රජ TV

රජ TV ලොව වටා තොරතුරු එසැනින්.
(1)

සිංහලේ අදිනත්වය කූට උපායෙන් අවසන් කල  ජොන් ඩොයිලිගේ සොහොන වසර 310 ක් පුරා පෘතුගිසි ලංදේසි සහ ඉංග්‍රිසින් කන්ද උඩරට යටත් ...
26/09/2025

සිංහලේ අදිනත්වය කූට උපායෙන් අවසන් කල ජොන් ඩොයිලිගේ සොහොන

වසර 310 ක් පුරා පෘතුගිසි ලංදේසි සහ ඉංග්‍රිසින් කන්ද උඩරට යටත් කරගැනිමට උස්සහ කලද එය සාර්ථක නොවුයේ උඩරට සිංහලයා තුල වු රණකාමිත්වය නිසාවෙනි බටහිර ජාතියක් පෙරදිගදිගදී ලද දරුණුම පරාජය 1638 දී දෙවිනි රාජසිංහ රජු වෙතින් ලබා ගන්නොරුවෙදී ඉතිහාසයට එක් කලේ ඒ රණකාමිත්වය

උපුටා ගැනීමකි ස්තුතියි මුල් හිමිකරුට

මෙවර බොක්සිං STUBBSShield කිරුල දිනූ  කොල්ලො සෙට් එක.💟🥰👌
26/09/2025

මෙවර බොක්සිං STUBBSShield කිරුල දිනූ කොල්ලො සෙට් එක.💟🥰👌

25/09/2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රටකජු කටුවක නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික ඇතෙකු වන නැදුන්ගමුවේ රාජා
Nadungamuwa Raja , a Sri lankan elephant created in a peanut shell for the first time in Sri lanka

25/09/2025

'ඔහේ රාජකාරී වලට යන ගම් වල ගෑනු ඉන්නවා නේද,,එහෙනං ඒවයෙ ගියහම රාජකාරිය කොරලා පමා නිවී එන්ට ඕනා......'
-ගජමන් නෝනා

තවත් රගපැමක් නොවෙයි 💔😪දිවි රඟ මඩලින් බැස ගිය රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල කලාකරුවාණෙනි නිවන් සුව ලැබේවා 🥀🙏
24/09/2025

තවත් රගපැමක් නොවෙයි 💔😪
දිවි රඟ මඩලින් බැස ගිය රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල කලාකරුවාණෙනි
නිවන් සුව ලැබේවා 🥀🙏

මාතර කුමාරතුංග මාවතේ ඔන්ඩච්චි වලව්වමාතර සාන්ත තෝමස් කුමාර විදුහල. ක්‍රි.ව. 1844මාතර නගර මධ්‍යයේ පිහිටි මෙම වලව්ව කුමාරතු...
23/09/2025

මාතර කුමාරතුංග මාවතේ ඔන්ඩච්චි වලව්ව

මාතර සාන්ත තෝමස් කුමාර විදුහල. ක්‍රි.ව. 1844

මාතර නගර මධ්‍යයේ පිහිටි මෙම වලව්ව කුමාරතුංග මාවතට මුහුණලා පිහිටා ඇත. ඉපැරණි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මැනවින් විදහාපාන මේ වලව්වේ නිවෙසේ සාලය වෙන් කරනු ලබන්නේ විශාල ආරුක්කුවකිනි.

සරම්මුදලි වලව්වේ ඉදිරිපස ද්වාරයේ උළුවස්ස මෙයට සමාන බවක් ගනී. එකල මෙවැනි නිවාසවල වාසය කළ වංශවත් ප්‍රභූ පැලැන්තිය තම නිවෙස්වලට එබඳු ගුණාංග එක් කරගෙන ඇති බවක් පෙනී යයි.

මේ වලව්ව මෑත කාලයේදී ප්‍රතිසංස්කරණයට ලක් වී ඇත. එහි වහලයට සිංහල උළු අතුරා තිබී පසුව රට උළු සෙවිලිකර ඇත. ලන්දේසි ගෘහ නිර්මාණ ලක්ෂණ දරණ ගොඩනැගිල්ලේ බිත්ති, වහල, දැවකර්ම තුළින් වාස්තු විද්‍යාවේ විශේෂතා මැනවින් ප්‍රකට කරයි.

කුලුනුවලින් නිවෙසෙහි මහේශාඛ්‍ය බව මනාව පිළිබිඹු වනු ඇත. මාතර සාන්ත තෝමස් කුමාර විදුහලෙහි කාර්යාලය ලෙස භාවිත කරනු ලබන්නේ මේ පැරැණි වලව්වේ කොටසකි. ක්‍රි.ව. 1844 ආරම්භ වූ මේ පාසල බ්‍රිතාන්‍ය යුගයේ මාතර ඇංග්ලිකානු පියතුමකු වූ එච්.ජේ. ඔන්ඩවිච් පියතුමා විසින් වැල්ලමඩමේ පිහිටි මේ පාසල වලව්ව වෙත ගෙනවිත් ස්ථාපිත කරන ලද බව පැවසේ. මාතර නගරයේ පෞරාණිකව ආරක්ෂා කරන විශාල ගොඩනැගිලි අතර ඔන්ඩච්ච් වලව්ව ද ප්‍රධාන තැනක් ගනී.

🌍 අතීතාවර්ජනා...
උපූටා ගැනීමකි

ආසම නලුවෙක්ජීවන රඟමඩලෙන්මබැහැලා ගිහින්.....   නිවන් සුව ලැබේවා...🙏
23/09/2025

ආසම නලුවෙක්
ජීවන රඟමඩලෙන්ම
බැහැලා ගිහින්.....

නිවන් සුව ලැබේවා...🙏

23/09/2025

'අනිත් අය මොනව කිව්වත්,බොහෝමයක් කවි මිනිස්සු කියල,ලියලා තියෙන්නෙ හිතේ දුකට...'
ඒ ගැන ලස්සනටම කිව්වෙ රංචාගොඩ ළමයා.ඇය මෙහෙමයි කිව්වෙ...

'දුකට කියන කවියට මොන අක්සරද...?

නලින් ප්‍රදීප් උඩවෙල කළාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවේ.🙏
23/09/2025

නලින් ප්‍රදීප් උඩවෙල කළාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවේ.🙏

〽️දියවඩනනිලමේගේ ඉතිහාසය〽️සිංහල රාජ්‍යයේ රාජ සභාවෙහි නිලයක්වූ දියවඩන නිලමේ වසර දෙදහසකට වඩා පැරණි ඉතිහාසයක පෝෂණය ලබමින් හා...
21/09/2025

〽️දියවඩනනිලමේගේ ඉතිහාසය〽️

සිංහල රාජ්‍යයේ රාජ සභාවෙහි නිලයක්වූ දියවඩන නිලමේ වසර දෙදහසකට වඩා පැරණි ඉතිහාසයක පෝෂණය ලබමින් හා බුදුන්වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා හට පුරාතනයෙහි සිට පැවතෙන තේවාවන් ඉටු කරමින් පැවති තනතුරකි. 1815 දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන් කලක‍ට පසු මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කො‍ටගත් මාලිගා අංගයන්ගේ ප්‍රධාන ගිහි භාරකාර ධූරය, දියවඩන නිලමේ වෙත පැවරීය.

වර්තමානයේදී ශ්‍රී දළදා මාලිගාවෙහි සමස්ත කටයුතු සම්භාරය පිළිබඳ පූර්ණ අධීක්‍ෂණය දියවඩන නිලමේ සතු වගකීමක් වෙයි. දළදා මාලිගාවේ වාර්ෂික දළදා පෙරහැර මංගල්‍යය සංවිධානය කිරීම ඔහු වෙත පැවරෙන සම්ප්‍රදායික වගකීමකි. වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප නිලංග දෑලේ බණ්ඩාර වෙයි.

මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ
හිටපු කීර්තිමත් දියවඩන නිලමේවරු
1815 ට පෙර, උඩරට රාජාණ්ඩු සමයෙහිදී, දියවඩන නිලමේ තනතුර ධාරියා, රජුට ජලය සැපයූ හා කලට වැසි ගෙන ඒම සඳහා පුරාතණ වතාවත් සිදු කල රාජ සභාවේ අමාත්‍ය ධූරයක් දැරූ තැනැත්තෙක් විය.[1][2] බුදුන්වහන්සේගේ අති පූජනීය දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් වත්මනෙහිද මෙම චාරිත්‍රය, ඇසල පෙරහැරෙහි අවසන් දිනෙහිදී සිදුකෙරෙන දිය කැපීමේ මංගල්‍යය මගින්, දියවඩන නිලමේ විසින් සිදු කෙරෙයි.

දියවඩන නිළමේ තෝරාගැනීම ට ගෞරවනිය මල්වතු සහ අස්ගිරි පාර්ශව වල මාහානායක තෙරුන් වහනසේලා, මහා භාරකාර මණ්ඩලයේ ලියාපදිංචි වාර්ෂික ආදායම රු.1,000/- වැඩි බෞද්ධ විහාර භාරකරුවන් සහ මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශිය ආදායම් නිලධාරින් (නුතනයේ ශ්‍රී ලංකාවේ පරිපාලයේම නිලධාරින්) විසින් සිදු කරනු ලැබේ. මෙම නිලධාරින් බෞද්ධ විය යුතුය. තෝරාගත් දියවඩන නිළමේගේ සේවා කාලය අවු 10 වන අතර දෙවන වාරය සඳහා ද ඉදිරිපත් විය හැක. 1832 වන තුරු මහනුවර පළාත පරිපාලනය කරනු ලැබුයේ කොමිෂන් සභාවක් මගිනි. රටෙහි පරිපාලනය එක්සත් කිරීම සම්බන්ධව කෝල්බෲක් සහ කැමරන් මෙසේ සඳහන් කරයි.

කොමිසන් සභාවේ නියෝගයට අනුව බුදුන් වහන්සේගේ ධාතු ප්‍රදර්ශනය කිරීම සහ පෙරහර පැවැත්වීම නුවර පළාතේ ස්වදේශිකයන් සඳහා නුවර රජුගේ වරප්‍රසාදයක් ලෙස සලකන ලදි. ධාතුන් ප්‍රදර්ශනය ආරම්භ කළ විට සියලුම දුෂ්කර පළාත්වල, පන්තිවල මිනිසුන් එය නැරඹිමට අගනුවරට පැමිණේ. ක්‍රි.ව1828 AD දී අග්‍රාණ්ඩුකාර හා අනිකුත් බලධාරින් විසින් ධාතු ප්‍රදර්ශනය කරන ලදි. මෙම සිදුවීම මහත් උත්සවශ්‍රියකින් පවත්වනු ලැබු අතර තේරීම සහ පත් කිරිම පන්සලේ ප්‍රධානින් සහ පූජකයන් විසින් රජුගෙන් ලද වරප්‍රසාදය අනුව සිදු කරන ලදහ. මෙම ක්‍රියාකාරකම් දැනට රජය මගින් සිදු කරනු ලබන අතර, පූජකයන් නම් කිරිමට නිර්දේශය කරනු ලබයි. දළදාව, අස්ගිරිය, මල්වත්ත, දේවාලය, නිලමේ ආදින් සම්බන්ධ කරණු පිලිබදව ක්‍රි.ව 1853 බ්‍රිතාන්‍ය කෑබිනට් මණ්ඩලය මගින් සවිස්තරව සාකච්ඡා කරන ලදි. යටත් විජිත රජයන් සඳහා ලේකම්වරයා වු නිව්කාස්වල අධිපාදවරයා (Duke of Newcastle) ලංකාවේ ආරණ්ඩුකාරව වු “සර් ජෝජ් ඇන්ඩර්සන්” වෙත 1853 අගෝස්තු 18 දින දළදාවේ ඉදිරි චාරිත්‍ර සහ දියවඩන නිළමේ පත්කිරීම සම්බන්ධය මෙසේ ප්‍රකාශ කරයි.

“මම දළදාව හෙවත් ශුද්ධවු දන්ත ධාතුව සම්බන්ධයෙන් ඔබ කළ යුතු කරුණු, එසේම අනුමත කරන අතර කාටවත් 1847 මෙන් හැරදමන දේ නැවත ඇති කිරිම ගැන සතුටු වෙමි. මගේ විශ්වාසය අනුව ඔබ ධාතු ප්‍රදර්ශනය අභිමත ලෙස පවැත්වු අතර එය භාර නිළධාරියා ලෙස අවධානයෙන් කටයුතු කිරිම ගැන සැකයක් නොමැත. ඔබ විසින් බස්නායක නිළමේ හා දේව නිලමේ (දියවඩන නිළමේ) යන ඓහික පාලන තනතුරු (secular superintendents) පත්කිරීම සම්බන්ධයෙන් ආගමකට සම්බන්ධ තැනි අධිකාරිවරුන් රජය මගින් පත්කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය කාර්ය කිරිමට කටයුතු සම්පාදනය කරනු ලබයි.

බස්නායක නිලමේ හා ආදාළ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ වාසින්ගේ නායකයන් මෙන්ම, දියවඩන නිලමේ පත් කිරිම ඡන්දයකින් සිදුවේ. සමහර අවස්ථාවලිදි ‍බස්නායක නිලමේ යන තනතුරද ඡන්දයකින් පත් කරන අතර, එවිට ප්‍රධාන පූජකයාට ලබා දෙන ආකාරයේ සහතිකයක් ඡන්ද කොට්ඨාශය මගින් ලබා දෙයි.”

තවද දියවඩන නිළමේ සහ බස්නායක නිළමේ යන දුර තෝරාගැනීමද සිදුවේ. හඳුන්වා දුන් මැතිවරණ යාන්ත්‍රණය ඇතැම්විට විරෝධතාවයට විවෘත වන නමුත් ඒ සඳහා කිසිවිට සුදානමක් යෝජනා වී නැත. 1948 පෙබරවාරි 4 දි ලංකාවට බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලැබීමෙන් මෙන් පසු ශ්‍රී දළදා මාලිගාව විශාල කාලයෙක් විජයරත්න පවුල මගින් පාලනය කල අතර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස දශක තුනක් සේවය කරන ලදහ.
අන්තර්ජාලය ඇසැරෙන් සකස්කරන ලද ලිපියකි.
Chathura Gunarathna
Images credit by-Google

Address

Kandy
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when රජ TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රජ TV:

Share

Category