Vimuktha Pathmasiri

  • Home
  • Vimuktha Pathmasiri

Vimuktha Pathmasiri සත්‍යය • සමාජය • සංවාදය

29/07/2026

දළදා පෙරහැර පවත්වන්න බැරිවෙයිද ?

රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ ලඟ පෝයට බණ කියන මේ උත්තමයට මිනිස්සු බනින්නෙ ඇයි..??? මෙතුමා හැම පෝයටම මොකක් හරි channel එ...
26/07/2026

රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ ලඟ පෝයට බණ කියන මේ උත්තමයට මිනිස්සු බනින්නෙ ඇයි..??? මෙතුමා හැම පෝයටම මොකක් හරි channel එකක ධර්මය දේශණා කරනව..ඊට පස්සෙ තරුණ දරුවන්ට පුදුමාකාර ඔවදන් උපදෙස් දෙනව..ඒ අතරෙ සිංහලත් උගන්නනව කියල ආරංචියි..මේ ජාතියේ පිනට පහලවුන උත්තමයෙක්..ඊලඟ පෝයට බණ කියද්දි මෙතුමගෙ අනුගාමිකයො සාදුකාර දුන්නත් මම පුදුම වෙන්නෙ නෑ..මෙතුමටත් වැඳල මෙතුමව ගෙනල්ල බණ කියන channel වලටත් ගෙදර photo එකක් ගහල නොවැන්දොත් තමා පුදුම..!

ලංකාවේ සමහරක් Tuition කඩ මුදලාලිලා සහ ඔවුන්ව ප්‍රසිද්ධ කරන අමනෝඥ ජඩ මාධ්‍ය ජාලා සිදුකරමින් යන විනාශය ගැන මේ රටට අවබෝධ වෙන්න තව බොහෝම කාලයක් යනව..තමන්ගේ විශයට අදාල නොවන උතුම් ශ්‍රී සද්ධර්මය දේශණා කරන වැඩසටහන් වල ධර්ම මණ්ඩප වලට සහභාගී වෙන්න මේ පුද්ගලයන්ට තියෙන සුදුසුකම මොකද්ද ?? අඩුම තරමින් තමන්ගෙ විශය ගැනවත් හරිහමන් පරිචයක් නොමැති මේ පුද්ගලයන් රටේ දරු පරම්පරාවට සිදුකරන අගතිගාමී බලපෑම සුළුපටු නෑ..

මුදල මතම යැපෙන පෞද්ගලික ජඩ මාධ්‍ය පැත්තකම දැම්මත් රටේ වගකිවයුතු ජාතික නාලිකාවට වැඩසටහන් වලට ගෙන්නන්න වටිනා කියන මිනිස්සු මේ රටේ නැද්ද ??? එහෙම මිනිස්සු නැත්නම් එක එක මන්ද මානසික විහිලු කාරයන්ව promote නොකර පිස්සු පූසා කාටූන් එක ඒ වෙලාවට දාන්න..අපි ඒක බලන්නම්..!

ජාතික රූපවාහිනියත් "ජාතික" කෑල්ල ඉස්සරහින් අවජාතික කියල දාගන්න කාලෙ වැඩි ඈතක නෑ..!

09/07/2026

අවිනීත මිනිස්සුන්ට දෂ්ට කරන සාපය !

#අවිනීතකම #සත්‍යය #සමාජය #සංවාදය #ඩෙංගු #සමාජවගකීම #පිරිසිදුකම

29/06/2026

අවුරුදු 2500 පම්පෝරිය ගහනව, හැබැයි අපි බංකොලොත් රටක් ??

03/06/2026

"බේබදු මිනීමරුවෝ"

01/06/2026

"අපි ටියුශන් නවත්තනව"..ඉරිදට දරුවො දහම් පාසල් යවන්න !

කපන්න කපන්න සුවඳ හමන සඳුන් ගසක් වගේ බුදු සසුන දසත සුවඳ හමනවා..හිටපු ගමන් හමන සුලං රැලි වලට කොළයක් දෙකක් ගහගෙන ගියාට මුදු...
27/05/2026

කපන්න කපන්න සුවඳ හමන සඳුන් ගසක් වගේ බුදු සසුන දසත සුවඳ හමනවා..හිටපු ගමන් හමන සුලං රැලි වලට කොළයක් දෙකක් ගහගෙන ගියාට මුදුන් මුල කවුරුත් නොහිතන තරම් සෑහෙන හයියයි..ඒ නිසා අකල් සුලං රැලි අස්සේ මේ මහා වනස්පතිය හොල්ලන්න පෙරලන්න හිතන් ඉන්න අය කල්පනාවෙන්..

බුදු සසුන බැබලේවා 💖

නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

24/05/2026

"Bro, අපි ඔයාට කිව්වෙ නෑනෙ මහන වෙන්න කියල" ???

කාඩ්බෝඩ් පුස් වීරයන්ගේ හිස් ප්‍රතිරූප හදන්න දහසක් මාධ්‍යවේදීන් සිටියත් ආයතන තිබුනත් අප අතර තවමත් හුස්ම ගන්න ජීවමාන වීරයන...
22/05/2026

කාඩ්බෝඩ් පුස් වීරයන්ගේ හිස් ප්‍රතිරූප හදන්න දහසක් මාධ්‍යවේදීන් සිටියත් ආයතන තිබුනත් අප අතර තවමත් හුස්ම ගන්න ජීවමාන වීරයන්ගේ කථා රටට ලෝකෙට කියන්න ඉදිරිපත් වන්නන් අතලොස්සයි. එවන් පසුබිමක මිනිස්සුන්ට ඉතිහාසය අමතක වෙන වේගය දැක්කම මේ මාධ්‍යවේදී සොහොයුරාට ස්තූතියක් පුද කරන්නම අවශ්‍යයි.

මහ කෑලෑවක, වැලි තලාවක, ගිරි දුර්ඝයක, ගැඹුරු ජලයක කිසිවෙකුට ඇසෙන්නෙවත් නැති තැනක හිස් අවකාශයට මුසුවෙලා ගිය විරුවන්ගේ කථා කොතෙකුත් ඇද්ද ? ඒ විතරද, මරුවාගෙ රුදුරු ග්‍රහනයෙන් මිදී අවුත් ඒ වීරෝදාර කථා පුවත කිසිවෙකුත් නොදැනම දිවිය ගෙවා දැමූ විරුවන් කෙතරම් ඇද්ද ?

යුද්ධය අමානුශිකයි, කෲරයි, අමිහිරියි, ඒක උත්කර්ශයට නන්වන්න හෝ සුදු හුණු ගාන්න අවශ්‍ය නෑ. නමුත් එවන් යුද්ධයක් යලිත් ඇති නොවීම සඳහා යුද්ධය කියන්නෙ මොකද්ද කියන එක අනාගත පරපුර දැනගන්න ඕන. යුද්ධයේදී සිය ජීවිත කැපවීමෙන් කටයුතු කළ උදාර මිනිස්සු ගැන අනාගත පරපුර දැනගන්න ඕන. එහෙම නැති පරපුරක ජාතිකත්වය අවජාතකයි, පියෙක් නැති දරුවෙක් වගේ අසරණයි.

මේ රටේ ඓතිහාසික උරුමයේ ඉතිහාසය යම්තාක් හෝ දැනගන්න මහාවංශය, දීපවංශය, චූලවංශය වැනි කෘතීන් තියෙනව, සුද්දන්ගෙ කාලෙ ගැන දැනගන්න රොබට් නොක්ස්ගෙ "එදා හෙළදිව" වගේ කෘති තියෙනව. නිදහසෙන් පසු රට ගැන අධ්‍යනය කරන්න නොයෙකුත් පොත්පත් ලේඛන තියෙනව. තිස් වසරක ත්‍රස්ථවාදය ගැන දැනගන්නත් විවිධ ක්‍රම තියෙනව.

නමුත් ඒ විරුවන්ගේ සත්‍යය ජීවිත කථා රූප මාධ්‍යයෙන් සටහන් කරන්න කිසිම වගකිවයුත්තෙක් උත්සුක උනේ නෑ. ඒ කාලීන අඩුව පිරවීමේ මහත් බරක් "වනැස TV" වෙතින් සන්ජීව රත්නායක සොහොයුරා දැරුව කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවේ.

ඒ ප්‍රයත්නයට ආදර ගෞරවය ඔහුට ලබාදීම යුතුකමක් කියල මට හිතුන..ඔබට ජය..! 💖🙏

Address

Sri Dalada Maligawa

20000

Website

Alerts

Be the first to know and let us send you an email when Vimuktha Pathmasiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed media company?

Share