25/06/2026
ලංකාවේ මෝටර් ඉන්ෂුවරන්ස් ගැන ලංකාවේ අයට ගොඩක් ප්‍රශ්ණ ඇතිවෙන තැනක් තමයි මේක.
ලීසිං කොම්පැනි වල වැඩ කරන අයට ඉන්ෂුවරන්ස් කරන්න දීපු එක.
ඉන්ෂුවරන්ස් කරන්න අනිවාර්යයෙන් රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් පවත්වන විභාගය සමත් වෙලා අවම සුදුසුකම වත් ලබා ගන්න ඕනේ.
ඒත් මේ ලීසිං ආයතන වල මාකටිං අය මේක වෙනමම ජාවාරමක් කරන් ඉන්නේ.
ඔයා ලීසිං එක යටතේ ඉන්ෂුවරන්ස් එකක් ගත්තොත් ඔයාගේ ඉන්ෂුවරන්ස් එකෙන් අඩුම 13% ක කොමිෂන් එකක් ලීසිං කොම්පැනිය ගන්නව.
ෆිනෑන්ස් මල්ලිට අදාල නෑ ඔයාගේ වාහනේට දාල තියන කවර් එක මොකක් ද, මාකට් එකේ ඒ ඉන්ෂුවරන්ස් කොම්පැනිය පිලිගැනීමක් තියනවද , ඒ කොම්පැනියට හදිසියේවත් ඔයාහේ වාහනය කන්ඩෙම් උනොත් ගෙවන්න ආර්ථික හැකියාව තියනවද, ඒ වගේ පරණ අත්දැකීම් හොඳඳ ඒව එයාට අදාලම නෑ.
හොඳම එක තමයි ඔය ලිසිං කරන මල්ලිලා නේ ඉන්ෂුවරන්ස් වලට කතා කරල එක එක කොම්පැනි වල මිල ගණන් ගෙන්න ගන්නේ.
ඔයා ලීසිං එක දාන්න ගිය ගමන් ඒ වැඩ ටික වෙන අතරේ අදාල ලීසිං මල්ලි වටේ ඉන්ෂුවරන්ස් කොම්පැනි හැමෝගෙන්ම Quotation ගෙන්න ගන්නව හරිම උනන්දුවෙන්.
ඒක වෙන්නේ මෙහෙමයි.
එයා කරන්නේ එයා ඉන්ෂුවරන්ස් වාරික ගණන් ගන්න අයට බාගේන් කරනව.
මේ ඉන්ෂුවරන්ස් එක දුන්නොත් කීයක් දෙනවද ?
ඒ කියන්නේ අදාල ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන්.
ඉන්ෂුවරන්ස් කොම්පැනිය එතකොට කරන්නේ ඌට දෙන්න ඕනේ 5000/- ඔයාගේ ඉන්ෂුවරන්ස් එකට එකතු කරල කවර් එකෙන් කොහෙන් හරි අඩු කරල ගේම ගහනව.
ෆිනෑන්ස් මල්ලිලාගේ ගණන් මෙහෙමයි.
ඉන්ෂුවරන්ස් වාරිකය
100,000/- ට වැඩි නම් අනිවාර්යයෙන් 5000/- ක් නැත්නම් බෝතලයක්
75,000/- සිට 99,000/- දක්වා 4000/-
50,000/- සිට 74,000/- දක්වා 3000/-
35,000/- 49,000/- දක්වා 2000/-
ඊට අඩු නම් 1000 ක් වත් ගන්නව.
සමහර වෙලාවට මේව පොඩි ගණන් වලින් වෙනස් වෙනව.
තවත් හොඳම එක තමයි අන්න එහෙම ෆිනෑන්ස් මල්ලි සල්ලි වලට විකුනන ඉන්ෂුවරන්ස් එක ඊලඟ අවුරුද්දේ වෙන කොම්පැනියකට ආයෙමත් විකුනනව. ආං එහෙමයි එයාල ඔයාගේ ඉන්ෂුවරන්ස් එක විකුනන්නේ.
ඔයාත් ඉතින් එයා කියන විදිහට , දෙන කුණුම ගානට පෙරේත වෙලා ඉන්ෂුවරන්ස් දාගන්නව.
තමන්ගේ ඉන්ෂුවරන්ස් එක තීරණය කරන්න ඕනේ ඔයා.
එහෙම ඔයා ලීසිං දාන්න යනව නම් ඔයාට අවශ්‍ය තැනක ඉන්ෂුවරන්ස් එක දාන්න තීරණය කරන්න .
ඉන්ෂුවරන්ස් කොම්පැනියක ශාඛාවටම ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවය කතා කරගන්න.
ඔයා ෆිනෑන්ස් ,එකෙන්ම කොටේශන් ගන්න අවශ්‍ය නෑ. මං ඒක කරගන්නම් කියන්න. අවශ්‍ය ම නම් ෆිනෑන්ස් එකේ කෝඩ් එකේ ඒක කරල දෙන්නම් කියන්න.
එහෙම නැතුව ක්ලේම් ගෙව්වේ නෑ කියල වැලලුනාට වැඩක් නෑ.
ඔයා දන් නෑ ඔයාව අන්දල ෆිනෑන්ස් මල්ලි හම්බකරලා.
අන්තිමට කුණු බැනුම් එන්නේ ඉන්ෂුවරන්ස් කොම්පැනියට.
මේක හරිද වැරදිද කියල ඉන්ෂුවරන්ස් කොම්පැනි වල sales කරන අයගෙන්ම අහල බලල දැනගන්න.
මේ ගැන හැමෝම දැනුවත් වෙන්න.....
ජය වේවා......