Glamoly by malsha.

Glamoly by malsha. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glamoly by malsha., Digital creator, Kandy.

29/05/2026

🙏

01/11/2025

අලුත් මාසයක් 💛
ඔයාට, මට.... අපි හැමෝටම සුබ වේවා!

01/10/2025

ආදරණීය ඔක්තෝබර් , මං දන්නවා ඔයා මායාකාරයෙක් ! මං දන්නවා , ඔයාට පුළුවන් සතුට මවන්න.. මං දන්නවා ඔයාට පුළුවන් ලස්සන සිහින සැබෑ කරන්න... මං දන්නවා ඔයාට පුළුවන්,
මගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක් ම සැබෑ කරවන්න.. මං දන්නවා , ඔයා හරි පුදුම මායාකාරයෙක් !
ඉතිං ඔයාට ස්තුතියි....
ජීවිතේම ලස්සන කරන්නට මෙච්චර ඉක්මනට ආවට !

-Gumiho's Diary-

01/08/2025

මේ උදාවුණේ අලුත් අගෝස්තුව ....
සිනහ මල් හැමතැනම පිපෙන...
හැම හිතකම බලාපොරොත්තු සැබෑ වෙන...
ජීවිතේ ම ලස්සන මඟකට හරවන...
අපූරු අලුත් ආලවන්ත...
අගෝස්තුව 🦋☕🤎

-Gumiho's Diary-

04/02/2025
Goodbye 2024 ❤️🍁
31/12/2024

Goodbye 2024 ❤️🍁

අවුරුද්දක නිමාව!!

2024 කියන්නේ සමහර අයට එයාලගේ ජීවිතේ ලස්සනම අවුරුද්ද වෙන්න ඇති..
තවත් සමහර අයට ජීවිතේ අසතුටින්ම හිටපු අවුරුද්ද වෙන්න ඇති ..
ඒකට කමක් නෑ වෙන්න තිබ්බ හැමදේම වුණා.. දැන් අපි ඒ දේවල් අමතක කරමු
හෙට අලුත් අවුරුද්දක්..
අලුත් මාසයක්
බලාපොරොත්තු ගොන්නක්..

ඉතින් අපි දැන් ඉදන් හෙට ගැන හිතමු...
මුලින්ම අද දවසේ ටිකකට ඔයා ඔයත් එක්ක තනි වෙන්න ඕනි.
පුළුවන් නම් පුංචි පොතකුයි පෑනකුයි අරන් ඔයා ගෙදර ඉන්න ආසම තැනට යන්න...
ගිහින් මුලින්ම කල්පනා කරලා බලන්න ඔයාට මේ අවුරුද්දේ වෙච්ච් හැම දෙයක්ම ..
ඔය අතරින් ඔයා මුලින්ම මතක් කරන්න ඔයාට සතුටු හිතුණ දේවල්...

හරි ..
දැන් ඔයා ඔයාට මේ අවුරුද්ද්දේ මග හැරිච්ච , දුක හිතිච්ච තැන හැම එකක්ම මතක් කරන්න...

ඇයි මට එහෙම වුණේ?
කා හින්දද?
මං දැන් මොනවද ඉස්සරහට කරන්නේ කියලා පොඩ්ඩක් ඔයා එක්කම තර්ක කරන්න...
ඔයාට හැමදේම ලස්සනට තේරෙන්න පටන් ගනී....
හ්ම්ම්ම්
දැන් ඔයා ඔයා අතින් වැරද්දක් වුණ සහ ඔයාට වැරදි කරපු හැම මනුස්සයෙක්ටම සමාව දෙන්න...
ඇස් දෙක පියන් හැම දුකක්ම තරහක්ම හිතින් අයින් කරලා දාන්න..
දැන් ඔයාට කවුරුත් තරහා කාරයෝ ඉන්න බෑ
ඔයා හැමෝටම සමාව දීලා ඉවරයි .....

හරි දැන් අපි හිතමු අලුතින් එක අවුරුද්ද ගැන..
එහෙම හිතනකොටත් හරි අමුතු හැහීමක් එනවා නේද ?
අමුතුම සතුටක්!!
අන්න ඒක තාමා ඔයාගේ අලුත් අවුරුද්දේ මුලාරම්භය...

ඉතින් හිතන්න එන අවුරුද්දේ ඔයාට කරන්න තියෙන වැඩ ගැන
හැබෑ කරගන්න තියෙන හීන ගැන
එක්කෝ යන්න ආස තැනක් , ගන්න ආසාවෙන් හිටපු දෙයක්
කොටින්ම ඔයා ආස පුංචි දෙයක් වුණත් මතක් කරගන්න
ඊට පස්සේ පොතක හැමදේම ලියන්න..
ඔයාගේ බලාපොරොත්තු හීන හැම එක්කම ඔයාගේ වචනෙන් ලියන්න...
පුංචි plan එක්ක ඇදගන්න
ඔයා වෙනුවෙන් ඔයාම ඔයාට නීති ටිකක් දාගන්න
ඊලග අවුරුද්දේ ඔයාට හැබෑ කරගන්න තියෙන හීන ටික පුංචියට කියලා විශ්වයට ලියුමක් ලියන්න
ඒක ලබන අවුරුද්දී බලනකන් පරිස්සමින් අරන් තියාගන්න

දැන් ඒක ඇති....

ඔයා දැන් මේ අවුරුද්ද පුරාවටම ඔයාට ලැබුණු හැමදේකටම ස්තුති කරන්න
අද රෑ ඔයා හිත සතුටින් නිදාගන්න ඕනි
අලුත් බලාපොරොත්තු එක්ක අලුත් දවසකින් ඔයාට ඇහැරින්න තියෙනවා..
දැන් ඔයා අතීතේ හැමදේම අමතක කරලා ඉන්නේ...
ඔයාට දැන් පුළුවන් අලුත් දවසකට සතුටින් මූණ දෙන්න..

ඉතින් ඔයාට හෙට විතරක් නෙවේ ගෙවෙන හැම තප්පරේකම හරියන්න ඕනි ලමයෝ
මොන දේ වුණත් සතුටින් ඉන්න!!!💗

Chamu🦋

❄️☃️🎄❤️
24/12/2024

❄️☃️🎄❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Glamoly by malsha. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share