14/10/2025
හක්ක රිදෙනකන් හිනාවෙන්න ඕනෙනන් "මෝඩ තරිඳු" බලපන්.. 👌
එකපාරට හිතිලා පවුලෙ අයත් එක්ක "මෝඩ තරිඳු" බලන්න ගියා. මුළු ෆිල්ම් හෝල් එකම housefull. මංනම් මෙච්චරටම හිනාවෙන්න පුලුවන් සිංහල ෆිල්ම් එකක් බැලුවමද කොහෙදො.. Plot twist පිට plot twist තිබ්බ සිංහල ෆිල්ම් එකක් මං නම් බැලුවමයි. "මරුම සීන් එක තමයි අන්තිමට වුනේ" කියලා හිත හිත ෆිල්ම් එක ඉවර වුනාට පස්සෙත් හිනා වෙවී ෆිල්ම් හෝල් එකෙන් එළියට ආවෙ.. End එකනම් මරු ඈ.. ෆිල්ම් එක ඉවර වෙච්ච විදිහ දැකලා මං ඔලුව අත ගහගත්තා. 🤣🤣 මේ වගේ ෆිල්ම් එකක් ලංකාවෙ හදලා කියලා හිතාගන්නත් අමාරුයි. 😲💪 දැන්නම් මුත්තරාබර හැදෙද්දිත් මතක් වෙන්නෙ මේ ෆිල්ම් එක. 😁
Background music නම් මරු ඈ.. ලංකාවෙ ෆිල්ම් එකක background music වලටත් වැඩි අවධානයක් දීලා තියෙන එක ගැන මටනම් හෙන සතුටුයි. ඩිස්ටිඩිඩින් සීන් වල දාන music එකනම් පට්ට.. 😁❤️
අපි පොඩි කාලෙ ඉදන් හිතුව "අපි මැරුණට පස්සෙ මොකක් වෙයිද?", "අපි මැරුණම කවුරු අඬයිද?" වගේ ප්‍රශ්න වලට උත්තර මේකෙන් හිතුවෙත් නැති විදිහට පෙන්නුවා. 👌
මට මේක බලන ගමන් බය හිතුනා, මං මැරුණට පස්සෙ මං වෙනුවෙන් අඬයි, දුක්වෙයි කියලා මං හිතන එක්කෙනෙක්වත් අඬන්නෙවත් දුක්වෙන්නෙවත් නැතිවෙයිද කියලා. ඊට පස්සෙ මං හිතුවා, "කමක් නෑ, මං වෙනුවෙන් අඬන්න දුක්වෙන්න මගෙ පවුලෙ අය විතරක් හරි ඉන්නවනෙ" කියලා. 💖
මේක emotional scenes, comedy scenes, mix වෙච්ච ෆිල්ම් එකක්. ඇත්ත ජීවිතය ගැන පෙන්නන ෆිල්ම් එකක්. මේක ආදායම් වාර්තා පිට වාර්තා ගහන්න ඕනෙ ෆිල්ම් එකක්. ❤️
මේ තමයි සංසාර චක්කරේ.. 🔄
Danuka Dilshan
Shanudrie Priyasad
Moda Tharindu - මෝඩ තරිඳු