15/04/2026
☀️ සූර්යයා - දවසේ ඔබ දකින ලොකුම රහස.
ඒ ගැන ඔයා දන්නේ මොනවද?
හිරු නැතිව ජීවිතය නෑ..
ඒ ඔක්කොම දන්නවා.
ඒත් හිරු ගැන ඇත්ත කතාව? ඒ ගොඩාක් අය දන්නේ නෑ 😮
ඒ ගැන මේක කියවන්න 👇
✅හිරු ඇති උණේ කොහොමද?
අවුරුදු කෝටි 460කට කලින්, ඒ කියන්නේ ඔයාට සිතාගන්නවත් බෑ කියන කාලෙටත්ට කලින්.. විශ්වයේ ගොඩාක් ස්ථානවල වායු සහ දූවිලි විශාල ප්‍රමාණයක් රැස් වෙන්න ගත්තා.
ඒ වායු ප්‍රමාණය කිලෝග්‍රෑම් කෝටි ගණනක්..ගුරුත්ව ශක්තිය නිසා ඒ ඔක්කොම මැදට ඇදුණා. ඒ ඇදීම නිසා ලොකු පීඩනයක් ඇති වෙලා, උෂ්ණත්වය ඉහල ගිහින් හයිඩ්‍රජන් අණු (Hydrogen atoms) දෙකක් ගැටිලා හීලියක් අණුවක් (Helium atom) එකක් හැදෙන්න ගත්තා. ඒ න්‍යෂ්ටික විලයනයෙන් (Nuclear fusion process එකෙන්) ශක්තිය, ආලෝකය, රශ්මිය ඇති වුණා.
ඒ ශක්තිය ලෝකෙ ලොකුම බෝම්බ බිලියන 100 ගානකින් ඇති වෙන ශක්තිය හිරු සෑම තත්පරයකදීම නිකුත් කරනවා! 💥
✅හිරු ඇත්තටම කහ පාට ද?
නෑ! 😄
හිරු ඇත්තටම සුදු පාටයි!
ඒක ලාංකිකයෙකුට ගොඩාක් අමුතු කාරණාවක්..ඒත් ඇත්ත. හිරු විමෝචනය කරන්නේ දෘශ්‍ය වර්ණාවලියේ පූර්ණ සුදු ආලෝකයක්..
✅ඒත් කහ/තැඹිලි පාට පෙනෙන්නේ ඇයි?
ඔයා සූර්‍යා දිහා බලනකොට ඒ ආලෝකය පෘථිවියේ වායුගෝලය හරහා ගමන් කරනවා. ඒ ගමනේදී නිල් ආලෝකය විසිරෙනවා.. ඒ නිසා ආකාශය නිල් පාටට පේනවා! ඉතිරි වෙන ආලෝකය කහ, තැඹිලි ඔයාගේ ඇස් වලට ළඟා වෙනවා. ඒ නිසා හිරු කහ/තැඹිලි පාටට පෙනෙනවා!
අභ්‍යවකාශයේ ඉඳලා Artemis II ගගනගාමින් හිරු දිහා බැලූවා නම් සම්පූර්ණ සුදු පාටට දකිනවා! 😍
✅සූර්‍යයාගේ ලප (Sunspots) කියන්නේ මොකක්ද?
සුර්යාගේ මතුපිට සමහර ස්ථාන අඳුරෙන් පෙනෙනවා. ඒ sunspots.
ඒ අඳුරෙන් පෙනෙන්නේ ඒ ස්ථාන අනිත් ස්ථාන වලට වඩා සීතල නිසයි!
සූර්යාගේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 5,500 පමණ වෙනවා. sunspot එකක උෂ්ණත්වය සෙල්සියස් 3,500ක් වගේ වෙන්නේ..ඒ උෂ්ණත්ව වෙනස (Temperature deference ) නිසා ඒ ස්ථාන අඳුරෙන් / කළු ව පෙනෙනවා.
✅ඒ sunspots ඇති වෙන්නේ ඇයි?
හිරුගේ චුම්බක ක්ෂේත්‍ර (magnetic field) සමහර ස්ථාන වල ඉතා ශක්තිමත් ව කැළඹෙනවා. ඒ magnetic activity නිසා මතුපිට තාප අවහිරතා ඇති වෙලා ඒ ස්ථාන සීතල වෙනවා..එතකොට sunspot ඇති වෙනවා!
✅Sunspots කොතරම් ලොකුද?
සමහර sunspots පෘථිවිය ට වඩා 10 ගුණයක් ලොකුයි! 😱
✅කීයක් තියෙනවද?
සූර්යයා දැනට "Solar Maximum" phase එකේ ඒ කියන්නේ sunspot activity ඉහළම කාලයේ ඉන්නේ..
✅ සූර්‍ය ගිනිදැල් සහ CME — ලංකාවට අනතුරුදායක ද?
Sunspots active වෙද්දී සුර්‍ය ගිනිදැල් ඇති වෙනවා. ඒ කියන්නේ හිරුගෙන් ලොකු බලශක්ති පිපිරීමක් (energy burst) එකක් අවකාශයට නිකුත් වෙනවා.
ලංකාවට කෙළින්ම බලපාන් නෑ.. ඒත් ලොකු සූර්‍ය කුණාටුවක් ( Solar Storm) ආවොත්,
📡 Satellites damage වෙනවා- GPS නෑ
📱 Mobile networks fail වෙනවා
⚡ විදුලිබල පද්ධති ඇණහිටිනවා — 1989 Canada blackout!
✈️ Aircraft navigation වලට බලපානවා
✅Parker Solar Probe -;හිරු ගැන ලොකුම රහස හොයන spacecraft
NASA ආයතනයේ Parker Solar Probe 2026 මාර්තු 11 දින හිරු ගෙන් කිලෝමීටර් මිලියන 6.1ක් ළඟට ඒ කියන්නේ කිලෝමීටර් 6,100,000ක් ළඟට ගියා! මේ record breaking ගමනේදී spacecraft උෂ්ණත්වය සෙල්සියස් 1,400ක් දක්වා ළඟා වෙනවා!
ඒ ලෝකේ ඉතිහාසයේ කිසිදු මිනිසා විසින් නිෂ්පාදිත් උපකරණයක් හිරු ගේ ළඟටම ගිය ගමනයි!
✅හිරුගේ අවසානය මොකක්ද?
ඒ ප්‍රශ්නේ ඔයාට ඇහීලා ඇති.. ඒත් විද්යාඥයෝ කියන විදිහට ඒක හරිම පුදුම දෙයක්! 😮
හිරු දැන් ඉන්නේ මැදි වයසේ..ඒ කියන්නේ හිරු තව අවුරුදු බිලියන 4-5 කින් රතු යෝධ අවධිය කියලා හඳුන්වන Red Giant phase එකට යයි. ඒ phase එකේදී හිරු ප්‍රසාරණය (expand) වෙලා, බුධ සහ සිකුරු ගිල දමනවා.ඇතැම් විද්‍යඥයන්ගේ මතයට අනුව අපේ පෘතුවියත් ගිල දමනවා.ඊට පස්සේ ලොකු ගෝලයක් බවට හැරෙනවා!
ඊලඟට එය කලා වටී White Dwarf කියන කුඩා, ශීතල කලාපයක් බවට හැරෙනවා.
ඒ කියන්නේ හිරු අපිව ගිල ගත්තා, නෑ කියාලා ඔයාට කිසිම කරදරයක් නෑ.. ඒ සිදු වෙන්නේ ලෝකය ඇති වූ කාලයට ගිය මිලියන 1000 කාලයකට, ඒ කියන්නේ වසර 4,000,000,000කින්! 😄
✅ අලුතෙන් සොයාගත්ත දේවල්
1940 ගණන් ඉඳලා හොයපු Torsional Alfvén Waves ඒ කියන්නේ හිරු corona හෙවත් බාහිර වායුගෝලය රත් කරන magnetic waves 2025 දී Hawaii හි ලෝකේ ලොකුම solar telescope වලින් ප්‍රථම වරට directly detect කළා!
🌍 හිරු, පෘථිවිය ට වඩා මිලියන 1.3 ගුණයක් ලොකුයි
⚡ හිරු සෑම තත්පරයකදීම ටොන් මිලියන 4 ක් ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය කරනවා
💡 හිරුගෙන් ආලෝක කිරණක් පෘතුවියට ළඟා වෙන්න විනාඩි 8යි තත්පර 20ක් ගන්නවා
ඔයාට මොකද හිතෙන්නේ අපේ සූර්‍යයා ගැන..Comment එකක් දාගෙන යන්න..
♻️ යාලුවන්ටත් බලන්න Share කරන්න..
🔔 මේ වගේ වැදගත් ලිපි කියවන්න NextGen LK අපේ page එකත් follow කරලා තියාගන්න.. විද්‍යාව සිංහලෙන්!
#හිරු #විශ්වය