්ම දෝරා ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.
ඒත්....වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනූ කීවේ නැත
ආදරණිය මාලීනී අක්කේ ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවා ගත නොහැක
ඔබව ලස්සනට සරසවන්නට
ආයෙත් "ධනූ "කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද
ආදරණීය මාලීනී අක්කා ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා
සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා 🙏🙏🙏

ආදරණීය මා
ධනූ

22/05/2025

🔴බුදු බණ පදයෙන් ලොව ඇමතූ අපේ රූ රැජින අනුදි 👸


රම්බොඩ ඛේදවාචකයෙන් දිවි බේරාගත් මගියෙකුගේ සත්‍ය කථාවක්....      කතරගම කුරුණෑගල බස් රථයේ රම්බොඩ ඛේදවාචකයට මුහුණදුනිමි! 💔...
14/05/2025

රම්බොඩ ඛේදවාචකයෙන් දිවි බේරාගත් මගියෙකුගේ සත්‍ය කථාවක්....
කතරගම කුරුණෑගල බස් රථයේ රම්බොඩ ඛේදවාචකයට මුහුණදුනිමි! 💔
දැන් අවුරුදු එකහමාරක් තිස්සේ වයඹ කැම්පස් එකේ මාකඳුර පරිශ්‍රයේ තියෙන කෘෂිකර්ම පීඨයට යන මම පාන්දර 12-1 ඉඳන් ඇහැරන් ඉන්න නිසාම හිටගෙනත් නිදාගෙන යන එක පුරුද්දක් වෙලා තිබුණෙ. සාමාන්‍යයෙන් සති 3කට එක් ඉරිදා දිනක් විභාග සඳහා පෙනීසිටීමට මම කැම්පස් එකට අනිවාර්‍යෙන් යා යුතු වුනා. උදේ 9 වෙද්දි කැම්පස් එකේ ඉන්නනම් මට තිබුණ එකම විකල්පය මේ බස් එක විතරයි. මීට පෙර කිහිපවතාවක් විභාගයට පෙරදින නුවරට ගොස් නතර වී කැම්පස් ගියත් මගේ රැකියාවත් සමග කාලය කළමනාකරණය කරගැනීම මට අතිශය වැදගත් උනා. ඒ නිසාම පැය 24ක් තුළ කැම්පස් ගිහින් එක්සෑම් ලියල ඇවිත් ආපහු රැකියාව කරන්න ඕනි නිසා මට කතරගම බස් එකේ යන එක සහ ආපසු එන එක තමා තිබුණ පහසුම දේ.
ඊයේ Plant nutrients and fertilizer management සබ්ජෙක්ට් එකේ එක්සෑම් එක තිබුණ දවස. පාන්දර 1 ට ඇහැරිලා වැලිමඩ ස්ටෑන්ඩ් එකට 2 වෙද්දි ඇවිත් හිටියත් බස් එක වෙනදට වඩා ප්‍රමාදයකින් තමා ආවෙ. අපේ කැම්පස් එකටම යන බදුල්ලෙ අක්ක කෙනෙකුත් බණ්ඩාරවෙලින් බස් එකට නගින නිසා එයා මැසේජ් එකක් දාල තිබුන බස් එකේ අද වාඩිවෙන්න ඉඩක් නෑ කියල. ඉතින් කොහොමත් සමහර දවස්වලට වැලිමඩ ඉඳන් කුරුණෑගලටම හිටගෙන යන අපිට ඕක අමුත්තක් උනේ නෑ.. විශේෂයෙන් දීර්ඝ සති අන්ත නිවාඩුවක් වැටෙන සතිවල කතරගම කුරුණෑගල බස් එකේ කටකපල සෙනග කොහොමටත් ඉන්නවා.
වෙනදා හැමදාම බස් එකේ ඩ්‍රයිවින් සීට් එක ගාව වම් පැත්තෙ අයිනෙ ගුලිවෙලා හිටගෙන නිදාගෙන යන මම ඊයෙත් ඉස්සරහ ෆුට්බෝඩ් එක ගාවට ගියත් ක්ෂණිකව ආව සිතුවිල්ලක් එක්ක පිටිපස්සෙ දොරෙන් බස් රථයට ගොඩ උනේ ඇයි කියන්න තාම දන්නෙ නෑ. පිටිපස්සෙ සීට් එකේ ඉඳන් දකුණු පැත්තෙ තුන හෝ හතර සීට් එක ගාව නතර උන මගේ බෑග් එක ඒ සීට් එකේ හිටිය ඇන්ටි කෙනෙක්ට දුන්නත් එයා බෑග් එක තියාගන්න බැහැ කිව්ව නිසා ඒක අතේ තියාගන්නව හැරෙන්න මට විකල්පයක් තිබුණෙ නැහැ. උඩ රැක් සම්පූර්ණයෙන් පිරිල ඉවරයි ඒ වෙනකොටත්. අනිත් එක ඒ වෙලාවෙ මගේ HP කළු බැක්පැක් එකේ තිබුණ මගේ සැම්සුන්ග් ටැබ් එකයි, කැම්පස් එකට එදා විභාගයට කලින් සබ්මිට් කරන්න තිබුණ එසයිමන්ට් එකයි නිසා බෑග් එක දුර සීට් එකක කෙනෙක් අතට දෙන්න බය හිතුනා. ඒත් බස් එක 2.45ට අද්දන්න ළංවෙලා ඈ ඇන්ටි මම පව් කියල බෑග් එක ගමු කියල එයාගෙ ළඟ හිටිය අනිත් ඇන්ටි එක්ක කියල බෑග් එක ඉල්ලල උකුල උඩින් තියාගත්‍තා. නුවරඑළිය කිට්ටුවට යද්දි වෙන්න ඕනි මගේ මතකෙ හරිනම් ඒ තුනේ සීට් එකේ මෙහා පැත්තෙ කෙලවරේ ඉඳන් හිටිය අංකල් බස් එකෙන් බැස්සත්, මට එහාපැත්තෙ හිටගෙන හිටිය මල්ලි කෙනෙක් මට කලින් එයාගෙ බෑග් එක සීට් එකට අතෑරිය. ඒත් අර ඇන්ටිල දෙන්න මට එතනින් වාඩිවෙන්න කීවෙ බෑග් එක මට දීල එයාලට නිදහස් වෙන්න ඕනි උන නිසා කියල මං දන්නව. ඒ මල්ලිත් ඒ වෙලේ මං වාඩිවෙනවද ඇහුවත් මං එයාට ඉඩදුන්න. ඊටපස්සෙ එයා නුවරින් බහින බවත් ඊටපසු මට වාඩිවිය හැකි බවත් කියල වාඩිඋනා.
නුවරඑළිය ටවුම පාස්උනාට පස්සෙ මට නින්ද ගිහින් තිබුණත් අඩනින්දෙන් වගේ බස් එක නුවරඑළිය පහුකරල යන කඳු වල වංගු ගද්දි කියාගන්න බැරි අමුත්තක් දැනුනා.
කොහොම උනත් බස් එකේ ගමන පොඩ්ඩක් වෙනස් වී ප්‍රපාතයකට ඇදෙමින් පවතින බව ඇඟට දැනෙද්දිම තමා මට ඇහැරුණේ.. එතකොට නිදාගෙන හිටිය ගොඩක් අය ඇහැරලා විලාපදෙන්න පටන් අරන් තිබුණේ. මුලින්ම ඉතා සෙමින් පැද්දෙමින් ප්‍රපාතයට ඇදුනු බස් රථය ඉතාම කුඩා වේලාවක් තුළ පහළට පෙරලෙන්න පටන්ගත්තා.
ඒ ඇදවැටෙන මොහොතේ මිනිසුන්ගේ විලාපය මට තාමත් ඇහෙනවා වගේ. ජීවිතය අත් හරිනවා හැර කිසිම විකල්පයක් තිබුණෙ නැහැ.ජීවිතයේ කිසිම කලෙක මුහුණ නොදුන් අතිශය හිස් බවක් විතරයි හිතේ තිබුණේ..කොයි මොහොතේ හෝ බස් එකේ කොටසකින් මගේ ඇඟ පොඩිපට්ටම් වෙන බව විතරක් හිතට දැනුනා. අන්තිමේ බස් රථයත් සමගම පෙරලුනු මම සහ තව ඉතාම සුළුපිරිසක් පමණක් බසය උඩුයටිකුරු වුවත් දෙපයින් සිටගෙන සිහියෙන් බසය තුළ ඉතිරි වුනා.
පාළු මූසල රෑක නොදන්න පළාතක කට්ට කරුවලේඅඩිගාණක ප්‍රපාතෙක කුඩු පට්ටම් උන බස් එකක් අස්සෙ ඉතාම කුඩා ඉඩක හිරවුන අපේ ඉරණම විසඳෙමින් තිබුණා. කකුල් දෙකවත් කැඩී ඇතැයි හිතන් හොල්ලා බලද්දි ඒවා සීට් එකකවත් සිරනොවී යහතින් තිබුනා, ඒ වෙනකොටත් එතන මං ගාවම හිටි අක්ක කෙනෙක් සහ කිහිපදෙනෙක් බසය දිගේ බඩගාමින් ඉහළට ගමන් කර කැඩුනු ජනේලයකින් පිටත කැලයට බඩගෑවා.
ජීවිතයේ කිසිම මනුස්සයෙක්ට අත්විඳීමට නොවේවායි ප්‍රාර්ථනා කරන අතිශය ඛේදනීය දර්ශන මිනිසුන්ගේ මරණීය අඳෝනාවල් අතරෙ ඉතිරි උන අපි කිහිපදෙනා පණපිටින් මැරුණා.
ෆුට් බෝඩ් එකේ යකඩයක් තමන්ගෙ කකුලට කිඳාබැහැපු කොල්ලෙක් තාමත් පියවි සිහියෙන් ලතෝනි දෙද්දි බස් එක වැටෙද්දිම මැරිල විසි උන කොල්ලෙක්ගෙ බොඩි එක එතනම එළියෙ තිබුනා. බසය වැටෙන සද්දෙට ගමේ මිනිස්සු තේ වත්ත මැද්දෙන් දුවගෙන ආවත් ඒ ස්ථානයට ළඟාවීම අතිශය දුෂ්කර කටයුත්තක් උනා. ඒ නිසාම සෑහෙන කාලයක් ගතවුනා. රම්බොඩ ගමේ මිනිස්සු අපේ ජීවිත බේරගන්න ඒ දුන්න සහයෝගය ගැන කියන්න වචන නැහැ. තමන්ගෙ පවුලෙ කෙනෙක්ට දක්වන ආදරය කරුණාව ඒ ගමේ අම්මල,තාත්තලා, අයියල අක්කල නංගිල මල්ලිල ගාව තිබුණා. අපි වෙනුවෙන් අඬපු, දහඩිය හලපු ඒ මිනිස්සුන්ට බොහොම පින් සිදුවේවා. ඒ වගේම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ. හැමකෙනෙක්ටම බොහොම පින් සිදුවේවා!
ඒ දැනුන අසරණකම බිහිසුණු සිද්ධිය මේ ලෝකෙ කිසිම කෙනෙකුට අත්විඳින්න, අත්දකින්න නොලැබේවායි ප්‍රාර්ථනා කරමි.
තවද ඒ තරම් අනතුරකින් සාපේක්ෂව තුවාල ලබා බේරුන මා තරයේ විශ්වාස කරන දෙයක්නම් අපි ලෝකෙට යහපත විතරක්ම කරමු..
මම ඊයෙ නොමැරී ඉතිරි වූයේ ලෝකයට සමාජයට මගෙන් තවදුරටත් සිදුවිය යුතු කාර්‍ය තවමත් අවසන් නොවූ නිසා බව මා සිතමි.
ඒ නිසා මම නැවතත් කියමි.
ලෝකයට යහපත විතරක්ම කරන්න. අපේ ජීවිත හරිම අස්ථිරයි. අවසානයේ කිසිවක් ඉතිරිවන්නේ නැහැ.
ප.ලි : කළුපාට HP බැක්පැක් එකක් මගේ බෑග් එක. ඒකෙ මගේ කැම්පස් එකේ වැදගත්ම දේවල් අඩංගු සැම්සුන්ග් ටැබ්ලට් Samsung Tablet එක, EPM19173 සහිත Assignment එකක් තිබුණා. මට වෙන මොකුත් එපා ටැබ් එක ගැන ආරංචියක් තිබුණොත් කියන්න බොහොම පින්.
(අච්චර මිනිස්සු ගොඩක් ජීවිතෙන් වන්දිගෙව්ව අස්සෙ ටැබ් හොයන එක වැරදිවෙන්න පුළුවන්. නමුත් මට ටැබ් එකට වඩා එහි අන්තර්ගත දත්ත අතිශය වටිනා නිසයි හොයන්නෙ.)

කොහොම ද ඒ ආත්තම්මා ගේ වැඩ 🤑🤑🤑Harini Amarasuriya Hiru News Open Heart
04/05/2025

කොහොම ද ඒ ආත්තම්මා ගේ වැඩ 🤑🤑🤑
Harini Amarasuriya Hiru News Open Heart

වාර්තාවක් පිහිටවමින් ජෝන් සීනා 17 වන වරටත් ලෝක ශුරයා වෙයි.THE 1️⃣7️⃣ TIME CHAMP IS HERE!
21/04/2025

වාර්තාවක් පිහිටවමින් ජෝන් සීනා 17 වන වරටත් ලෝක ශුරයා වෙයි.

THE 1️⃣7️⃣ TIME CHAMP IS HERE!


පපුව හොදින් තියන එකෙක් වෙන්න..වඩා හොඳින් හුස්ම ගන්න..ළුණුකැස්ස, පපුවේ තදබදය හෝ ඔබේ පෙනහළුවල බරක් දැනීම සමඟ පොරබදමින් සිට...
21/04/2025

පපුව හොදින් තියන එකෙක් වෙන්න..

වඩා හොඳින් හුස්ම ගන්න..ළුණු

කැස්ස, පපුවේ තදබදය හෝ ඔබේ පෙනහළුවල බරක් දැනීම සමඟ පොරබදමින් සිටිනවාද..?

දින කිහිපයකින් ඔබට වඩා හොඳ සහනයක්.

ළූණු ආහාර පිසීම සඳහා පමණක් නොවේ - ඒවා බලවත් ස්වාභාවික පිළියමක් ද වේ.

ඒවායේ ස්වාභාවික ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-ගිනි අවුලුවන ගුණාංගවලට ස්තූතිවන්ත වන්නට, ළූණු ඔබේ පෙනහළු පිරිසිදු කිරීමට, කැස්ස අඩු කිරීමට සහ ශ්ලේෂ්මල ගොඩනැගීම ඉවත් කිරීමට උපකාරී වේ.

නිවසේදී සාදන ලද සරල ළූණු පානයකින් ඔබට හුස්ම ගැනීමට පහසු කරනවා.

එය සාදා ගන්නේ කෙසේද යන්න මෙන්න:

• විශාල කැඩුණු ළූණු 1 ක්

• වතුර කෝප්ප 2 ක්

• මී පැණි ටිකක් (විකල්ප)

• ලෙමන් භාගයක යුෂ

• කහ තේ හැන්දක ½

ළූණු විනාඩි 10-15 ක් වතුරේ තම්බා ගන්න. එය පෙරා, අනෙකුත් අමුද්‍රව්‍ය එකතු කර, උණුසුම් කෝප්ප භාගයක් දිනකට 2 වතාවක් දින තුනක් පානය කරන්න.

මෙම පිළියම සමඟ, මෙම දෛනික සෞඛ්‍ය සම්පන්න පුරුදු උත්සාහ කරන්න:

✔ වැඩිපුර ජලය පානය කරන්න - ස්වභාවිකව විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න.

✔ ගැඹුරු හුස්ම ගැනීම පුරුදු කරන්න - එය ඔබේ පෙනහළු ශක්තිමත් කරයි.

✔ යුකැලිප්ටස් හෝ පෙපර්මින්ට් තෙල් සමඟ වාෂ්ප ආශ්වාස කරන්න - එය ඔබේ ශ්වසන මාර්ග පිරිසිදු කරයි.

✔ කිරි සහ සැකසූ ආහාර අඩු කරන්න - ඒවා ශ්ලේෂ්මල වැඩි කරයි.

ළූණු අපගේ ශරීර පද්ධතියට කරන තවත් ආශ්චර්යයන් මෙන්න.

1. තුවාල සඳහා විෂබීජ නාශක.

යුෂ සඳහා ළූණු ගෙඩියක් කපා, කැට කපා හෝ මිරිකා, යුෂ තුවාල විෂබීජහරණය කිරීමට භාවිතා කරන්න.

2. පණුවන් ඇති දරුවන්

අමු ළූණු දෙකක් කපා පැය 24 ක් වතුර ලීටර් 1 ක මිශ්‍ර කර තබන්න. ජලය බැස, දිවා කාලයේදී ඔබේ දරුවාට ළූණු යුෂ දෙන්න. රසය තනුක කිරීමට ජලය එකතු කළ හැකිය.

3. කොලෙස්ටරෝල් සමතුලිතතාවය

ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය ගුරෙවිච්, ළූණු වල ගුනාංග 150 ක් හඳුනාගෙන ඇති අතර, ඒ සියල්ල හොඳ කොලෙස්ටරෝල් 30% දක්වා ඉහළ නැංවීමට සහ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ. මෙම ප්‍රතිඵල ලබා ගැනීමට දිනකට ළූණු භාගයක් ප්‍රමාණවත් වේ.

4. මානසික හා ස්නායු වෙහෙස.

ළූණු යනු හොඳ ස්නායු සෞඛ්‍යයක් සඳහා සහ මානසික වෙහෙස අඩු කිරීම සඳහා අවශ්‍ය සිලිකන් ප්‍රභවයකි. ඒවා දිනපතා ඔබේ ආහාර වේලට ඇතුළත් කරන්න.

5. රක්තවාතය.

මෙය සන්ධිවල, විශේෂයෙන් මහපට ඇඟිල්ලේ ඇති වන ඉතා වේදනාකාරී දැවිල්ලකි, එහි ප්‍රති පලයක් ලෙස රුධිරයේ යූරික් අම්ලය සමුච්චය වීම සහ සන්ධි වටා යූරේට් තැන්පත් වීම සිදු වේ. එයට ලූණු ප්‍රතිකාරයකි.

ළූණු අඹරා හෝ කපා අමු ළූණු කුඩු කර තුවාල වූ ස්ථානයේ තබන්න. මුළු රාත්‍රිය පුරාම තබන්න.

6. ඉන්ෆ්ලුවෙන්සාවට.

සුදුළූණු දඬු දෙකක් සහ ළූණු 3 ක් සිහින් ව කපා අතර වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කර බ්ලෙන්ඩරයට යවන්න.

ඔලිව් තෙල් මේස හැඳි 3 ක් එකතු කරන්න. අවශ්‍ය පරිදි මේස හැඳි 1 ක් දෙන්න.

7. අර්ශස් රෝගයට.

පිසූ ළූණු ආහාරයට ගැනීමෙන් අර්ශස් වල ලේ ගැලීම සහ වේදනාව නතර වන බව හඳුනාගෙන ඇත. ළූණු අනුභව කළ විට ලේ ගැලීම නතර වූ නමුත් ළූණු ආහාර වේලෙන් ඉවත් කළ විට ලේ ගැලීම නැවත ආරම්භ වූ බව එක් අයෙක් පැවසීය.

8. ඉක්කාවට.

මෙම ගැටලුවට ඉක්මන් පිළියමක් වන්නේ සෑම පැය භාගයකට වරක් අමු ළූණු යුෂ මේස හැන්දක් ගැනීමයි.

9. පෙනහළු ආසාදනය වීමට.

ළූණු තම්බා, පොඩි කර රෙදි ස්ථර දෙකක් අතර තබන්න. ඉළ ඇටයේ පැය 2 ක් පමණ ආලේප කරන්න.

10. මුත්‍රා ආසාදනයට.

ළූණු 3 ක්, කළු රාබු 3 ක් සහ දෙහි ගෙඩි 5 ක යුෂ ගෙන ඒවා මිශ්‍ර කර දිනකට 5 වතාවක් තේ හැන්දක 1 ක් භාවිතා කරන්න.

11. කන් කැක්කුම / කන් ආසාදන වලට.

එක් ළූණු ගෙඩියක් අඩකින් කපා, විනාඩි 5 ක් තම්බා, සිසිල් වීමට ඉඩ දී කනට එරෙහිව අඩක් මිරිකා ගන්න. වේදනාව ඉතා වේදනාකාරී වූ විට මෙය සහනයක් ලබා දෙනු ඇත. මෙයට ප්‍රතිජීවක ගුණ ද ඇත.

12. පිළිකා වැළැක්වීම.

ළූණු වල සල්ෆර් අඩංගු සාන්ද්‍රිත ද්‍රව්‍ය අඩංගු වන අතර එමඟින් සෛල පිළිකා ප්‍රමාණයට පරිවර්තනය වීම වළක්වා ගත හැකිය. දිනකට ළූණු කෝප්ප භාගයක් අමු හෝ පිසූ විට, ඔබේ පිළිකා වැළැක්වීමේ ප්‍රමාණය වේගවත් කළ හැකිය.

13. නාසයෙන් හෝ විදුරුමස් වලින් ලේ ගැලීම.

ළූණු ගෙඩියක යුෂ ගෙන ඇපල් සයිඩර් විනාකිරි සමඟ මිශ්‍ර කරන්න. නාසයෙන් ලේ ගැලීමකදී මෙම ද්‍රාවණය භාවිතා කළ හැකිය, බිංදුවක් භාවිතයෙන් නාස්පුඩු වලට බිංදු කිහිපයක් දමන්න. ඔබේ විදුරුමස් වලින් ලේ ගැලුවහොත් ඔබට එම මිශ්‍රණය මිනිත්තු කිහිපයක් ඔබේ මුඛයේ තබා ගත හැකිය.

14. ග්ලූකෝස් හෝ ග්ලූකෝස් මට්ටම්.

දියවැඩියාව ඇති ඕනෑම කෙනෙකුට දිනපතා ළූණු භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනු ඇත.

15. එය පිරිමියෙකුගේ ලිංගික ශක්තිය වැඩි කරයි.

ඔබේ ලිංගික ශක්තිය සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා, කරුණාකර ළූණු, සුදුළූණු ලබා ගෙන එකට මිශ්‍ර කරන්න.

මෙම සංයෝජනවල යුෂ ලබා ගැනීමට පෙරනයක් පෙරා, පසුව ලෙමන් වතුර එකතු කරන්න. එය පානය කර බලන්න.

ළූණු ඔබේ ආහාර වේලට ඇතුළත් කර

කුඩා දෛනික වෙනස්කම් විශාල ප්‍රතිඵල ගෙන දිය හැකිය.

හොඳ සෞඛ්‍යයට සැමවිටම මිල අධික ප්‍රතිකාර අවශ්‍ය නොවේ - සමහර විට හොඳම ඖෂධය දැනටමත් ඔබේ මුළුතැන්ගෙයෙහි ඇති.

කරුණාකර බෙදා ගන්න🙏

- සකුපෙරේරා

copied

Address

Kandy

Telephone

+94752764233

Website

Alerts

Be the first to know and let us send you an email when Open Heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Open Heart:

Share