Beautiful Srilanka

Beautiful Srilanka BEAUTIFUL SRI LANKA 🇱🇰 ලංකාවේ සුන්දරත්වය 🇱🇰 سريلانكا الجميلة 🏞️✈❤
(1)

04/03/2026
දැන් අරුමයක් වූ එදා ගම 🤩🌿🦀🐬🌻🍀🌺🐙නුදුරු අතීතයේ දී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ස්වයංපෝෂිත ගම්මාන තිබුණ බව නොරහසකි. ඒ ගම්මාන ...
11/11/2025

දැන් අරුමයක් වූ එදා ගම 🤩🌿🦀🐬🌻🍀🌺🐙

නුදුරු අතීතයේ දී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ස්වයංපෝෂිත ගම්මාන තිබුණ බව නොරහසකි. ඒ ගම්මාන සඳහා පිටතින් ගෙන එන ලද්දේ ලුණු පමණකි. අනික් සියලු ම ද්‍රව්‍ය ගමේ ම නිපදවූවා පමණක් නො ව ගමේ නිපදවන වැඩිපුර දේ අලෙවි කිරීමෙන් ආදායමක් ද ලබා ගත්තෝ ය. ඔවුහු මෙසේ ගම ගෙදර සකස් කළෝ ය.

ප්‍රධාන වැවිල්ල වශයෙන් තම ඉඩමේ පොල් වගා කරන අතර කොස් ගස් හත අටක් ද සිටුවන ලදී. වැල වරකා ගස් මේ අතර විය. වත්ත මායිම් වටේට ම පුවක්ගස් සිටුවූහ. වත්තේ මුඩු ප්‍රදේශවල රට දෙල් ගසක් ද ඈත කොණක වල්දෙල් ගසක් ද විය. අඹ, රඹුටන්, පේර සහ වෙනත් පලතුරු වර්ග ද තැනින් තැන විය. කෙසෙල් ද, ගස් ලබු, කජු, බෙලි, දිවුල් සහ ගේ ආසන්නයේ දෙහි, දොඩම් ගස් විය.

ගම ආසන්නයේ හේනේ කුරක්කන්, අමු, වැනි ධාන්‍ය වර්ග සහ වට්ටක්කා, පුහුල්, ලබු, මඤ්ඤොක්කා, බතල සහ උක් ගස් ද විය. සෑම ගෙදරක ම අල පාත්ති කීපයක් ද බුලත් පාත්ති කීපයක් ද විය. හිඟුරල, රට අල, බතල, කිරිඅල, කුකුළල එහි වගා කරන ලදී. මේ අතර කිරි එළදෙනක් ද ඇති කළෝ ය. සමහර ගෙවල කුකුල් කොටුවක් ද විය. කුඹුර ආසන්නයේ දෙනිකඩේ එළවළු කොටුවකි. තමාට අවශ්‍ය එළවුළු එහි විය. කෙසෙල් පඳුරු කීපයක්, කහ, ඉගුරු පාත්ති සහ බෙහෙත් පැළෑටි ද ඒ අතර විය.
පොල්පලා, එලබටු, ඉරමුසු, ඉරිවේරිය, කෝමාරිකා, හාතාවාරිය, වැල්පෙනෙල ද වූ අතර නොවරදවාම ළිඳ ළඟ කොහිල වලක් ද විය. ඉබේ වැවෙන බෙහෙත් ද්‍රව්‍ය වත්තේ වැවෙන්නට ඉඩ හරින ලදී. අක්කපාන, කතුරුපිල, එඬරු, රුක් අත්තන, වෙනිවැල්, ඔලිඳ, මොණරකුඩුම්බිය, ආපසුමදු, බැවිල, තුඹ, තෝර, ඇත්තෝර, අස්වැන්න, දියමෙනේරිය වැනි දෑ ඉබේ වැවෙන්නට ඉඩ හැරිය අතර ඒවායින් සමහර ඒවා ඖෂධ වශයෙන් ද පලා වශයෙන් ද ප්‍රයෝජනවත් විය. ගම්මිරිස්, කෝපි, කරාබු, සාදික්කා වැනි දේ ද වත්තේ විය.
ගේ ඉදිරිපස දාස්පෙතියා හෙන්දිරික්කා ආදී මල් වර්ග ද විය.
ගෙදරට අවශ්‍ය වළං, රෙදි, ආයුධ, ආභරණ, ගෘහභාණ්ඩ, ගමෙන්ම සැපයිණ. රෙදි සේදීම, ගොඩනැඟිලි සෑදීම ගමේම අය කළහ. රන්කරුවන්, කුඹල් කරුවන්, කම්මල් කරුවන්, පේෂකාරයින් ගමට අවශ්‍ය දේ සපයා දුන්හ.
මේ හැර ගම ගෙදර වී බිස්ස නිතර ම වීවලින් පිරී තිබිණ. දුම හා අටුව කජු, දෙල් ඇට, අටුකොස් ඇට සහ මදුලු, කොට්ට පොල් ආදියෙන් පිරී තිබිණ. කුස්සිය මුල්ලේ කොස්ඇට මුල්ලකි. දුම යට එල්ලූ මලුවල බිත්තරට ගන්නා ඇට වර්ග ය. දුමෙන් වේලූ කොප්පරාවලින් ගෙදරට අවශ්‍ය තෙල් ලැබේ. පහන් දැල්වීම, හිසේ ගෑම, බැදුන් සහ කැවුම් කොකිස් ආදියට ඒවා උපකාරී විය.
ගමේ සෙක්කුවෙන් ඒවා හිඳින ලදී. ගමට එන තොරොම්බල් කාරයාත්, පුවක් සොයන්නාත්, රෙදි පොට්ටනිකාරයාත්, මුදලාලිත් ගමට අවශ්‍ය බඩු සැපයූ අතර මිලදී ගත්තෝ ය. යාන වාහන සඳහා රේස් තිරික්කලය, බක්කි කරත්තය, බර කරත්තය ප්‍රයෝජනයට ගත්හ. ගමේ ජලාශවලින් අවශ්‍ය මත්ස්‍ය සම්පත ද කැලයෙන් මස් ද ලැබිණ. වක්කඩවල්වල ඉරටි තැබීම වලවල් ඉසීම ආදියෙන් අල්ලාගත් මසුන් වැඩිපුර හරිය ලුණු දමා වේලා කරවල කළ අතර මස් ද වියලා තබා ගත්හ.
ගොරක, බිලිං, කුරුඳු, කරාබු නැටි ආදිය ද වත්තෙන්ම ලැබිණ. සෞඛ්‍ය සේවා සඳහා ගමේ වෙද මහතා ද ගම පාලනය සඳහා ගමේ ආරච්චි රාල ද විය. රෝහල් නොතිබුණ ඒ කාලයේදී ලෙඩ රෝග සඳහා සිංහල බෙහෙත් කරන ලදී. ගමේ පොදු ළිඳ හෝ වැව, කඩ පල, විහාරස්ථානය සැලකිය යුතු තැන් ය. පෝය දිනට සෑම කෙනෙක් ම පන්සල් ගියෝ ය.
ඉගෙනීම සඳහා ගියේ ද පන්සලටය. ගමරාල, ගම්බාරයා, වෙල් විදානේ ගමේ අනෙක් ප්‍රධානීන් විය. බෙලිමල්, කෝපි, රණවරා, නීරමුල්ලිය වැනි දේ බීම සඳහා ගත් අතර උක්ගස් කපා මිරිකා උණුකර පැණි සහ හකුරු ද කිතුල් ගස්වල මීරාවලින් පැණි සහ හකුරු ද කිතුල් ගස්වල මීරාවලින් පැණි සහ හකුරු ද නිපදවා ගත්හ. තලවලින් තල තෙල්, කැකුණ තෙල්, මීතෙල්, දොඹ තෙල්, පොල් තෙල් වැනි තෙල් වර්ග ද නිපදවා ගත්හ.
අමුත්තකු ගෙදරට පැමිණි විට කොට්ට කජු හෝ තල කැරලි සාදා පිළිගන්වන ලදී. කොස් ඇට බැද පොල් සමඟ කොටා අග්ගලා හැදීම, මයියොක්කා පිටිවලින් රොටී පිට්ටු සෑදීම ද කළහ. උදයට කොළ කැඳ, රාත්‍රියට කුරක්කන් පිට්ටු හෝ තලප කෑමට ගත්හ. සෑම ගෙදරකම කුරක්කන් ගලක් විය. ගමේ සෙක්කුවක් ද රෙදි වියන ස්ථානයක් ද විය. මේ සඳහා අවශ්‍ය දේ ගමේ ම විය.
කරත්ත සෑදීම අවි ආයුධ සෑදීම ගමේ කම්මල හා වඩු මඩුව විසින් නිපදවන ලදී. ඒවාට මුදලින් හෝ ද්‍රව්‍යවලින් ශ්‍රමය සඳහා ගෙවන ලදී. ගමේ සෑම බිම් කොටසක්ම කුමන හෝ වගාවකට යොදා ගන්නා ලද අතර ගමට අවශ්‍ය දේ මෙන්ම අහල පහල ගම්වලට අවශ්‍ය ද්‍රව්‍ය ද නිපදවන ලදී.
”දෙල් දෙමසක් කාපල්ලා
හල් දෙමසක් කාපල්ලා
බිනර මසට මං එනවා නාඬල්ලා”
පැරණි ගැමියන් මෙලෙස කියන්නේ “අහේම” කාලය මතක් කිරීමට ය. අහේම කාලය කියන්නේ කොස් හෝ දෙල් හෝ නැති කාලයයි. මේ කාලයට හල්, දෙල් (කැලෑ) මඩු වැනි ආහාරයට ගත හැකි ගෙඩි වර්ග ඇත. හල් කටුවෙන් හල් ගෙඩි ගාගෙන පොට්ටනියක් බැඳ ගලායන වතුර පාරක හෝ පීල්ලක බැඳ වතුර වැක්කිරීමට සලස්වයි. එවිට හල්වල ඇති අධික කහට ගතිය සේදී යයි. නැත්නම් තිත්ත රසය. පසුව පොල් හා හාල් පිටි ටිකක් දමා අනා පිට්ටු සාදති. පිට්ටු සේම හල් ගුටි ද රසවත් ය. ගුටි සාදන්නේ පොල්, පිටි, සීනි යොදා අනා කැන්ද කොළවල තුනී කර වණ්ඩුවේ තම්බා ගැනීමෙනි. එසේම මඩු ඇට ද වියළා කොටා පිටිගෙන පිට්ටු සාදති. මඩුගස්වල විශාල වලු වශයෙන් මඩු හටගනී. ඒවා පොතුහැර ඇට පලා අව්වේ ලා වේලා ගනිති. ඒවායින් සාදන පිට්ටු රසවත් ය. අවාරයට වල්දෙල් සෑදේ.
ඒවා කඩා මදුලු සහ ඇට එකට තම්බා කෑමට ගනිති. වල් දෙල් ඉතා රසවත් මෙන්ම ඖෂධීය කෑමකි. වාත අමාරුවලට දෙල් ඇට තෙල් ගානු ලැබේ. වියළි දෙල් ඇට පොල් සමඟ කොටා සීනි දමා කෑමට ද අමු දෙල් ඇට බැද එසේම පොල් සීනි දමා කෑමට ගනිති. දෙල් ඇට තම්බා ඒ වතුර පෙරූ විට වතුරේ මතුපිට තෙල් පෑදේ. ඒ තෙල් ගෙන උණුකර ගනිති. අවාරයට කෑමට ගැනීමට අටුකොස් මදුළු, ඇට, වැලිකොස් ඇට ප්‍රයෝජනවත් වේ. අටුකොස් මදුළු වැලි කොස් ඇට සමඟ තම්බා පොල්, ලුණු මිරිස් යොදා හැඳිගා කෑමට ගනිති. සමහර අය ඒවා තැම්බෙන විට පෙති තෝර කොළ ද නැතහොත් මුරුංගා කොළ ද යොදති. හේන් වාරයට පැලේ මයියොක්කා තැම්බීම කරන ගොවියා මඤ්ඤොක්කා තැම්බී ගෙන එන විට එම හැලියට බතල කරටි ටිකක් දමා ඒවා තැම්බුණ පසුව ඉවතට ගෙන කොච්චි මිරිස් හා ලුණු දමා අනා ගනිති. එය මඤ්ඤොක්කා කෑමට ඉතා රසවත් ලුණු මිරිසකි.
අවාරයට ගැමියන්ගේ ගෙවල්වල කෑමට නොයෙක් වර්ගයේ ආහාර රැස්කර තබාගනිති. වැල් අල වර්ග, එනම් රාජ අල, හිඟුරල, කුකුලල, ජාවාල, කිරිඅල, ප්‍රධාන වේ. මේ හැර සමහර අය පොලොං හබරල නමැති වල් හබරල අල ද කඳු යෝදයා කඳල් නමැති කහපාට අල සෑදෙන හබරල වර්ගය ද ආහාරයට ගනිති. සෑම ගෙදරකම දුමේ මෙන්ම අටුවේ ද නොයෙක් වර්ගයේ ආහාර ද්‍රව්‍ය රැස් කරගෙන ඇත.
එසේම දුමේ දැමූ කොට්ට පොල්, දුමේ එල්ලන ලද බඩඉරිඟු ද, දුමේ මලුවල කුරක්කන් අමු, මෙනේරි, තණ, මුංඇට, කව්පි, මෑ ඇට ද ඇත. ඒ නිසා අවාරය ගැමියනට අවාරයක් නොවේ. වියලන ලද මස් වර්ග සේම මාළු වර්ග ද ඔවුනට අරුමයක් නොවේ.
ගෙවත්තේ වී පෙට්ටියෙන් ලබා ගන්නා ලද මී පැණි හෝ කිතුලෙන් ලබාගන්නා කිතුල් පැණි, පට්ටියෙන් ලබාගන්නා මී කිරි කෙතරම් රසවත්ද? වත්තේ ගස්වලින් ලැබෙන ගඩා ගෙඩි. එනම් අඹ වාරයට අඹ, රඹුටන් වාරයට රඹුටන්, ඩූරියන් වාරයට ඩූරියන්, අන්නාසි වාරයට අන්නාසි ඔවුනට නො අඩුව ලැබේ.
වර්තමානයේ දී මේ ස්වයංපෝෂිත ගම් ඇත්තේම නැතිතරම් ය. හරිත උයන් නිසා උඩරට ස්වයංපෝෂිත ගම් අතුරුදහන් විය. පහත රට ද එසේ ම ය. වාණිජ වැවිලි නිසා ධනපතියන් දියුණුව ඔවුන් වලව් ඇති කළේ දුප්පතාගේ කරපිටින් යමිනි. අසරණ ගම්වැසියන් ඔවුනගේ වහලුන් විය. එදා තිබුණ ස්වයංපෝෂිත ගම් ඇත්නම් කාර්යාලවල කුරුටුගෑමට තරුණ තරුණියන් නොයනු ඇත. ඔවුන් අද ඒවාට යොමුවී ඇත්තේ ජීවත්වීමට වෙන ක්‍රමයක් නැති නිසා ය.

සටහන : ඩී. පී. ඒ. නිමල්සූරිය
කතෲ අයිතිය සුරකින්න

23/05/2024

💞💞💞 Beautiful srilanka 💞💞💞

💞💞💞සුබ අලුත් අවුරුද්දක් වේවා💞💞
13/04/2024

💞💞💞සුබ අලුත් අවුරුද්දක් වේවා💞💞

💜💜💜 Absolutely Beautiful ❤👍😍
09/03/2024

💜💜💜 Absolutely Beautiful ❤👍😍

❤💚  හපුතලේ  💚❤️
08/03/2024

❤💚 හපුතලේ 💚❤️

💯 ශිෂ්‍යත්ව විභාගයට වැඩිම ලකුණු 💯 ගන්න 😍ඔයාගෙ දුවට පුතාට වැදගත් වෙයි 💜අවශ්‍ය අය ගන්න 🤗😜
01/03/2024

💯 ශිෂ්‍යත්ව විභාගයට වැඩිම ලකුණු 💯 ගන්න 😍
ඔයාගෙ දුවට පුතාට වැදගත් වෙයි 💜
අවශ්‍ය අය ගන්න 🤗😜

💜 Congratulations 💜👏all the best 👍 wishes 💓💓💓
23/02/2024

💜 Congratulations 💜👏all the best 👍 wishes 💓💓💓

💜 කොත්මලේ  💖කර්ණාගල💜 9KM  විතර පයින් යන්න තියෙන පිස්සු හැදෙන View එකක් තියෙන කොත්මලේ කර්ණාගල View point  🥺❤😍😁🌱🍂🍀🌿🚘🏕️ වෙන...
23/02/2024

💜 කොත්මලේ 💖කර්ණාගල💜 9KM විතර පයින් යන්න තියෙන පිස්සු හැදෙන View එකක් තියෙන කොත්මලේ කර්ණාගල View point 🥺❤😍😁🌱🍂🍀🌿🚘🏕️
වෙනස්ම Vibe එකක් එක්ක ඔයා යන්නම ඕනේ අමුතුම ලස්සනක් තියෙන තැනක් 🍃🌾🌿☘🍀🍁🍂

💕 Old is gold 💞இலங்கையின் மிகவும் பழைமை வாய்ந்த புகைப்படம் தெரியாதவர்கள் பலபேர் இருப்பார்கள் சிலருக்கு உபயோகப்படலாம்
07/02/2024

💕 Old is gold 💞இலங்கையின் மிகவும் பழைமை வாய்ந்த புகைப்படம் தெரியாதவர்கள் பலபேர் இருப்பார்கள் சிலருக்கு உபயோகப்படலாம்

සුන්දරත්වයෙන් පිරුණු💞 නාවලපිටිය 💞NAWALAPITIYA SRI LANKA ......📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය  Follow කරලා පෙජ් එකටත් සෙට් ව...
05/02/2024

සුන්දරත්වයෙන් පිරුණු💞 නාවලපිටිය 💞
NAWALAPITIYA SRI LANKA ......
📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය
Follow කරලා පෙජ් එකටත් සෙට් වෙන්න

Address

Kandy

Telephone

+94775220324

Website

Alerts

Be the first to know and let us send you an email when Beautiful Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share