Gaja Parapura - ගජ පරපුර

Gaja Parapura - ගජ පරපුර හස්ථි රාජ පරපුරේ ආදරණීයත්වය විදින්න
එකතු වෙන්න අපිත් එක්ක

භාතිය උඹට සුබ ගමන්.. 🙏 මේ ලංකාවේ සිස්ටම් ගැන උඹ මිනිස්සුන්ට කියල දුන්නා...උඹ නැති වුන දුක කෙසේ වෙතත්....විදෙව්වා ඇති...ය...
15/07/2025

භාතිය උඹට සුබ ගමන්.. 🙏

මේ ලංකාවේ සිස්ටම් ගැන උඹ මිනිස්සුන්ට කියල දුන්නා...උඹ නැති වුන දුක කෙසේ වෙතත්....විදෙව්වා ඇති...යන තැනක හොඳට හිටපන්...සුබ ගමන් භාතිය... 🙏

23/06/2025
29/12/2024
මිනිස් ජීවිතය උදුරාගෙන නෑ 🙏 බොරු ප්‍රචාර කරන මාධ්‍යය ගැන කනගාටුයි!!! දොඩන්දූව පෙරහැරේ සිද්ධියේ දී ගිරිඋල්ලේ බිබිලා කියන ...
29/12/2024

මිනිස් ජීවිතය උදුරාගෙන නෑ 🙏 බොරු ප්‍රචාර කරන මාධ්‍යය ගැන කනගාටුයි!!!

දොඩන්දූව පෙරහැරේ සිද්ධියේ දී ගිරිඋල්ලේ බිබිලා කියන මේ අලියා එයාගේ හස්තිපාලකහට පහරදුන් වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. ඒ වගේම සිද්ධියෙන් ඔහු මියගිය බවට පෙන්වීමත් සමග තත්වය තවත් උණුසුම් වුනා. මාධ්‍යය හැසිරීම අන්තිමයි. මොකද ඔහු මේ වනවිටත් ප්‍රතිකාර ගනිමින් සුව අතට හැරෙමින් සිටිනවා !!!

News එක ගහන්න කලින් ටිකක් හොයන්න. නැත්නම් ඒකෙන් පෙරහැර කාලෙට කට අරින බොහෝ දෙනෙක් අවදිවනු ඇත.

ඇත්තටම අලියාට මොකද වුනේ? මඳ සමයට යාමට නොදී සිටීම හේතුව නම් ඒ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකිරීම අනිවාර්ය වේ. නැත්නම් පෙරහැර සංස්කෘතියට සෘජුව මෙය බලපායි.

මම සිද්ධිය පිලිබද තොරතුරු සෙවිමේදි ඇත්තටම දැනගන්නට ලැබුණු ආකාරයට අනුව සතාට මඳ කාලය එළඹිම නැවැත්විමට හෝ කල් යාමට හෝ ඉක්මණින් මද සමය අවසන් කිරිමට එන්නත් කිරිමක් සිදුවන බවයි.. එසේ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේට කලයුතු කරුණු අනිවාර්යයෙන්ම කල යුතුයි..එයට එරෙහිව අනිවාර්යයෙන්ම බාරකාරිත්වය ගැන සොයා බලා කටයුතු කල යුතුමයි... නැත්තම් මේ අවසාන අවස්ථාව නොවෙන බව නොඅනුමානයි..

මින්නේරිය රොට වැවදී අභිරහස් ලෙස මියගිය ඇතෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා(වයස අවු 25)📷 Upul ShanthaCopied -asanka nilagrathn...
06/12/2024

මින්නේරිය රොට වැවදී අභිරහස් ලෙස මියගිය ඇතෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා(වයස අවු 25)
📷 Upul Shantha

Copied -asanka nilagrathna
https://www.facebook.com/share/p/18eSXLieDf/

කලාවැවේ හැඩකාරයා... දීඝ ඔබට සුබ හමන් 😓💔විදුලිසැර වැදීමෙන් දීඝ අවසන් ගමන් යයි😢😢😢
28/11/2024

කලාවැවේ හැඩකාරයා... දීඝ ඔබට සුබ හමන් 😓💔

විදුලිසැර වැදීමෙන් දීඝ අවසන් ගමන් යයි😢😢😢

මොලගොඩ මිල්ලන්ගොඩ වලව්වට අයත් හස්ති පන්තියේ සිටි කොට්ටාවා හෙවත් ගෝමර රාජා හස්තියා අද දින 70 වසරක් ආයු වලදා දිවි සැරිය නි...
04/11/2024

මොලගොඩ මිල්ලන්ගොඩ වලව්වට අයත් හස්ති පන්තියේ සිටි කොට්ටාවා හෙවත් ගෝමර රාජා හස්තියා අද දින 70 වසරක් ආයු වලදා දිවි සැරිය නිමා කළ වගයි......😓

නිවන් සුව ගෝමර රාජා... 🥺😓

සටහන සහ ඡායාරූප : Kavindu

කණ්ඩුල හස්ථිරාජයාගේ බැහුම් ලිහීමේ මංගල්‍යය!වාර්ෂික මද සමය නිමා වීමෙන් පසුව තරුණ මංගල හස්ථිරාජ පරපුරේ සිටින ඓතිහාසික ශ්‍ර...
25/10/2024

කණ්ඩුල හස්ථිරාජයාගේ බැහුම් ලිහීමේ
මංගල්‍යය!

වාර්ෂික මද සමය නිමා වීමෙන් පසුව තරුණ මංගල හස්ථිරාජ පරපුරේ සිටින ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේ මඟුලැතු වන තේජාන්විත "කණ්ඩුල" හස්ථිරාජයාගේ පෞරාණික චාරිත්‍රවාරිත්‍රයන් පෙර සිරිත් පරිදි බැහුම් ලිහීමේ මංගල්‍යය ඓතිහාසික ශ්‍රී කල්‍යාණි උභය රජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ ගරු කුලපති, අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද අද (25) පෙරවරු 10:23 ට යෙදී තිබුණු සුභ මොහොතින් සිදු කෙරුණි.

-------------------------------

අලි ඇතුන් ගේ මද කිපීමේ කාලය අවසන් වූ පසු බැහුම් ලිහීම චාරිත්‍රානුකූලව සිදු කරනු ලබයි. දේවතාබැස්ම නම් චාරිත්‍රය මෙරට ඕනෑම හීලෑ අලි ඇතෙකුට මද කිපීම අවසන් වූ පසු සිදුකරන ලබන චාරිත්‍රයකි. බැහුම් ලිහීමේ දී සතර වරම් දෙවියන් උදෙසා මල් පැල ඉදි කොට මල් පහන් සුවඳ තබනු ලබයි. ඉන් පසු අලියා ගේ ඉදිරිපිට කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදුකරනු ලබයි. පසුව ප්‍රධාන ඇත්ගොව්වා විසින් දේවතා බැස්ම සිදුකරනු ලබයි. දිගු කාලයක් මිනිසාගෙන් තරමක් ඈත්ව සිටින හස්තියාගේ පිට මතට මංගර දෙවියන් වඩින බවට පැරණන් විශ්වාස කළහ. අලි ඇතුන්ගේ මද කිපීම අවසන් වූ පසු ඇත්ගොව්වා පිට මතට නැගීමට ප්‍රථම දෙවියන්ට වෙනත් ස්ථානයකට වඩින ලෙස ගාථා පදයකින් පැවසීම මෙහි දී සිදුවේ. අනතුරුව දෙහි සහ කහ වතුර යොදා ගනිමින් ආසනය (අලි ඇතුන්ගේ පිට) සෝදා පවිත්‍ර කරනු ලැබේ. පසුව ඇත්ගොව්වන් හෙණ්ඩුව ද කහ දියරයෙන් සෝදා අලි ඇතුන්ට ඇත්ගොව්වා විසින් පොරද්ද කඹය බැද පිට මතට නගිනු ලැබේ. ඉන් පසු දියට ගෙනු යනු ලබන අලි ඇතුන් හොදින් නාවා පිරිසිදු කර කැවුම් කිරිබත් ආදියෙන් ද අලි ඇතුන්ට සංග්‍රහ කරනු ලැබීමෙන් බැහුම් ලෙහීම සම්බන්ධ චාරිත්‍ර අවසන් වේ.

22/10/2024

🙏🙏මේ සතාව බේරගන්න උදව් කරමු..❤️❤️

මුතු රාජා සුවෙන් මුතු රාජා සිටින Thai Elephant Conservation Center එක ජලයෙන් යට නොවන බවත් එහි සතුන්ට කිසි ප්‍රශ්නයක් නොම...
05/10/2024

මුතු රාජා සුවෙන්

මුතු රාජා සිටින Thai Elephant Conservation Center එක ජලයෙන් යට නොවන බවත් එහි සතුන්ට කිසි ප්‍රශ්නයක් නොමැති බවත් ඔවුන් සදහන් කර සිටියා.මෙ වන විට Elephant Nature Park නම් අලි සුරැකුම් මද්‍යස්ථානය සම්පුර්ණයෙන්ම ජ්ලයෙන් යටව ඇති බවත්.
මෙ වන විට එහි සිටි අලි ඇතුන් 126 දෙනාගෙන් 60 කට වැඩි සංඛ්‍යාවක් තවමත් බෙරාගෙන නොමැති බවත් ඔවුන් සේවිමට ගුවන් සහය ගෙන ඇති බවත් පවසයි.
මිය ගිය අලි 2 නෙක්ගේ සිරුරු හමු වී ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම දල හිමි ඇතු ලෙස සැලකෙන මහසෙන් ඇත් රජුට වෙඩි තබා ඇත.ඉක්මන් ප්‍රතිකාර අරඹයි.. නමුත් වැරදිකරුවන් සොයා ...
29/09/2024

ශ්‍රී ලංකාවේ විශාලතම දල හිමි ඇතු ලෙස සැලකෙන මහසෙන් ඇත් රජුට වෙඩි තබා ඇත.
ඉක්මන් ප්‍රතිකාර අරඹයි..
නමුත් වැරදිකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කල යුතුයි !
Photo Credit Goes To Respective Owner

පින්නවල සුමන ඇතා......*********පින්නවල අලි අනාතාගාරයේ දිග දළ දෙකක් තියෙන ලස්සන ඇතෙක් ඉන්නවා. එයාගෙ නම සුමන. සුමනගෙ වයස අ...
27/09/2024

පින්නවල සුමන ඇතා......
*********

පින්නවල අලි අනාතාගාරයේ දිග දළ දෙකක් තියෙන ලස්සන ඇතෙක් ඉන්නවා. එයාගෙ නම සුමන. සුමනගෙ වයස අවුරුදු තිහක් විතර ඇති.
1994 අවුරුද්දෙ අනුරාධපුරේ තිරප්පනේ ප්‍රදේශයෙ වගා ලිඳකට වැටිලා රංචුවෙන් අතර මං වෙලා හිටපු දුර්වල පැටියෙක් විදිහට තමයි සුමන පින්නවලට එන්නෙ. එතකොට සුමන අවුරුදු දෙකක විතර සිඟිත්තෙක්.

සුමනට දළ දෙකක් තියෙන නිසා අනෙක් දළ නැති අලින් වගේ නෙවෙයි සුමනෙගෙ වටිනාකම වැඩියි. මේ නිසාම සුමනෙව පින්නවලින් උස්සන්න ලංකාවේ බොහෝ සිද්දස්තානාවල පූජකයන්, සිද්ධස්තාන වලට සම්බන්ද ගිහි පින්වතුන් වගේම ලංකාවේ ප්‍රකට දේශපාලකයන් කාලයක් මාන බැලුවා.
පින්නවල අලි අනාතාගාරයේ සේවකයන් අලි සිඟිත්තෙක් හදන්නෙ තමන්ගෙ දරුවෙක් වගෙ. අර ඉහත කී කොට්ඨාශයේ අයෙක් පින්නවලට එනකොටම එහි සේවකයො සුමනෙගෙ දළ නොපෙනෙන්න සුමනෙව වහන් කරනවා. ඒත් පින්නවල ලස්සන දළ ඇතෙක් ඉන්නවා කියන එක ඔය ඇත්තු උස්සන අයත් දැනගන්නවා.

ඒත් එක් සුවිශේෂි හේතුවක් නිසා දළ තිබුනත්, පුෂ්ඨිමත් හුරුබුහුටි ඇතෙක් උනත් සුමනෙ පින්නවල තාප්පෙන් එහාට ගෙනියන්න කවුරුත් කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒ මොනම හේතුවකටවත් සුමනෙගෙ ඉදිරිපස කකුල් දෙකෙන් සුමනෙගෙ පිටට නගින්න මිහිපිට ඉන්න කිසිම ඇත්ගොව්වෙකුට බැරි නිසා.
අලියෙක්ගෙ ඇතෙක්ගෙ පිටේ නැගලා ඇත්ගොව්වා ගමන් කරන තැන නැත්තම් කරඬුවක් බඳින තැන "ආසනය" කියන නමින් තමයි හදුන්වන්නෙ. සුමනෙගෙ මේ ආසනයෙ වාඩිවෙන්නවත් කරඬු බඳින්නවත් කිසිම අයෙකුට බැහැ. එහෙම කරන්න ගියොත් ඒ කරන්න යන කෙනාගෙ ජීවිතයෙ අවසන් මිනිත්තු කිහිපය තමයි ඒ.

ඒ නිසා පින්නවල තාප්පෙන් එහාට කිසිම අයෙක්ට සුමනෙව වටින්නෙ නෑ. ඒත් සුමන ඇතා ජාතික සම්පතක්.

ඔන්න දවසක් මං ලංකාවේ නමගිය ඇත්ගොව්වො ටිකක් එක්ක සෙට් වෙනවා. "ක්‍රාහ් තුහ්" ගාලා හතර පස් පාරක් කියන ගානට සෙට් වෙනකොට කට්ටිය හිතෙ තියන දේ රිලීස් කරන්න ගන්නවා.
"අහවලා සුමනෙගෙ අත් දෙකටයි ආසනයටයි කටු ගහලා තියෙන්නෙ. (දැනට මියගිය ඇත්ගොව්වෙකුගෙ නමක් කියයි). ඇතාගෙ ඉස්සරහ කකුලෙන් නගින්න ගියොත් හරි පිටේ වාඩි උනොත් හරි නගින්න යන එකාට බඩුම තමයි." ඔන්න දැන් කට්ටිය ඔහොම කතා වෙනවා.

සාමාන්‍යයෙන් අලි බලන්නෙක්ව අයිතිකාරයා විසින් කුමන හෝ හේතුවකට මාරු කරන්නේ නම් අලි අයිතිකාරයා අලි බලන්නාට ඒ බව කලින් කියන්නෙ නෑ. දැනගන්න අරින්නෙවත් නෑ. ඉඟියක්වත් දෙන්නෙ නෑ.
"අලියා ගෙනැල්ලා බැඳපන්" කියන එක විතරයි අයිතිකාරයා ගොව්වට කියන්නෙ. ඊට පස්සෙ ඒ පරණ ගොව්වා එලවලා අලුත් කෙනෙක්ට අලියව දෙනවා. ඕක තමයි පුරාණෙ ඉදන් එන සිරිත.
ඊට පස්සෙ පැරණි ඇත්ගොව්වට එයා කලින් බැලූ අලියාගෙ පැත්ත පලාතක අයිතිකාරයයි අලුත් ඇත්ගොව්වයි යන්න දෙන්නෙ නෑ. සිරිතක් විදිහට වෙන අයෙක් බලන්න ගත්තට පස්සෙ පැරණි ඇත්ගොව්වා කලින් බැලූ අලියා ලගට යන්නෙත් නෑ.

අර අයිතිකාරයා කලින් අලි බැලීම මාරු කරන බව නොදන්වා අලියා මාරු කරන්නෙ එහෙම නොකරොත් වෙන කාටවත් පිටට නගින්න බැරිවෙන්න කටු ගැහීම විතරක් නෙවෙයි වසක් විසක් දීලා අලියා ලෙඩ කරන මරාදමන ඇත්ගොව්වොත් ඉන්නවා. එහෙම නැත්තම් නිලයක් බලලා හෙන්ඩු පාරක් ඇදලා අරින ඇත්ගොව්වොත් ඉන්නවා.
කොහොම උනත් මං දන්න එක්කෙනෙක් ඉන්නවා සුමනෙ ඇතාගෙ පිටිපස්ස කකුලෙන් පිටට නගින්න පුලුවන් අයෙක්. එයාට උනත් පිටට නැගලා ලොකු වැඩ කිඩ දාන්න බැහැ.

සටහන - W Dulanjana ගෙනි

එක අතකින් බලන් ගියාම දැන් අහන්න වෙන කතා එක්ක පින්නවල සුමන වාසනාවන්තයෙක්..මොකද එයා එයාගේ පාඩුවේ වසරින් මාස නවයක්ම හරි එයාගේ මද සමය ගත කරමින් පින්නවල ඉන්නවාට මම පෞද්ගලිකව කැමැති...මොකද සුමන චණ්ඩියෙක් වුනාට වරද තියෙන්නේ ඇත් ගොව්වෙක් ලග වුනාට....සුමන එයාගේ තරමට ඉන්නවනේ එයා ඇතෙක් කියන ගැම්මෙන් හරි....ඒක මට නම් බලන කල්හි හරි සතුටක්...

Address

Kandy

Telephone

+94719407532

Website

Alerts

Be the first to know and let us send you an email when Gaja Parapura - ගජ පරපුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaja Parapura - ගජ පරපුර:

Share

Category